අරුණි ශපීරෝ‍ වෙතින්

එම්පෙඩක්ලීස්ගේ බල්ලා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 25, 2013

IMG_1607

එම්පෙඩක්ලීස් බහුවිධ න්‍යාය මතධාරියෙකි. පරම සත්‍යය යනු එකක් නොව විවිධත්වයෙන් යුතු වූවක් යැයි හේ සැලකීය. එසේ සලකන්නට පටන් ගත් දාර්ශනික සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස හැඳින්වෙන්නේ එම්පෙඩක්ලීස් ය.

ග්‍රීක යටත් විජිතයක වාසය කළ ඔහු අග්නි, වායු, පෘතුවි සහ ජලය යන හතරෙන් සියල්ල නිර්මාණය වී ඇතැයි විශ්වාස කළේය. වෙනස හා චලනය විග්‍රහ කරන්නට ඔහු යොදාගත්තේ ආදරය සහ කලහය යන දෙකෙන් ලැබෙන බල ශක්ති දෙකයි. ආදරය විසින් එකිනෙකට සම්බන්ධයක් නොමැති දෑ ගෙනැවිත් නව එකතුවක් නිර්මාණය කරයි. කලහය විසින් පරණ හවුල් කෑලි කෑලි වලට කඩා විනාශ කර දමයි.

පසු කාලයක දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් එම්පෙඩක්ලීස්ගේ ඉහත මතය Eros = ජීවිත ආශාව සහ Thanatos = මරණ බිය යන නම් වලින් විග්‍රහ කළේය. එම්පෙඩක්ලීස් හා එකඟ වෙන ෆ්‍රොයිඩ් මේ බල ශක්ති දෙක සියළු ඓන්ද්‍රීය (organic) ද්‍රව්‍යයන් හි පදනම හදන බව පිළිගත්තේය.

පරිනාමය ගැන මුල් අදහසක් ද ගෙනෙන එම්පෙඩක්ලීස් ආදරය විසින් විවිධ වර්ගයන් හි රාක්ෂයන් එකට එකතු කළා යැයි පැවසීය. අවසානයේ එයින් ජීවිත ගලවා ගන්නට හැකි වූ පිරිස ඉතිරි වූයේ යැයි ඔහු කියන ලදි. ඇරිස්ටෝටල් ඒ අදහස ගැන කිව්වේ සම්භාවිතාවට අනවශ්‍ය වැදගත් ස්ථානයක් දී ඇතැයි කියාය.

හැමදාම බල්ලා එකම බිම් ගඩොලක් (ටයිල් එකක්) මත නිදන්නේ ඇයි දැයි විමසූ විට එම්පෙඩක්ලීස් කියා සිටියේ බල්ලාට ඒ බිම් ගඩොල හා සමානකමක් ඇතැයි කියාය. ඒ සමානකම (likeness) නිසා නිදාගන්නට එතැනට නිතර පැමිණෙන බවයි. එම්පෙඩක්ලීස් ගැන මෙම සඳහන ලැබෙන්නේ ඇරිස්ටෝටලේ ගේ ආචාර ධර්ම වලිනි.

ඉතින් ඔබ නිතර යන එන බ්ලොග් අඩවි සමඟ ඔබ තුල ඇති සමානකමක් ඔබ දකිනවා ද?!!!!!

ඔබත් හැසිරෙන්නේ එම්පෙඩක්ලීස්ගේ බල්ලා වගේ ද?!!!!!

අහඹු ලෙසින් හටගන්නා සම්භාවිතාවන්ට ඉඩ දී යෝග්‍යතමයන් පමණක් අනාගතයේ ඉතිරි වේවි ද?!!!!!!!!

නැත්නම්

නොදන්නා දේවල් ගැන සොයා බලන්නට හැකි ලෙසකින් වූ මොළයක් ඇති ඔබ එය පාවිච්චියට ගන්නට පටන් ගන්නවා ද?!!!!

හුරු පුරුදු තැන ප්‍රිය කළත් නුහුරු තැන් මොනවා දැයි සොයා දැනගන්නට හැකි මොළය ඔබ පාවිච්චියට පටන් ගන්නවා ද?!!!

යෝග්‍යතමයෙක් වන්නට හැකි මොළයක් ඔබටත් ඇති නිසා එය පාවිච්චියට පටන් ගන්නවා ද?!!!!!!

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on මාර්තු 25, 2013 at 8:54 පෙ.ව.

    //ඉතින් ඔබ නිතර යන එන බ්ලොග් අඩවි සමඟ ඔබ තුල ඇති සමානකමක් ඔබ දකිනවා ද?!!!!!//

    පොඩ්ඩක්වත් නෑ. ඒ හන්දාමයි අනික් ඒවට ගිහින් බලන්නේ. උදාහරණ ඔයාගේ බ්ලොග් එක.

    //හුරු පුරුදු තැන ප්‍රිය කළත් නුහුරු තැන් මොනවා දැයි සොයා දැනගන්නට හැකි මොළය ඔබ පාවිච්චියට පටන් ගන්නවා ද?!!!//

    ඇත්තෙන්ම ඔව්.

    මම මේ කල්පනා කරන්නේ අද කතාවේ තේරුම මොකක්ද කියලා… 😀

    • arunishapiro said, on මාර්තු 25, 2013 at 9:09 පෙ.ව.

      praveena,

      කතාවේ තේරුම කදිමට වැටහී තියෙනවා ප්‍රවීනාට. සමානකමක් = likeness නැති තැනකට යනවා නම් සහ නුහුරු තැන් මොනවා දැයි සොයන්නට උත්සාහ කරනවා නම් ඒවා කරන්නට බල්ලන්ට බැරි වුනාට, මිනිස් මොළයට හැකියාව ඇතැයි ලිවීම තමයි සටහනේ අරමුණ. 😀

  2. wicharaka විචාරක said, on මාර්තු 25, 2013 at 11:14 පෙ.ව.

    බ්ලොග් බලන්න පටන් අරන් ටික කාලයක් ගියාට පස්සේ වටහාගත් සත්‍යයක් තමයි මේ. එදා සිට අද දක්වා සින්ඩිකේටර පීරමින් අලුත් හැබැයි හරයක් තියන බ්ලොග් හොයලා කියවනවා. අපේ ගෙදර බලු සුරතලී (නම ‘සැබී’) අපි රූපවාහිනී බලන වෙලාවට හැමදාම එකම ටයිල් එකක් මත තමයි නිදාගන්නේ.

    • arunishapiro said, on මාර්තු 25, 2013 at 11:43 පෙ.ව.

      විචාරක,

      යන යන තැන ප්‍රතිචාර දැම්මෙ නැතිවුනාට හරයක් නැති අදහස් රසවත් ලෙසකින් ලියා ඇත්නම් කියවන්න යනවා. හරියට හොලිවුඩ් චිත්‍රපටි බලනවා වගේ!!!!!

      තවත් කාලයක් පුරා එහි නිදන්නට සැබී ට දීර්ඝායු වේවා! 😀

  3. Maathalan said, on මාර්තු 26, 2013 at 2:01 පෙ.ව.

    මම නම් පිස්සු බල්ලා වගේ හැම තැනම යනවා. නෝනා දැක්කද මන්දා, පුරුෂාධිපත්‍ය මහා ඉහලින් අගය කරන බ්ලොග් වලට පවා මම ගොඩ වෙනවා, අන්වර් ගේ එකටත් යනවා. සියළුම මතවලට ඉඩක් තිබිය යුතුමයි. කොටින්ම සමාජවාදයට පවා. එයයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය.

    • arunishapiro said, on මාර්තු 26, 2013 at 8:29 පෙ.ව.

      Maathalan,

      ඒකනෙ මාතලන්, මිනිහෙක් වගේ හැම තැනම ගියොත් නරක ද?!!! 😀

      ඔයගොල්ලන් ලියන්න කළින් මම අන්වර් ගැන ලියලා තියෙනවා!!!

      සියළු මත වලට ඉඩක් තිබිය යුතුයි. ඒක ප්‍රජානත්ත්‍රවාදයක් නෙමෙයි ඒක ලිබටේරියන්වාදයයි. ප්‍රජාතන්ත්‍රවාදයෙන් කියන්නෙ බහුතරයගේ මතයට සියල්ලන් කීකරු කරවීම. ලිබටේරියන්වාදයෙන් කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනැම මතයක් දරන්න ඉඩකඩක් තියෙනවා ඒත් වෙන කෙනෙකුට කරදරයක් නොකර වෙන අයෙකුගේ පසුම්බියට අත නොදා … වෙනස වටහා ගන්න.

      බල්ලාට කාලය ගැන හැඟීමක් ඇති කරගන්නට නොහැකියි. මිනිසාට ඒ ගැන දැනීමක් ඇති කරගත හැකියි. මිනිස් ජීවිතයක කාලය සීමිතයි. අනුන්ට ඕනෑම මතයක් ලියන්නට අවසර දෙන පළියට ඒවා කියවන්නට බල්ලෙක් වගේ හැම තැන යමින් සීමිත ලෙසින් ලැබී ඇති කාලය නාස්ති කරන්න එපා, අප්පමාදේන සම්පාදේත!

  4. ravi said, on මාර්තු 26, 2013 at 2:41 පෙ.ව.

    හෙහ්, ඔන්න බලන්නකො අරුණි ඒකෙත් හැටි මමත් අර බල්ල වගෙ වෙලා නෙව… 🙂

    හැබැයි ඒ බ්ලොග් සම්බන්ධයෙන් විතරයි. මම කියවන්නෙ තෝරාගත්තු බ්ලොග් කීපයක් විතරයි. එහෙම වෙන්ට හේතුව නම් කාලය මදිකම. රාජකාරියට අමතරව වෙනත් මගෙ ක්‍රියාකාරකම් එක්ක බ්ලොග් කියවන්ට ඉතුරු වෙන්නෙ බොහොම සීමිත වෙලාවක්. ඉතිං ඒ සුළු වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් එපාය..හැබැයි ඒ වැඩෙන් බොහොම වැදගත් සටහන් මඟ හැරෙන එක නම් වළක්වන්න බෑ. මොකද කරන්නෙ ඉතිං?…රැවුලයි කැඳයි දෙකම බෑ කියනවනෙ… 🙂 🙂

    ඒ.නෙ.ලි – ( ඒක නෙවෙයි ලියමි )

    ඔය පින්තුරෙ ඉන්නෙ අලුත් බල්ලද?

    • arunishapiro said, on මාර්තු 26, 2013 at 8:32 පෙ.ව.

      ravi,

      කාලය ඔව් .. ඒක තමයි උපරිමයෙන් ප්‍රයෝජනයක් ගන්නට මිනිසාට පමණක් ම හැකිවූව, එහෙත් මිනිසා පමණක් ම නොකරන්න!!!!!

      නැහැ මේ ලංකාවේ යෙහෙළියකගේ බල්ලා. මම ලංකාවට ආපු විට ගත්තෙ. එයාත් හැම තිස්සෙම එතැන තමයි නිදන්නේ.

  5. යසිත්ගේ සිතුවිලි said, on මාර්තු 26, 2013 at 3:38 පෙ.ව.

    //ඉතින් ඔබ නිතර යන එන බ්ලොග් අඩවි සමඟ ඔබ තුල ඇති සමානකමක් ඔබ දකිනවා ද? //

    ඔව්… නමුත් සමහර විට ඒක පිලි ගන්න අකමැති ඇති. නමුත් තමන්ට සුළු හෝ සමානකමක් නැති දෙයක් කෙරෙහි මිනිස්සු/සත්වයන් බැඳීමක් ඇතිකර ගනීවි කියල මම නම් හිතන්නෙ නෑ 🙂

    //ඔබත් හැසිරෙන්නේ එම්පෙඩක්ලීස්ගේ බල්ලා වගේ ද? //
    බොහෝ විට….

    //නොදන්නා දේවල් ගැන සොයා බලන්නට හැකි ලෙසකින් වූ මොළයක් ඇති ඔබ එය පාවිච්චියට ගන්නට පටන් ගන්නවා ද? //
    ඒකට මුලින්ම මේ ඉන්න සම්මත රාමුවෙන් පිට පනින්න ඕන…

    ///යෝග්‍යතමයෙක් වන්නට හැකි මොළයක් ඔබටත් ඇති නිසා එය පාවිච්චියට පටන් ගන්නවා ද? //
    සමාජය ඒකට ඉඩ දෙන එකක් නෑ.. ඒත් සමාජයේ රූකඩය නොවුන පුද්ගලයෙකුට නම් ඒක සරලයි 🙂

    • arunishapiro said, on මාර්තු 26, 2013 at 8:36 පෙ.ව.

      යසිත්ගේ සිතුවිලි,

      ඔව් අපේ සිතේ ඇදී යන්නේ සමානකමක් සුළුවෙන් හෝ ඇත්නම් .. නමුත් තමන්ට සුළු හෝ සමානකමක් නැති දෙයක් කෙරෙහි දැනුමක් ලැබීම නිසා කැමැත්තක් ඇති කරගන්න හැකියාව ඇත්තේ මිනිසාට පමණයි. උදාහරණ: තමන්ගේ ජීවිතය බේරාගන්නට අවශ්‍ය විටෙක තිත්ත කසාය බොන්නටත්, තමන්ගේ අතක් පයක් කපා දමා ජීවිතය බේරාගන්නට පවා මිනිසා කැමතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: