අරුණි ශපීරෝ‍ වෙතින්

හිරුණිකාගේ උසාවි ඇඳුම සහ නික් ඩ’ලොසියෝගේ ඇප් එක

Posted in Uncategorized by arunishapiro on මාර්තු 29, 2013

20130330_WBP006_0

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උසාවියට දවස් දෙකක් ම ඇඳගෙන ගිය වස්ත්‍රයට නඩුකාරයන් අප්‍රසාදය පළ කළ බව අන්තර්ජාලයෙන් කියෙව්වා. නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නෙ සමාජයේ පවතින සියළුම රීති සහ චාරිත්‍ර වලට පටහැනිව යන්න අවසරය ඉල්ලීම නෙමෙයි. සමාජයේ පැවතෙන අනවශ්‍ය රීති සහ චාරිත්‍ර වලින් ඉවත් වීමටත්, අවශ්‍ය රීති සහ චාරිත්‍ර පවත්වා ගැනීමටත් නිදහස ලැබිය යුතු යැයි පෙනී සිටීමයි.

දැන් කොහොම ද අවශ්‍ය/අනවශ්‍ය රීති සහ චාරිත්‍ර අතර වෙනස කුමක් දැයි කියා අයෙක් දැනගන්නේ?

ඕනෑම රටක උසාවි පද්ධතියේ පවතින්නේ ද සම්ප්‍රදායිකව විවාහ මංගල්‍යයක පැවතෙන්නා වූ වැනි රීති සහ චාරිත්‍ර. ඒවා බිහි වී තිබෙන්නේ එතැන ක්‍රියාවලිය සාමාන්‍ය ගණුදෙනු කරන වෙළඳපොලක් හෝ මිතුරු හවුලක සතුටු සාමීචියකින් වෙනස් බව හුවා දක්වන්නට. මනාලයයි මනාලියයි බිකිනි ඇඳන් විවාහ මංගල්‍යයට එන්නැයි කියා නැත්නම් එසේ යාමට අවසර ඉල්ලීම නිදහස වෙනුවන් කරන සටනක් නෙමෙයි. යුක්තිය වෙනුවෙන් කරන සටනක් නෙමෙයි. එය අවධානය දිනාගන්නට තැනට නුසුදුසු පරිදි හැසිරීමක්.

බිකිනි ඇඳන් එන්න කියන මංගල්‍යයකට අකමැති අයෙකුට නොයා ඉන්න පුළුවන්. ඒත් සම්ප්‍රදායික වස්ත්‍රයක් පැළඳ ගෙන එන්න කියන උසාවියට නොගිහින් හිටියොත් ලැබෙන්නෙ දඩ හෝ දඬුවම්!!! උසාවියක නඩුවක් අහන්න වැය කරන්නේ රටේ පුරවැසියන් වෙතින් එකතු කරගන්නා බදු මුදල්. අයෙක් උසාවියේ කාලය නාස්ති කරනවා කියන්නේ ජනතාවගේ බදු මුදල් නාස්තියයි.

සමාජයක සාමාජිකයෙක් හැටියට එකඟ වෙන (සාමාජිකයාගේ ම ආරක්ෂාවට) තැනක් තමයි ගැටළු නීතිමය ලෙසින් විසඳන්නට කැමැත්ත පළකර සිටීම. එහි දී උසාවියේ පිළිවෙත පිළිපැදීමට ද එකඟ වෙනවා. උසාවියේ පිළිවෙත වෙනස් කරන්නට උවමනා නම් එය කළ යුත්තේ ඒ වෙනස්කම් යෝජනා කර, රටේ ජනතාවගේ අනුමැතිය ලබා ගනිමින්, එය සිද්ධ විය යුත්තේ නීති සම්පාදකයන් මාර්ගයෙන්. එහෙම වෙන්නෙ නැති එක වෙනම කාරණයක්!!!!!!

යුක්තිය වෙනුවෙන් කියලා, නිදහස වෙනුවෙන් කියලා හිරුණිකා සටන් වදින්නේ ඉතා හදිසියක් පෙන්වලා වහාම වෙනස් කරගත යුතු දරුණු විපත් ඇති කරන තත්වයක් රටේ තිබෙද්දී ඒ වෙනුවෙන් නොවේ.

යුක්තිය අඩවියේ වරද හිරුනිකාගේ ඇඳුමේ ද නඩුකාරයාගේ ඇහේ ද? සටහනට ප්‍රතිචාරයක් දමත නොහැකි වූ නිසා ලියන්න අවශ්‍යයයි, ලංකාවේ උසාවි සම්ප්‍රදායයේ ඇඳුම් තීරණය කරන ලද්දේ එම නඩුකාරයා විසින් නොවන බව. ඒ නිසා එය නඩුකාරයාගේ ඇහේ වරදක් නොවේ. ඇමෙරිකාවේ ජීවත්වෙන මාත් දන්නවා නම් ලංකාවේ උසාවියකට ඇඳගෙන යා යුත්තේ කුමන වස්ත්‍රයක් දැයි කියා, හිරුණිකා වහාම ඇයට නීතීඥ උපදෙස් දෙන අයව වෙනස් කරගත්තේ නැත්නම් නඩුවත් පරදීවි!!!!

ඒ, නඩුව දිනන එක ඇයගේ ඕනෑකම නම් පමණයි!!!! මෙතැන අභිප්‍රාය වෙනකක් නම් ඒක වෙනම කාරණයක්!!!!

ලංකාවේ අය එහෙම දේවල් ගැන කතාබහෙන් සිටිය දී වයස 17 ක ඉන්නා බ්‍රිතාන්‍යයේ නික් ඩ’අලොසියෝ iPhone ඇප් එකක් හදලා තියෙනවා ඉංග්‍රිසි ලිපියක් වචන 300-400 කට සම්පිණ්ඩනය කරත හැකි. එයාගෙ කොම්පැණියෙ නම Summly වෙද්දී එහි වසරක ආදායම බිංදුවයි. ඒත් මාර්තු 25 වැනි දා Yahoo විසින් (එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 5) සම්ලි කොම්පැණිය ඩොලර් මිලියන 30 ක් දීලා මිල දී ගන්නවා.

අනාගතයේ දී සම්ලි කොම්පැණිය අයිති කරගත්තු යාහූ වලට ඒ නිසා ආදායම වැඩිවේ දැ නැද්ද යන්න එහි ආයෝජකයන් ගත්තු අවදානම. එහි ආයෝජකයන් අතර හොන් කොන් ටෙලිකොම් ධනකුවේරයෙක් වෙන ලි කා-ශින්, ඇෂ්ටන් කුචර්, ස්ටීවන් ෆ්‍රයි, යොකො ඕනෝ, මාක් පින්කස් වැනි අයත් ඉන්නවාලු.

ධන සම්පත් ලොව ඇතිවෙන්නේ මිනිස් ශ්‍රමයෙන් අලුත් දැයක් ලොවට ඉදිරිපත් වුනාම.

මේ ප්‍රවෘත්තිය කියවද්දී මගේ සටහනක් පේලි දෙක තුනකින් කියන්නැයි අටම්පහුර මල්ලි ඉල්ලපු හැටි මතක් වුනා!!!!

එහෙම ඇප් එකක් සිංහල ලිපි කියවන්නාට කවදා හරි ලැබේවි ද?!!!!!!

නැත්නම් සිංහලෙන් කියවන්නා තවත් කාලයක් වැදගත් නැති දේවල් ඉල්ලා, රටේ මුදල් නාස්ති කරමින්, සටන් වදිමින් සිටීවි ද?!!!!!

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on මාර්තු 29, 2013 at 11:46 පෙ.ව.

    හිරුනිකා අයිකොන් එකක් කර ගත්ත උදවිය දන්නෙ නෑ. හිරුනිකා කියන්නේ දුමින්දගෙම ලේඩිස් වර්ෂන් එක කියලා. භාරතගේ චරිතය කිසිම අඩු පාඩුවක් නැතුව හිරුනිකා ඉදිරියට ගෙනියනවා. එදා සිද්ද උනේ, අර කව් බෝයි ෆිල්ම් වල වගේ ඉස්සෙල්ලම වෙඩි තියපු එකා බේරුණා. නැතුව වෙන දෙයක් නෙමෙයි. හිරුනිකාගේ ඇක්ටින් හොඳයි. හොඳ අනාගතයක් තියෙනවා. එයා මේ නොහොබිනා විදියට ඇඳලා එන්නේ ඒයා තගක් දාපු නඩුවකට. එතනදි එයාට උසාවියටත් පෙන්නන්න ඕන. අපි උසාවියටත් බය නෑ කියලා. බැනුම් අහලා එළියට එන්නේත්, තොටළඟ අයියා කෙනෙක් වගේ. තාත්තගේ නඩුවට එන්නේ සුදු ඇඳලා අඬ අඬා අනුකම්පාව ලබා ගැනීමේ චේතනාවෙන්. මම හිතන්නේ හිරුණිකා රඟපෑවනම් අනර්කලිට තියෙන තැන නැති වෙනවා. දේශපලනේ තැනක් ගන්න නම් ලේසී වෙන එකක් නෑ.

    • arunishapiro said, on මාර්තු 29, 2013 at 12:15 ප.ව.

      maathalan,

      ලංකාවේ දේශපාලනේ තැන ලැබෙන හැටි වෙනස් කරලා කලාපීය වෙනසක්ම ඇති කරත හැකි කාලය ඇවිල්ලා. ඒත් රඟපෑමට දක්ෂතාවය විතරක් මදි. අධ්‍යක්ෂණයට සහ තිරපිටපත් ලියන්න දක්ෂ අයත් ඉන්න ඕනෑ. 😀

      • buwa said, on මාර්තු 29, 2013 at 8:55 ප.ව.

        //දේශපලනේ තැනක් ගන්න නම් ලේසී වෙන එකක් නෑ././

        මොන පිස්සුද බන් අපේ උන් අනිවා ඡන්දේ දෙනවා , ඊලඟ පාර හිරුණිකා ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයිකෙන් හරි පලාත් සභාවට ඉල්ලුවොත් දිනනවා

  2. wicharaka විචාරක said, on මාර්තු 29, 2013 at 12:07 ප.ව.

    ලංකාවේ උසාවි වල ඇඳුම් නීතිය මල විකාරයක්. හිරුනිකාගේ ඇඳුමෙන් ඇඟේ ශරීරය වැහිලා තියනවා. අනවශ්‍ය ලෙස අඟ පසඟ කැපී පෙනීමක් හෝ නිරාවරණය වීමක් නැහැ. ගමේ දුප්පත් ආච්චි කෙනෙක් රෙද්ද හැට්ටේ ඇඳලා උසාවි ආවොත් ඇගේ බඩ ප්‍රදේශය පෙනෙනවා. හැට්ටයේ කර පළල නම් ආච්චිගේ ලොට තන දෙකෙන් කොටසක් පෙනෙනවා. ඒ ආච්චිටත් අවවාද කරලා එලවනවාද උසාවියෙන්? ලංකාවේ සමහර නීතීඥ නෝනලා සාරිය අඳින්නේ සම්පූර්ණයෙන් බුරිය එලියට දාලා. උසාවිය ඇතුලෙදි ඔය නඩුකාර උන්නාන්සේලාට ඒවා පෙනෙන්නේ නැද්ද නැත්නම් ඒ සොමිය තියෙන්ඩ ඇරලා සොමිය ගන්නවාද? ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියන් ජාතික කාන්තාවක් තිස්සමහාරාම පැත්තේ හෝටලයකදී අතවරයට ලක්වෙලා. එයා තම නඩුවට පෙනී සිටීම සඳහා ලංකාවේ උසාවියකට එන්න ඕනේ සාරියෙන්ද ඔසරියෙන්ද? විත්තිකාරයාට සහ පැමිනිලිකාරයාට වාඩිවෙන්ඩ ඉඩ දීලා මානුෂික විදිහට නඩු විසඳන්නේ, තවම පරණ ටයිප් රයිටර් වලින් නඩු වාර්තා කොටන්නේ නැතුව නවීන තාක්ෂණයට යන්නේ, කවදාද? ආශ්ච්ර්යයට තව කොච්චර දුරද?

    • arunishapiro said, on මාර්තු 29, 2013 at 12:32 ප.ව.

      විචාරක,

      ලංකාවේ උසාවියක කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙන්නත් තහනම්!!! මෙහෙ එහෙම නැතිවුනාට නඩුකාරයා ශාලාවට එද්දී හැමෝම නැඟිටින එක තවමත් කරනවා.

      ලෝකේ විවිධ රටවල් වල විවිධ උසාවි වල තියෙන රීති දැක්කම ඒවා ඔක්කොම මල විකාර කියලා තමයි හිතෙන්නෙ. ඒත් ඒ මල විකාරයේ ඉල්ලන්නේ formality එකක්. උසාවිය ඉල්ලා සිටින්නේ formal විදියට හැඳ පැළඳ එන්න කියා පමණයි. කඩේ යන විදියට එන්නෙ නැතිව. වෙනස වටහා ගැනීමෙන් උසාවි සංස්ථාවට ගරුත්වයක් ඉල්ලා සිටීම.

      හැට්ටෙ කර පහත් වීම අසීලාචාර නොවීම සම්ප්‍රදායෙන් එන දෙයක්නෙ. සම්ප්‍රදායේ හැට්ට තිබුනෙත් නැති නිසාම!!!!

      බුරිය පෙනීම ලංකාවේ කමක් නැති වුනාට බටහිර උසාවි වල එහෙම බැහැ.

      මට මෙහෙදී සාරියක් ඇඳගෙන උසාවියට යන්නට පුලුවන්.

      ඔස්ට්‍රේලියන් කාන්තාවට ලංකාවේ උසාවියට බටහිර suit එකක් කියන ඇඳුම් කට්ටලයක් ඇඳගෙන යා හැකි අවසරය ලංකාවේ දී ලැබෙනවා.

      හදා ගන්න දේවල් තියෙනවා, ඒත් මෙහෙම හැසිරිලා ඒවා හදාගන්න බැහැ.

  3. mppgunasinghe said, on මාර්තු 29, 2013 at 2:22 ප.ව.

    ඔබේ ලිපි වග අලුත් කෝනයකින් ජීවිතය දකින්ට මග පෙන්වන ගතිය ඉතා වැදගත් අරුණි සපී රෝ. ස්තුතියි

  4. praveena said, on මාර්තු 30, 2013 at 3:01 පෙ.ව.

    මේ කතාවෙන් කියන්නේ ලංකාවේ උසාවියකට බටහිර ඇඳුමෙන් සැරසී යන්ට බැරි බවද? හිරුනිකාගේ ඇඳුමේ වරදක් නම් පෙනෙන්නට නෑ.

    • arunishapiro said, on මාර්තු 30, 2013 at 8:26 පෙ.ව.

      praveena,

      බටහිර ඇඳුම් වලින් සැරසී යන්නට බැහැ කියන එක නෙමෙයි ප්‍රවීනා, බටහිර ඇඳුම් වලත් informal නැතිව formal විදියට සැරසී යන්න අවශ්‍ය බවයි.

      ඇය කාගේ හෝ විවාහ මංගල්‍යයකට මෙසේ සැරසී යයි ද? එහෙම නැත්නම් ඒ ඇයි?

      ඇය කාගේ හෝ මළ ගෙදරකට මෙසේ සැරසී යයි ද? එහෙම නැත්නම් ඒ ඇයි?

      ඒ වගේ ම තමයි උසාවියකටත් සැරසී ආ යුතු පිළිවෙතක් තියෙනවා. එයින් ඉල්ලා සිටින්නේ විවාහ මංගල්‍යයක හෝ අවමංගල්‍යයක පැවැත්වෙන වගේ ම චාරිත්‍රානුකූල පිළිවෙතක් අනුගමනයයි.

  5. ravi said, on මාර්තු 30, 2013 at 5:10 පෙ.ව.

    පළමුවෙන්ම ලංකාවෙ උසාවි ගැන. උසාවි එනකොට යම් සම්මත Dress Code එකකට අනුව සැරසිලා එන්න ඕනයි කියන මතයට මම එකඟයි. එහෙත් අද ලංකාවෙ යුක්තිය පසිඳලීම සිද්ද වෙන විදිහට නම් නිරුවතින් උසාවි ගියත් ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලත් ඒ එක්කම මට හිතෙනව. අනික අපි ඉතාම ගෞරවාන්විතව සැරසිල ගියත් මොනවටද නඩුකාර මහත්වරුන්/මහත්මියන් ඉන්නෙ සම්පූර්ණ නිරුවතින් නම් 😀

    දැං අර සාරාංශකෘත උපයෝගය ගැන…නික් කොලුවට මගේ බලවත් විරෝධය…මිනිහ ලෑස්ති මම වගේ අයගෙ නිදහස නැති කරන්න :)… මෙහෙම ඇප් හදාපුවම පඳුරක් දෙකක් තලන්නෙ කොහොමද මම? 😀

    • arunishapiro said, on මාර්තු 30, 2013 at 8:30 පෙ.ව.

      ravi,

      උසාවියේ ඇත්තන්ගේ වැරදි හදාගන්න අවශ්‍ය බව සහ යල් පැනපු ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය හදාගන්න අවශ්‍ය බව වෙනම කාරණයක්.

      අවනීතිය හදාගන්න අවශ්‍ය නීතියට අගෞරව කිරීමෙන් නොවේ. හරියට ආගමක් ශිෂ්ඨ කරගන්න ඕනෑ ආගමට අගෞරව කරලා වගේ නොවේම!!!!!

      😀 ඔය අලුත් ඇප් ආවයි කියලා පඳුරු තලන අයට තැන නැතිවෙන්නේ නැහැ රවී. මිනිසා අපූර්ව සතෙක්. පඳුරු තලන්නන්ට ඇති කැමැත්ත නැති කරන්න ඇප් වලට බැරිවේවි. තරඟයට බිය නොවන්න!!!!

  6. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 30, 2013 at 7:55 පෙ.ව.

    ඔයාගේ කතාවට සියට සියක් එකඟයි තර්කයක් නෑ. හැබැයි ලංකාවේ මෙහෙම ප්‍රශ්නයක් තියනවා. යම් කිසි සංකේතිය තනතුරක පත්වන පුද්ගලයා තමන් පැමිණි ග්‍රාමීය මූලයන්ගෙන් (ROOTS) නිසා දරා සිටින පෞද්ගලික අගතීන් සහ දෘෂ්ඨිවාද එම සංකේත තනතුර තුලට රැගෙන එනවා. මේක හිටපු නඩුකාරවරුන් තුල පවා තිබුනා. අමතක කරන්න එපා ලංකාවේ නීති සම්පාදකයන් ඒ වැඩේ හැර අනිත් වැඩ සියල්ල කර කර ඉන්න රටක් මේක. ඉතින් හරියට සංකේතීයව නිර්වචනය කරන්න බැරි නීති වෙනස් වෙන්නේ නෑ. අවුරුදු 100 කට දෙසීයකට ඉහත හදපු වික්ටෝරියන් මහා රැජිනට හැරෙන්න වෙන කාටවත් නිර්වචනය කරන්න බැරි නීති තාම තියන රටක්. ඉතින් හිගුරක්ගොඩ පණ්ඩුකාභය වගේ කෙනෙක් නිදහස් අධ්‍යාපනය නිසා ඉස්සරහට ගිහින් නඩුකාරයෙක් වෙන්න පුළුවන් මේ අය ඊට පස්සේ සියවස් දෙකක් පරණ නීති හිගුරක්ගොඩ දෘෂ්ඨිවාද වලින් තමන්ට කැමති විදියට නිර්වචනය කරන්නත් ගන්නවා.

    • arunishapiro said, on මාර්තු 30, 2013 at 8:42 පෙ.ව.

      Uditha,

      //යම් කිසි සංකේතිය තනතුරක// දරන අය විතරක් නෙමෙයි උදිත අපි හැමෝම අපේ මූලයන් වලින් ලැබිලා තියෙන පුද්ගලික මතවාද තමයි අරන් එන්නෙ.

      ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ රටවල නීති සම්පාදකයන් මේ යුගයේ කරන්නේ නීතිය කුමක් දැයි සෙවීම බැහැරකට ලා නීති ගෙන ඒමේ යෙදීම. ඔවුන් ද පාලකයන්ගේ රූකඩයන් වෙලා.

      ඒත් ඒ පාලකයන් පත් කරගත්තේ කවුද?

      පාලකයා යන මඟ වෙනස් කරන්න හෝ වෙන පාලකයෙක් පත්කරගන්න පුලුවන් චන්ද ප්‍රකාශ කරන සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ අය හැමදා සිටිනවා. පාලකයන් වගේ ම නඩුකාරයන් ද යම් කාලයක් අවසානයේ තනතුරු අහිමි වී යන කොටසක් පමණයි. සාමාන්‍ය මිනිසා දැනුවත් කරවීමෙන්, යුක්තිය සහ නීතිය යනු මොනවා දැයි නිසි සේ පහදා දීමෙන් එය තම පුද්ගලික හා සමාජීය උන්නතියට එකම මාර්ගය බවත් ඒ අයිතීන් සහ වගකීම් අතර වෙනස හඳුනාගන්නට හැකියාව ලබා දීමෙන් හැමදාම ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි රටක් සමාජයක් ලෝකයක් හදා ගන්න පුලුවන්.

  7. යසිත්ගේ සිතුවිලි said, on මාර්තු 30, 2013 at 9:29 පෙ.ව.

    ලංකාවේ නීතිය දේශපාලනය ඉදිරියේ නිරුවත් නම් නීතියේ පිහිට පතන අය නිරුවත් වෙන එක අහන්න දෙයක්ද…

    මට හිරුණිකාගෙ සිද්ධියයි නික් ඩ’ලොසියෝගේ ඇප් එකයි අතරෙ සම්බන්ධය තේරුනේ නෑ 😦 නමුත් යාහු ආයතනයේ අතීතය ගත්තම ඔය වගේ අවධානම් ගන්න ගිහින් වැඩිපුරම උනේ ඇණ ගනිපු එක තමයි… 😀

    • arunishapiro said, on මාර්තු 30, 2013 at 9:37 පෙ.ව.

      යසිත්ගේ සිතුවිලි,

      //නීතියේ පිහිට පතන අය නිරුවත් වෙන එක// සිද්ධ වෙන්නේ හිරුණිකාලා ලංකාවේ වැඩියෙන් ද නික් ඩ’ලොසියෝලා ලංකාවේ නැති ද නිසයි. ලංකාවේ අය පහසුවෙන් හදාගන්න පුලුවන් දේවල් ගැන සිත යොමු නොකර අමාරුවෙන් හදා ගන්න හැකි දෙයටත් වැරදි ප්‍රවේශයකින් යනවා. ඔව් යාහූ නම් ඇණ ගන්න එක තමයි වැඩියෙන් කරලා තියෙන්නෙ, ඒත් යසිත් එයාලා ඇණ ගන්නෙ එයාලගෙ සල්ලි වලින්නෙ, රටවැසියන්ගෙ සල්ලි වලින් නෙමෙයිනේ!!!!!! ආයෝජකයන්ට කෙසේ වෙතත් අඩුගානේ නික් කොල්ලාට වෙන දෙයක් නැත්නම් හරියට මුදල් ටික ප්‍රවේසමින් පරිහරණය කළොත් ජීවිතේම ගොඩදාන්න පුලුවන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: