අරුණි ශපීරෝ‍ වෙතින්

චාරිත්‍රානුකූල ඇඳුම් සහ ආචාරශීලී හැදියාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 2, 2013

manners

අචාරශීලී ලෝකයට අවශ්‍ය චාරිත්‍ර (2007) මවිසින් සිංහලෙන් ලියා ස්වයං කර්තෘ ප්‍රකාශණයක් ලෙසින් ඉදිරිපත් කරන ලද පොතකි. එය කියවා සහ මා සමඟ කළ කතාබහ ඇසුරින් ලිපි මාලාවක් සිරිකත පත්‍රයේ ලියුවේ උදේශිකා නෙළුම්දෙණිය විසින් 2008 දී ය.

ලෝක සමාජයේ බහුතරයක් අනුගමනය කරන පිළිවෙත් වලින් බොහෝ විට වෙනස් මගක යන මම, ඇයි චාරිත්‍රානුකූල හැදියාව ගැන පොතක් ලිව්වෙ?

අනුකරණය සහ සම්ප්‍රදාය පිළිපැදීම යන දෙකේ අර්ථ වෙනස් නිසා.

සම්ප්‍රදායයන් සහ ආචාරශීලීත්වයන් යනු මිනිස් සමාජයේ පවතින්නා වූ ද ඊට අවශ්‍ය වන්නා වූ ද අංගයක් නිසා. ඒවා තෝරාගැනීම් සහ ප්‍රතික්ෂේපය මිනිසාට පමණක් ම හිමිවෙන විශේෂත්වයක් නිසා.

ලෝකය ශිෂ්ඨාචාර වෙද්දී පමණයි සම්ප්‍රදායයන් දකින්න පුලුවන්. ඊට කළින් දඩයම් කරගත්තු දෙයක් කාලා, අනෙකෙක් දඩයම් කරපු දෙයක් උදුරා ගෙන කාලා, වනන්තරයේ හැංගිලා ළඟින් යන ගෑණියෙක් අල්ලා ගෙන දූෂණය කරලා ජීවත් වෙච්ච මිනිසා ශිෂ්ඨ වෙන්නේ සම්ප්‍රදායන් හදා ගත්තට පස්සෙ.

ඒත් තවමත් ශිෂ්ඨ සමාජයේ අශිෂ්ඨ ලෙසින් හැසිරෙන අයට උල් පන්දම් දෙමින් දඩයම් යුගය අදට වඩා සුන්දරයි කියන අයත් ඉන්නවා.

තැනකට යද්දී ඇඳගෙන යන ඇඳුම් ලෝකයේ චාරිත්‍රානුකූල බවකින් යුතු වූවක්. ආචාරශීලී හැදියාව නම් තැනට සුදුසු පරිදි හැඳගෙන යෑම. තැනට සුදුස්ස කුමක් දැයි තීරණය කරන්නේ ස්ථානයේ අයයි. එතැනට යන අය කරන්නෙ ඒ තැනේ අය අපේක්ෂා කරන විදියට හැඳගෙන යෑමයි.

ගෙදරකට යද්දී ඒ ගෙදර අය අකමැති යැයි දැන දැනත් අයෙක් කොට කලිසමක් ඇඳගෙන එනවාට, හුහ් මට ඕනෑ ඇඳුමක් අඳින්න මට අයිතියක් තියෙනවා යැයි ඔවුන්ට හොඳ පාඩමක් උගන්වන්න ෂෝටක් ඇඳගෙන නොයෑම ආචාරශීලීත්වයයි.

උත්සවකයට යද්දී උත්සවයේ අවධානය ලැබිය යුතු තැනැත්තාට වඩා විච්චූර්ණ, වෙනස්, හෝ කැපී පෙනෙන ඇඳුම් වලින් සැරසී තමන්ගේ ඉලක්කයකට අවධානය දිනා ගනු පිණිස අයෙක් හැඳගෙන නොයෑම ආචාරශීලීත්වයයි.

එසේම අයෙක් යන්නේ කුමන ස්ථානයට ද එයා ආචාරශීලීව අනුගමනය කළ යුත්තේ ඒ ස්ථානයේ පිළිවෙත් හා සම්ප්‍රදායයන්ය. ඒවාට කැමති නැත්නම් එවැනි ස්ථාන වලට නොයා යුතුය. ඒ තැන් වලට යන්නට හේතු වෙන වැඩ නොකර සිටින්නටත් හැකියි.

ඔඩෙල් අන්තර්ජාල අඩවියට ගිය මට formal වස්ත්‍ර යනුවෙන් දකින්නට හැකි වූ ඇඳුම් දැක සිතුනේ සමහරු ඒවා මොනවා දැයි නොදන්නේ ඔටාරා formal කියා informal වස්ත්‍ර විකුණන නිසා දැයි කියාය!!!!!!

චාරිත්‍රානුකූල නොහොත් formal ඇඳුම්:
2860_99404045850_616725850_2952515_7432985_n[1] doc4c258f0fa4054321534823[2] tennis1 cup NY2009 IMG_5125

චාරිත්‍රානුකූල නොහොත් formal ඇඳුම් -කාර්යාලකයට සහ උසාවියට අඳින ආචාරශීලී ඇඳුම්:
නැණස IMG_5148 IMG_5147

චාරිත්‍රානුකූල නොවන informal හෙවත් තමන්ගේ නිවාඩු පාඩුවේ දී අඳින ඇඳුම්:
Streets of SJ3 Greetings from Shapiro's DC Shapiro

Advertisements

30 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 2, 2013 at 8:57 පෙ.ව.

    මේ පොත වෙළඳ පොළේ තිබේදැයි දන්වන්න.

  2. mppgunasinghe said, on අප්‍රේල් 2, 2013 at 8:59 පෙ.ව.

    මගේ හදිසිය නිසා කළ ඉල්ලීම අවියත් එකකි. පොත ලබා ගැනීමට හැකි විධියක් තිබේනම් දන්වන්නැය එය නිවරදිවිය යුතුය.

    • arunishapiro said, on අප්‍රේල් 2, 2013 at 9:02 පෙ.ව.

      mppgunasinghe,

      මා ළඟත් තියෙන්නෙ පොත් දෙකක් නැත්නම් තුනක්. දහයක් වත් තිබ්බා නම් එකක් එවනවා! 😀

      • mppgunasinghe said, on අප්‍රේල් 2, 2013 at 10:25 පෙ.ව.

        පුස්තකාලවලවත් සොයන්නට උත්සාහ කරනවා. එහි අන්තර්ගතය ඉතා වැදගත් වේවි යි මට එකවරටම සිතුනා. ඒකයි කලබල වෙලා අවකැපෙන කතාවක් පවා කියවුනේ. අලුත්සහල් මංගල්‍යයට සහභාගි වෙලා මා ඉගෙනගත් කට වරද්දා ගැනිම තවමත් සිදුවෙනවා නේද ?

        • arunishapiro said, on අප්‍රේල් 2, 2013 at 11:18 පෙ.ව.

          mppgunasinghe,

          😀 ඕවා මොනවා ද? හැමදාම දැන දැනත් වැරදි උවමනාවෙන් ම කරලා සතුටු වෙන අය සිටිය දී!!!

          • buddhiprasadh said, on අප්‍රේල් 3, 2013 at 9:18 පෙ.ව.

            මේ පොත මා ලග තියෙනවා. 2011 සයිබර් බක් මහ උලෙලේ දී තරග කරලා දිනපු අය ලග මේ පොත අනිවාර්යෙන් තියෙනවා. (මේ පොත විතරක් නෙමෙයි – වටිනා කියන පොත් දෙකක් ම එදා ලැබුනා 😀 )තරග දෙකක් දින්නානම් පොත් දෙකක් ඇති. එහෙම කෙනෙක් හොයාගන්න වෙනවා. මම තරග දෙකක් දින්නා. 😀 හැබැයි මම වැඩිපුර පොත වෙන කෙනෙක්ට දුන්නා.

            • arunishapiro said, on අප්‍රේල් 3, 2013 at 9:23 පෙ.ව.

              buddhiprasadh,

              ස්තූතියි දැන්නුවාට.

              මම විවිධ මාතෘකා වලින් ලියපු පොත් දෙසිය ගාණක් විතර එව්වා ඒ උත්සවයට ආපු හැමෝටම නොමිලේ බෙදලා දෙන්න. ඒවා තරඟ දිනපු අයට දෙන තෑගි බවට තීරණය කළේ උත්සවයේ සංවිධායකවරු. ඉතිරි පොත් ඇත්නම් ඒ නිසා මෙවර අවුරුදු උළෙල දී ඒවා බෙදා දෙන්න හැකිවේදැයි ඒ සංවිධායකවරු වෙතින් සොයා දැනගන්න හැකිවේවි ද?

  3. යසිත්ගේ සිතුවිලි said, on අප්‍රේල් 2, 2013 at 10:54 පෙ.ව.

    චාරිත්‍රානුකූල ඇඳුම් සහ ආචාරශීලී හැදියාව කියන එක මං හිතන්නෙ “ඉතාමත්ම” සාපේක්ෂයි.. ඔබතුමී දැනට ජීවත්වන රටේ හා ලංකාවේ ඔය චාරිත්‍රානුකූල ඇඳුම් වෙනසින් ඒක හොඳටම පැහැදිලියි..
    හැමවිටම ශිෂ්ඨාචාරයේ ජීවත් වෙන මිනිසා ක්‍රියා කළ යුත්තේ තමා අවට සමාජයේ රෑකඩයක් විදියට.. ඒක සමාජ සම්මතයක් වෙලා.. ඒ සම්මත රාමුවෙන් පිට යන්න හැදුවොත් ඒ පුද්ගලයාට පැවත්මක් නෑ හෝ පවතින්න ඉඩ දෙන්නෙ නෑ..

    ඇත්තටම අපි හැමෝම සමාජ රූකඩයන්.. ඇත්ත ඒකයි 😦

  4. Naleen Dilruksha said, on අප්‍රේල් 2, 2013 at 11:46 පෙ.ව.

    ඇත්තම කියන්න ඔබ ඇදුමින් පුද්ගලයාව මනිනවද තාමත්.

    • arunishapiro said, on අප්‍රේල් 2, 2013 at 11:52 පෙ.ව.

      Naleen Dilruksha,

      😀 😀 😀

      • Naleen Dilruksha said, on අප්‍රේල් 2, 2013 at 11:59 පෙ.ව.

        මතවාදී තලයේ ඉහළින්ම ඉන්නා ඔබගෙන් මා මෙයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් මේ කෙටි වදන් කීපය දැම්මේ. හොද කතිකාවක් ගොඩනගමු සොයුරිය.

        • arunishapiro said, on අප්‍රේල් 2, 2013 at 12:07 ප.ව.

          Naleen Dilruksha,

          සමාවෙන්න මම හිතුවෙ නලීන් විහිළුවක් කළා කියල. නලීන්ගෙ මුහුණුපොතේ මුහුදු වෙරලක් අසල දී උඩුකය නිරුවත් පින්තූරේට මම දාපු ප්‍රතිචාරය මතක් වෙලයි හිනා ගියේ. මිනිසාගේ ප්‍රථමික තත්වය නිරුවතයි. මට නම් මුණගැහෙන කෙනෙක් එහෙම හමුවුනත් කමක් නැහැ!!!!

          මේ ලිව්වෙ අනිත් අය එක්ක හැසිරෙද්දී හා ගණුදෙනු කරද්දී පිළිගත් සමහර සම්ප්‍රාදයන් පවත්වා ගත යුතු අවශ්‍යතාවයේ දී කරන්න සිද්ධ වෙන විදිය ගැන. එහි දී යම් පිළිවෙලකට හැඳගෙන ඒම යනු අයෙක් මනින ආකාරයක් නෙමෙයි. පාසැලකට යන ළමයි හැඳගෙන යන්නෙ පාසැල් නිල ඇඳුමක්. එහෙත් සමහර අය පාසැල් නිල ඇඳුම පවා අනගි රෙදි හෝ බාල රෙදි වලින් හදලා දැයි සොයා බලනවා. ඒත් පාසැල් නිල ඇඳුමින් ආ යුතු යැයි කියද්දී ඒ දෙවැනි කරුණ ගැන නොවේ විමසුම. දෙවැන්න විමසීම තමයි මිනිසාව ඇඳුමෙන් මනිනවා කියන්නෙ.

          • Naleen Dilruksha said, on අප්‍රේල් 2, 2013 at 12:22 ප.ව.

            අරුණි හරි….මම තාමත් ගමේ හන්දියේ කඩේට යන්න ආස සරමක් ඇඳගන උඩු කය නිරුවතින් තමා. ඒත් ඇදුමින් මිනිසෙක් මනිනවාද යන්න ඇසුවේ ජීවිතයේ මා කළ ලොකුම ගොන් කමක් මෙන්ම මා අදටත් තැවෙන දෙයක් නිසයි. මේ මා කමෙන්ටුව කොටන්නේත් රාත්‍රී9.50ට කෝච්චියේ යන ගමන්. දවසක් සුදු සරමක් ඇදගත් පයට සෙරපුපුත් නැති වයසක මනුස්සයෙක් උදේ කෝච්චියට නැග්ගා පල්ලෙවෙල කියන දුම්රිය පළෙන්. මමත් ඒ මැදිරියේමයි හිටියේ. පාසල් නිල ඇදුමෙන් සිටි ගැටවරයින් පිරිසක් එයාලගේම ලෝකෙක. කුමක් හෝ හේතුවකින් මා මුලින් කී පුද්ගලයා හා සිසුන් අතර ආරවුලක් ඇතිවූණා.ඒ පුද්ගලයාගේ තිබු වාග් චාතුර්ය හේතුවෙන්ම සිසුන්ට පසු බසින්නට සිදුවුණා. සිද්ධිය එපමණක් වුවත් මේ පුද්ගලයා කාටත් (මා ඇතුළුව) ප්‍රෙහ්ලිකාවක් වුණා. කුකුස මැඩ ගන්නට මා ඔහු හා කළ කතා බහේදි තමයි දැන ගත්තේ ඒ ඔරුවල බන්දු නම් අග්‍රගණ්‍ය ලේකඛයා බව. මේ මෙයිට වසර 20කට කලින් වු දෙයක්.එදා සිට මා මොන සමාජයේ වුවත් ඇදුමින් මිනිසුන් මනින්නට යන්නේ නැ. ඒ සිද්ධිය මට අදටත් කම්පනයක්

            • arunishapiro said, on අප්‍රේල් 2, 2013 at 12:28 ප.ව.

              Naleen Dilruksha,

              ඔරුවල බන්දු මටත් හමු වී තියෙනවා, අපේ ගෙදරත් ආවා ගියා තාත්තා හමුවෙන්නට. තාත්තා ඔහුගේ ලිපි චිත්ත ධර්ම විද්‍යා පත්‍රයේ පළ කළා. ඉතා සුන්දර මිනිසෙක්.

              • Naleen Dilruksha said, on අප්‍රේල් 2, 2013 at 12:34 ප.ව.

                මිය ගිය මහැදුරු ගම්ගතුන් සේම බොහෝ දැනුමැති වියතෙක්.මතක ගබඩාවක් වැනියි. ඒ සිද්ධියෙන් පසු මා බොහොම ළගින් එතුමන්ව ඇසුරු කරන්නට හැකි වුණා.

  5. wicharaka විචාරක said, on අප්‍රේල් 2, 2013 at 1:34 ප.ව.

    අද දවාලේ මම අවන්හලකට ගොඩවැදුනා සුළු කෑමක් (අනේ ඒවාට මෙහෙ කියන්නේ, ලියන්නේ ‘සෝටීස්’ කියලා. ඒ කියන්නේ තොරපුවා, තෝරලා තෝරලා ඉතුරු වෙච්ච ඒවාද කන්නේ) කාලා තේ කෝප්පයක් බොන්න. මේසයක හරියට වාඩිවී, භාජන, හැඳි නිවැරදිව පාවිච්චි කරන්න දන්නේ නැති හෝ එසේ කලයුතුයි තකන්නේ නැති තරමට මෝඩ තරුණ පිරිසකගේ විප්‍රකාර හා අවන්හල තුල කල නරි හඬ නැගීම දැක මට ඔවුන් ගැන අනුකම්පාවක් ඇතිවුනා.

    • arunishapiro said, on අප්‍රේල් 2, 2013 at 1:51 ප.ව.

      විචාරක,

      එක හමුදා කණ්ඩායමක් විශේෂ මෙහෙයකට යවන එකටත් Sortie කියනවා නේද?!

      ආචාරශීලීත්වය නම් රටේ අන්තිමයි කියලා තමයි මටත් ගිය අවුරුද්දෙ ආවම පෙනුනේ.

      • wicharaka විචාරක said, on අප්‍රේල් 2, 2013 at 10:42 ප.ව.

        ඔව්, විශේෂ ගුවන් යානයකින්/නැවකින්/බෝට්ටුවකින් රහසිගත සහ හදිසි මෙහෙයුමක් සඳහා භට පිරිසක් යැවීම.

        අචාරශීලිත්වය කොච්චර හොදද කියනවා නම්, අපේ ගෙවල් ළඟ ඉන්න දරු තිදෙනෙකුගේ මවක් වන, එක ‘නෝනාමහත්මයෙක්’ ගෙදරට ඇඳගෙන ඉන්න කොට කලිසම (ඊට යටින් ඇඳලා හිටිය ඊටත් කොට එකත් පෙනෙන නොපෙනෙන ගානයි) සහ අත් නැති බොක්සිං බැනියම වගේ එක (ඊට යටින් ඇඳි තනපටයේ කොටස් ප්‍රදර්ශනය කරමින්) ඇඳගෙන ගෙදරින් එලියට ඇවිත් ඒ වෙලාවේ මා සමග ගමේ අවශ්‍යතාවයකට ඒ ගෙදරට වැඩිය අපේ ලොකු හාමුදුරුවන්ට වැන්දා. හැබැයි මම එදාම හවස ඒ නෝනාට මූණටම කිව්වා ඔයාට ලජ්ජා නැති වුනාට අපේ හාමුදුරුවන්ටත් මටත් ලැජ්ජාව කියලා දෙයක් තියනවා කියලා. ඊට පස්සේ ඒ ගෙදර අය මාත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ.

        • arunishapiro said, on අප්‍රේල් 3, 2013 at 8:26 පෙ.ව.

          විචාරක,

          සමහර අයව හදාගන්න යමක් කිව්වාම එයාලා දකින්නෙ හදාගත යුතු වැරැද්ද නෙමෙයි, මගේ වැරැද්දක් කිව්වා එහෙම නම් ආයේ ඇයි හොඳයියක් ඕනෑ නැහැ කියල විතරයි.

          සදා වෙනස් නොවෙන කට්ටියකට පිහිටලා තියෙන පරම මිනිස් ස්වභාවයක්!!!!!!!!!!!!!!

  6. maathalan said, on අප්‍රේල් 2, 2013 at 10:11 ප.ව.

    කතාව නම් ඇත්ත. ඒත් අර කළු මොඩල් කෙනෙක් නිසා පින්තූර ටික අවුල්… 🙂 🙂 🙂

  7. praveena said, on අප්‍රේල් 2, 2013 at 10:19 ප.ව.

    මට නම් හිතෙන්නේ ඕක අපි ඉන්නා තැන අනුවත් වෙනස් වෙනවා කියලා උදාහරණයක් විදියට ගමක් ගත්තොත්, එයාලා හැදියාව කියලා මනින මිම්මෙන් බැලුවොත් අපි අශීලාචාරයි වගේ නේද?

    තමන් යන තැන අනුව අඳින පලඳින එක මිනිස්සුත් ඉවෙන් වගේ තේරුම් ගන්න එකක්. එහෙම නොකරන අය ඒ විදියට කරන්නේ ඉතින් වෙන යම් හේතුවක් නිසා.

    පින්තූරු ටික ලස්සනයි. 🙂

    • arunishapiro said, on අප්‍රේල් 3, 2013 at 8:22 පෙ.ව.

      praveena,

      නැහැ ප්‍රවීනා මිනිස් හැදියාව කියන්නෙ ස්ථානය අනුව වෙනස් වෙන ගුණාංගයක් නෙමෙයි. චාරිත්‍ර වාරිත්‍ර තමයි වෙනස් වෙන්නෙ. ඒත් මිනිසා යන ඕනෑම තැනක දී ආචාරශීලීත්වයෙන් කටයුතු කළ යුතුය යන්න වෙනස් වන්නක් නොවේ.

      ඉවෙන් නෙමෙයි අතීතයේ දී පංති පවා පැවැත්වුනා, අද පංති, පොත්පත්, අන්තර්ජාල සටහන් ඕනෑ තරම් තියෙනවා ආචාරශීලීත්වය යනු කුමක් දැයි දැන ගන්න කැමති අයට.

      පින්තූරු ලස්සනයි කිව්වාට ස්තූතියි!!!!!

  8. ravi said, on අප්‍රේල් 3, 2013 at 2:35 පෙ.ව.

    හිරුණිකාගෙ ඊ මේල් එක හොයල දෙන්නෙයි මේ සටහන එයැයිට යවන්න?

    එහෙමත් නැත්තං අර පොත් තුනෙං එකක් ඒ ලමයට යවන්න…නැත්තං අනික් දවසෙ නොවැරදීම එයයි හිරේ වැටෙනව… 🙂

    / ඔඩෙල් අන්තර්ජාල අඩවියට ගිය මට formal වස්ත්‍ර යනුවෙන් දකින්නට හැකි වූ ඇඳුම් දැක සිතුනේ සමහරු ඒවා මොනවා දැයි නොදන්නේ ඔටාරා formal කියා informal වස්ත්‍ර විකුණන නිසා දැයි කියාය!!!!!! /

    අනිවාර්යයෙං අර හිරුණිකා ළමය ඔය ඔටාර යෝදිගෙං තමයි Formal ඇඳුං ගන්නෙ..හරිනං හිරේ දාන්න ඕන හිරුණිකා නෙවෙයි අර ඔටාරව… 🙂

    එහෙමත් නැත්තං කරන්ට තියෙන්නෙ ඒ ඇඳුම Formal Dress එකක්ය කියල සහතික කරල ඔටාරගෙං ලියුමක් අරං ගිහිල්ල නඩුකාරයට දෙන එක…

    ඇඳුමින් මිනිස්සු මනින්න එපාය කියල කියන එකේ යම් ඇත්තකුත් තියනව.ඒත් බොහෝවිට යම් පුද්ගලයෙක් ගැන අපි ඇතිකරගන්නා හැඟීමට පාදකවෙන්නෙ ප්‍රථම උපස්තිථිය ( First Impression ) කිසිම පිළිවෙලක් නැතුව එහෙං මෙහෙං ඇඳුං එල්ලගෙන ඉන්න මනුස්සයෙක් හරි මනුස්ස දුවක් හරි ගැන අපේ හිතේ ඇතිවෙන්නෙ සුබවාදී හැඟීමක් නෙවෙයි. සමහරවිට දෙවන හමුවකදි ඒ තැනැත්තා / තැනැත්තිය පිළිබඳ ඇතිවුනු අසුබවාදී හැඟීම වෙනස් වෙන්න පුළුවනි. ඒත් ප්‍රශ්නෙ ප්‍රථම හමුවෙදි සුබවාදී හැඟීමක් ඇති නොවුනොත් දෙවන හමුවකට තියන ඉඩකඩ ඉතාම සීමිත වීමයි.

    • arunishapiro said, on අප්‍රේල් 3, 2013 at 8:33 පෙ.ව.

      ravi,

      අපොයි එපා .. මම මේ ලිව්වෙ මේවා කියවන්න එන අයට. හොයාගෙන ගිහින් කාවවත් හදන්න ඕනෙකමක් නැහැ. සත්‍යය ලිබරල්වාදයට විරුද්ධයිනෙ එහෙම කළොත් රවී!!!

      මාර වැඩේ රවී, දැන් එහෙම වෙච්ච හැමෝම ඔටාරට නඩු දාවි ද!!!! 😀

      ඇඳුම් ගැන තාත්ත නම් සෑහෙන්න ලිව්වා. එක කාලයක් දේශන වලට එන අයට අඳින, වාඩිවෙන, කනබොන හැටි ඔක්කොම කියලා දුන්න. විවාහ පරක්කු වෙන ගෑණු ළමයි බැන්දා. රස්සාවල් නැතිව හිටිය අයට රස්සාවල් ලැබුණ. … ප්‍රථම උපස්තිථිය (ස්තූතියි) ගැන ලියපු ටික සෑහෙන්න වැදගත්.

  9. buddhiprasadh said, on අප්‍රේල් 3, 2013 at 9:30 පෙ.ව.

    ඇදුම් ගැන කතාව නම් ඇත්ත. අර පිරිසක් යද්දි මම සරළයි කියන්න හෝ වෙනත් දෙයක් කියන්න නොගැලපෙන ඇදුම් ඇදගෙන එන එකෙන් අපි අහසුතාවය පත් ‍වෙනවා. ඉස්කෝලෙ යන කාලේ මමත් හිතුවේ එහෙමයි. නමුත් කුරුලු හමුදාවට ගියාට පස්සෙ මම ඉගෙන ගත්තා ඇදුම හැමතිස්සෙම අපිට ඕන හැටියට අදිනවයි කියන තීරණය එච්ච්ර සාධාරණ නෑ කියලා.

    මට තවමත් තියෙන ප්‍රශ්ණය තැනකට ගිහිං කෑම ගන්න එක. මිතුරු මිතුරියන් හමුවී කැම ගන්න කොටත් අර හැදි ගැරූප්පු නීති අකුරටම පිලිපදින්න ඕනැද? මම දන්න සුදු යාලුවෙක් එක්ක කෑමට ගියා. පොර වුනත් එදා හරිම සැහැල්ලුවෙන් නීති කැඩුවේ…

    අනේ මහත්මියනි – ගැත්තාට අනුකම්පා කර මෙයට නිසි පිලිතුරක් ලබා දුන මැනව?

    • arunishapiro said, on අප්‍රේල් 3, 2013 at 9:38 පෙ.ව.

      buddhiprasadh,

      ඕක තමයි අද විසඳාගන්න තියෙන ලොකුම ගැටළුව.

      හැමෝම නීති රීති කඩන නිසා තමනුත් නීති කඩනවා ද?

      අනෙක් අය නීති රීති කඩමින් නීති නොකඩන්නාට උසුළු විසුළු කරද්දී එයින් වෙනස් ලෙසින් පෙනී සිටීම සමාජයට අනුගත නොවීමක් ද?

      සමහර නීති රීති වෙනස් කරගත යුතු ඒවා බැවින් ඒවා සමාජයේ වෙනස් වී යද්දී බලහත්කාරයෙන් වෙනස් නොකර තමන් පමණක් අනුගමනය කරනවා ද?

      සමහර නීති රීති ඉබේම වෙනස් වී යද්දී, කිසිත් වැඩි අවධානයක් නොලබාම ඒවා වෙනස් ලෙසින් අනුගමනයට තමන් ද එකතු වෙනවා ද?

      මේවාට පිළිතුරු තමන් සොයාගත යුතුයි 😀 අනුකම්පා කරන නිසාම තමයි එහෙම කියන්නෙ. මම මේ විදියට කන්න, මේ විදියට අඳින්න කිව්වොත් මාත් තවත් පීඩකයෙක් පමණයි!!!!

      සාපේක්ෂතාවය නොහොත් තැනට සුදුසු විදියට ඇණේ ගැසීම වගේම නොවෙනස් කළ යුතු වගකීම් සහ ආචාරශීලී හැදියාවන් ඒකාන්තයෙන් රැකීම බුද්ධි විචාරයෙන් කළ යුතු වූවක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: