අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝකෙ හැම දෙයක් ම සාපේක්ෂයිලු – ඉතින් ඕනෑ දෙයක් කළාට කමක් නෑල්ලු

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 3, 2013

cartoon-09

මෙය සාපේක්ෂතාවාදය ගැන දාර්ශනික සටහනක් නොවේ. එහි ඉතිහාසයත්, එහි සංවාදයත්, එහි දැකිය හැකි අඩුපාඩු ගැනත් කෙස් පැලෙන තර්ක කියා පෑම වෙන දවසක කරන්නට හැකියි.

“ඒකත් සාපේක්ෂයි නේද?” යන්න නිදහසට කරුණක් ලෙසින් යොදා ගැනීම ගැන සටහනකි මේ.

සාපේක්ෂතාවාදය නොහොත් relativism යනු, යම් දැක්මකින් අයෙක් කියන්නක් හෝ සමාජයේ දකින්නට හැකි හැදියාවක් හෝ චාරිත්‍රයක් වාරිත්‍රයක් වුවත් හෝ ගැන කතාබහේ දී, එහි පරම සත්‍යයක් හෝ ඒත්තු ගත යුතු වූවක් නැතැයි කියන සංකල්පයයි. ඒ නිසා, සාපේක්ෂතාවාදීන් කියන්නේ ඒ ඒ අවස්ථාවට අනුව පමණක් යම් අගැයුමක් බලපාන බවයි. අයෙක් දකින ආකාරය හා සැලකිල්ලට ගන්න ආකාරය අනුව අගැයුම් නිරන්තරයෙන් වෙනස් වෙන බවයි.

දැන් මෙහි දී බොහෝ දෙනා කරන්නේ තමන්ගෙ යම් වගකීමක් පැහැර හරින්නට “අයියෝ, ඒක සාපේක්ෂයි,” කියා යොදා ගැනීමය. යමක් සාපේක්ෂ වීමේ දී හරි වැරැද්දක් කියා දෙයක් නැති නිසා තමන් වරදකාරයෙක් නොවේ.

හැමෝම සාපේක්ෂතාවාදීන් නොවෙන බව ඔවුන් පිළිනොගනිති. පරම සත්‍යය නොහොත් වෙනස් නොවන ස්වභාවයන් මිනිසා තුල හා ලෝකය තුල ඇති බව පෙන්වා ඔප්පු කර ඇති බවත්, සාපේක්ෂතාවාදීන් සැලකිල්ලෙන් බැහැර කරති.

සාපේක්ෂතාවාදියා සංකල්පය භාවිතයට ගන්නේ තම වාදය සදාචාර පදනමක පිහිටන්නක් කියාය.

“අපි තමයි සත්ගුණවත්, මේ කාලෙන් කාලෙට වෙනස් වෙන දේවල් වලට සත්‍යය/අසත්‍යය හෝ තහවුරු කරත හැකි නොකරත හැකි කියලා අගැයුම් දෙන්නට යන්න ඕනි නෑ,” කීම සාපේක්ෂතාවාදියා ගේ හැදියාවයි.

එහෙත් සාපේක්ෂතාවාදීන් “සියල්ල සාපේක්ෂයි,” කියද්දී එය සලකන්නේ පරම සත්‍යයක් හැටියට!!!!!!!!!!!!!!

මිනිසා ක්‍රියාකාරකම් (human action) හදාරන අය, මිනිසා ලෝකයේ කොහේ සිටියත් “ක්‍රියාකරන” ආකාරයෙන් එකම සේ සමානකම් දක්වන බව ඔප්පු කර ඇත.

එසේම මිනිස් ක්‍රියාකාරකම් වලට තුඩුදෙන ඵෛතිහාසික හා වර්තමාන පරිස්ථානීය (local) දැනුම ද ඒ ඒ මිනිසාගේ පසුබිම හා ඉගෙනීම අනුව ද සිද්ධ වෙන බව ඔප්පු කර ඇත.

හොලිවුඩ් චිත්‍රපටි අගය කරන්නේ ඇමෙරිකන් සමාජයේ ජීවත් වූ මිනිසුන් පමණක් නොවේ. මේ දවස් වල චීනයේ ඕනෑ එපාකම් අනුව හොලිවුඩ් චිත්‍රපටි නිෂ්පාදනය කරමින්, වෑයම් කරන්නේ වෙනස් නොවන පරම සත්‍යය සංකල්පයන් ඇති එහෙත් ඵෛතිහාසික පසුබිම සහ පරිස්ථානීය දැනුම වෙනස් ලෙසින් හැඩගැසුණු බිලියනක් චීන මිනිස් හදවත් තුලට රිංගා ගන්නට ය.

යුරෝපීයයන් යටත්විජිත කරගත් අප්‍රිකා මහාද්වීපයේ කොල්ලො කුරුට්ටෝ නයිකි ෂර්ට් ඇඳන් යන්නේ හා බේස්බෝල් තෝප්පි දාන්නේ එයට හැඩගැසීමක් ඵෛතිහාසික පසුබිමකින් ලැබුණු නිසා හෝ පරිස්ථානීය දැනුමක් ඇති නිසා නොවේ. ඔවුන් කැමැත්ත දක්වන්නේ යුරෝපීය දේවල් වලට නොව ඇමෙරිකන් විච්චූර්ණ වලට ය.

විචාරයෙන් තොර මිනිසුන් ඉතිහාසය සලකා නොබලති. පරිස්ථානීය දැනුමෙන් ද තොරය. ඔවුන් සියල්ල සාපේක්ෂයි කියන ගුණ්ඩුව ගිල, අනුන් ගේ රූකඩයන් සේ තම වගකීම් පැහැර හරිනු පිණිස, කාලයෙන් කාලයට සොයා දෙන තවත් සමාවට කාරණයක වහාම එල්බ ගනිති.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. anushka fernando said, on අප්‍රේල් 3, 2013 at 12:53 ප.ව.

    godak hoda lipi palavenava..me vage thavath liyanna..mama obe hoda rasikayek..all the best…bs!

    • arunishapiro said, on අප්‍රේල් 3, 2013 at 2:46 ප.ව.

      anushka fernando,

      ස්තූතියි. ආදරයෙන් කියන්නම්, ලෝකයේ වැඩි ජනතාවක් bs =bullshit කියන්නෙ කමකට නැති මුසාවාද දෙසා බානවා කියන්න පාවිච්චි කරන නරක විදියයි. ඔබ අදහස් කරන්නේ බුදු සරණයි යැයි මා සිතනවා, ඒත් මෙසේ ලියැවීම නොමනා මෙහි වැඩි ජනප්‍රිය අර්ථය ලෝක ව්‍යවහාරයේ 1917 තරම් පැරණි ඵෛතිහාසික වූ හැදියාවක් නිසයි.

  2. මයියා said, on අප්‍රේල් 3, 2013 at 8:51 ප.ව.

    අරුණි, සාපේක්ශබ්බාවයෙන් තොර පරම සත්‍යය ඇතැයි කියා ඔබ පවසනවා….එසේ නම ඒ මොනවාද?මම දන්නා විදිහට නම් ආගම් වල ඇරුනම පරම සත්‍යය කියා දෙයක් කොහෙවත් උගන්වන්නේ නෑ….එක ආගම උගන්වන පරම සත්‍යය අනෙක් ආගමේන් වෙනස්.. ඒ හින්දා ඒ පරම සත්‍යත් එවා අදහන්නන්ට සාපේක්ශයි…බුද්ධාගමත් ඇතුලුව…

    ඇපල් ගෙඩිය බිමට වැටීම නිව්ටන් පැහැදිලි කලේ ගුරුත්වාකර්ශන්යේන්…අයින්සට්යින් ඒකම කලා ත්වරනයේන් චලනය වන නිරීක්ශකයේක් නැතිනම් අවකාශ කාලයේ වක්‍රතාවයක් කියලා….එකම සිදුවීමට පැහැදිලි කිරීම දෙකක්…

    සත්‍යය කුමක්දැයි කියා අපට දැන ගත හැක්කේ අප සත්‍යය දන්නේ නම් පමනය…ඔබ දන්නා පරම සත්‍යය යථාර්තය කුමක්ද? ඔබගේ සංකල්ප මගේ සංකල්ප විය යුත්තේ ඇයි?

    • arunishapiro said, on අප්‍රේල් 4, 2013 at 7:31 පෙ.ව.

      මයියා,

      කෙස් පැලෙන තර්ක කියා පෑම වෙන දවසක කරන්නට හැකියි කිව්වට ඒ ටික කියෙව්වෙ නැහැ නේද?

      ඉතින් මටත් අහන්න තියෙන්නෙ මෙච්චරයි: ඔබගේ සංකල්පය = සියල්ල සාපේක්ෂය යන්න, මගේ සංකල්පය විය යුත්තේ ඇයි?!!!!!!!!!!!!!!!!!

      • Mayya said, on අප්‍රේල් 4, 2013 at 10:26 පෙ.ව.

        මං හිතන්නේ නෑ ඔයා මට උත්තරයක් දුන්නා කියලා….ඒත් උත්තර දෙන්න ඔයා බැදිලත් නෑ….මට ප්‍රශ්නය අහන්නේ නැතුවයි ඉන්න තිබ්බේ….

        • arunishapiro said, on අප්‍රේල් 4, 2013 at 10:30 පෙ.ව.

          Mayya,

          මම පැහැදිලිව ම උත්තරයක් දීලා තියෙනවා. ඔයා දැමූ සාපේක්ෂවාදී මතවාදය ප්‍රොටැගරස් ගෙනෙන්නේ පස්වැනි සියවසේ. ඊට මම ලියූ තාර්කික පිළිතුර පිරිනැමුවේ ප්ලේටෝ. වැඩි විස්තර සඳහා ඊ ළඟ සටහන කියවන්න එන්න.

  3. Mayya said, on අප්‍රේල් 4, 2013 at 11:49 ප.ව.

    හේ හේ අරුණි කියනවා අරුණි උත්තරයක් දුන්නලු …මම කියනවා උත්තරයක් දුන්නේ නෑ කියලා…ඒතැනින්ම පේනවා සිදූවීම නිරික්ශකයාට සාපේක්ශයි කියලා….අරුණිගේ ලිපිය නැමැති නාමපද අරුණිගේ කමෙන්ට් නැමැති ක්‍රියාපදයත් එක්ක විසංවාදීයි….තවත් ඉතින් කුමන තර්කද? මං අහලා තියෙන්නේ සරල ප්‍රශ්ණයක්..ඔබ දන්නා නිරපේක්ශ ඇත්ත කුමක්ද කියලා….ඒච්චරයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: