අරුණි ශපීරෝ‍ වෙතින්

අතීත අත්දැකීම් මත පදනම් වෙන අපේ විශ්වාස

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 4, 2013

outlier

කල්පනා ශක්තියක් ඇති ඕනෑම අයෙකුට දේශපාලන මත හා ඵෛතිහාසික සිද්ධි ගැන අදහස් තිබේ. සමහර පිරිසක් ඒවා එළිපිට කතාබහ කරති. සමහරු ඒ ගැන අදහස් නොදක්වා සිටිති. එහෙත් සියල්ලන්ටම කුමන හෝ අදහසක් ඇත.

තියෙන ප්‍රතිපත්ති තව තීව්‍රර කළ යුතුය හෝ වෙනස් ප්‍රතිපත්ති උවමනා යැයි ආශාවක් ගොඩනැඟෙන්නේ අතීත අත්දැකීම් මත පදනම් වෙන අයෙකුගේ විශ්වාස තුලිනි.

මිනිසා අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නැති බව පෙනෙන අවස්ථා වල දී, ඒ ගිය අවසනාවන්ත මාර්ගයේ යළිත් ගමන් කරන බව පෙනෙද්දී සොයා බැලිය යුත්තේ ඇයි එයා පාඩමක් තවමත් ඉගෙන ගෙන නැත්තේ කියාය.

අතීත සිදුවීම් මිනිස් වර්ගයාගේ අත්දැකීම් වල මූලාශ්‍රයයි. එහෙත් ඒ තුලින් මිනිසා ගොඩනඟා ගත් මතවාදය යනු ඒ අතීත සිදුවීම් වල පරිසිද්ධි (facts) දිහා බලා අයෙක් විසින් එළඹෙන ලද්දක් නොවේ. උදාහරණයකින් කිවතොත් පරිසිද්ධි යනු එකතු කර නොමැති ඇට මාලයක තැන තැන විසිර පවතින පබළු ඇට වැනිය. ඒ පබළු ඇට එකතු කර මාලයක් ලෙසින් අමුණා ගැනීම යනු පරිසිද්ධි ආශ්‍රයෙන් මතවාදයක් ගොඩනඟා ගැනීමයි.

තැන තැන විසිර ඇති පරිසිද්ධි වලින් මතවාදයක් ගොඩනඟනා අයෙක් බොහෝ විට ඒ ක්ෂේත්‍රයේ යම් ක්‍රමානුකූල පුහුණුවක් ලැබූ අයෙකි. එය පිටතින් ලබාගන්නා පුහුණුවක් හෝ තම උත්සාහයෙන් කරන ස්වයං පුහුණුවක් විය හැකියි.

බහුතරය අනෙක් අය විසින් ඉදිරිපත් කරන මතවාදයන් ඒ හා පිරිනැමෙන වාර්තා හා අර්ථ කථනයන් අනුව බාරගන්නා හෝ නොගන්නා බැව් තීරණය කරන අයයි.

ඇට මාලය ලස්සනට හදා පිරිනැමූ විට එය කරේ දාගනිති නැතහොත් එය කැතයි කියා ප්‍රතික්ෂේප කරති නැතහොත් තීරණය කිරීම පසුවට කල් දමනවා යැයි කියමින් එය ලාච්චුවකට දමා සම්පූර්ණයෙන් අමතක කර දමති.

ඔවුන් ඒ ඇට මාලය = මතවාදය, වාර්තා සහ අර්ථ කථනයන් හදන පබළු ඇට = පරිසිද්ධි සියල්ල සොයා බලන්නේ නැත. සමහර විට ඒ පරිසිද්ධි විමසන්නට දන්නේ නැතිකම ය. සමහර විට ඒ ගැන කිසිම උවමනාවක් නැතිකම ය.

අතීත සිද්ධීන් ගණනාවක් මතින් ගොඩනැඟී නොමැති දේශපාලන අදහසක් හෝ සංකල්පයක් ලොව නොමැති තරම් ය. ඒත් පුද්ගලයාට මාර්ගෝපදේශයක් දෙන ඵෛතිහාසික සිද්ධීන් වලින් ගොඩනැඟුනු විශ්වාසයන් සහ මතවාදයන් සෑම විටෙකම පරිසිද්ධි වලින් පෙන්නුම් කරන ඒවා නොවෙයි. බොහෝවිට සංකල්පය හැදී ඇත්තේ, දේශපාලන විශ්වාසය හේතුවෙන් ඇති වූ ඵලයක් හැටියට ය.

තවත් විදියකින් කිව්වොත්, මතවාදයක් ගොඩ නඟන්නට ඵෛතිහාසික මිථ්‍යා ප්‍රබන්ධයන් ඵෛතිහාසික පරිසිද්ධීන් හා සමාන ලෙසකින් දායාද වී ඇත.

හොඳම උදාහරණය මාරි ඇන්ටොනෙට් නොකියූ ‘පාන් නැත්නම් බ්‍රියෝෂ් කාපල්ලා’ කතාව මිථ්‍යා ප්‍රබන්ධයක් වුවත් එය ඵෛතිහාසික පරිසිද්ධියක් ලෙසින් සැලකීමට ඇති රැචිය මේ තොරතුරු හුවමාරු යුගයේ වුව ද දකින්නට තිබීමයි. එය ධනවත් අය දුප්පතා ගැන සංවේදී නැතැයි කියන දේශපාලන විශ්වාසය හේතුවෙන් ඇති වූ ඵලයකි. එහෙත් ලෝකයේ පරිසිද්ධි දක්වන්නේ වෙනත් කිසිම යුගයකට වඩා වර්තමානය දුප්පතුන් ධනවතුන් කරන්නට සමත් වී ඇති යුගයක් බවයි.

දුප්පතුන්ට ධනවත් වූවාට පසු තමන් හිටි දුප්පත්කම ගැන සංවේදී බව නැතිව ගිහින් ද?!!!!!

ධනවත් වූ අයත් හැමදාම තමන්ට වඩා ඉහළින් ඉන්නා ධනවතෙක් දැකීම නිසා තමාව දුප්පතෙක් හැටියට සැලකීම ද?!!!

ලොව වැඩියෙන් ඉන්නේ දුප්පතුන් නිසා, ඒ දුප්පතුන් වෙනත් කිසිම යුගයකට වඩා ධනවත් වුවත්, තමා බහුතරයේ සාමාජිකයෙක් යැයි කීමට ඇති කැමැත්ත ද?!!!!

විචාරයක් නොමැති පුද්ගලයා පරිසිද්ධි බැහැර ලා මිථ්‍යා ප්‍රබන්ධයකින් එන දේශපාලන විශ්වාසය තව දුරටත් කරපින්නා ගෙන යයි.

ඵෛතිහාසික පරිසිද්ධි මෙන් ම ඵෛතිහාසික ප්‍රබන්ධයන් ද සමාජ මතයන් හැඩ ගස්වන්නට එක සේ සමාන වී ඇත. ඒ නිසා, අතීත අත්දැකීම් වලින් සුබදායක වූ ප්‍රයෝජනයක් ගන්නට නම් පරිසිද්ධි වලින් එළඹෙන නිගමන සත්‍යය විය යුතුයි.

පරිසිද්ධි සැලකීම බැහැර ලා දේශපාලන විශ්වාසයෙන් ගොඩනඟන ලද ලෝක මතවාදයන් කිහිපයක් ඉදිරි සටහන් වලින් විමසමු.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අප්‍රේල් 4, 2013 at 11:49 පෙ.ව.

    ඉදිරි කතා ටිකනම් අනිවාර්යෙන් කියවනවා.

  2. mppgunasinghe said, on අප්‍රේල් 4, 2013 at 11:37 ප.ව.

    මිනිසුනේ කල්පනාකර බලපල්ලා යන පණිවුඩය දෙන තවත් රසබර ලිපියකි.ස්තුතියි අරුණි සපීරෝ

  3. magenama said, on අප්‍රේල් 5, 2013 at 6:39 පෙ.ව.

    තමන්ගේ තාත්තා බොනවා දැකලා බීපු අය වගේම ඒක දැකලා බීමෙන් වැලකුනු අයත් ඉන්නවා.තමන් පෝසත් වෙලා අනික් අයට පෝසත් වෙන්න උදව් කරන අය වගේම අනුන්ට වල කපන අයත් ඉන්නවා.

    • arunishapiro said, on අප්‍රේල් 5, 2013 at 6:42 පෙ.ව.

      magenama,

      ඔව් දෙගොල්ලන්ම ඉන්නවා, ඒත් සමාජයක් ශිෂ්ඨ වූයේ සහ ආර්ථිකයක් සංවර්ධනය වූයේ වැරදි මොනවා දැයි වටහා ගෙන ඒවා හදාගන්නට ඉදිරිපත් වූ මිනිසුන් වැඩිවුනාම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: