අරුණි ශපීරෝ‍ වෙතින්

මෛත්‍රිය අපෙන් පටන් ගනිමු

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 8, 2013

අතිශයෙන් උතුම් ධර්මයක් යළිත් අපට මතක් කර දෙන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසිනි.

මෙහි අවසානයේ “පවුලක් ඇතුලේ ප්‍රශ්නයක් විසඳා ගන්නෙ නැහැ ආයේ කවදාවත් මුහුණ බලන්න බැරි වෙන විදියට ගහ මරා ගන්න තත්වයෙන්,” යන මේ හිමියන්ගේ වාක්‍යය කොතරම් අසීරු වූ කටයුත්තක් දැයි දන්නා අය පමණක් පවුලක ඉන්නවාට වඩා පිරිසක් එකතු වී හැදෙන සමාජයේ දී එය කොතරම් දුෂ්කර දැයි ද දනිති.

එහෙත් මිනිස් මොළයට එයට අවශ්‍ය ශක්තිය හා දැනුම ඇත.

අසීරු වූ කටයුත්තක් බැවින් එයින් ඈත් වී ප්‍රශ්නය විසඳෙන තෙක් බලා සිටින්නේ නම් ප්‍රශ්නය කවදා වත් විසඳෙන්නේ නැත.

යළි යළිත් ඉතිහාසය එලෙසින් ම නැවත ප්‍රචාරය වන්නට ඉඩ නොදෙන්නට නම් වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන අනාගතයේ ඒ වැරදි නොකර සිටින්නේ කෙසේදැයි පහදා ගත යුතුයි.

Advertisements

24 Responses

Subscribe to comments with RSS.

  1. R.p. Susantha said, on අප්‍රේල් 8, 2013 at 8:02 පෙ.ව.

    පැහැදිලිවම ඔබ කියන්න තරයේ පිළිගනිමි. ඒ අතරම අපේ ස්වාමීන් වහන්සේ ගේ දෙසුම ද මට හොදටම සිතට දැනුණු බව කියමි. ලෝකය රුධිරයෙන් නැහැවී ඇත. අපිට ඒ නවත්වන්න හැකියාවක් නැති ද? මෙය මගේ සිත පෙළන ප්‍රශ්නය යි. ඒඅතරම ඔබට කියමි. කිසි දින කිසිවකු හා උවමනාවෙන් නොගැටෙමි. ගැටීම් තරම් සමාජ ප්‍රගමනයට අහිතකර යමක් මම නම් නොදකිමි. බුදු දහමේ ගැටුම් නිරාකරණය පිළිබඳ ඉදිරියේ දී කියන්නටත් අදහසක් ඇති විය. ඔබට ස්තුතියි අක්කා.

    • arunishapiro said, on අප්‍රේල් 8, 2013 at 8:07 පෙ.ව.

      R.p. Susantha,

      ගැටීම් අවශ්‍යයයි පුද්ගලයන් වෙතින් හැදෙන සමාජයක ප්‍රගමනයට. ඇතුලත ගැටීම් නැතිවෙන්න ගැටුම් ගේන අයව මරා දමන උතුරු කොරියාවක ජීවත්වෙන්න කවුද කැමති?!!!!!!

      ගැටීම් තුලින් තමයි ප්‍රගමනයක් ඇතිවෙන්නෙ; තවත් විදියකින් කිව්වොත් එක මතවාදයට හැමෝම එකඟ නොවී විවිධ මතවාද ගෙනැවිත් ඒවා අතරින් වඩාත්ම හොඳ එක තෝරාගන්නට ලැබෙන්නේ.

      බහුතරයක් දැනට දන්නේ ගැටුම් ගේන අයව මරා දැම්මාම ගැටුම් විසඳෙනවා කියල. ඒත් සාකච්ඡාවෙන් සහ බුද්ධියෙන් ගැටීම් විසඳාගන්න දැන ගැනීම තමයි බුද්ධිමත් මිනිසාගේ කාර්ය භාරය.

      බුද්ධාගමෙන් ගැටුම් නිරාකරණය කරන අදහස් ගැන ලියනවා නම් මල්ලිගේ ඒ සටහන් “හැමදාටම කාලෝචිත” වේවි. 😀

  2. Mandawala hamuduruvo said, on අප්‍රේල් 8, 2013 at 8:44 පෙ.ව.

    This is great! Our compassion should go beyond religious, ethnic and other barriers!
    Mandawala hamuduruvo

    • arunishapiro said, on අප්‍රේල් 8, 2013 at 9:12 පෙ.ව.

      Mandawala hamuduruvo,

      ඒකාන්තයෙන් ම! කරුණාව යනු මිනිසාට පමණක්ම අවබෝධය හැකි වූ මිනිස් ස්වභාවයක්, යම් ආගමකට පමණක් අයිති වූ හෝ සීමා වූවක් නොවේ.

  3. mppgunasinghe said, on අප්‍රේල් 8, 2013 at 9:53 පෙ.ව.

    සුසන්ත වැනි අයගේ සටහන් ලෝකයට ඉතා වැදගත්වේවි.මේ ලිපයෙන් කියන තැනට ලෝකය පැමිණියහොත් එය කෙතරම් සුන්දර තැනක් වේවි ද? ඔබට ගොඩක් පින් අරුණි මෙය ඔබතුළින් ද ලොවට දුන්නාට

  4. nishanthakamaladasa said, on අප්‍රේල් 8, 2013 at 10:45 පෙ.ව.

    මේ හඩ පටියට හැකි තරම් ප්‍රචාරයක් ලබා දිය යුතු යැයි මට හැගේ. පුලුවන් හැම කෙනෙක්ම තමන්ගේ මිතුරන් අතර මෙය ප්‍රචාරය කරන්නේ නම් යහපත් ය.

  5. Chandi said, on අප්‍රේල් 8, 2013 at 11:40 පෙ.ව.

    බොහොම පින් මේ සටහනට. මේක තමයි වෙන්න ඕනෙ. අපේ රට මේ වින්ද කරදර මදැයි. අපේ දරුවන්ට නිදහසේ ඉන්න දෙන්න ඕනෙ නම් මේ දේ කල යුතුමයි. නංගී ස්තූතියි! මෙයට දායක වූ සැමටමත්.

  6. naleendilruksha said, on අප්‍රේල් 8, 2013 at 12:38 ප.ව.

    කලකට පසුව හෝ ලාංකීය සමාජයට ඔබින දෙයක් ලිවිම ගැන හරිම සතුටුයි අරුණි

  7. ineshwickramaraja said, on අප්‍රේල් 9, 2013 at 12:10 පෙ.ව.

    අපේ රටට මිනිස්සුන්ට ,මිනිස්සුන්ගෙ මෝඩකම නිසාම,කන්න, අදින්න ,ඉන්න දැඩි ආයසයක යෙදෙන්න වෙලා,හුගක් මිනිස්සුන්ට පිස්සු හැදිලා වගෙ දගලන්නේ,මුලික අවශයතා වත් නැති මිනිස්සුන්ගෙන් හොද සිතිවිලි බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?…ඔබෙ අවදානය හැකිනම් වැඩි පුරම මෙ රටෙ මිනිස්සුන්ට තමන්ගෙ කන්න අදින ටික හොයගන්න හැටි තෙරුම් කරන්න යොදවන්න කියන ඉල්ලිමයි මගෙ තියෙන්නෙ,බහුතරයකට කන්න අදින්න ජිවත් වෙන්න පරිසරයක් හැදුනම “මෛත්‍රිය අපෙන් පටන් ගනිමු” කියන එක හොදින් බහුතරයකට තෙරේයි.

    • arunishapiro said, on අප්‍රේල් 9, 2013 at 7:41 පෙ.ව.

      ineshwickramaraja,

      //ඔබෙ අවදානය හැකිනම් වැඩි පුරම මෙ රටෙ මිනිස්සුන්ට තමන්ගෙ කන්න අදින ටික හොයගන්න හැටි තෙරුම් කරන්න යොදවන්න කියන ඉල්ලිමයි මගෙ තියෙන්නෙ//

      මට හැකියාව ඇති පමණින් දැන් කාලයක් තිස්සේ මේ සඳහා මම කැපවීමකින් යුතුව කටයුතු කරනවා. දකුණේ “අනිත් පිටු” යටතේ ඇති ගුරුගෙදර සහ රන්දොර අඩවි විශේෂයෙන් ම ක්‍රියාශීලී මනස් වලට අවශ්‍ය කාලීන තොරතුරු ලබාගන්න වැදගත් වේවි.

      //බහුතරයකට කන්න අදින්න ජිවත් වෙන්න පරිසරයක් හැදුනම “මෛත්‍රිය අපෙන් පටන් ගනිමු” කියන එක හොදින් බහුතරයකට තෙරේයි.// සැබැවින්ම. මිනිසුන් දුප්පත් බවින් තබාගෙන පාලන බලය අල්ලා ගෙන සිටින බලතණ්හාධිකයා විසින් තමන්ගේ අවසානය ද එහි අවසන් ඉලක්කය වෙන බව අනේක ඉතිහාසමය උදාහරණ වලින් දැන දැනත් පිවිසෙන විනාශකාරී මාර්ගය අවසන් වෙන්නේ මිනිසුන් දුප්පත් බැවින් මිදුනාම යැයි මගේ ද විශ්වාසයයි.

      • ineshwickramaraja said, on අප්‍රේල් 10, 2013 at 2:23 පෙ.ව.

        ඔබේ කැපවිම ඉතා ඉහලින්ම අගය කරන්නෙමි. ගුරුගෙදර සහ රන්දොර අඩවි අඩවි වල ඔබ යොදගන්නා බස් වහර තව ටිකක් සරල කරන්න හැකිනම් වගෙම පොඩි පොඩි දෙවල් ගැන වැඩිපුර කතා කරන්න පුලුවන්නම් හොදයි යන්න මගෙ හැගීමයි.

  8. නිරෝෂිනී said, on අප්‍රේල් 9, 2013 at 5:06 පෙ.ව.

    වටින ලින්ක් එකක්! ඔයාට ගොඩක් ස්තුතියි!

    මට හිතෙන විදියට අනවශ්‍ය paranoia ඔළුවට දාල ගැටුම් ඇතිකරන්නේ පොඩි පිරිසක්. ඒත් ඒවාට අනිත් බහුතරය විරුද්ධ වෙන්නේ නැහැ. ඔළුවට පටවන එක එහෙම්මම ගන්නවා මිසක් හරි වැරැද්ද ස්වාධීනව හිතන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ ‘අනේ මන්දා/ අපි ඕවට නැහැ’ වගේ මොකක් හරි කියල නිකන් ඉන්න එක. තවත් කොටසක් අර සුළු පිරිසගේ ඉත්තන් වෙනවා 😦

    අනිත් එක ප්‍රශ්න විසඳන්න කවුරුත් සාකච්ඡා කරන්නෙත් නැහැනේ. කෑ කෝ ගහගෙන එකිනෙකාට කරගන්නවා විතරයි! මහ ජාතිය සුළු ජාති ඔක්කොම අනුගමය කරන්නේ ඔය ක්‍රමය නේ.
    හැබැයි ඔය තම තමන්ගේ ආගම් ‘රැකගන්න’, ‘ව්‍යාප්ත කරන්න’ කෑ ගහන එක්කෙනෙක්වත් තමන්ගේ ආගම් හරියට පිළිපදින්නේ නැති එක තමයි ලොකුම විහිළුව!

    • arunishapiro said, on අප්‍රේල් 9, 2013 at 7:44 පෙ.ව.

      නිරෝෂිනී,

      //ගොඩක් අය කරන්නේ ‘අනේ මන්දා/ අපි ඕවට නැහැ’ වගේ මොකක් හරි කියල නිකන් ඉන්න එක.// මෙහෙම කොටසක් හිට්ලර්ගේ ජර්මනියේ සිටියා. අද සිරියාව, උතුරු කොරියාව දිහා බලාගෙන විසාල ලෝක ජනගහණයක් මෙහෙම ඉන්නවා!!!!!!!!!!

      //හැබැයි ඔය තම තමන්ගේ ආගම් ‘රැකගන්න’, ‘ව්‍යාප්ත කරන්න’ කෑ ගහන එක්කෙනෙක්වත් තමන්ගේ ආගම් හරියට පිළිපදින්නේ නැති එක තමයි ලොකුම විහිළුව!// පිළිපදින්න ඒවයේ කියලා තියෙන්නෙ මොනවා ද කියල දැනගෙන ඉන්න එපායෑ!!!! 😀

  9. නිරෝෂිනී said, on අප්‍රේල් 9, 2013 at 5:07 පෙ.ව.

    *කෑ කෝ ගහගෙන එකිනෙකාට accuse කරගන්නවා විතරයි!

  10. Shanthi Chandrasekera said, on අප්‍රේල් 9, 2013 at 11:54 පෙ.ව.

    Kohoma thanks karannada therenne naha Aruni oyata. aththatama kalochithai obe me panividaya. mama muhunu pothe share karanawa hamotama dakinna. ow Buddhu dahama thamai hama gataluwakatama visadum denne. kiya mage hamgeemai.

  11. srilankanatheists said, on අප්‍රේල් 15, 2013 at 4:31 ප.ව.

    සහතික ඇත්ත කතාව

  12. andhabinduwa said, on මැයි 6, 2013 at 12:44 ප.ව.

    මෛත්‍රිය අපෙන් පටන් ගනිමු….. කළ යුතු නිවැරදිම දේ එයයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: