අරුණි ශපීරෝ‍ වෙතින්

නායක භූමිකා වලට වඳින පුදින යුගය ලොව අවසන් වෙමින් යනවා ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 9, 2013

Mask

නැත්නම් එය මිනිස් ස්වභාවයක් නොවූ නිසා එය යම් ඵෛතිහාසික ක්‍රියාවලියකින් පසුව නැවතත් ක්‍රමයෙන් යථා තත්වයට පැමිණෙමින් සිටිනවා ද?!!!!!!

ගෘහ ජීවිතය හැර දා දෙවියන්ගේ සේවයට එකතු වූ සාධූන්, සන්නාසීන් සහ අනාවැකි කියනවුන් පුරාතන ලෝක ඉතිහාසයේ හැම පැත්තකින් ම දකින්නට හැකියි. දෙවියන්ගේ වාක්‍යයන් අර්ථකතනය කරපු අය හා දේවාල සිද්ධස්ථාන බලා කියාගත්තවුන් සිටියා මිසෙක ඔවුන් විද්වතුන් යැයි එවක සමාජය විසින් සලකන ලද්දේ නැත. ඔවුන් අතරින් පිරිසක් ජනතාවට දෙවියන් වෙතින් ආරක්ෂාව හා තෑගි ලබාගත හැකි මැදිහත්කරුවන් වූහ. තව සමහරු වනගත වී තම මෝක්ෂය සෙවූහ. ඔවුන් කියන්න සැලකිල්ලට නොගෙන තම සුබසිද්ධිය සලසා ගත් බහුතරයක් එකල සමාජයේ විසූහ.

හමුරාබි නීති සංග්‍රහයේ වරදකරුවා යැයි ඔප්පු කරන තෙක් නිර්දෝෂී යැයි ද, ඇසට ඇසක් වැනි දඬුවම් ද සමන්විත ලොව මුල් ම නීති සම්ප්‍රදාය බිහිවෙන්නේ ක්‍රි. පූ. 1772 දී. ඒ දෙවියන්ගේ ආශීර්වාදයෙන් රටේ පාලකයා වූවා යැයි කියන රජතුමාගේ අදහස් අනුව ය.

ඊ ළඟට අපිට දකින්නට ලැබෙන්නේ දේව විශ්වාසයෙන් ගොඩනැඟි සත්ව බිලිපූජා වැනි පිළිවෙත් අනුගමනය නොකළ විද්වත් පිරිසක් ලොව බිහි වූ බවයි. බ්‍රහ්ම නමින් ලෝකය මැවූ දෙවියන් අදහන හින්දු ආගමට බැහැරව යමින් ආලාර කාලාම, උද්‍රක රාමපුත්ත, නිගන්ඨ නාථ පුත්ත, අජිත කේස කම්බල, පකුධ කච්චායනය, සංජය බෙල්ලට්ඨි පුත්ත යනාදීන් තමන් විසින් නිර්මාණය කරගත් සාම්ප්‍රදායික හින්දු නොවන විධි ක්‍රම වලින් සත්‍යය ගවේෂණයේ යෙදුනහ. ගෞතම බුදුන් ද ලෝකය මැවූ දෙවියෙක් ඇතැයි යන සංකල්පයෙන් බැහැරක වූ සත්‍යය සොයා ගිය ගවේෂකයෙකි. දඹදිව රජදරුවන්ට ධර්මය කියා දුන්නෙකි. දෙවියන් එපා කියූ නිසා නොව (ධම්මපදයේ දණ්ඩ වර්ගයේ) “තමන්ව උපමාවට ගෙන අනුන්ට වදහිංසා නොකරන්න” යැයි දැක්මක් කියා දුන්නේ ය.

චීනයේ බිහි වූ කොන්ෆියුසියස් ගුරුවරයෙකි, දාර්ශනිකයෙකි, දේශපාලනඥයෙකි. කොන්ෆියුසියස් ද “තමන්ට සිද්ධ වෙනවාට අකමැති වූව අනුන්ට නොකරන්න,” යැයි කියා දුන් අයෙකි.

බටහිර ලෝකයෙන් ඇරිස්ටෝටල් මහා ඇලෙක්සැන්ඩර්ට පාලන තන්ත්‍රය කියා දෙන්නට ගියා සේ, ඉන්දියාවේ කෞටිල්‍ය වැනි රජවරුන්ට පාලනය ගැන සහ ආර්ථිකය ගැන උපදෙස් දුන් විද්වත් යැයි සැලකෙන පඬිවරුන් ගැන ඊ ළඟට අහන්නට ලැබෙයි.

විද්වතුන් ගේ සංඛ්‍යාව ලොව වර්ධනය වෙන්නේ දීර්ඝ කාලයක් පුරා ය. කාලයා ගේ ඇවෑමෙන් ඔවුන් ඇරිස්ටෝටල් හා කෞටිල්‍ය වැනි රජවරුන්ට උපදෙස් දෙන හා කුලීනයන්ට දැනුම සපයන කාර්ය භාරයෙන් වෙනස් වී, සම්පූර්ණ සමාජයටම දැනුම බෙදන විද්වතුන්, ගුරුවරුන් සහ විශේෂඥයන් බවට පත්වූහ.

මේ නිසා කාර්මික විප්ලවයක් හටගෙන ඇති බව ලෝකවාසීන් හඳුනාගන්නා කාලය පැමිණෙද්දී මුද්‍රණය පැතිර යාමත් සමඟ මහජනතාවට දැනුම බෙදන ලෙසින් මහත් පිරිසක්, සමහරු උගත් ලේඛකයන් ලෙසින් ද, අනතුරුව රේඩියෝ පඬිවරුන්, ඊ ළඟට රූපවාහිනියේ පෙනී සිටින විශේෂඥයන් යනාදී අනේක විධි ජනකායක් විද්වත් යැයි හැඳින්වෙන ගොඩට එකතු වී සිටියහ.

එහෙත් තවමත් බහුතරය නූගත් සමාජය යැයි ද යමක් කමක් දන්නා සුලුතරය විද්වතුන් යැයි ද සලකන හුරුවක් ඇත.

එහෙත් තවමත් දෙවියන් වෙතින් ලැබුනු විශේෂ වරප්‍රසාදය නිසා එක මිනිහෙක් අනෙක් මිනිහාට වඩා බුද්ධියෙන් උසස් යැයි සිතන හුරුවක් ඇත.

දෙවියන්ගෙන් පැවත එන රජවරුන් සේ වෙස්වළා ගත් බලතණ්හාධික පීඩකයන් ගෙන් ලෝකය ගැලවුනේ 17-18 වැනි සියවස් පුරා තුල දී සිද්ධ වූ මොළයේ බුද්ධි පරිනාමයෙනි. ඉතින්, අනුන්ට වඩා යම් බුද්ධියක් ඇති නිසා අනුනගේ ජීවිත හසුරුවන්න හැකියාව ඇති අය ලෙසින් තවමත් එන වෙස්වළා ගෙන එන විද්වතුන් ගෙන් මිදෙන්නේ ද දැනුම තුලින් සිද්ධ වෙන මොළයේ බුද්ධි පරිනාමයකිනි.

විමසිය යුත්තේ ඔබේ යහපත ඉටු කරන්නට ඔබට වඩා දන්නා කෙනෙක් ලොව සිටිනවා ද?!!!!!!!!!!!!

පුරාතනයේ සන්නාසීන් හා යතිඳුන් තම මෝක්ෂය සොයා ගිය හෝ දුප්පතුන්ට ආවතේව කිරීම තුලින් මෝක්ෂය සෙවූ අයයි. ජනතාවගේ කැමැත්ත අනුව ඔවුනට දානමානාදිය සැපයූහ. අනතුරුව පල්ලි පංසල් සම්ප්‍රදායක් සැලසුම් කරන ලද රජවරු පල්ලි පංසල් සංස්ථාව රකින්නට ජනතාව වෙතින් අය කරගන්නා බද්දෙන්, යතිඳුන් ලවාම ඒ සේවය සපයන්නට සමත් වූහ!!!!!

ඉතින් එසේ සමාජ සුබසාධනය සැලසුම් වූ පසු පල්ලි පංසල් සංස්ථාවේ පැවැත්ම රඳන්නේ දුප්පතුන්ගේ පැවැත්ම මත පමණි. දුප්පතුන් නැත්නම් සුබසාධන සේවා මෙහෙයවන පල්ලි පංසල් සංස්ථාවට ජනතාව වෙතින්ම අය කරගන්නා බදු ලැබෙන්නේ ද නැත.

මේ ඵෛතිහාසක යුගයේ දී ධනවතුන්ට නිතර අහන්න ලැබෙන්නේ දානය මනා කියා පමණක් නොව ධනවස්තු එක්කාසු කිරීම නොමනා කියාය. ක්‍රිස්තුස් වහන්සේ අනුකරණයට පිවිසෙන්න, එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් පමණක් ලබා ගන්න. ඊට එහා ධන වස්තු සොයා යෑම නරකයි යන්න බටහිර සමාජය වෙත පිරිනැමුනකි.

අපි ලෝකයට කිසිවක් ගෙනාවේ නැහැ, ඒ නිසා අපි කිසිවක් අරගෙන යන්නේ ද නැහැ, ආහාර සහ වස්ත්‍ර ප්‍රමාණවත් අපිට සතුටු වෙන්නට, ධනවස්තු සොයා යන අය පරිහානියට යති, මුදල් වලට ඇති ආදරය තමයි සියළු දුෂ්ටත්වයේ ප්‍රභවය -යනාදිය පෙර අපර දෙදිගින් ම දකින්නට හැකිවේ.

වාචික සම්ප්‍රදායෙන් පූජකවරු අතර පමණක් හුවමාරු වෙමින් පැවති ක්‍රිස්තියානි ධර්මය, සාමාන්‍ය ජනතාවට කියවිය හැකි බයිබලය වර්තමානයේ පිළිගැනෙන පරිදි සකස් වීම සමාප්ත වෙන්නේ 1611 දී ඉංග්‍රීසි බසෙනි.

පසුකාලයේ දී සිංහලෙන් කියවන්නට හැකියාව ලැබෙන සේ මුල් පාලි ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ එය අධ්‍යයනය සඳහා පාලි පාඨ සංගමයක් 1881 එංගලන්තයේ දී පිහිටුවා ගත් පසු පමණි.

ඉතිහාසය දිග හැරෙන ලෙසින් ධර්මය ලියැ වී ඇත් ද?

තමන් අකමැති වූව අනුන්ට නොකරන්න කියන තැනින් පටන් ගත් විද්වත් දැක්ම, දුප්පතුන් අගය කරන්න ධනවතුන් ප්‍රතික්ෂේප කරන්න යැයි වෙනස් වූවා ද?

ධර්මය වදාරන පඬිවරුන්ට පමණක් සීමා නොවී සාමාන්‍ය ජනතාවට තමන් පාවිච්චි කරන භාෂාවෙන් එය ප්‍රදානය වෙද්දී ඇත්ත මොනවා ද, බොරු මොනවා ද කියා තෝරා බේරාගෙන පීඩකයන් වෙතින් ගැල වී විද්වතුන් වන්නට හැමෝටම හැකිවේවි ද?!!!!!!!!!

ඉතිහාසය එපා යැයි ඵෛතිහාසික වාර්තා පුච්චා ඉතිහාසය මකා දැමීම නොව පැරණි සම්ප්‍රදායන් ඇති වූයේ මන්ද ඒවා තුලින් ඉගෙන ගත හැකියාව ඇත්තේ මොනවා ද, පවත්වා ගෙන ආරක්ෂා කරගත යුතුවන්නේ මොනවා ද, අත්හල යුත්තේ මොනවා ද යන්න ගැන විමර්ශනය කරන යුගයක් බිහිවේවි ද?!!!!!!!!!!

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අප්‍රේල් 9, 2013 at 9:03 පෙ.ව.

    මාතෘකාවේ හැටියට වෙනවනම් මම කැමතියි.

  2. Gayan Madhawa said, on අප්‍රේල් 9, 2013 at 9:03 පෙ.ව.

    “ඉතිහාසය එපා යැයි ඵෛතිහාසික වාර්තා පුච්චා ඉතිහාසය මකා දැමීම නොව පැරණි සම්ප්‍රදායන් ඇති වූයේ මන්ද ඒවා තුලින් ඉගෙන ගත හැකියාව ඇත්තේ මොනවා ද, පවත්වා ගෙන ආරක්ෂා කරගත යුතුවන්නේ මොනවා ද, අත්හල යුත්තේ මොනවා ද යන්න ගැන විමර්ශනය කරන යුගයක් බිහිවේවි ද?!!!!!!!!!!”
    දැන් තියෙන්නේ එහෙම යුගයක් තමයි හැබැයි වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා.

  3. Maathalan said, on අප්‍රේල් 9, 2013 at 11:38 පෙ.ව.

    ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවයි කිව්වට, ළොව කිසිම තැනක එහෙම ඉගෙන ගත්ත පාටක් නම් පේන්නේ නෑ. එය ගෝත්‍රික සමාජයක් වන ලංකාවටත් පොදුයි, දියුණුයැයි කියනා ඇමරිකාවටත් පොදුයි. අද වීරයෝ වැඩියි. ඒ නිසා වීරත්වර රඳා පවතින්නේ සුළු කාළයයි.

    • arunishapiro said, on අප්‍රේල් 9, 2013 at 6:16 ප.ව.

      Maathalan,

      දිනාගත්තු දෙයක් තියාගන්නත් මහන්සි නොවී බැහැ.

      අනිත් රටවල් වල ඉතිහාසය දිහා බලල පාඩමක් ඉගෙන ගෙන ඇමෙරිකාව 1776 දී වැරදි නිවැරදි කරපු ආණ්ඩුවක් හදා ගත්ත. ඒක අවුරුදු සීයයකට වඩා කාලයක් පැවතිලා ලෝකයේ තවමත් ආර්ථික හා සමාජීය යහපත එහි වැසියනට සලසා දී තියෙනවා. පහුගිය වසර 100 තුල කෙමෙන් කෙමෙන් කප්පාදු වෙලා ගියේ රටේ මිනිස්සුන්ට පාඩම් අමතක වෙලා ගිය නිසයි. හැබැයි ඇමෙරිකන් අපි නම් නොදන්න අයට පාඩම් මතක් කරලා දෙන්න සෑහෙන්න කැපවෙලා වැඩ කරනවා.

      ඔයාලා ඉතින් හැමදාම කියන්නෙ බැරි බණ ම තමයි!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: