අරුණි ශපීරෝ‍ වෙතින්

සරල ජීවිත ගෙවන වාසනාවන්ත මිනිස්සු

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 10, 2013

IMG_5164

කාර්මික විප්ලවය ඇරඹෙන්නට පෙර ලෝකයේ පැවතියේ ඉතා රමණීය වූ ග්‍රාම්‍ය ජීවිත ගෙවා දැමූ සුන්දර කාලයක් බව ලොව බහුතර අධ්‍යාපන කෘති වලින් සහ ඉතිහාසය ගැන සටහන් තැබූ ජනප්‍රිය රචකයන් වෙතින් ලැබෙන දැක්මයි.

“ගැමි ජීවිතය කොතරම් සුන්දර ද?” යැයි ලියන කියන අය අදත් එමට වෙති. ගැමි ජීවිත ගෙවන අය ගැන කියද්දී ඒ අය “සරල ජීවිත ගෙවන හරි වාසනාවන්ත මිනිස්සු” හෝ “අහිංසක මිනිස්සු” යනාදී වශයෙන් සාකච්ඡාවට පාත්‍ර වෙති.

ලෝකයේ කැමති තැනක වාසයට හැකි ඕනෑම රටක, ගැමි ජීවිත ගෙවනා අය නගරයේ වාසය කරන අයට වඩා අඩුයි.

එහෙත් ලෝකයේ ගැමි ජීවිතයේ ගුණ වර්ණනා කරන අය නගරයේ ගුණ වර්ණනා කරන අයට වඩා වැඩියි.

වැඩියෙන් ගුණ වර්ණනා කරන අය ඉන්නා ලෝකයක අඩු පිරිසක් ග්‍රාම්‍ය ලෙසින් ජීවත්වෙන්නේ නම්, ඒ ඇයි?!!!!!!!!

මා මීට කළින් ද එකතු කර ඇති මහාචාර්ය අනුර මනතුංග නිර්මාණයක් වෙන “කුවේණිට ලියූ කවි” පොතේ “බොරුව” නම් කවිය මෙසේය:

“සුන්දරයි ගම
වෙල් ඉපනැල්ල
කාස්ටකයි කොළඹ
ගෙන්දගම් පොළව”

කිව්වට ඔහෙ
කියන පළියට
ගමට නම්
ගිය කලක් මතක නැත

සනුහරෙත් එක්ක දැන්
අපි ඉතිං කොළඹ ම ය
සුන්දර ගම නම්
කවිවල විතර ම ය.”

තව කොච්චර කාලයක් යනකම් අපි අපිට බොරු කියා ගනිමු ද?!!!!!!!!!!!!

ඇමෙරිකාවේ හද්ද පිටිසර ගමක පදිංචි මම වොෂිංටන් ඩී.සී. දිස්ත්‍රික්කයේ සිට නිව් යෝර්ක් නගරය බලා යන සීඝ්‍රගාමී කෝච්චියක පැද්දි පැද්දී යමින් මේ සටහන එකතු කරමි.

Advertisements

30 Responses

Subscribe to comments with RSS.

  1. Dishan Savithra Rajapaksha said, on අප්‍රේල් 10, 2013 at 8:11 පෙ.ව.

    පිටිසර ගම්නම් ඕනෙතරම් ඇති, ඇති ඒ මිනිස්සුන්ගේ ජිවිත කවිවල තියන තරම් සුන්දර නැහැ

  2. chandi said, on අප්‍රේල් 10, 2013 at 9:14 පෙ.ව.

    අපිත් ගමේ යන්නෙ අවුරුද්දට එක පාරයි. හම්බන්තොට අවුරුද්දෙ නුවාඩුවට යනකොට ගම හරහා යන නිසා. දැන් ඒකත් යැවෙන්නෙ නෑ. දැන් යන්නෙ අධිවේගියේ නෙ.D; ස්තූතියි, පැද්දි පැද්දි ලියාපු සටහනට.

  3. buwa said, on අප්‍රේල් 10, 2013 at 10:01 පෙ.ව.

    ගම ගැන , අතීතයේ සුන්දර ජීවිතය ගැන පොර ටෝක් දෙන අයට මම නම් කියන්නේ – “කියව කියව ඉන්නේ නැතුව ගමට ගිහින් හේනක් කුඹුරක් කොටාගෙන ජීවත් වෙයන්” ය කියලා .

  4. Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 10, 2013 at 10:01 පෙ.ව.

    Welcome…to the real world

  5. Maathalan said, on අප්‍රේල් 10, 2013 at 10:13 පෙ.ව.

    ගමේ සුන්දරත්වය ගැන කතා කරන්නේ, ගමෙන් නඟරෙට ආපු අය විතරනේ. නඟරේ අයට නඟරය තරම් සුන්දර තැනක් තවත් නෑ. ගම ගැන බයිලා ගැහීම බොරුව හැර වෙන කුමක්ද?

  6. wicharaka විචාරක said, on අප්‍රේල් 10, 2013 at 11:45 පෙ.ව.

    ඒ හද්දා පිටිසර ඇමරිකානු ගම්මානයේ පින්තූර ටිකක් බලන්න ආසයි.

  7. mppgunasinghe said, on අප්‍රේල් 10, 2013 at 12:32 ප.ව.

    අරුණි සපිරෝ ඇමරිකාවේ හද්දා පිටිසරක සිටියදී ලංකාවේ හද්දා පිටිසර ගමක දිවි ගෙවමින් සාම්ප්‍රදායික මිනිසුන් අතර සිට ඒ අයගේ ගුණ සුවඳ ආශ්වාදය විඳින්නෙමි. මහාචාර්ය මනතුංගයන් සිය නිර්මාණය තුළින් පවසන වර්ගයේ අය ද බෙහෙවින් දැක ඇත්තෙමි.ගම වර්ණනා කරමින් නගරයේ සිතින් හෝ දිවි ගෙවන්නෝ ගමේම ද බොහෝ වෙති.ඔබේ මේ ලිපියද බෙහෙවින් සිත්ගන්නා එකකි.

  8. Shanthi Chandrasekera said, on අප්‍රේල් 10, 2013 at 5:39 ප.ව.

    Mada gamen nagarayata awa kenek lesa game athi sundarathwaya, ewagema nagre athi wenath pahasukam ganada athdakeem aththeki. adatath mage nangi samnga kathakaranne api denna podi kale jeewath unu e gama ganai. ma danata jeewath wena rate nagera gewalwalata wada milen wadi gammaneka geyak. adu pahasukam thibunada eyala kamathi.. mata hithenne gamen labena manasika suwaya nagare nathi nisa wenna athi. kaviya kiyanne aththa kiya matada hithe. Arunida asa karanne game jeevitheta wenna athi. ekai oya kaviya hoyala apita beduwe.. awrudu nisa kawum suwanda danennath athi. . lassana lipiya aththatama sundarai hariyata photo ekath wawa wage nisa.

    • arunishapiro said, on අප්‍රේල් 11, 2013 at 8:45 පෙ.ව.

      Shanthi Chandrasekera,

      මම නම් ශාන්ති නගරයෙන් ගමට ආපු කෙනෙක්. ලංකාවේ කොළඹ නගරයෙන් ඇමෙරිකාවේ ගම්මාන වලට!!!

      ඇමෙරිකාවේ නම් තවමත් ගම්මාන වල ගෙවල් සෑහෙන වෙනසක් දක්වන විදියට මිලෙන් අඩුයි. හැබැයි වතුර ආශ්‍රිත (වැව්, පොකුණු, මුහුද) ඒවා ගණන් වැඩියි.

      මානසික සුවය තමන්ට හුරු/කැමති තැනෙන් තමයි වැඩියෙන් ලැබෙන්නෙ. සමහර අයට ගමට ගියාම නින්ද යන්නෙත් නෑ වාහන යන එන සද්ද බද්ද නැහැයි කියල!!! සමහර අයට ගමට ගියාම නිශාචර සත්තු රූ තිස්සේ කාලගෝට්ටියක් කළා කියලත් නින්ද යන්නෙ නෑ!!!!

  9. තරූ said, on අප්‍රේල් 10, 2013 at 11:55 ප.ව.

    ඇත්තටම… මමත් ඉන්නෙ කොළඹ තමයි… ඒ රස්සාව නිසා.. ගමේ ගියාම දැනෙන සතුට, නිදහස වෙනස්.. නගරයෙන් ගමට ආව අය අර විදියට කවි ලියන්නෙ ඒ මානසික පීඩනය නිදහස් කර ගන්න වෙන්න ඕන… මට නං නගරයත් නරක තැනක් නෙවි… ගම වඩා සුවදායක වෙන්නෙ මට ගොඩක්ම ආදරය කරන පවුලෙ අය ඉන්නෙ ගමේ නිසා…

    ඇත්තටම ආසයි අරුණි අක්කගෙ ඇමරිකන් ගමේ පින්තූර ටිකක් බලන්න…

    • arunishapiro said, on අප්‍රේල් 11, 2013 at 8:47 පෙ.ව.

      තරූ,

      //මට ගොඩක්ම ආදරය කරන පවුලෙ අය ඉන්නෙ ගමේ නිසා…// මෙය තමයි වඩා වැදගත්. අපි ප්‍රිය කරන අය ඉන්නේ කොතැන ද එය ප්‍රිය වූ තැනකි!!!!

      මගේ ගමේ පින්තුර දාන්නම් ඉක්මණින් … ඉල්ලුමක් ඇතිවෙලා වගෙයි!!!!

  10. Aruna Devendra said, on අප්‍රේල් 11, 2013 at 12:28 පෙ.ව.

    ගමේ සහ නගරයේ යන දෙකෙහිම සුන්දර හා අසුන්දර ලක්ෂණ බොහොමයක් ඇති අතර කවීන් වැඩියෙන් වර්ණනා කර ඇත්තේ ගමේ සුන්දරත්වයයි. උපන්දා සිට රජරට හද්දා පිටිසර ජීවත්වන මම නම් නගරයක ජීවත්වීමේ නොනිත් ආශාවෙන් පෙලෙමි.
    එයට හේතු ආර්ථිකමය හා සමාජයීය වශයෙන් ප්‍රභේද කර දැක්විය හැකිවේ. එම ආර්ථික හා සමාජයීය කරුණු කාරණා මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහලට පැමිණි කළ නැවතත් ගමට පැමිණීමට අපේක්ෂා කරමි. මෙහිදී සමාජයේ වැඩිපිරිසක් ගම වර්ණනා කරමින් නගරයේම වාසය කරන්නේ මා පෙර සදහන් කල නගරයට පැමිණ ගොඩනගාගත් ආර්ථික හා සමාජයීය කරුණු කාරණා අභිබවා සංස්කෘතික හා ආධ්‍යාත්මික අවශ්‍යතාවයන් මතුවුවද එම යථාර්තය එසේම පිලිගැනීමට මැලිවීමත් එය හුදෙක් සංකල්පනාත්මකව ප්‍රකාශ කිරීමෙන් යම් මානසික සුවයක් ලබන නිසාත් විය හැකි බව මම සිතමි.

    • arunishapiro said, on අප්‍රේල් 11, 2013 at 8:55 පෙ.ව.

      Aruna Devendra,

      මෙහෙ නම් සංස්කෘතිය වැඩියෙන් ලැබෙන්නෙ නගරයේ දී කියලා තමයි සැලකෙන්නෙ.

      //යථාර්තය එසේම පිලිගැනීමට මැලිවීමත් එය හුදෙක් සංකල්පනාත්මකව ප්‍රකාශ කිරීමෙන් යම් මානසික සුවයක් ලබන නිසාත් විය හැකි බව මම සිතමි.// සමහර වෙලාවකට සංකල්පනාත්මක මතය සොයා නොබලා, එය තමන්ගේ ද මතය දැයි නොදැන අනුන් කියන පළියට කියන අයත් ඉන්නවා යැයි මට හිතේ.

  11. රාජ් said, on අප්‍රේල් 11, 2013 at 1:49 පෙ.ව.

    //වැඩියෙන් ගුණ වර්ණනා කරන අය ඉන්නා ලෝකයක අඩු පිරිසක් ග්‍රාම්‍ය ලෙසින් ජීවත්වෙන්නේ නම්, ඒ ඇයි?//
    මිනිහා සතුව තියනවනෙ නොනිම් ආශාවක්. එයාට ඕනකරනව හැම දෙයක්ම. නගරයේ ඇති පහසුකම් නවීන තාක්ෂණය වගේම ගමේ තියන සුන්දරත්වය, පිරිසිදු වාතය, නිසිකලංක බව……. වැඩේ තියෙන්නෙ මේ ඔක්කොම එකවර අල්ලාගන්න පුළුවන් දේවල් නෙවේ. එකක් අල්ල ගන්නකොට තවත් එකක් අත්හැරෙනව. අත්හැරෙන දෙය නිසා ඇතිවන හිඩැස වසාගන්න කවි ලියල හිත රවට්ටගන්නව.
    ඔය සිද්ධියෙ අනිත් පැත්තටත් සිදුවෙනව.

  12. තිසර said, on අප්‍රේල් 11, 2013 at 2:24 පෙ.ව.

    පිට රටවලට පදිංචියට ගොස් ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි’ කියන්නෝද එමටය.

    “ග්‍රාම්‍ය” යන වචනයෙන් ග්‍රාමීය යන අර්ථය නොලැබෙන බවයි මම හිතාගෙන හිටියෙ.

    • arunishapiro said, on අප්‍රේල් 11, 2013 at 8:58 පෙ.ව.

      තිසර,

      //පිට රටවලට පදිංචියට ගොස් ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි’ කියන්නෝද එමටය.// හරියටම හරි තිසර, මේකත් ඒ වගේ කතාවක් තමයි!!!

      මම සටහන දාන්න කළින් සොයා බැලුවා; මේකත් එක අර්ථයක්.

  13. magenama said, on අප්‍රේල් 11, 2013 at 5:53 පෙ.ව.

    ඔතන අක්කේ වෙන්නෙ මිනිස්සු හැම තිස්සේම තමන්ට නොලැබුනු දේවල් ගැන තැවෙන්න ගන්න එක.පස්සේ පස්සේ ඒ නොලැබුනු දේවල් කොහේ හෝ තිබුනා කියලා මවා ගන්නවා.නිකං මනෝරාජික ගම්මානයක් වගේ.ඊට පස්සේ ඉතින් කියනවා ගම මෙහෙමයි අරක මේක කියලා.ඒත් ඉන්නෙ නගරේ.
    අක්කා ඇතුලු පවුලේ සියලුම අයට සුභම සුභ සිංහල හින්දු අවුරුද්දක් වේවා!!!!!!

    • arunishapiro said, on අප්‍රේල් 11, 2013 at 9:01 පෙ.ව.

      magenama,

      හරියටම හරි මල්ලි .. මේක කාර්මික විප්ලවය නිසා තිබිච්ච සුන්දර ස්වයංපෝෂිත ජීවන රටාව නැති වූවා කියල ගෙනාපු මවාගත්තු සංකල්පය හා සමානයි.

      මල්ලි ඇතුලු පවුලේ සියලුම අයටත් සුබම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා!!!!

  14. Ravi said, on අප්‍රේල් 11, 2013 at 1:15 ප.ව.

    ” වසන්ත මහත්තයෝ අපේ පුරාණ සිංහල ගම කියන්නෙ දිවිය ලෝකයක්…අපෙ මුතුන් මිත්තො උදේ කෑම වේල කෑවෙ නෑ ගම පුරාම ගිහිල්ල අනික් හැමෝම උදේට කාලදැයි බලල සොයල ඉස්තිර කර ගන්නකල්…අන්න එහෙමයි ඒ කාලෙ….පුදූම සහජීවනයක් තිබ්බෙ අපි අතරෙ..ඒ වගේම තමයි සොබාව සෞන්දර්යය. ගෙදරිං එලියට බැස්සම මඳ සුළඟෙ හමාගෙන එන්නෙ …මානෙල් මල් සුවඳ….සේපාලිකා මල් සුවඳ….ගමේ පාරවල් දිගේ පාවාඩ වගෙ වැටිල තිබ්බෙ මොනවද?…මහත්තයෝ…දැසමන් මල්…දැසමන් මල්….අද උනත් එහෙම ගම් තියනව..පොඩ්ඩක් මේ ගිනිගෙන දැවෙන නගරෙං පිටමං වෙල බලන්න ගිහිල්ල ගමකට…ඒක තමයි ආස්චර්ය වසන්ත මහත්තයෝ ආස්චර්යය…”

    – රූපවාහිනියේ දැන් දශක කිහිපයක සිට අප්‍රේල් 14 වනදා පැවැත්වෙන, රතු පාටින් රැස් විහිදෙන හිරුගේ රූපයක් බතික් කල නැෂනල් කිට මරාගත් විද්වතුන්ගේ සාකච්චා සබාවල ad nauseam ඇසෙන සම්ප්‍රප්ප්‍රලාපයකි.

  15. Rumesh Munasinghe said, on අප්‍රේල් 17, 2013 at 2:51 පෙ.ව.

    සත්‍යය එඩිතරව පවසනවාට, ස්තූතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: