අරුණි ශපීරෝ‍ වෙතින්

අනෙකා යටපත් කර ගැනීමට ඇති උනන්දුව දුෂ්ටත්වයේ ප්‍රභවයයි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 13, 2013

3565_10151547947416489_710946516_n

“අන්තර්ජාතික නීතියේ රීති වලින් ගොඩනැඟුන සීමිත යුද වැදීමේ යුගයෙන් අද අපි කොතරම් ඈතක ද? නූතන යුද්ධ අනුකම්පා විරහිත ය. එහි දී ගැබ්බර කාන්තාවන් හෝ අතදරුවන් හිංසාවෙන් ගැලවෙන්නේ නැත. එහි දී කිසිත් තේරිල්ලක් බේරිල්ලක් නැතිව දේපල විනාශ කරමින් මිනිසුන් මරා දැමෙයි. එහි දී පැත්තක් නොගත් අයවළුන් ගේ අයිතීන් වලට ගරු කිරීමක් නොලැබේ. මිලියන ගණනින් මරණ ද, වහල් බව ද, හෝ සියවස් ගණනාවක් ජීවත් වූ පරම්පරාගත වාසස්ථාන වලින් පිටමං වෙන්නට සිද්ධ වීමත් දකින්නට ලැබෙයි. මේ නොනැවතී කෙරෙන ගැටුමේ ඊ ළඟ පරිච්ඡේදය කුමක් වේ දැයි කියා කිසිවෙකුටත් කිව නොහැකියි.

මෙය පරමාණු බෝම්බය ගැන එතරම් වැදගත්කමකින් යුතු වූවක් නොවේ. මෙම දුෂ්ටත්වයේ ප්‍රභවය නව, වැඩියෙන් භයානක අවි ආයුධ නිපැදවීම නොවේ. දුෂ්ටත්වයේ ප්‍රභවය නම් යටපත් කර ගැනීමට ඇති උනන්දුවයි. පරමාණු බෝම්බයෙන් ආරක්ෂා වෙන ක්‍රමයක් විද්‍යාඥයන් සොයා ගන්නට ද ඉඩ ඇත. එහෙත් එය වෙනසක් ඇති නොකරයි. එයින් සිද්ධ වන්නේ ශිෂ්ඨාචාරයේ විනාශය කරා යන ගමන පොඩ්ඩක් ප්‍රමාද කිරීම පමණයි.

වර්තමාන ශිෂ්ඨාචාරය යනු “පාඩුවේ ඉන්න දෙන්න” (laissez faire) යන දර්ශනයේ නිෂ්පාදනයකි. සර්වබලධාරී ආණ්ඩුවක් පිළිබඳ වූ අයිඩියලොජියක් යටතේ එය පවත්වා ගත නොහැකියි. ආණ්ඩුවට වඳින පුදින ස්වභාවය පැතිර යාමට හේගල් ගේ ධර්මය බෙහෙවින් හේතු විය. කෙසේ වුවත් අයෙක් හේගල් විසින් කරන ලද සමාව දිය නොහැකි වැරදි බොහොමයක් අතරින් ඔහු නිර්මාණය කළ “ජයග්‍රහණයේ නිශ්ඵලභාවය” යන වදන ගැනත් සැලකිය යුතුයි. පීඩකයන් පරාජය පමණින් සාමය දීර්ඝ කාලීන වූවක් කළ නොහැකියි. මූලික වශයෙන් කළ යුත්තේ යුද්ධ ඇති කරන අයිඩියලොජිය බැහැර ලීමයි.”

-ලුඩ්විග් වොන් මීසස්, මිනිස් ක්‍රියාකාරකම්: ආර්ථිකය ගැන නිබන්ධනයක් (1949), 1998 මුද්‍රණයේ 828 පිටුව

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Naleen Dilruksha said, on අප්‍රේල් 13, 2013 at 6:12 පෙ.ව.

    “ජයග්‍රහණයේ නිශ්ඵලභාවය” අගේ ඇති සංකල්පයක් ස්තුතියි ඔබට.
    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා…..
    මම සමකය වටේ ලියන නලින්

  2. Kenji @ Japan said, on අප්‍රේල් 13, 2013 at 7:19 පෙ.ව.

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 13, 2013 at 7:49 පෙ.ව.

    මේ පොස්ට් එක පොඩි උනාට අපේ කාලේ භාෂාවෙන් කියනවනම් නියමයි ,මරු, කියල වැඩක් නැහැ
    අපිට පස්සේ පරම්පරාවේ භාෂාවෙන් කිව්වොත් එල කිරි
    දැන් කාලේ විදියට කිව්වොත් පට්ට පට පට
    අපේ ලංකාවේ දාර්ශනික වාමාංශික සහෝදරවරු එල්ලෙන්න තැනක් නැතිව දැන් එල්ලිලා තියෙන්නේ හේගල්ගේ ඒක නිසා මේක කාලීනයි.

  4. wicharaka විචාරක said, on අප්‍රේල් 13, 2013 at 11:27 පෙ.ව.

    ආණ්ඩුවට වඳින පුදන ස්වභාවය නමැති මානසිකත්වය ඇතිවෙනවා නැතිවෙනවා. අලුතෙන් ආණ්ඩුවක් ආවගමන් ඇතිවෙනවා. ඒ ආණ්ඩුව එපාවෙනකොට නැතිවෙනවා. එහෙම නැතුව හැමදාමත් ආණ්ඩුවට වඳින්නේ පුදන්නේ නැතුව ඉන්න මානසිකත්වයකට බහුතරය පත්කරගැනීම සැබවින්ම දුෂ්කර එහෙත් නොකඩවා උත්සාහ කලයුතු දෙයක්.

    • Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 13, 2013 at 11:42 ප.ව.

      @විචාරක
      මේ අවුල ඔබට ඇතිවෙන්නේ අරුණිගේ වචන භාවිතයේ වැරැද්ද නිසා.,ආණ්ඩුව සහ රාජ්‍යය අතර ලංකාවේ භාවිත වෙනස නොසලකා හැර ආණ්ඩුව යන වචනය යොදා ගැනීම නිසායි ඔබට මෙහෙම හිතෙන්නේ, ආණ්ඩු කලින් කලට මාරු වෙනවා එත් රජය හැමදාම පවතිනවා මෙතන ආණ්ඩුව වෙනුවට “රජයට වඳින පුදන ස්වභාවය” විය යුතුයි කියලයි මම හිතන්නේ. උදාහරණයකට ”රාජ්‍ය සේවය පිණිසයි” කිව්වම පොදු පෙරමුණ ආණ්ඩුවද යූ ඇන් පී ආණ්ඩුවද කියන පවත්නා ආණ්ඩුව ගැන කියවෙන දෙයක් නොවයි ඕනෑම ආණ්ඩුවකට එකයි., මෙතන දනවන අදහස දැනට පවත්නා ආණ්ඩුව තමන්ගේ ඉටු දෙවියා ලෙස හිතන මානසිකත්වය නොවෙයි රජය ගැන අපි හිතන විදිය.යි.

    • arunishapiro said, on අප්‍රේල් 15, 2013 at 7:54 පෙ.ව.

      විචාරක,

      අලුතෙන් ආණ්ඩුවක් ආවම කළින් ආණ්ඩුව කරපු සේරම වැරදි හදාවි කියල හිතන නිසයි එහෙම වඳින්න හිතෙන්නෙ. ඉතින් හැමදාම වැරදි යනු මොනවා ද ඒවා කරන්නේ කවුද කියන එක ගැන සංවාදයක් නැතිව ආණ්ඩු මාරු කර කර සිටීමෙන් සිද්ධ වෙන්නෙ විචාරක කියන විදියට තමයි: අපේ ආණ්ඩුවට පුලුවන් වේවි කියල වඳින්න හිතෙන එක බැහැ යැයි දැනගත්තාම එපාවෙලා නැතිවෙලා යෑම.

      ඒක වැටහුනාට පස්සෙ අර ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි කිය කිය වඳින්න ආණ්ඩු හොයන්නෙ නැතිව අනිවාර්යෙන් ම //එහෙම නැතුව හැමදාමත් ආණ්ඩුවට වඳින්නේ පුදන්නේ නැතුව ඉන්න මානසිකත්වයකට බහුතරය පත්කරගැනීම සැබවින්ම දුෂ්කර එහෙත් නොකඩවා උත්සාහ කලයුතු දෙයක්.// තමයි යා යුතු මාර්ගය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: