අරුණි ශපීරෝ‍ වෙතින්

හයි ලයින් උද්‍යානය, නිව් යෝර්ක් නගරය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 14, 2013

IMG_5353

1847 දී නිව් යෝර්ක් නගරයේ මෑන්හැටන් හි බටහිර පැත්තේ වීදි අතරින් රේල් පාරවල් ඉදි කරන ලද්දේ පුද්ගලික කොම්පැණි විසිනි. අශ්වයින් පිට නැඟ ගත් “වෙස්ට් සයිඩ් කව් බෝයිස්ලා” රේල් කොම්පැණිය හයර් කළේ නගරයට එන කොම්පැණියේ දුම්රියට ඉදිරියෙන් අශ්වයන් පිට යමින් කොඩි වනා මහමග ගිය ජනතාවට අනතුරු අඟවන්නට ය. එහෙත් බඩු ප්‍රවාහනය කළ දුම්රිය අනතුරු නිසා 10 වැනි වීදිය “මරණ වීදිය” යන නමෙන් පවා හැඳින්වුණි.

ඉතින් අනතුරු වළක්වා ගැනීමට, 1929 සහ 1934 අතර දී නිව් යෝර්ක් සෙන්ට්‍රල් රේල්රෝඩ් කොම්පැණිය මහපාරට අඩි විසිපහක් උඩින් රේල් පාරක් ඉදි කළහ.

දුම්රියෙන් ප්‍රවාහනය කළ බඩු අතර ගම්මාන වලින් නගරයට විකුණන්නට ගෙනෙන මස්, එළවළු පළතුරු සහ කිරි චීස් යනාදිය වූහ. හයි ලයින් දුම්රිය මාර්ගය ඒවා නගරයේ බෙදා හරිනු සඳහා ඇසුරුම් කරන කම්හල් වල තුන්වැනි මහලට කෙළින්ම ප්‍රවාහනය කරන ලදි. එයට ‘නිව් යෝර්ක් නගරයේ ලයිෆ් ලයින්’ යැයි ද නමක් වැටී තිබිණ.

IMG_5346 IMG_5331

මෑන්හැටන් හි කර්මාන්ත පිහිටි බටහිර පැත්තේ හයි ලයින් මාර්ගය වසර ගණනාවක් යනතුරු ජවයෙන් පිරි වූවකි. ආණ්ඩු ගෙනෙන ලද ප්‍රවාහන රෙගුලාසි බලපෑමෙන් ට්‍රක් රථ නිව් යෝර්ක් නගරයට බඩු ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගය බවට පත්වුණි. දුම්රියෙන් බඩු ඇදීම කෙමෙන් නැවතී රේල් මාර්ගයේ දකුණු කොටසක් කඩා දැමිණ. 1980 වෙද්දී දුම්රියෙන් බඩු ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නැවතී තිබිණ.

1999 වෙද්දී ස්වභාව ධර්මයා විසින් දුම්රිය මාර්ගය වල් වැදුනක් බවට හරවා තිබිණ. නිව් යෝර්ක් නගර ආණ්ඩුව රේල් මාර්ගය ගලවා දමන්නට සූදානම් වෙද්දී පළාතේ වැසියන් වූ ජොසුවා ඩේවිඩ් සහ රොබට් හැමන්ඩ් දෙදෙනා ප්‍රමුඛ පිරිසක් එය සංරක්ෂණය කළ යුතු යැයි ද එය උද්‍යානයක් බවට හැරවිය යුතු යැයි ද කියමින් හයි ලයින් මිතුරු සමාජයක් පටන් ගත්හ.

මෙවැනි උද්‍යානයක් ප්‍රංශයේ පැරීස් නගරයේ Promenade plantée නමින් ඇත.

සැතපුමක් පමණ ඇවිදින්නට හැකි නිව් යෝර්ක් හයි ලයින් උද්‍යායනය පළාතේ සෑහෙන පිරිසකගේ වෑයමේ ප්‍රතිඵලයයි. එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නැති වුවත් (තවත් සැතපුම් භාගයක් පමණ අවසන් කළ යුතුව තිබේ) දැනටමත් එය මහජනතාව අතර ඉතා ජනප්‍රිය වූ ස්ථානයක් බවට පත් වී ඇත.

මැට් ඩේමන් රඟපෑ The Adjustment Bureau (2011) චිත්‍රපටියේ මේ අවට රූප රාමු බොහොමයක් අඩංගු වෙයි. මැට් හමුවන්නට යන්න උත්සාහ කරන කෙල්ල නැටුවේ මෙතැනයි.
IMG_5327

විල් ස්මිත් රඟපෑ I am Legend (2007) චිත්‍රපටියේ සමහර දර්ශන රූගත කර ඇත්තේ මේ අසල ඇති ‘මස් පැක් කරන දිස්ත්‍රික්කය’ නම් හැඳින්වෙන කොටසේ හයි ලයින් මාර්ගයට යට ය.
IMG_5329

උදෑසන 7 සිට රාත්‍රී 10 දක්වා දිනපතා විවෘතව ඇති මේ හයි ලයින් උද්‍යානයට එහි තැනින් තැන දී නඟින්නට බහින්නට ස්ථාන නවයක් ඇත. එයින් හතරක විදුලි සෝපාන පහසුකම් ද ඇත.

හයි ලයින් මාර්ගය උද්‍යානයක් බවට හැරීමෙන් පසුව ඒ අවට තට්ටු නිවාස ඉල්ලුම වැඩිවීමත් සහ ව්‍යාපාරික ස්ථාන වලට වඩා ලාබ ලැබීමත් දැනටමත් අත්දකින්නට හැකි වී තිබේ.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අප්‍රේල් 14, 2013 at 10:23 ප.ව.

    ඇයි මන්දා වෙන රටක දෙයක් කියවද්දි ලංකාවේ ඊට සමාන්තර දෙයක අශුභ දෙයක්ම මට මීටර් වෙන්නේ. ලංකාවේ ඔහොම දුම්රිය මාර්ග තියෙනවා. ඒවයේ පීලී නම් රජයෙන් ඉවත් කරනකං බලාගෙන ඉඳලා නෑ කට්ටිය. ගලවලා විකුණනා.

    • arunishapiro said, on අප්‍රේල් 15, 2013 at 7:56 පෙ.ව.

      Gold fish,

      දන්න දේවල් වලින් තමයි මොළය අලුතින් දැනගන්නා දේවල් අමුණ ගන්නෙ. ලංකාවේ මිනිස්සු හරිම එන්ටර්ප්‍රයිසින්. ඉඩක් ලැබෙනවා නම් මොන හාස්කම් කරාවි ද?!!!!! 😀

  2. Yasiru said, on අප්‍රේල් 15, 2013 at 2:20 පෙ.ව.

    සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

  3. wicharaka විචාරක said, on අප්‍රේල් 15, 2013 at 9:06 පෙ.ව.

    ලංකාවේ මේ වගේ විනාශ වෙන්නය හරිය දුම්රිය මාර්ග තුනක් මගේ මතකයේ තියනවා.

    1. කොළඹ අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා මාර්ගයේ අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා කොටස අත්හැර දැමුනා. අදටත් එහි ස්ථිර නිවාස හදාගෙන ඉන්න අය ඒ බිම්වලට ස්ථිර හිමිකමක් දක්වන්නේ නැහැ.

    2. කොළඹ අවිස්සාවේල්ල රත්නපුර හරහා ඕපනායක දක්වා දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටස අත්හැර දැමුනා.

    3. කොළඹ බදුල්ල මාර්ගයේ නානුඔය සිට නුවරඑලිය දක්වා කොටස අත්හැර දැමුනා.

    මේවා නැවත සකස් කර ඉතා ඉහල කාර්යක්ෂමතාවකින් මහජනතාවට සේවය ලබාදිය හැකියි. ඒවා නැව් එන්නේ නැති වරාය වලට සහ ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපල වලට වඩා ඉතා වටිනවා. 😀 😀

    • arunishapiro said, on අප්‍රේල් 15, 2013 at 9:09 පෙ.ව.

      විචාරක,

      ලංකාවේ මුළු භූමි ප්‍රමාණයේ අයිතියෙන් වැඩි හරිය 90% කට ආසන්නව තවමත් හිමිකම් තියෙන්නෙ රජයට. එය වෙනස් වෙන දාට මිනිසුන්ට භූමියට හිමිකම් කියන්න ලැබුනොත් ඒවා ඔවුන් දියුණු කරාවි. මේ උත්සාහයන් කරන්න මෙහෙ ජනතාවට ඉඩ ලැබෙන්නෙ ඔවුන් සතු භූමි අයිතීන් වලින් ආදායම් උපයන සේ වැඩි දියුණු කරගත හැකි වූ නිසයි.

      භූමියට ස්ථිර හිමිකම් කියා දෙයක් නෑ, අපි හැමෝම මේ ලෝකෙ ඉන්නෙ කුලියට තමයි; ඒක වෙනම කතාවක්!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: