අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝක ප්‍රමුඛයන් අස්සේ සාර්ථකව ගෙන යන කුඩා නිව් යෝර්ක් අවන්හල

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 15, 2013

IMG_5408

ලෝක ප්‍රමුඛයන් පවත්වා ගෙන යන නානා විධ භාණ්ඩ හා සේවා විකුණන ස්ථාන පිරී ඇති නිව් යෝර්ක් නගරයේ ඉතා රසැති ඉතාලි ආහාර සපයන කුඩා අවන්හලකට අපි ගොඩ වැදුනෙමු. සූපවේදියා සහ අවන්හල් හිමියා ඇමෙරිකාවේ උපන්නෙකි. ඔහුගේ දෙමව්පියන් ද ඇමෙරිකාවේ උපන්න ද ඔහුගේ ආච්චී සහ සීයා ඉතාලියේ සිසිලියේ කපීට්සි යන ගමෙන් සංක්‍රමණය වූ අයයි.

කුඩා කාලයේ දෙමව්පියන් රැකියාවන් වලට යද්දී සූපවේදියා හැදෙන්නෙ වැඩෙන්නේ ආච්චී සහ සීයා සමඟ. දිනපතා මෑන්හැටන් බටහිර පෙදෙසේ නොයෙක් තැන් සොයා යන ආච්චී සහ සීයා එක තැනකින් එක දෙයක් ද තව තැනකින් තව දෙයක් ද මිල දී ගනිති.

“ඇයි සුපර්මාකට් එකකින් ඔක්කොම එකපාර ගන්නෙ නැත්තෙ?” මුනුපුරා දවසක් ඔවුන් වෙතින් විමසීය.

“ආහාර කියන්නෙ සෙනෙහස ගැන පළහිලව්වක්. ඔහෙ යන එන තැනකින් අරන් කටේ දාගන්න එකක් නෙමෙයි. වඩාත්ම අනගි දේවල් හොයලා අරගෙන ඇවිත් තමන්ට හරියන්න පිළියෙල කරගන්න ඕනෑ ආදර සබඳතාවයක්,” ඔවුන් කුඩා දරුවාට කියා දුන්හ.

මුනුපුරා නගරය දැක බලා ගත්තේ ය. ගණුදෙනු කරන හැටි ඉගෙන ගත්තේ ය. අනගි දේවල් හොයා යන්නේ කෙසේදැයි පුහුණුවක් ලැබීය. ඒ සියල්ලෙන් ඔහු තුල ජනිත වූයේ ආහාර ගැන හටගත් සෙනෙහසකි. මේ ඔහුගේ අවන්හලයි. එහි ආහාරයන් සියල්ල ඉතා සෙනෙහසින් පිළියෙල කර ඇති බව දැනගන්නට නම් කටේ දා බැලිය යුතුමයි!!!!!

IMG_5405 IMG_5406 IMG_5403 IMG_5407

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Saduni said, on අප්‍රේල් 15, 2013 at 5:09 ප.ව.

    Nice place. When we go to conferences, we like to eat at small restaurants where you can enjoy genuine foods
    But tasty food are not always good food. Pizza…cheese……..means…..cholesterol !!!!!!!!!!!!!!!!!!!!

  2. indika27 said, on අප්‍රේල් 15, 2013 at 11:08 ප.ව.

    ලක්ෂණ කෑම ඇති අවන්හලක් වගේ…අවන්හලක ඉපදී මා මිය යනවානම් කියලා අනිල් භාරතීගේ ගීතයක් තියනවා මටත් මතකයි..

  3. Raj said, on අප්‍රේල් 16, 2013 at 1:08 පෙ.ව.

    ම්….යම් ජම් යම්….!

  4. magenama said, on අප්‍රේල් 16, 2013 at 1:45 පෙ.ව.

    ආහාර තනද්දී සෙනෙහසින් පිළියෙල කර කද්දී පමණ දැන කන්න වෙනවා.(මේ කෑම වල සිංහල නමක් එහෙම දන්නේ නැද්ද අක්කෙ?)

    • arunishapiro said, on අප්‍රේල් 16, 2013 at 9:44 පෙ.ව.

      magenama,

      ඔව් අනිවාර්යෙන්ම පමණ දැන කෑම තමයි වැදගත්. අන්තිම පින්තූරේ නම් තියෙන්නෙ “පීට්සා” (pizza) එකක්. අනිත් එකට දාලා තිබ්බෙ මල්ලි ඉතාලි බසින් නමක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: