අරුණි ශපීරෝ‍ වෙතින්

දකින දේවල් ගැන අපිට ඕනෑ විදියට කතාව ලියාගන්නවා ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 16, 2013

IMG_5431

“සියළු මිනිස් දැනුම එහි අර්ථකථනයේ හැඩය ලබා ගනියි,**” යැයි කියුවේ ජර්මනියේ වෝල්ටර් බෙන්ජමින් නැමැත්තා ය. හේ සාහිත්‍ය විචාරකයෙකි, දාර්ශනිකයෙකි, සමාජ විචාරකයෙකි, පරිවර්තකයෙකි, රේඩියෝ මාධ්‍යවේදියෙකි, රචකයෙකි, එසේම ගූඪවාදී (mysticism) යුදෙව්වෙක් සහ මාක්ස්වාදියෙක් ද වූයේය.

යම් සිද්ධියක් හටගත් විටෙක එහි අග මුල සොයා ගන්නට තොරතුරු නැති මිනිසා සිද්ධිය ගැන තමන් ප්‍රිය කරන පැත්ත විසින් දෙන අර්ථකථනය ලැබෙන තුරු බලා සිටියි. කුඩා දරුවන් බොහෝ විට දෙමව්පියන් වෙතින් තම ජීවිතයට දැනුම එසේ එකතු කරගන්නට පටන් ගනිති. මිනිස් සත්වයාට අනෙකුත් සත්වයන්ට නොමැති වූ හැකියාවක් ඇත. ඒ තමන් විසින් සොයා බලා කරුණු තෝරා බේරා ගැනීමේ හැකියාවයි. ඊට අවශ්‍ය වන්නේ එක පැත්තකට නැඹුරුව කරන චින්තනය නොව හැම පැත්තකින් ම එන තොරතුරු විමසා බැලීමේ පුහුණුවයි.

න්‍යායක් විද්‍යාත්මක යැයි ශ්‍රේණිගත විය යුත්තේ මන්දැයි විමසන කාල් පොපර් න්‍යායක විද්‍යාත්මක ගති ස්වභාවයක් තිබිය යුතු නම් ඊට අවශ්‍ය කොන්දේසි මොනවා දැයි සොයා බලන්නට වෙහෙස වූවෙකි. ඔහුට උවමනා වූයේ විද්‍යාව සහ බොරු-විද්‍යාවන් අතර වෙනස හඳුනාගන්නට ය.

ඉතින් ගවේෂණයක යෙදෙන කාල් පොපර් 1919-20 හේමන්තයේ දී එළඹෙන නිගමනයක් වන්නේ ඕනෑම න්‍යායයක් තහවුරු කරගන්නට තොරතුරු සොයන්නාට ඊට අවශ්‍ය තහවුරු කිරීම් හෝ සත්‍යෙක්ෂණයන් සොයාගැනීම පහසු බවයි. තවත් විදියකින් කිව්වොත් කොපමණ තරම් සුදු හංසයන් දිහා පමණක් බලමින් ලොව ඉන්නා සියළු හංසයන් සුදු යැයි කිව්වාට (නැත්නම් සුදු නොවන හංසයන් සොයා ගැනීමේ සම්භාවිතාව අඩු යැයි කිව්වාට) පලක් නැතැයි පොපර් පෙන්වා දුනි.*

එසේම සියළු වැරදි න්‍යායයන් අහෝසියෙන් සත්‍යය න්‍යාය ස්ථාපිත කරගත හැකි යැයි සිතීම පොපර් සුදුසු ක්‍රමයක් හැටියට දැක්කේ ද නැත. මන්ද, අපිට සලකා බලන්නට ඇති න්‍යාය ගණනය කළ නොහැකියි තරම් සංඛ්‍යාවක් නිසා ය.

ඉතින් දකින දේවල් වලින් සත්‍යය කුමක් දැයි හඳුනාගන්නට අපි කළ යුත්තේ කුමක් ද?

කාල් පොපර් දෙන විසඳුම නම් විචාරාත්මක බුද්ධිය පාවිච්චියට ගන්නට කියාය. විචාරයෙන් අපිට සාවද්‍ය න්‍යාය අත්හැර ඉතිරිවෙන න්‍යාය වලින් වඩාත්ම හොඳ වූව තබාගත හැකියි. විචාරාත්මක බුද්ධිය තුල, යම් න්‍යායක් වඩාත් ම ඉහළින් පැහැදිලි කරගත හැකි බලයක් හා තමන් නිරීක්ෂණය කරන ලද න්‍යාය නිසා අනාගතයේ සිද්ධ වෙන ප්‍රතිඵලය කුමක් වේ දැයි කියත හැකි අනාවැකි බලයක් අඩංගු වෙයි.

“[නිරීක්ෂණයන්] යනු දැකපු පරිසිද්ධි වලට දෙන අර්ථකථනයන් වෙති… [සහ] පරිසිද්ධීන් අර්ථකථනය වෙන්නේ න්‍යායාත්මක එළියෙනි.” -කාල් ආර්. පොපර්

නගරයේ සිරි නරඹා මම ආපහු ගමට පැමිණියෙමි. මේ මම වාසය කරන ඇමෙරිකන් ගම් පළාතේ පින්තූර කිහිපයක්. ඉතින් මේ අපේ ගම් පළාතේ මගේ සිත්ගත් දර්ශන. ඩෙලවෙයාර් ප්‍රාන්තයේ දකුණ යනු කෘෂිකර්මය සහ සත්ව පාලනය සිය ජීවිකාව කරගත් බහුතරයක් ජීවත්වෙන පැත්තයි. එහි නැගෙනහිර මුහුදු තීරය සංචාරක ව්‍යාපාරය සඳහා වෙන්වූවකි. නුදුරු ජනාකීර්ණ නගර වන වොෂිංටන් ඩී. සී., නිව් යෝර්ක්, බල්ටිමෝර්, බොස්ටන් යනාදී නගර වල වාසය කරන අය බහුතරයකට ආහාර සැපයෙන්නේ දකුණු ඩෙලවෙයාර් හි ගොවියන් ගේ වෙහෙසෙනි.

* Karl Raimund Popper ලියූ The Myth of the Framework: in defence of science and rationality, (1994)

IMG_4300 IMG_4569 IMG_4576 IMG_5070 535833_10151539524450851_1979310737_n IMG_5424 IMG_5111 IMG_2440

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. හෙනහුරා said, on අප්‍රේල් 16, 2013 at 10:35 පෙ.ව.

    පූර්ව නිගමනයන්ගේ පිහිටා සිටිමින් අනෙකකුට සවන් දීම, අනෙකකු ලියූ දෙයක් කියවීම නිසා, ඒ කියන දෙය හෝ ලියූ දෙය තේරුම් යන්නේ තමන්ගේ පූර්ව නිගමනයට පක්ෂපාතීවයැයි මා තුළ පවතින විශ්වාසය නිසා මට ඔබ කියන දෙය වැටහෙන්නේ ද ඉහත කී මගේ විශ්වාසයට ගැලපෙන ආකාරයටය.

  2. mppgunasinghe said, on අප්‍රේල් 16, 2013 at 11:19 පෙ.ව.

    කාලාම සූත්‍රය ඔබතුමියට කියවන්න ලැබුණාද ? ඔබේ මේ ලිපිය බලද්දි කාලාම සූත්‍රය කියවා තමන් කැමති ආකාරයෙන් විවිධ ලෙස තේරුම් ගත්තු අය කරන අර්ථ විවරණයන් ගැන මට සිහිවුනා..යම් යම් දේ ගැන නැවත සිතා බලන්න මෙහෙයවන ලිපිය ඉතා කාලෝචිත එකකි. ස්තුතිය අරුණි.

    • arunishapiro said, on අප්‍රේල් 16, 2013 at 4:51 ප.ව.

      mppgunasinghe,

      ඔව් පුංචි කාලයේ දී කාලාම සූත්‍රය මුලින් ම පහදා දුන්නෙ තාත්තා. තමන් විසින් සිතා බලා කියන එක මිනිස් ස්වභාවයට සහ ලෝක ස්වභාවයට පටහැනිව යන “තමන්ට කැමති විදියට” ගත්තාම ඇතිවෙන හෙන අවුල් ඉතිහාසයෙන් මහත් රාශියක් හොයාගන්න පුළුවන්.

  3. රූ said, on අප්‍රේල් 17, 2013 at 12:06 පෙ.ව.

    //කාල් පොපර් දෙන විසඳුම නම් විචාරාත්මක බුද්ධිය පාවිච්චියට ගන්නට කියාය. විචාරයෙන් අපිට සාවද්‍ය න්‍යාය අත්හැර ඉතිරිවෙන න්‍යාය වලින් වඩාත්ම හොඳ වූව තබාගත හැකියි. //

    හොඳම විසඳුම ලැබෙන්නේ විචාර බුද්ධිය තියුණු වූ තරමට බවත් අපි සිහි තබා ගත යුතු තවත් කරුණකි.

    අරුණි,
    වෝලටර් බෙන්ජිමින්ගේ උදෘතයේ පොඩි නොගැලපීමක් දැනෙනවා. පුළුවන් නම් හදන්න බලන්න.

    • arunishapiro said, on අප්‍රේල් 17, 2013 at 7:09 පෙ.ව.

      රූ,

      එකඟයි, විචාර බුද්ධිය තියුණු වෙන ලෙසින් පිළිගැන්වුනු අධ්‍යාපනය එය නොව දේශපාලන නැඹුරුව අනුව පිළිගැන්වීම නිසා මහජන පාසැල් වලින් ඉගෙන ගන්නා බහුතරයක එම හැකියාව මොට වී ගිහින්. දෙමව්පියන් පාසැල් අධ්‍යාපනයෙන් ඉල්ලන්නේ විභාග සමත් වීම පමණක් වෙලා. ජීවිතයට දැනුමක් එකතු කරගන්න විචාර බුද්ධිය තියුණු විය යුතුයි යන්නත් පාසැල් වලින් කියා නොදෙනවා කියල දෙමව්පියන් ද තම යුතුකම අත්හරින්න නරකයි.

      All human knowledge takes the form of interpretation. සිංහලට දැම්ම වාක්‍යය මදියි කියල මටත් සිතුණ. ඒත් තනි වාක්‍යයට ඔහුගේ සංකල්පය හදාගන්නෙ කොහොමදැයි නොදන්නෙමි 😦

      • Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 17, 2013 at 7:51 පෙ.ව.

        All human knowledge takes the form of interpretation මම කිව්වනම් කියන්නේ “සියලු මිනිස් දැනුම එහි අර්ථකථනයේ හැඩය ලබා ගනියි.” කියල . හැඩය වෙනුවට ඕනෑ නම් ආකෘතිය නැත්නම් ස්වරුපය කියන්නත් පුළුවන් “සියලු මිනිස් දැනුම එහි අර්ථකථනයේ ස්වරුපය ගනියි.” හරි “සියලු මිනිස් දැනුම එහි අර්ථකථනයේ ආකෘතිය අත්පත් කර ගනියි.” කියල කියන්න පුළුවන්.

  4. srilankanatheists said, on අප්‍රේල් 17, 2013 at 11:19 ප.ව.

    For many years, I was trying to translate the term “mysticism” to sinhala (It is very related to the subject matter of my blog) But, this is the first time in my life I came across the word ගූඪවාදී. I doubt it is even in the dictionary.

    • arunishapiro said, on අප්‍රේල් 18, 2013 at 8:43 පෙ.ව.

      srilankanatheists,

      ලංකාවේ සිංහල පත්තර (උදා: සිළුමිණ, දිවයින) වල mysticism යන්නට ගූඪවාදය යැයි (මාටින් වික්‍රමසිංහ, මහාචාර්ය විමල් දිසානායක වැනි අය) භාවිතා කර තියෙනවා. අන්තර්ජාලයේ මධුර ශබ්දකෝෂයේ එය එසේ සඳහන්. ඒත් මෑත කාලීන පරිවර්තන පොතක් ඉදිරිපත් කරන මහාචාර්ය ඩබ්. ඇම්. ගුණතිලක ගූඪවාදය යැයි පරිවර්තනය කර ඇත්තේ esoterism යන්නයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: