අරුණි ශපීරෝ‍ වෙතින්

වැන්ඩවෙන්ඩෙස් විකුණන නැවුම් අයිස් ක්‍රීම්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 17, 2013

IMG_5422

1954 දී විලියම් හා එලන් වැන්ඩර්වෙන්ඩෙ දෙපළ කිරි පට්ටියක් මිලට ගෙන ව්‍යාපාරයක් පටන් ගන්නේ එළදෙනුන් හයක් සහ ඩොලර් 35 කින්. අද ඔවුන් ඉඩම් අක්කර 4,000 කට පමණ හිමිකම් කියන අතර හෝල්ස්ටීන්, ජර්සි හා බ්‍රවුන් ස්විස් යනාදී ගව වර්ග වලින් සමන්විත කිරි පට්ටියක අයිතිකරුවන් වෙති. පැටවුන් සහ ගවයන් 250 ක් සහ කිරි එළදෙනුන් 225 ක් ඔවුන් විසින් රැක බලා ගනිති. දවසකට දෙවතාවක් ඒ එළදෙනුන් ගෙන් කිරි දොවති. කිරි, චීස්, අයිස් ක්‍රීම් වෙළඳපොලට සපයන අතර මේ ගොවිපල පිහිටන මහපාර අසල ඒවා මිල දී ගන්නට කුඩා කඩයක් ද පවත්වා ගෙන යති.

විලියම් සහ එලන් වැන්ඩර්වෙන්ඩෙ ගේ මුණුපුරන්/මිනිපිරියන් ද වර්තමානයේ දී මේ පවුලේ ව්‍යාපාරයට සහාය වෙති. නව තාක්ෂණයෙන් හා පරිසරය හිතවාදී බවෙන් කටයුතු කරන ඔවුන් ගොවිපල ඉදිරියටත් සාර්ථකව ගෙන යන්නට මෙතෙක් කාලයක් අනුගමනය කළ ක්‍රමයක් පිළිපදිති. එනම්, පරණ පරම්පරාවල අත්දැකීම් වලින් ලබාගත් වටිනා දැනුම රැකගෙන, අයහපත් ප්‍රතිපත්ති බැහැර ලා යහපත් නව දැනුම ආදේශ කරගැනීමයි.

කවුරුත් නියම කළ නිසා නොව තම කැමැත්ත නිසා කිරි පට්ටියක් ඇති දැඩි කරන ඒ වැන්ඩවෙන්ඩෙලාගේ කතාව ධනවාදයේ කතාවයි. දෙනුන් දෙදෙනාගේ අන්දරය අමතක අයට මෙතැනින් එය නැවත කියැවිය හැකියි.

ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්ම (Great Leap Forward) යන ආර්ථික හා සමාජයීය සැලසුම් 1958 සිට 1961 අතර කාලයේ දියත් කළේ මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ මාඕ සේතුං විසිනි. චීනයේ මහා ජනගහණය යොදවා රට කෘෂිකාර්මික ආර්ථිකයෙන් වෙනස් කර කාර්මීකරණයෙන් හා සාමූහිකරණයෙන් කොමියුනිස්ට් සමාජයකට සීඝ්‍රගාමී දියුණුවෙන් යෑම එහි අභිප්‍රාය විය.

මෙම සැලසුමේ පදනම ගොඩනැඟුනේ මාක්ස් ගේ නිෂ්පාදන බලයේ න්‍යාය මත (theory of productive forces). පුද්ගලික දේපල අයිතිය මත පදනම් වෙන ඕනෑම සමාජයක් සමගිය ඇති කළ නොහැකි අරගලයක යෙදී සූරා කන්නන් හා සූරා කෑමට ලක්වෙන්නන් යන කොටස් දෙකින් යුතු වේ යැයි මාක්ස් අර්ථකථනය කරන ලදි. මාක්ස් විසින් ඉතිහාසය අර්ථකථනය කළේ ද එවැනි පංති භේදයක අරගලයකින් පැවත එන ඵෛතිහාසික ක්‍රියාවලියක් කියාය. ඉතින් ඒ නිසා සියළු පංති අරගල ආලෝපනය කළ විට පංතිභේදය නැති සමාජයක් බිහිවේ යැයි ඔහු කීය. පංති අරගල ආලෝපනය කරන්නට නම් පුද්ගලික දේපල අයිතියක් නැති කළ යුතුය.

එහි දී මාක්ස්වාදීන්ට ලැබුන පොරොන්දුව නම් පංති නොමැති යුගයක දී නිෂ්පාදනය සමාජයීය දියුණුවට අවශ්‍ය ලෙසින් සංවිධානාත්මක වූ ශ්‍රමය වෙද්දී එය සීමා නොමැති ඉහළ ඝනයේ වූවක් ද වෙන බවයි. ඒ ඒ පුද්ගලයාට තම තම මානසික හා ශාරීරික කුසලතාවයට ඔබින පරිද්දෙන් වෙහෙස වීමට සම්පූර්ණ නිදහස ලැබෙන බවයි. ඒ පොරොන්දු වූ ක්ෂේම භූමියට යන නිදහසට බාධා කරන්නේ නිෂ්පාදන ක්‍රම වල පුද්ගලික අයිතිය නම් රතු මුහුදයි. නිෂ්පාදන බලයන් නිදහස් කිරීමෙන් ධනවාදයේ යදම් ගැලවී නොනැවතෙන සංවර්ධනයක් කරා වැඩිවෙන වේගයෙන් නිෂ්පාදනයන් ඉහළ යනු ඇතැයි මාක්ස්වාදී න්‍යාය විය.

ඉතිහාසයේ සෑම රටකම ඕපපාතිකව සිද්ධ වූ ආර්ථික සංවර්ධනයක් දකින්නට ලැබෙන්නේ මිනිසා කැමැත්තෙන් එකිනෙකා සමඟ කරන ලද ගණුදෙනු වලින් බව මාක්ස් සහ ඒංගල්ස් නොසලකා හැරියේය. සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් විසින් මිනිසා යනු තෝරා ගැනීම් කරත හැකි වූවෙක් සහ එයම තමයි මිනිසා අනිකුත් සත්වයන් වෙතින් වෙනස් වන්නේ ද යන්නත් නොසලකා හැරියහ. වැඩවසම් යුගයෙන් කාර්මික යුගයට පා තැබූ පසු ශ්‍රමිකයන් අතර නිෂ්පාදන බලය හිමිවූවන් ද සිටිය බවත් (ඉහත වැන්ඩවෙන්ඩෙස් වැනි, ස්පිනින් ජෙනී හැදූ ජේම්ස් හාග්‍රීව්ස් වැනි) ශ්‍රමිකයා යනු පාරිභෝගිකයා ද බවත් මාක්ස්වාදීන් නොසලකා හැරියහ.

මාඕ ආණ්ඩුව අනිවාර්ය කෘෂිකාර්මික සාමූහීකරණයක් ගම්බද චීන ජනතාවට හඳුන්වා දෙන ලදි. පුද්ගලික ගොවිතැන් තහනම් කරන ලදි. ඒවායේ යෙදුන අයට විප්ලව විරෝධී යැයි ලේබල් කර දඬුවම් දෙන ලදි. විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන්ව බලහත්කාරයෙන් ගොවිතැන් කටයුතු වල ශ්‍රමිකයන් කරවන ලදි. මාඕ කියා සිටියේ රටේ කෘෂිකර්මය ආණ්ඩුව යටතට ගෙන ධාන්‍ය බෙදා හැරීම සහ සැපයීම දෙකම කළ යුතු බවයි. එහි දී අඩු මිලට ලබාගෙන වැඩි මිලට විකුණා එමඟින් රට කාර්මීකරණය කළ හැකි බවයි.

සෝවියට් රුසියාවේ නිකිටා කෘෂ්චෙව් 1955 දී සෝවියට් රුසියාවේ ඇමෙරිකන් තිරිඟු වගා කරන්නට සැලසුමක් දියත් කළේය. එහෙත් රුසියාවේ දකුණු පළාත් වල වගා කරන්නටත්, පොහොර, පලිබෝධ හා කෘමිනාශක පාවිච්චියත් අවශ්‍ය යැයි කියූ කොටස ඔහු නොසලකා හැර සයිබීරියාවේ පවා තිරිඟු වගා කරවීය.

ඔක්තෝබර් විප්ලවයේ 40 වැනි සංවත්සරයේ දී කෘෂ්චෙව් කියා සිටියේ ඊ ළඟ වසර 15 තුල දී ඇමෙරිකාවේ කාර්මික නිෂ්පාදනය හා සමානව ඇවිත් ඔවුන්ට වඩා වැඩියෙන් නිපැදවීම රුසියන් ඉලක්කයක් කියාය. ඒ කොමියුනිස්ට් සටන් පාඨයෙන් මාඕ සේතුං කෙතරම් උද්‍යෝගීමත් වූවා දැයි කියතොත් ඔහු කියා සිටියේ චීනය ඊ ළඟ වසර 15 තුල දී එංගලන්තය හා සමානව ඇවිත් කාර්මීකරණයෙන් ඔවුන් පසුකර යනවා කියාය.

එහෙත් අර්ථකථනයන් හා තම විශ්වාසයන් අනුව මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය වැඩ කරන්නේ නැතිබව වැඩි කලක් යන්නට පෙර රුසියාවටත් චීනයටත් දරුණු ලෙසින් අත්දැකීම යන ගුරුවරයා විසින් පාඩමක් ඉගැන්වීය.

කෂ්චෙව්ගේ සෝවියට් රුසියාවේ තිරිඟු ඇමෙරිකාවට වැඩියෙන් තියා රුසියාවට ප්‍රමාණවත් තරමට හෝ වැවුනේ නැත. චීන කොමියුනිස්ට් සැලසුම අවසන් වූයේ දැඩි ධාන්‍ය හිඟයක් ඇති වී චීන්නු සාගත වලින් මිය යෑමෙනි. ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්මේ පදනම වූයේ බලහත්කාරකම්, භීෂණය හා සැලසුම් සහගත අන්දමින් වූ ප්‍රචණ්ඩත්වයයි. මිලියන 18 -45 ත් අතර සංඛ්‍යාවක් මිය යෑමෙන් එය චීනයේ සමූහ ඝාතන වැඩියෙන් ම සිද්ධ වූ යුගය සේ ඉතිහාසයට එකතු විය. ආර්ථික සංවර්ධනයක් වෙනුවට ඍනාත්මක ආර්ථිකයක් ඔවුනට 1983 දක්වා අත්විඳින්නට ලැබුණි.

1987/88 දක්වා ලෝකයේ වැඩියෙන් ම ධාන්‍ය ආනයනය කරන්නට සිද්ධ වූයේ රුසියාවට හා චීනයටයි.

එය සමාජවාදයේ කතාවයි.

IMG_5423 IMG_5419 IMG_5420 IMG_5421

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. සමීර said, on අප්‍රේල් 18, 2013 at 12:33 පෙ.ව.

    චීනය රබර් සහල් ගිවිසුම යටතේ අපිටත් සහල් සැපයීම් කලේ ඒ ගොල්ලන්ටත් නැතුවද ……? …

    • arunishapiro said, on අප්‍රේල් 18, 2013 at 8:48 පෙ.ව.

      සමීර,

      ඔව්, මම දන්න තරමින් හේතු දෙකක්: 1. ලෝකයාට සඟවන්න චීන්නු සාගතයෙන් මිය යන බව, 2. රබර් වඩා වැදගත් යැයි සිතූ නිසා කාර්මීකරණය වේගවත් කරන්නට.

      බ්‍රිතාන්‍යයේ Oxfam සංවිධානය ආපදා වල දී සහනාධාර සපයන අරමුණින් හැදුනු සංවිධානයක්. 1970 ගණන් වල දී එම සංවිධානය ප්‍රකාශනයට පත් කළ පොතක් සවිස්තරව චීනයේ සාගතයෙන් එවක දී මිය ගිය අයත් පසුකාලීනව ලැබූ ඵලවිපාක ගැනත් පැහැදිලිව ලියා එක්සත් ජාතීන් පවා එය ආධාර සපයන්නට භාවිතා කළ බව මතකයි.

  2. නිරොශාන් බුද්ධික said, on අප්‍රේල් 18, 2013 at 3:43 පෙ.ව.

    අරුණි නොනා මෙච්චරකල් ඇමරිකාවෙ සුදු පැත්ත විතරක්ම ලිව්වෙ
    ඇමරිකාවෙ කලු දෙවල් වෙන්නෙ නැ කියලා හිතාගෙන වෙන්න ඇති නේද? එත් දැන්නම් එහෙම කරන්න බැරිවෙය් නේද ? බොස්ටන් බොම්බය ගැන මොකුත් ලියන්න අදහසක් නැද්ද?දැන් ලන්කාවෙ බොම්බ පිපුරුනු කාලෙ ඉවරය ඔබතුමි කඩෙයන රටවල් වල තමය් එවා දැන් වෙන්නෙ

    • arunishapiro said, on අප්‍රේල් 18, 2013 at 8:56 පෙ.ව.

      නිරොශාන් බුද්ධික,

      බලන පැත්ත විතරයි දකින්නට පුලුවන්. මගේ පින්තූර කොච්චර දාලා තියෙනවා ද? මොකෝ මම සුදු ද?!!!!!!!!!

      මීට කළින් ඇමෙරිකාවේ ඇතුලත බෝම්බ පිපුරුනේ නැහැයි කියලා ද හිතන්නෙ.
      1995 අප්‍රේල් 19 ඔක්ලහෝමා නගරයේ බොම්බය
      1996 ජූලි 27 ඇට්ලැන්ටා ඔලිම්පික් උද්‍යානයේ බෝම්බය
      ඒවායේ අපරාධකරුවන් අල්ලා ගෙන ඔවුන්ට දඬුවම් දීලා තියෙනවා.

      අනුන්ට විපතක් සිද්ධ වුනාම හිනාවෙන්න තරම් ලංකාවේ උතුම් බෞද්ධයන් දැන් පිරිහිලා ද?!!!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: