අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබ වාසි මොනවා දැයි නොදන්නා අයට අලාභ අවාසි සිද්ධ වේ

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 23, 2013

Gold Eagle

ලාබය (profit) යනු කුමක් දැයි නොදන්නා අය සමාජයේ බහුල ය. ඒ නිසාම ඔවුන් ලාභ සොයන අයට සාප කරති. ලාබයට කැමති තවත් සමහරු ලාබය යැයි වරදවා සිතා ඉන්නේ තම ශ්‍රමයට ලැබෙන වේතනයයි.

ධනවාදී ක්‍රමයකට ආර්ථිකය සංවිධානය වී ඇති සමාජයක පුද්ගලික ව්‍යවසායකයන් විසින් රටේ නිෂ්පාදනය තීරණය කරති. එහෙම කරන්න බැරි ක්‍රමය සමාජවාදී නම් වෙයි. එහෙම යැයි කියන ඒත් එහෙම නොවන ඊනියා ක්‍රමය මිශ්‍ර ආර්ථිකයයි.

රටේ නිෂ්පාදනය තීරණය කරන කටයුත්තේ දී ඕනෑම පුද්ගලික ව්‍යවසායකයෙක් ධනවාදී ක්‍රමයේ දී ඒ නිෂ්පාදන මිල දී ගන්නා මහජනතාවගේ නියමය අනුව කටයුතු කරන්නෝ වෙති. ඒත් උපන් දා සිට ඇහෙන්නෙ අපිට උවමනා නැති බඩු ඇඟේ ගහන්න හදන ලාබ සොයන මිනිස්සු ගැන.

යම් සාප්පු සංකීර්ණයක් අසල ගැවසෙන අයෙකුට බඩු මිල දී ගන්නා අයත් බඩු අත ගා බලා මිල දී නොගෙන පිට වී යන අයත් දැකිය හැකියි. අතේ ඇති මුදල් වලට වඩා වටිනාකමක් භාණ්ඩයේ ඇතැයි නොසිතන්නේ නම් කිසිවෙකු භාණ්ඩයක් මිල දී ගන්නේ නැත. අතේ ඇති මුදල් කැමැත්තෙන් දෙන්නේ භාණ්ඩයේ අගය ඊට ගෙවන මුදලේ අගයට වඩා වැඩි යැයි සිතනා නිසයි. එහෙත් කැමත්තෙන් සල්ලි දී භාණ්ඩ රැගෙන යන අය කියන්නේ තමන්ට මුදලට සරිලන භාණ්ඩයක් ලැබුනේ නැතැයි කියාය. භාණ්ඩය ගන්නට මුදල් නොදී සිටිය හැකි පිළිනොගනිති. එවිට භාණ්ඩයක් නැතිකම සහ මුදල් පමණක් තිබීමත් නොදකිති. එය කැමැත්තෙන් කරන ලද ගණුදෙනුවක් ලෙස දකින්නට ඇති අකමැත්ත නිසා එය බලහත්කාරයෙන් ඇඟේ ගසන ලද්දක් යැයි සිත රවටා ගැනීමට හුරු වී සිටිති.

ගණුදෙනු සමාජයක දී නිෂ්පාදනය කරන්නා සහ පාරිභෝගිකයා අතර මැද්දට පනින වෙනත් බලපෑම් නොමැති විට නිෂ්පාදනය කරන්නාගේ ක්‍රියාවලිය හසුරුවන්නේ පාරිභෝගිකයා විසිනි. බහුතරයක් එවිට සිතන්නෙ වැඩියෙන් මුදල් හදල් ඇති අයට වැඩියෙන් බලතල ලැබේ කියාය. එහෙත් වැඩියෙන් මුදල් හදල් තිබ්බ පලියට අයෙක් තමන් පරිභෝජනය කරනවාට වඩා වැඩියෙන් මිල දී ගන්නේ නැත. නාස්තිය හුරුවක් වන්නේ ද එයා වැඩි කාලයක් යන්නට පෙර බංකොළොත් වෙන්නෙකි. ඒ නිසා වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ මිල තීරණය හැම විටම වැඩියෙන් ඉන්නා පාරිභෝගිකයන් සතුව පවතී.

ඇඟිලි ගැසීම් නැති වෙළඳපොලක දී නිෂ්පාදකයන් අඩු මිලකින් අනගි බව වැඩියෙන් වෙළඳපොලට පාරිභෝගිකයා ඉල්ලන භාණ්ඩය හනිකට සපයන්නට තරඟ කරති. එසේ කරන්නට නොහැකි නිෂ්පාදකයන් අලාබ ලබති. අනතුරුව ව්‍යවසායකත්වයෙන් ඉවත් වන්නට ඔවුනට සිද්ධ වේ. ඔවුනට වඩා හොඳින් පාරිභෝගිකයා තෘප්තිමත් කරන්නට දත්තාට එවිට අවස්ථාව පෑදේ.

අනාගතයේ ඇතිවන ඉල්ලුම නිවැරදිව කියන්නට හැකියාව ජනතාවට ඇත්නම් එවිට ව්‍යවසායකයන් ලාබ ලබන්නේ හෝ පාඩු විඳින්නේ නැත. අමුද්‍රව්‍ය මිල දී ගන්නා අවස්ථාවේ දී එවිට අනාගතයේ දී නිෂ්පාදනය සැපයිය යුතු මිල ඔව්හු දනිති.

ලාබ උපයන්නට හැකියාව ඇත්තේ අනාගත මිල ගණන් තීරණය කරන්නට අද නොහැකි නිසයි. ඒ සඳහා ව්‍යවසායකයාට අවදානමක් ගන්නට සිද්ධ වෙන නිසාය. අනෙක් අයට වඩා අනාගතයේ භාණ්ඩය විකුණත හැකි මිල කුමක් දැයි නිවැරදිව තීරණය කරන්නට සමත් වෙන ව්‍යවසායකයා යනු ඔහු හා තරඟ වදින අනිත් අයට වඩා අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ක්‍රියාවලියේ අනෙකුත් අංගයන් වලට අද අඩු වැය දරන්නට සමත් වෙන්නෙකි. එහි දී නිෂ්පාදනයේ මුළු වැය, ආයෝජනය කරන ලද මූල්‍යය ද ඇතුළුව, නිෂ්පාදකයා විසින් භාණ්ඩය විකුණා ලබන මුදලට වඩා අඩු මිලකින් නිෂ්පාදනය කරන ලද්දකි.

ව්‍යවසායකයා අද නිෂ්පාදන වැය තීරණයන් ගැනීමේ දී ඔහු අනාගත වෙළඳපොලේ දී විකිණිය හැකි මිලට වඩා වැඩියෙන් තීරණයන් ගෙන ඇත්නම් ඔහු ව්‍යාපාරයෙන් අලාබ ලබන්නෙකි.

පාරිභෝගික ඉල්ලුම අනුව හනිකට සැපයිය යුතු භාණ්ඩය දීමට සමත් වෙන්නා ලාබය සොයයි. ඒ ඉල්ලුම හනිකට සපිරුණු සැනින් ලාබ අතුරුදහන් වී යයි. නිෂ්පාදන ක්‍රියාවලියේ වැය එක්තරා අවස්ථාවක දී භාණ්ඩයේ නිෂ්පාදන වැය හා භාණ්ඩය විකිණිය හැකි මිල යන්න මුණ ගැසේ. එවිට ලාබ සෙවිය නොහැක.

ලෝකය නිතරම වෙනස්වෙන සුළු ය.

ලාබ සහ අලාබ යනු හැම විටම දකින්නට ලැබෙන්නේ ආර්ථික පරිසිද්ධීන් නිතර වෙනස්වීම් වලට භාජනය වෙන බැවිනි. ඒ නිසා නිතරම අලුත් වෙනස්කම් සිද්ධ කරන්නට නිෂ්පාදනයේ යෙදෙන ව්‍යවසායකයන්ට සිද්ධ වෙයි.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. dishan83 said, on අප්‍රේල් 23, 2013 at 9:50 පෙ.ව.

    වටිනා ලිපියක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: