අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබය සහ අනිකුත් උත්පාදන අතර වෙනස

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 24, 2013

IMG_5374

ලාබය යන්නේ ස්වභාවය වැරදි ලෙසින් අර්ථකථනය වෙන්නේ ව්‍යවසායකයා තමන්ට ඉතිරි වූ සම්පූර්ණ උත්පාදනයන් ලාබය යැයි සැලකීම නිසාය.

යට කරන ලද මුල්‍යයට ලැබෙන පොලිය ලාබයේ කොටසක් නොවේ. කොම්පැණියක් ගෙවන dividends නොහොත් ලාභාංශ යනු ලාබය (profit) නොවේ. ලාභාංශ යනු මුල්‍ය ආයෝජනයට ලැබෙන පොලිය සහ ලාබය හෝ පාඩුව අඩුකළ විට ලැබෙන්නයි.

ව්‍යවසායකයා විසින් වෙළඳපොලේ දී ව්‍යවසායක කටයුතු සඳහා වෙහෙස වීමෙන් ලබන්නේ ලාබයක් නොව එසේ මෙන් පෙනෙන වේතනයකි.

ව්‍යවසායකයෙකු නිෂ්පාදන ක්‍රියාවලියේ යම් අංගයක මොනොපොලියක් අයිති කරගත්තා යැයි සිතමු. එවිට ඔහුට ලැබෙන්නේ මොනොපොලි වැඩිවීමකි. මෙය කොම්පැණියක් යැයි සිතමු. එවිට කොම්පැණියේ ලාභාංශ ඉහළ යයි. එහෙත් ඒවා ද නියම ලාබ නොවේ.

තාක්ෂණය හා නවෝත්පාදනය හා වැඩි දියුණු කිරීම් ගැන වූ ව්‍යවසායකත්වයන් සැලකෙද්දී ලාබය යන්න තවත් අවුල් වෙයි.

පාරිභෝගිකයාගේ ඉල්ලුම වැඩිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් සපුරාලන්නට නව තාක්ෂණය, නවෝත්පාදන හා නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩි දියුණු කිරීම් ඉටු කරන්නට සමත් වීමේ දී ඉවත් වී යන දුස්සමායෝජනය (maladjustments) ව්‍යවසාකයාගේ ප්‍රධාන කාර්ය භාරයකි. එහෙත් එය හැම විටම සිද්ධ නොවේ. පරිසිද්ධීන් වෙනස් වීම හා පාරිභෝගික ඉල්ලුම වෙනස් වීම නිසා හැඩ ගැස්සීම් නිතර කරන්නට සිද්ධ වෙද්දී තාක්ෂණය, නවෝත්පාදන හා දියුණු කිරීම් කිසිවක් නොසලකා විය හැකි අවස්ථා ද ඇතිවේ.

පවතින නිෂ්පාදන පහසුකම් යටතේ කිසිත් නව තාක්ෂණයක් නොයොදා නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කිරීමට සමත් වෙන්නා කිසිත් ලෙසකින් අලුත් විදියකින් නිෂ්පාදනය කරන්නට සමත් වෙන්නාට වඩා පහත මට්ටමකට වැටෙන්නේ නැත.

ව්‍යවසායකයාගේ ව්‍යාපාරය යනු නව තාක්ෂණය සමඟ අත්හදා බැලීම් කරන්නක් පමණක් නොවේ. තමන් ඉදිරියේ ඇති අනේක විධි ක්‍රම වලින් වඩාත්ම සුදුසු ආකාරයෙන් මහජනතාවට වඩාත්ම අනගි බඩු වඩාත්ම අඩු මිලට ඉතාමත් ඉක්මණින් සපයන්නට හැකියාව තෝරා ගන්නා අයෙක් ව්‍යවසායකයෙකි.

නව තාක්ෂණය ඊට සුදුසු ද නුසුදුසු ද කියා පළමුවෙන් තීරණය කරන්නේ ව්‍යවසායකයා වන අතර ඊට අවසාන වශයෙන් තීන්දුවක් දෙන්නේ පාරිභෝගිකයාය. ඉතින් නිෂ්පාදන ක්‍රමය තාක්ෂණික ගැටළුවක් විසඳා ගත් අනර්ඝ අන්දමක් ද යන්න ගැන වූවක් නොවේ. එය, පවතින ආර්ථික දත්ත අනුව පාරිභෝගිකයාට අඩු මිලෙන් වඩාත්ම හොඳින් සපයන්නට තෝරා ගත් නිෂ්පාදන ක්‍රමය වෙයි.

ව්‍යවසායකයාට නිරන්තරයෙන් තීරණ ගන්නට සිද්ධ වේ. නිෂ්පාදන සාධක මොන අරමුණක් සඳහා යෙදවිය යුතු දැයි හේ තීරණය කරයි. ව්‍යවසායකයන් ගැන නොදන්නා අය මේ තත්වය හඳුනා නොගනිති. තාක්ෂණික හා පරිපාලන කටයුතු කරගෙන යෑම ව්‍යවසායකයාගේ කාර්ය භාරය යැයි වරදවා සිතා සිටින අය බොහෝය. ඔවුන් දකින්නේ කොටස් හිමිකරුවන් සහ අවදානම් ගන්නා අය පුටු රත් කරමින් ලාභාංශ වලින් මළු පුරවා ගන්නා අය හැටියටයි. ඔවුන් දකින්නේ වේතනයට ශ්‍රමය වෙහෙසන අය සත්‍ය ව්‍යවසායකයන් හැටියටයි.

ශ්‍රමයක් වෙහෙසන්නේ නැතිව කිසිවක් නිෂ්පාදනය කළ හැකි යැයි කිසිවෙක් කියා නැත. එහෙත් එසේම කළ නොහැක්කේ ප්‍රාග්ධන භාණ්ඩ (capital goods) නොමැතිව නිෂ්පාදන බිහි කිරීමයි. ප්‍රාග්ධන භාණ්ඩයක් යනු ඊට කළින් නිපදවන ලද්දා වූ තවත් භාණ්ඩ නිපදවන්නට යොදා ගත හැකි වූවක් වෙති. ඒ ප්‍රාග්ධන භාණ්ඩ දුර්ලභය. තවත් විදියකින් කිව්වොත් අයෙක් නිපදවන්නට කැමති සියල්ල නිපදවීමට යොදා ගැනීමට ප්‍රමාණවත් ප්‍රාග්ධන භාණ්ඩ ඔහුට නොමැත. ඒ නිසා ආර්ථික ගැටළුවක් පැන නඟියි. පාරිභෝගිකයාගේ වඩාත්ම හදිසි ඉල්ලුම සපුරාලන්නට අවශ්‍ය භාණ්ඩ පමණක් වහාම නිපැදවීමට ඒ ප්‍රාග්ධන භාණ්ඩ යොදවා ගන්නේ කෙසේදැයි තීරණය කිරීමයි.

භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සාධක නැතැයි කියා හෝ ඒවා දැනටමත් නිෂ්පාදනයට යොදා ගෙන ඇතැයි කියා හෝ ඒ සාධක වෙනත් ඉල්ලුම අඩු භාණ්ඩ නිපදවන්නට යොදා ගත්තාය කියා හෝ ඒවා නාස්ති වී ගියා යැයි කියා භාණ්ඩ නිෂ්පාදනයෙන් අහක් වී සිටින්නට නොහැකියි.

ධනවාදී ක්‍රමයේ දී පුද්ගලික ව්‍යවසායකයා විසින් විවිධ ක්ෂේත්‍රයන් හි දී මූල්‍ය කොයි නිෂ්පාදන වලට යොදවන්නේ ද යන්න තීරණය කරයි.

සමාජවාදී ක්‍රමයේ දී එම තීරණ ගැනීම ආණ්ඩුවේ කාර්ය භාරය වෙයි. එහි දී ආණ්ඩුවක් විසින් බොහෝ ප්‍රාග්ධන භාණ්ඩ වලට ආධාර සැපයීම නිසා ඒවා වැඩි වී පාරිභෝගික භාණ්ඩ හිඟයක් නිතර දකින්නට ලැබේ.

ව්‍යවසායකයන් හා ව්‍යවසායකයන් නොවන අය කවුරුන් දැයි හඳුනාගත හැකි සරල ක්‍රමයක් ඇත. ව්‍යවසායකයන් යනු තමන් ගත් තීරණ නිසා ආයෝජනය කරන ලද මූල්‍යයට පුද්ගලික අලාභ අත්විඳි අයයි. වෙන නොයෙකුත් නිර්වචන හා හැඳින්වීම් දකින්නට ලැබුනත්, යොදවන ලද මූල්‍ය අහිමි වී අලාභයක් අත්විඳින්නේ ව්‍යවසායකයා යන්න නිෂ්පාදන උත්සාහයක දී වෙනස් නොවන්නකි.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: