අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබ නොසොයන සංවිධාන ඔවුන්ගේ ම අධිරාජ්‍යයන් වෙති

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 25, 2013

Unknown

වෙළඳපොලේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ලාබ සොයන ව්‍යාපාරයක් කොන්දේසි විරහිතව පාරිභෝගික ජනතාවගේ අණසකට යටත් වී සිටීමයි.

එහෙත් ලාබ නොසොයන සංවිධාන ඔවුන්ගේම අධිරාජ්‍යයන් වෙති. ඔවුන් සතු මූල්‍ය ප්‍රමාණයේ සීමාව ඇතුලත කටයුතු කරද්දී ඔවුන් මහජනතාව කියන කිසිවකට සවන් දිය යුතු නැත. ඔවුනට මූල්‍ය ලැබෙන ආකාරය පාලනයේ ඉන්නා ආණ්ඩුවේ ප්‍රසාදය මත සිද්ධ වෙද්දී සහ එසේ නොමැති කල ඒවා ලැබෙන්නේ කෙසේදැයි සඟවන්නට හැකිවෙද්දී ඔවුන් තමනට රිසි සේ කටයුතු කරන ආකාරය මනාව දැකගන්නට ජනතාවට ලැබේ.

ආණ්ඩුවේ ආයතනයක දී පරිපාලනය සිද්ධ වෙන්නේ ඉහළින් එන නියෝග අනුව මිසෙක පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව නොවේ. සමාජයට යහපතක් ඉටු කරලනවා යැයි කියන ඔවුන්ගේ වැඩ පිළිවෙලේ ඔවුන් ක්‍රියා කරන ආකාරය ගැන ආර්ථික ගණනයක් කළ නොහැකියි. ආණ්ඩුවක් ඒ ඒ දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදෙන රජයේ නිලධාරීන්ට නිකුත් කරන්නේ සීමිත අරමුදල් ය. ඒවා බෙදා හැරිය යුත්තේ ඉහළින් එන නියමයන් අනුව පමණි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් යන වැය පිළිබඳව පාරිභෝගිකයා සමඟ මිල ගැන කතාබහක් කරන්නට එහි දී අවකාශයක් ලැබෙන්නේ නැත. ඉතින් රාජ්‍ය පරිපාලනයේ ඉන්නා අය නිශ්චිත රෙගුලාසි හා රීති පිළිපදින රූකඩයන් පමණක් වෙති.

ලාබ අලාබ මත පදනම් වූ කළමනාකරණයක් නොමැති වූ තැන ඇතිවන්නේ පරිපාලන නිලධාරී කළමනාකරණයකි.

පාරිභෝගිකයන් විසින් මිල දී ගන්නා සහ මිල දී ගැනීමෙන් වැළකෙන හැම අවස්ථාවක දී ම එවිට වෙළඳපොලේ සිටිය යුතු පුද්ගලික ව්‍යවසායකයන් කවුරුන් දැයි බංකොළොත් වී යා යුත්තේ කවුරුන් දැයි තීන්දු දෙති. කවුරුන්ට දේපල අයිති විය යුතු ද කවුරුන්ගේ දේපල අහිමි විය යුතු ද යන්න ඔවුන් තීරණ කරති. එසේම ව්‍යවසායකයන් විසින් කොපමණක් ලාබ හා දේපල සතු කරගත යුතු ද යන්නත් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසිනි.

මිනිසා ඕනෑම තෝරා ගැනීමක් කරද්දී, රටේ නායකයෙක්ව තෝරා ගන්නේ ද, වැඩට බඳවා ගන්න ශ්‍රමිකයෙක් සොයන්නේ ද, යාළුවෙක් ඇසුරට පියවරක් ගන්නේ ද, විවාහ ජීවිත සහකරුවෙක් තෝරා ගන්නේ ද, පාරිභෝගිකයා භාණ්ඩයක් හෝ සේවාවක් ගන්නට තීරණයක් ගන්නා අන්දමට ය. තීරණයක් ගැනීම යනු අත්දැකීම් මත පසුබිම් වූ තෝරා ගැනීමකි. එහි දී නිතරම අතීතය ගැන අදහස් දැක්වීමක් සිද්ධ වෙයි. කිසිම ආකාරයකින් අනාගතය ගැන කිසිත් දැනුමක් නැතිය.

ඒ වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවය නිසා වෙළඳපොලේ චන්දය හැමවිටම අතීතයේ දී අනගි ලෙසින් පාරිභෝගික ඉල්ලුම සපයන ලද්දාට හිමි වේ.

නමුත් තෝරාගැනීම යනු මිනිසාට වෙනස් කරගත හැකි ද වූවකි!!!! නිවැරදි කරගත හැකි වූවකි!!!!

දීර්ඝ කාලයක් පුරා පාරිභෝගිකයන් මහත් පිරිසක ගේ තෝරාගැනීම් වලින් ඉහළින්ම ප්‍රසාදය දිනා ගන්නට නම් ව්‍යවසායකයා විසින් දිනපතා විභාගයක් සමත් විය යුතුයි. හැමදාම අලුත් චන්දයකට මුහුණ දිය යුතුයි.

උරුමයෙන් ව්‍යාපාරයේ අයිතිය ලැබූවන්ට ද මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ එවැනි ම වූ තත්වයකටයි. ඔවුන්ට දායාද වූ ඉහළ තත්වය රැකගන්නට නම් මහජන ප්‍රසාදය නැවත නැවතත් දිනාගන්නට කටයුතු කළ යුතුයි. ව්‍යවසායකයාගේ පුටුවක් යනු හනිකට උදුරා ගැනෙන්නකි. උරුමක්කාරයෙකුට ඒ පුටුව ලැබෙන්නේ තමනට කළින් කටයුතු කළ අයගේ සාර්ථකත්වය මත වුවත් එය පවත්වා ගන්නට නම් මූල්‍ය යෙදවිය යුත්තේ පාරිභෝගිකයාව වඩාත් තෘප්තිමත් කරන ආකාරයෙන් විය යුතුයි.

ව්‍යවසායකයෙක් හොඳ (good) හෝ පරිපූර්ණ (perfect) යැයි අචාර ධාර්මික ලෙසකින් කිව නොහැකියි. ව්‍යවසායකයාගේ ඒකීය පුද්ගල ජීවිතය ගැන ආචාර ධාර්මික විනිශ්චයන් දෙන්නට හැකියි. නමුත් නිදහස් වෙළඳපොලක දී ඔහුගේ ව්‍යවසායක කාර්ය භාරය තීරණය කරන්නේ පාරිභෝගිකයන් නිසා ඒ ගැන ඔහුව විනිශ්චය කරන්නට යා නොහැකියි. ව්‍යවසායකයාගේ තනතුර, එනම් ඔහුට කටයුතු කරන්නට හැකියාව ලැබෙන්නේ, මහජනතාව ඔහු වෙතින් ඉල්ලා සිටින දේ අනගි ලෙසින් ඉටු කරන්නට පුලුවන් හැකියාව මත පමණකි. තමනට අවශ්‍ය දේවල් සඳහා ඉල්ලුමක් ඇති කරන ජනතාව එය අනගි හා අඩු මිලකට හනිකට සැපයූ පුද්ගලයා ගැන ඔහු හොඳ/නැහැ හෝ පරිපූර්ණ/නැහැ යැයි අවලාද කියන්නට නොහැක. පාරිභෝගිකයා සිය මුදල් කැමැත්තෙන් දී භාණ්ඩයක් මිල දී ගැනීමේ ගණුදෙනුවෙන් පසු සිය ප්‍රසාදය තරඟයෙන් ජයගත් ව්‍යවසායකයාට ඒ වෙද්දී නැවත ආපසු ගැනීමට නොහැකි ආකාරයකින් පවරා දී ඇත.

ව්‍යවසායකයා ලාබ සොයන්නේ තම කාර්යය දක්ෂ ආකාරයෙන් කරන්නට සමත් නිසා පමණක් නොවේ. තරඟයේ යෙදෙන අනික් අයට වඩා දක්ෂ සහ අනෙක් අයට වඩා වැරදීම් අඩුවෙන් කරන නිසාය.

ව්‍යවසායකයන් අතින් ද වැරදීම් හා අවුල් කරගැනීම් සිද්ධ වේ. එහෙත් ඔවුන්ගේ වැරදීම් හා අවුල් කරගැනීම් ගැන වෙන කිසිවෙකුට ඔවුන් හා උරණ විය නොහැකියි. අයෙක් කියනවා නම් මේ ව්‍යවසායකයාට වඩා හොඳින් ඒ භාණ්ඩය හෝ සේවාව තමනට සපයන්නට හැකියි කියා එයා එසේ නොකරන්නේ මන්ද යැයි අපිට ඇසිය හැකියි.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Raj said, on අප්‍රේල් 25, 2013 at 10:21 පෙ.ව.

    මා පාසලේදි උසස් පෙළ සඳහා උගත්තේ වානිජ්‍ය විෂයන්ය එහිදි අපි උගත් ඇතම් න්‍යායාත්මක කරුනු සමාජිය බසින් නැවත ආවර්ජනය විය ස්තුතී ලිපියට

    • arunishapiro said, on අප්‍රේල් 26, 2013 at 7:46 පෙ.ව.

      Raj,

      ලාබය හොයනවාට එරෙහි වෙමින් මුළු සමාජයක් වැඩි වන විදුලි බලය ගැන අඳෝනා කිය කිය ඉන්න හැටි දැක්කම, ඉංජිනේරු physics න්‍යායන්ට එරෙහිව පාලම් හදන්න බැහැ වගේ ආර්ථික විද්‍යා න්‍යායන්ට පටහැනිව ආර්ථිකයක් වැඩ කරන්නෙ නැහැයි බව දන්න සොච්චමට හරි මතක් කරලා දෙන්න ඕනෑ යැයි හිතුණ.

  2. Chandi said, on අප්‍රේල් 26, 2013 at 11:38 පෙ.ව.

    අද දෙරනින් කිව්වා ඇමතිවරිය මෙගාවොට් ද, ගිගා වොට් ද , වැඩි කියල ඇහුවාය කියලා. ඉතින් උපදෙස් දෙන්නන් කියන දේ නොවැ ඈ කරන්නෙ. මෙහෙමත් රටක්! විකල්ප සොයා නොයන්නේ මන්ද?

  3. Aba said, on අප්‍රේල් 29, 2013 at 5:11 පෙ.ව.

    Maha janathawa hatiyata apata aththatama nidahas weladapolak thiyenawada?

    • arunishapiro said, on අප්‍රේල් 29, 2013 at 6:39 පෙ.ව.

      Aba,

      වෙළඳපොල නිදහස උදා කරගත හැකියාව ඇත්තේ මහජනතාවට ම පමණයි. ඒක ආණ්ඩුවකට කරන්න බැහැ. ජනතාව ඉල්ලා සිටිනවා නම් වෙළඳපොල නිදහස, එවිට ආණ්ඩුවකට බලයේ සිටිය හැකියාව ඇත්තේ ද එය ලබා දීමෙන් පමණයි. ඉතින් ඒ නිසා ඕනෑම ආණ්ඩුවක් ඊට කැමති කරවා ගන්න පුලුවන්. ඒත් දැනට බහුතර මහජනතාව ඉල්ලන්නේ වෙළඳපොල නිදහස නෙමෙයි. ඉතින් අද වෙළඳපොල නිදහස දුන්නොත් යම් ආණ්ඩුවක්, ඒ ආණ්ඩුවට බලයේ ඉන්නට බැරි වෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: