අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබ වැඩියෙන් සොයන අයට අවලාද කියද්දී ජනතාව තමන්ට පාඩු පමුණුවා ගනිති

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 27, 2013

Money

ලාබ පමණට වඩා වැඩියෙන් සොයනවා යැයි කියා කාර්යක්ෂම වෙළඳපොල ව්‍යවසායකයන්ට වැඩියෙන් ලැබෙන දැඩි දඬුවම් සේ ඉහළ බදු මට්ටම් පනවද්දී පාඩු ලබන්නේ මහජනතාවයි. ලාබ වලට බදු ගැසීම යනු මහජනතාවට වැඩියෙන්ම හොඳින් සේවය සපයන්නට හැකි වෙළඳපොල ව්‍යවසායකයන් ගේ සාර්ථකත්වයට බදු ගැසීමයි.

නිෂ්පාදන ක්‍රියාවලියේ එකම ඉලක්කය නිෂ්පාදන සාධක වඩාත්ම ඉහළ නිමැවුම් සැපයීමට සමත් ලෙසින් යෙදවීමයි. නිෂ්පාදන සාධක අඩුවෙන් යොදවා ගෙන යම් භාණ්ඩයක් නිපදවන්නට හැකි වූ අයට එයින් ඉතිරි වෙන දුර්ලභ නිෂ්පාදන සාධක වෙනත් භාණ්ඩ නිපදවනු සඳහා යොදවන හැකියාව ලැබෙයි. එහෙත් මේ අංශයෙන් යම් නිෂ්පාදකයෙක් වඩා සමත්කමක් පෙන්වන්නේ ද, සමාජවාදී ආණ්ඩුවක් ඔහුව එවිට බදු වලින් මිරිකනු ලබයි. නිමැවුම් ඒකකයක වැය වැඩි කිරීම නාස්තියක් සේ දැකිය යුතු වූ කල, නිෂ්පාදන අඩාල කරන බදු ක්‍රමය විසින් එය දකින්නේ සද්ගුණයක් ලෙසටයි.

දැන්වීම් මඟින් කුමක් හෝ ඇඟේ ගහන්න නිෂ්පාදකයා සමත් වෙනවා යැයි හිතන හුරුව නිසා සමාජයක් විසින් නිෂ්පාදනයේ ස්වභාවය සහ ලාබ පාඩු වල ක්‍රියාකාරීත්වය ද වටහා ගන්නට අසමත් වෙති. ජනප්‍රිය මිථ්‍යාව නම් ලාබ යනු නිෂ්පාදන වැයේ අතිරේකයක් යැයි සිතා එය රඳා පවතින්නේ විකුණන්නාගේ මනාපය අනුව යැයි සිතීමයි.

මේ මිථ්‍යා විශ්වාසය මිල පාලනය කරන ආණ්ඩු වලට මාර්ගෝපදේශකත්වය දෙයි.

එම මිථ්‍යා විශ්වාසයම තමන් සමඟ කොන්ත්‍රාත්තු ගහන අය හා එකඟතාවයන්ට එළඹීමට ආණ්ඩුව දිරි ගන්වයි. විකුණන්නා විසින් යම් ප්‍රතිශතයකින් වැඩි කරන ලද්දා වූ මිලකින් නිෂ්පාදනයේ වැයට සමාන වූ අමුද්‍රව්‍යයට මිලක් ගෙවීම කොන්ත්‍රාත්තු වලට පිවිසෙන ආණ්ඩුවක් විසින් තීරණය කරයි. අතිරික්තය වැඩියෙන් තීරණය කරන කොන්ත්‍රාත්තුකාරයාට වැඩිමනත් වැය මඟහැරීමට නොහැකි වෙයි. මෙවැනි කොන්ත්‍රාත්තු නිසා යම් සේවාවක් සපයන්නට ආණ්ඩුවක් විසින් එළඹෙන කොන්ත්‍රාත්තු නිතරම අනවශ්‍ය වූ ද, හානිකර වූ ද, නාස්තියෙන් යුතු වෙති. එහෙත් රාජ්‍ය නිලධාරීන් සහ ආර්ථික විද්‍යා මහාචාර්යවරු තමන් ජනතාවගේ සුවසෙත සලසන්නට මේ ගණන් තීරණය කරන්නට සමත් වූවා යැයි උදම් අනිති. සුවසෙත සලසනවා කියන සමාජයේ දුප්පත්ම ජනතාවගේ ජීවන බර ඉහළ දැමූ බව නොදිකිති.

සියළු මිනිසුන්, ව්‍යවසායකයන් හා ව්‍යවසායකයන් නොවන අය ද, අනෙත් අය විසින් උපයා ගන්නා ලද ලාබයන් දිහා බලන්නේ වපර ඇසිනි. ඊර්ෂ්‍යාව යනු මිනිසුන් අතර පොදු දුර්වලතාවයකි. සාර්ථක ව්‍යාපාරිකයෙක් යම් දූර දර්ශී බවකින් හා විනිශ්චයකින් කටයුතු කළ නිසා ලාබ උපයා ගන්නට සමත් වූවා යැයි පිළිගැනීමට, ඔවුනට එසේ කරන්නට හැකියාව තිබිය දී එසේ සිද්ධ වූ විට, එයට ඉතා තද අකමැත්ත දක්වති. ඒ ගැන වැටහීම වැඩියෙන් ඇති වෙන්නේ ද ඇතිවන නුරුස්නා බව ද තවත් දැඩි වෙයි!!!!!

සාර්ථක ව්‍යවසායකයෙක් විසින් වෙළඳපොලට භාණ්ඩයක් නිකුත් කරද්දී එය මිල දී ගන්නට කැමැත්තෙන් පොරකන මහජනතාවක් නැත්නම් කිසිම ලාබයක් උපදින්නේ නැත. එහෙත් ඒ භාණ්ඩය කැමැත්තෙන් මිල දී ගන්නට පොරකන ජනතාව තමන් එසේ පොරකමින් මිල දී ගනිමින් ව්‍යවසායකයාගේ ලාබය සූරාකෑම යැයි හංවඩු ගසති!!!!

උපයා ගත් ආදායම හා උපයා නොගත් ආදායම යනුවෙන් දෙකොටසක් ගැන කතාබහක් තිබීම මේ ද්වේෂය පැතිරීමට තවත් හේතුවකි. පාඨමාලා පොත් වලින්, නීතියේ භාෂාවෙන් හා පරිපාලනයේ පිළිවෙත් වලින් earned/unearned ආදායම් ගැන කියවන්නට ලැබේ. සේවකයන් ලබන්නේ උපයා ගත් ආදායමයි. එවිට අනෙක් සියළු ආදායම් උපයා නොගත් ආදායම් යන කොටසට දමයි.

මහජන මතය ඉඩ දෙන්නේ සේවකයෙකුගේ වේතනයට වඩා ඉහළින් නොයන ලාබ ඉපැයීම පමණකි. අතිරික්ත සියල්ලම අසාධාරණ යැයි ලේබල් වෙති. උපයන තරමට ගෙවන බදු ක්‍රමයේ ඉලක්කය මේ අතිරික්තය උදුරා ගැනීමයි.

ඉතින් ලාබය යන්නේ ප්‍රධාන ක්‍රියාකාරීත්වය නම් මහජනතාවගේ කැමැත්ත වඩාත්ම හොඳින් සපුරාලන්නට හැකි වූ අයගේ අතට මූල්‍ය හැසිරවීම පැවරීමයි. මිනිසෙක් වැඩියෙන් ලාබ සොයන්නේ ද, ඔහුට වැඩියෙන් වස්තු සම්පත් අයිති වෙයි. එවිට ඔහුට තම ව්‍යාපාරික කටයුතු කරගෙන යෑමට වැඩියෙන් නිෂ්පාදක ක්‍රියාවලිය තුල බලපෑම් ඇති කරන්නට හැකියාව ලැබේ.

ලාබ හා පාඩු යනු මෙවලමකි. නිෂ්පාදන කටයුතු රටේ කොයි ක්ෂේත්‍රයක් දියුණු කරන පැත්තකට ගෙන යනවා ද යන්න තීරණය කිරීම, නිෂ්පාදනයන් වැඩියෙන් හොඳින් කරගෙන යෑමට සමත් වෙන අය අතට තෘප්තිමත් වූ මහජනතාව විසින් පවරන්නකි. ලාබ උදුරා ගන්නට ගෙනෙන ඕනෑම මැදිහත්වීමක් නිසා මේ උත්සාහය අඩපණ වෙයි.

එයින් සිද්ධ වන විපාකය නම් පාරිභෝගිකයා අත තිබෙන බලය අහිමි වී යාමයි.

මහජනතාවගේ උවමනාවන් සපුරාලන ආර්ථික ක්‍රියාදාමය එවිට කාර්යක්ෂම බවෙන් අඩු වී ප්‍රතිචාර දැක්වීමෙන් තොර වී යයි.

ව්‍යවසායකයාගේ ලාබය දිහා ඊර්ෂ්‍යාවෙන් බලන සාමාන්‍ය මිනිසා වැරදියට හිතන්නේ ව්‍යවසායකයා විසින් ඒ ලාබය මුළුමනින්ම ව්‍යවසායකයාගේ පරිභෝජනය පිණිස ගන්නා බවයි. එහෙත් සත්‍යය නම් ව්‍යවසායකයෙක් එයින් අල්පයක් පමණක් පරිභෝජනය කරයි. එයින් වැඩි කොටස ව්‍යවසායකයා නැවත යොදවන්නේ තම ව්‍යපාරයටයි. තව ලාබ උපයන්නට හැකියාව ලැබෙන්නේ ඉතිරි කිරීම් හා ආයෝජන වලින් මිසෙක ලාබයක් මුළුමනින්ම පරිභෝජනයෙන් අවසන් කිරීමෙන් නොවන බව වෙනත් කිසිවෙකුට වැඩියෙන් සක් සුදක් සේ දන්නේ ව්‍යවසායකයෙකි!!!!!

කුඩා ව්‍යාපාරයක් ලොකු ව්‍යාපාරයක් බවට පත්වෙන්නේ වියදම් වැඩියෙන් කිරීම නිසා නොව, ඉතිරි කිරීම් හා මූල්‍ය එකතුව වැඩිකර ගැනීමෙනි. කුඩා ව්‍යාපාර මහත් ගණනාවක් පවතින එහෙත් ලෝක මට්ටමෙන් ලොකු ව්‍යාපාර එකක් හෝ නැති රටක ලාබ සොයන හැටි දන්නා අය නැත. ඉතිරි කිරීම් හා මූල්‍ය එකතුව ගැන දන්නා අය නැත. දේශපාලන ගුණ්ඩු වලින් රැස් කරන ධනවස්තු එවැනි රටවල දේශපාලන ව්‍යවසායකයන් විසින් තම රටේ පවා නොතබා ලාබ සොයන්නට දන්නා අය වාසය කරන රටවල තැන්පත් කර ඒ රටවල ඉතිරි කිරීම් හා මූල්‍ය එකතුව වැඩිකරන්නට සහාය වෙති.

එවැනි රටවල වාසය කරන ආර්ථිකයක් වැඩ කරන හැටි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන නොගත් මහා ජනතාව තව තවත් දුප්පත් වෙමින් සිය නායකයන් ධනවතුන් මෙල්ල කරමින් දුප්පතුන් ගේ සුවසෙත සලසන්නට ඇප කැප වූවන් යැයි ප්‍රචාරය කර හරින මුඛරි බස් වලට රැවටී සිටිති.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. සෑම් said, on අප්‍රේල් 27, 2013 at 12:17 ප.ව.

    බහුතරයක් මිනිස්සු ලාභය බලන්නෙ මුදලින් විතරයි. තත්වය බලන්නෙ නැති නිසා රවට්ටන්න තවත් ලේසී..

    • arunishapiro said, on අප්‍රේල් 27, 2013 at 4:22 ප.ව.

      සෑම්,

      මුදල් අගය විකෘතියට පත් වී ඇති නිසා තත්වය ගැන දැනුමක් ලැබෙන්නේ නැහැ .. ඒක තවත් දිග කතාවක්, ඊ ළඟට ලියන්න අවශ්‍ය!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: