අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබය යනු වැඩ කරන ජනතාවගේ ආදායමෙන් කොටසක් නෙමෙයි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 28, 2013

IMG_5263

පුද්ගලයන්ගේ වස්තු සම්පත් වෙනස් නොවී ඒක ශීර්ෂ ආදායම එක තැන ලැග ඉන්නා ආර්ථිකයක සමහර ව්‍යවසායකයන් විසින් උපයා ගන්නා සම්පූර්ණ ලාබය සමඟ අනෙකුත් ව්‍යවසායකයන්ට සිද්ධ වන සම්පූර්ණ පාඩු සමාන වෙයි. එහි දී පාරිභෝගිකයන් විසින් යම් භාණ්ඩයකට වැඩියෙන් මිලක් ගෙවද්දී තවත් භාණ්ඩයකට ඒ හා සමාන ලෙසින් අඩුවෙන් ගෙවීමක් කරනු ලබයි.

උදාහරණයක් වශයෙන් විදුලි බලයට සමහර අයට වැඩියෙන් ගෙවන්නට සිද්ධ වෙද්දී ලංකාවේ සමහරු “නිදහස් අධ්‍යාපනය” නොමිලේ ලබා ගනිති!!!! වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම මත නොව මේ මිල ගණන් තීරණය කරන්නේ ආර්ථිකය හසුරුවන්න දන්නවා යැයි කියන පණ්ඩිතයන් විසිනි. එසේ දන්නවා යැයි හිතන පණ්ඩිතයන් ලෝකයේ කුමන රටක වාසය කළත් තමන්ට එය දැනගත නොහැකි යන සත්‍යය පිළිගන්නේ නැත.

සත්‍යයෙන් සංවර්ධනය වෙන ආර්ථිකයක් නම් සියළු ලාබයන් සියළු පාඩු වලට වඩා වැඩියෙන් ඇති ආර්ථිකයකි. එවැනි ආර්ථිකයක ඒක ශීර්ෂ මූල්‍ය ඉහළ යයි. එය ඉතිරි කිරීම් නිසා වැඩි වර්ධනය වෙන්නකි. එහි දී කළින් තිබුන මූල්‍ය භාණ්ඩ වලට එයින් තවත් එකතු වීමක් සිද්ධ වෙයි. මූල්‍ය වැඩි වීමත් සමඟින් දුස්සමායෝජනයන් හට ගන්නේ සත්‍ය නිෂ්පාදන සහ අමතර මූල්‍යයෙන් කළ හැකි නිෂ්පාදන අතර පරතරයක් උත්පාදනය වීමෙනි. මෙතෙක් කරන්නට නොහැකි වූ ව්‍යාපෘති මේ අමතර මූල්‍ය එකතු වීම නිසා දැන් කරත හැකි වේ.

මෙතෙක් තෘප්තිමත් නොකරන ලද පාරිභෝගිකයාගේ වඩාත්ම හදිසි ඉල්ලීම් තෘප්තිමත් කළ යුතු මාර්ග වලට අලුතෙන් එකතු වූ මූල්‍ය යෙදවීම නිසා ව්‍යවසායකයන් ලාබ උපයා ගනිති. එහි දී ලාබ උපයන ව්‍යවසායකයන්ගේ ලාබ සමඟ අනෙක් පාඩු විඳින ව්‍යවසායකයන්ගේ පාඩු අතර ප්‍රතිතුලනයක් (counterbalance) කිරීමක් අවශ්‍ය නොවේ.

අමතර මූල්‍ය වර්ධනය කිරිම නිසා වස්තු සම්පත් වැඩිකර ගැනීමේ අවස්ථාවෙන් කොටසක් ලැබෙන්නේ එය ඉතිරි කිරීම් වලින් නිර්මාණය කරන ලද අයටයි. එයින් ආන්තික ඵලදා ශ්‍රමය (marginal productivity of labor) ඉහළ යැවීම මඟින් සහ එහි ප්‍රතිඵලයක් ලෙසින් වේතන ඉහළ යෑම මඟින්, එහි දී අමුද්‍රව්‍ය හා ආහාර මිල* නිශ්චිතවම ඉහළ යෑම මඟින්, භූමියේ අයිතිකරුවන්ට* ඉහළ පොලී ගණන් ලැබීම, සහ වඩාත්ම කාර්යක්ෂම ලෙසින් නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත් ව්‍යවසායකයන්ට අලුත් මූල්‍ය ලැබීම යනාදී අනික් අයට ද වස්තු සම්පත් වලින් ඉතිරිය බෙදා ගැනීමට ඉඩක් ලැබෙයි.

තවත් විදියකින් කිව්වොත් ඉතිරි කිරීම් හා ලාබයෙන් එකතු කරගත් අමතර මූල්‍ය වර්ධනය කරන්නට ඉඩදෙන සමාජයක සියල්ලන්ම ධනවත් වෙති.

එහි දී ශ්‍රමයට වේතන ලබන සහ ඉඩම් අයිතිකරුවන්ගේ පොලී වැඩි වීමෙන් රටේ වස්තු සම්පත් වැඩි වීම ස්ථිර වුව ද, ව්‍යවසායකයාගේ ලාබය මේ සංකලනය සමාප්ත වීමෙන් පසු අතුරුදහන් වී යයි. ව්‍යවසායකයාගේ ලාබය යනු හුදෙක් ම දුස්සමායෝජනයන් පවතින නිසාම පමණක් ඇතිවන්නකි. ව්‍යවසායකයා ඊ ළඟ දුස්සමායෝජනය සොයාගත යුත්තෙකි. දිනපතා හටගන්නා දුස්සමායෝජනයන් සමනය කිරීම පමණක් නිසාම ලාබයක් ලැබීම යන්න ස්ථිර ආර්ථික සිද්ධාන්තයකි.

ලාබය යනු වැඩ කරන ජනතාවගේ අදායමෙන් කොටසක් අඩු කරගැනීම යන්න ජනප්‍රිය දුර්මතයකි.

ලාබය යනු පාරිභෝගිකයාගේ වැයට එකතු කරන ලද කොටසක් යන්නත් ජනප්‍රිය දුර්මතයකි.

අඩු කරන ලද යන වහර යොදන්නට අවශ්‍ය නම් එය යෙදවිය යුත්තේ, පාඩු වලට වැඩියෙන් වූ මේ අතිරික්ත ලාබය සහ වේතන ඉහළ යාම සහ ඉඩම්හිමියන්ට ඉහළ පොලී ලැබීම යනාදිය අඩු වී යන්නේ ඉතිරි කිරීම් වැඩි කරමින් මේ අමතර මූල්‍ය ගෙනා අයගේ වස්තු සම්පත් වලින් කියාය.

ඒ ආර්ථිකය දියුණු වන්නට යොදා ගත්තේ ඔවුන්ගේ මූල්‍ය ඉතිරි කිරීම් නිසාවෙනි. තාක්ෂණික නවොත්පාදන යොදවා ගැනීමට හැකියාව ලැබුනේ ඔවුන්ගේ මූල්‍ය ඉතිරි කිරීම් නිසාවෙනි. තව අමතර මූල්‍ය උත්පාදනය කරන්නට කාර්යක්ෂම ලෙසින් දායක වන්නේ ව්‍යවසායකයාගේ උත්සාහයයි. කිසිවෙක් යම් මූල්‍ය ඉතිරි කිරීමක් කළේ නැත් ද එවිට වැඩි දියුණුවට හෝ ආර්ථික ප්‍රගතියට ශ්‍රමිකයන්ට හෝ ඉඩම් හිමියන්ට කළ හැකි දෙයක් ද නැත.

ඉතිරි කිරීම් වලින් අමතර මූල්‍ය නිර්මාණය කරන අය නිසා අනිවාර්යෙන් ප්‍රතිලාභ ලබන්නේ ශ්‍රමිකයන් හා ඉඩම් හිමියන් වෙති. ඔවුන් ඒ ප්‍රතිලාභ ලබන්නේ අර අමතර මූල්‍ය ලාබ සොයත හැකි සේ පාරිභෝගික ඉල්ලුම හනිකට සපයන්නට හැකි වූ ව්‍යවසායකයාගේ උත්සාහය නිසාවෙනි.

ආපස්සට යන ආර්ථිකයක් නම් ඒක ශීර්ෂ මූල්‍ය ආයෝජන කෙමෙන් කෙමෙන් අඩු වී යන ආර්ථිකයකි. එවැනි ආර්ථිකයක සමහර ව්‍යවසායකයන්ට දරා ගන්නට සිද්ධ වෙන සම්පූර්ණ පාඩු ප්‍රමාණය අනෙකුත් ව්‍යවසායකයන් විසින් උත්පාදනය කරන්නට සමත් වෙන සම්පූර්ණ ලාබ ප්‍රමාණය ඉක්මවා යන්නකි.

හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටවල් යනු දේශපාලන ව්‍යවසායකයන්ගේ ලාබ ප්‍රමාණයට වඩා වෙළඳපොල ව්‍යවසායකයන්ගේ පාඩු ප්‍රමාණයන් ආණ්ඩුවේ මැදිහත් වීම් නිසා වැඩියෙන් පවතින රටවල් ය. කෙමෙන් කෙමෙන් වෙළඳපොල ව්‍යවසායකයන් අඩු වී දේශපාලන ව්‍යවසායක මොනොපොලියන් ඇති වීමෙන් රටක් තවත් බංකොළොත් කරනු ලබයි.

*ආහාර මිල ඉහළ යන්නේ මෙතෙක් බදු හා සහනාධාර වරප්‍රසාද ලැබූ පාලක හා පරිපාලන පංතියට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් තම වේතන වැඩි වූ නිසා ආහාර මිල දී ගත හැකියාව වැඩිවී වෙළඳපොල ඉල්ලුම වැඩිවීමෙනි. එහෙත් දේශපාලන ව්‍යවසායකයන් එවිට පුද්ගලික ව්‍යවසායකත්වය නිසා ආහාර මිල ඉහළ ගියා යැයි ජනතාව රවටන්නට පෙළ ගැසෙති.

*ශ්‍රමයට හැකියාව, ස්වභාවික සම්පත් සහ භූමියට අයිතිය තිබුනාට එවායෙන් පාරිභෝගික උවමනාවක් සපුරන ඉලක්කය සාර්ථක කරගන්නට දන්නා ව්‍යවසායකයෙකු නැත්නම් කිසිවෙකුට වස්තු සම්පත් ඉබේ පහළ නොවේ. එවිට මැද පෙරදිග තෙල් රටවල් සහ ඔස්ට්‍රේලියාව මෙන් තම ස්වභාවික සම්පත් විකුණා කමින් තම රටේ ආර්ථික දියුණු යැයි කියමින් කාලයක් සමෘද්ධියෙන් සිටිය හැකියි.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: