අරුණි ශපීරෝ‍ වෙතින්

මෝඩ වැඩ කරන්න අවසර ලැබෙන නිදහස

Posted in Uncategorized by arunishapiro on මැයි 2, 2013

google images

ධනවාදී ක්‍රමයේ දී බොස් වනාහි තමන් මිසෙක වෙන කිසිවෙක් නොවේ. පරම වනුයේ ආණ්ඩුව නොව ජනතාවයි. පරම කවුදැයි ඔප්පු කරන සාක්ෂිය නම් ජනතාවට මෝඩ ලෙසින් හැසිරෙන්නට ඉඩප්‍රස්ථාව ලැබීමයි. මෝඩ වැඩක් කිරීමට අවසරය ලැබෙනවා සේ ම ඒ මෝඩ වැඩෙන් ලැබෙන විපාකය ද අත්විඳීමට සිද්ධ වීමයි.

පාරිභෝගිකයා තමයි අවසන් තීරණය ගනු ලබන්නේ යැයි කියද්දී එයා අතින් වැරදි තෝරාගැනීම් සිද්ධ වන්නේ නැතැයි කියැවෙන්නේ නැත. තමනට වඩාත්ම සුදුසු වූව මෙයැයි කියා තීරණයක් ගන්නට බලය ලැබෙද්දී බොහෝ අවස්ථාවල දී තමන් විසින් නොකළ යුතු තීරණ ඔවුන් විසින් කරනු ලබයි.

තමන් ගැන බොරු ප්‍රචාරයන් පතුරුවා හරින සියල්ලන් නවත්වන්නට සමතෙක් ලොව නැත්තා සේ, පාරිභෝගිකයන් වැරදි තෝරා ගැනීම් කිරීමෙන් වළක්වා ගන්නට කිසිම ආර්ථික ක්‍රමයකට නොහැකියි.

නිදහස යන්නේ අර්ථය නිවැරදි තෝරා ගැනීම් ලෙසින් ම වැරදීම් කරන්නට ද ඇති නිදහසයි.

නිදහස යනු තමන් දකින, කියවන හා අසන දෑ වල හොඳ නරක කුමක් දැයි තමන්ට තීරණය කරන්නට අවස්ථාව ලැබීමයි.

නිදහස යනු වැරදි සිද්ධ වීමෙන් පසු ඒවාට ඵලවිපාක ගෙවන්නට ද සිද්ධ වීමයි.

එහෙත් වැරදි සිද්ධ වීමෙන් බේරාගන්නවා යැයි පාරට්ටු බාන ආණ්ඩු ස්වභාවික නීති වෙනස් කරමින් මිනිසුන් වැරදිකාරයන් බවට හරවා අනතුරුව ඔවුනට දඬුවම් තීරණය කරති. ආණ්ඩුවේ වැරදි වලට දඬුවම් ලබන්නෙක් නැත.

සමාජවාදී ක්‍රමය තමන්ගේ නිදහස් තෝරා ගැනීම් වලට ඉඩක් නොදේ. රටේ පාලකයාගේ කැමැත්තට බලහත්කාරයෙන් අවනත වෙන්නට සිද්ධ වේ.

සැලසුම් යන්න සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී වචනයකි. මධ්‍යගත සැලසුම් යනු ආණ්ඩුවේ බලය ලත් අය ගෙනෙන සැලසුම් වෙති. ඒ අනුව අනෙකුත් සියල්ලන්ගේ ම ප්ලෑන් වලට ඉඩක් නොලැබී ආණ්ඩුවේ ප්ලෑන් එක ප්‍රමුඛත්වය ගනියි. ඒකීය පුද්ගලයාට එදිනෙදා ජීවිතයේ තමන් වෙනුවෙන් සැලසුමක් හදාගන්නට හැකියාව තුරන් වී යයි.

ආණ්ඩුවේ සැලසුම් නැති ආර්ථික ක්‍රමයේ නියාමකයා මිල දර්ශකයයි. මිල අඩු කරමින් ජනතාව ඉල්ලන අනගි භාණ්ඩ ඉතා ඉක්මණින් සපයන්නට ගන්නා උත්සාහයේ දී මිල ගණන් කියා පාන්නේ නිෂ්පාදනය කළ යුත්තේ කුමක් දැයි සහ නිෂ්පාදනයෙන් බැහැර විය යුත්තේ කුමක් දැයි කියා ඒවා පරිභෝජනයේ යෙදෙන පාරිභෝගිකයන් විසිනි.

මිල ඉහළ සහ පහළ යෑමෙන් ඉල්ලුම සහ සැපයුම තීරණය කෙරෙයි.

මිල යනු බෙදා හැරීම නියාමක කරන කදිම යාන්ත්‍රණයක් බව තවමත් ලොවට පෙන්වා දුන්නේ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන්ය. මිල ඉහළ යැව්වාම පරිභෝජනය කරන අය අඩු වී යයි. මිල අඩු වෙද්දී මේකෙන් වැඩියෙන් ගන්න පුලුවන් යැයි සිතන අය සමඟින් අලුත් පාරිභෝගිකයන් ද ඇදී එති. පරිභෝජනය කරන පිරිස වැඩි වෙද්දී දුස්සමායෝජනයන් ඉවත් කර ලාබ සොයාගත හැකි අවස්ථාවන් ව්‍යවසායකයාට වැඩියෙන් පෑදේ.

මේ ආකාරයෙන් මිල ඉහළ පහළ යෑම තීරණය වෙද්දී, ඉල්ලුම සැපයුම ද අඩු වැඩි වෙමින් වෙළඳපොලේ මිල දී ගන්නට කැමති පාරිභෝගිකයන්ට භාණ්ඩ සොයාගැනීමට හැකියාවත් එසේම තමන් කැමති මිලට භාණ්ඩය මිල දී ගැනීමට හැකියාවත් වැඩියෙන් ලැබේ.

ඒ නිසා ධනවාදී ක්‍රමයේ දී තමනට අවශ්‍ය වූ භාණ්ඩයක් කීයකට හෝ මිල දී ගන්නට වෙළඳපොලේ නොමැති වෙන අවස්ථාවක් ඉතා දුර්ලභය. සමාජවාදී සහ කොමියුනිස්ට් ක්‍රමයක් අනවරතයෙන් ම ගමන් කරන්නේ වෙළඳපොලේ භාණ්ඩයක් කීයකට හෝ මිල දී ගන්නට නොමැති වෙන අන්තය කරා ය. එහෙත් එයින් කියන්නේ සමාජවාදී සහ කොමියුනිස්ට් පාලකයන්ට පමණක් තමන් කැමති ඇපල් හා රට විස්කි ගෙන්වා ගන්නට ඉඩක් නැතැයි කියා නම් නොවේ!!!!!

මිල නම් වූ නියාමකයා විසින් භාණ්ඩ කාර්යක්ෂම ලෙසින් බෙදා හරියි. එය ඉල්ලුම සහ සැපයුම අතර සමබර බවක් ඇති කරයි.

සැලසුමක් ඇති සමාජයක නියාමකයා සමාජවාදී සැලසුම්කරුවාය. කොයි තරම් ප්‍රමාණයක්, කවුරුන් වෙනුවෙන්, කවර ආකාරයකින් නිෂ්පාදනය කළ යුතු ද යන්න ඔහුට දන්වන පාරිභෝගිකයන් නැති නිසා පාලකයන් වෙතින් ඉහළ අණකින් එන නියෝගයක් ඔහු පිළිපදියි. පාරිභෝගිකයන්ට අලුතින් සපත්තු අවශ්‍ය දැයි හෝ නැත්නම් අවශ්‍ය වෙන්නේ කමිස හෝ තොප්පි දැයි දැනගන්නට ක්‍රමයක් නැති නිසා සැලසුම්කරුවන් අනුමානයෙන් ඒවා තීරණය කරති.

වරෙක හකුරු වගාවට සල්ලි යට කරති. තවත් අවස්ථාවක මැටි වළං හදන්නට සල්ලි යොදවති. එහෙත් සමාජයේ පාරිභෝගික උවමනාව විදහා පාන වෙළඳපොල ගණුදෙනු රාශියක් තුලින් දිස්වෙන මිල දකින්නට හැකියාව සහනාධාර හා දීමනා වලින් විකෘති වී යද්දී නොලැබෙයි. ඉතින් ආධාර ලැබෙන කාලයේ සාර්ථක වන නිෂ්පාදනයන් ආධාර නොමැති වෙද්දී වෙළඳපොලේ දකින්නටත් නැති වී යයි.

ලාබ හා පාඩු නොමැතිව කරගෙන යා හැකි වූ ව්‍යවසායක උත්සාහයක් ද, සමාජවාදී නොවන වූවක් ද යනුවෙන් අමතර ක්‍රමයක් ලොව නැත. ලාබය යන්න ඉවත් කරන ධනවාදී ක්‍රමය යනු සම්පත් නාස්තිය සහ විනාශය ගෙනෙන්නකි. එසේ ගන්නා උත්සාහයන් වල දී ඇතිවන්නේ අවුල්ජාලයන්ය. මිනිසා විසින් ධනවාදය සහ සමාජවාදය යන ආර්ථික ක්‍රම දෙක අතරෙන් එකක් තෝරාගත යුතුයි.

ධනවාදය සහ සමාජවාදය අතර තෝරා ගැනීම නම් පාරිභෝගිකයෙක් ලෙසින් ඔබේ තෝරාගැනීමේ නිදහස කා අතට පත් කරන්නේ ද යන්නයි.

දිනපතාම, බඩුවක් ගන්නා හැම අවස්ථාවක දී ම, තමන්ගේ කැමැත්ත ප්‍රකාශයෙන් පමණක් පැවැත්ම ලබා දෙන නිෂ්පාදනයට හැකියාව ව්‍යවසායකයන්ගේ අතට දෙනවා ද?

එසේ නැත්නම් නිෂ්පාදනයට හැකියාව මාක්ස් සහ ඒංගල්ස් පැවසූ “කාර්මික හමුදා මෙහෙයවන සුපිරි කමාන්ඩර්වරුන්” අතට පත් කරනවා ද? නැත්නම් ලෙනින් පැවසූ “අවිගත් ශ්‍රමිකයන්” අතට පත් කරනවා ද? මේ තුන් දෙනාගේ පින්තූර තවමත් එල්ලා ගෙන හැම රැස්වීමක දී ම රට ආර්ථික සමෘද්ධියක් කරා ගෙන යා හැකියි කියමින් නූගත් ශ්‍රමිකයන් රවටන සමාජයක ජීවත්වෙන ජනතාව අතර මෙම ආර්ථික සත්‍යය කියා දෙන්නට එඩිතර වෙන්නේ කවුද?!!!!!!!!!!

ඔව්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඔබට අයහපත් වූ ආර්ථික ක්‍රමයක් තෝරා ගැනීමට ද නිදහස ඇත!!!!!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on මැයි 2, 2013 at 11:26 පෙ.ව.

    Aruni. ,mata loku gataluwak thiyenawa oya kiyana prajathanthrawadaya gana. Aristotal pandiwaraya keewe olugediwadaya kiya. (Hariyata MathakaNaha keewa kena). ithin wadidenage kamaththa aththatama harida? wadi denek keewa paliyata piliganna onada? nidahasa kiyana ekada gataluwak.ape ratenam ona waradak karala mata mathaka naha keewama loku partyak dala berila inna puluwan etharam nidahasak koi ratakawath naha. mama inna rate nidahasa thiyenawa eth hitapu agamathiwaraya katado chandadayaka ledy kenekta horen mokadda keewa kiya prasiddiye samawa gaththa. eya lankawe hitiyanam mona weida kiya hithanna baha. thanks Aruni.

    • arunishapiro said, on මැයි 2, 2013 at 8:44 ප.ව.

      Shanthi,

      වැඩිදෙනා කැමත්තෙන් එකඟ වෙන එකකට දෙකකට අපි එකඟ නොවෙද්දි අපි අමතක කරන වැදගත්ම කාරණය තමයි සුලුතරයක් විසින් කැමැති දේවල් බහුතරයකට අපි එකඟ නොවන බව!!!!

      ඉතින් ඒ නිසා වැඩිදෙනාගේ කැමැත්ත තමයි සමාජයක යුක්තිය සහ සාධාරණත්වය තුලනය (balance) කරන්නේ. හරියට නිදහස් වෙළඳපොල වගේ!!!

      ඒත් එයින් කියන්නේ වැඩි දෙනෙක් කියු නිසා යමක් පිළිගන්න අවශ්‍ය යැයි කියා නොවේ. වැඩි දෙනා යම් අවස්ථාවක දී වැරදි වුවත් සුලු පිරිසක් වැරදි කරමින් බලය අයිති කරගන්නවාට වඩා වැඩිදෙනෙක් අතර බලය බෙදී යෑම වඩා හොඳයි කියන එක පමණයි.

      නිදහස කියන්නෙ රටක පවතින නීති ක්‍රියාත්මක නොකිරීම හෝ තමන්ට ඕනෑ ඕනෑ විදියට පමණක් ක්‍රියාත්මක කිරීමත් නෙමෙයි. නමුත් නිදහස කුමක් දැයි තවමත් නොදන්නා රටවල අය තම තමන්ගේ බල පුලුවන්කාරකම් පෙන්වන්නේ තමන්ට එරෙහි වෙන අයගේ නිදහසට ඉඩක් නොදීමෙන්. එහෙම කළේ නැත්නම් නිදහස නොදන්නා ජනතාව විරුද්ධකාරයන්ව මඬින්න බැරි අයව වීරයෙක් හෝ පාලකයෙක් හැටියට පිළිගන්නෙත් නැහැ. එවැනි ආකල්ප නිදහස යන්න ගැන දැනුමක් නොතිබිච්ච කාලයේ යුරෝපයේ ඕනෑ තරම් දකින්නට ලැබුණා. දියුණු වෙන රටවල තවමත් දකින්නට ලැබෙනවා. ආකල්ප වෙනස් කර ගැනීමට නම් නිදහස යනු හැමෝටම ලැබෙන නිදහසක් බව වටහා ගන්න අවශ්‍යයයි.

      ගෝර්ඩන් බ්‍රවුන් ගේ ටෝස්ට් කතාව ගැන මාත් ලිව්වා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: