අරුණි ශපීරෝ‍ වෙතින්

බැස්ටියාට් තෑග්ග -පරණ ලිබරල්වාදයේ ඉහළ සම්මානය

Posted in Uncategorized by arunishapiro on මැයි 10, 2013

amit_varma_bastiat

ෆ්‍රෙඩරික් බැස්ටියාට් (Frédéric Bastiat) කවුදැයි දැන ගන්නට හැකි වඩාත් ම සුදුසු ක්‍රමය මේ අඩවියේ දකුණත අමුණා ඇති ඔහුගේ “නීතිය” කෘතිය කියැවීමයි.

පින්තුරයේ ඉන්නේ 2007 දී “බැස්ටියාට් තෑග්ග” දිනූ අමිත් වර්මා සහ ඔහුගේ බිරිය ජැස්මින් වෙති.

2012 සිට විචාරය පදනම නොහොත් Reason Foundation වෙත වගකීම බාර වෙන “බැස්ටියාට් තෑග්ග” ලෝකය පුරා මාධ්‍යවේදීන් අතරෙන් වැඩියෙන් ම නිදහස් සමාජයක් පැහැදිලි කරන, වැඩියෙන් ම නිදහස් සමාජයක් ප්‍රමෝට් කරන සහ වැඩියෙන් ම නිදහස් සමාජයක මූල ධර්ම වෙනුවෙන් පෙනී සිටින්නට සමත් වෙන පුවත්පත් කලාවේදියාට ප්‍රදානය වන සම්මානයයි. බ්ලොග් ලියන අය ද ඊට ඇතුලත්.

2012 වසරේ දී පළමු තෑග්ගට ඇමෙරිකන් ඩොලර් දාසය දහසක මුදල් ද, දෙවැනි තෑග්ගට ද ඩොලර් දහ දාහක් ද, තෙවැන්නට ඩොලර් දාහක් ද පිරිනැමිණ. තරඟය ඉංග්‍රීසියෙන් ලියන විද්වත් රචනාවන්ට පමණක් සීමා වේ. එය වාර්ෂිකව ප්‍රදානය වන සම්මානයකි.

බැස්ටියාට් සිය අදහස් ඉදිරිපත් කළේ සරල ආකාරයකිනි. උපහාසාත්මක ආකාරයකිනි. සිත් ඇද ගන්නා භාෂාවකිනි. කැඩුණු ජනේලයේ කතාවෙන් බැස්ටියාට් ලොවට ගෙනහැර පෑවේ කදිම ආර්ථික සත්‍යයකි. 1845 දී බැස්ටියාට් ලියන Economic Sophisms හි එන “ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සම” හාස්‍ය උපදවන තවත් ආර්ථික සත්‍යයක් විස්තර කරයි. ඉටිපන්දම් හැදීම ආශ්‍රිතව රැකියාවන් කරන සියල්ලන් විසින් එම පෙත්සමෙන් ප්‍රංශයේ ජූලි රාජාණ්ඩුව (1830-1848) වෙතින් ඉල්ලා සිටින්නේ තමන්ගේ නිෂ්පාදන වලට සිද්ධ වෙන අසාධාරණ තරඟය ඉවත් කරන්නට සූර්යයා වසා දමන්නට කියාය!!!!

ඉතින් බැස්ටියාට් තෑග්ග පිරිනැමෙද්දී ඔහුගේ උපහාසාත්මක බව ද නියෝජනය වෙන සැමරුමක් වශයෙන් මුදල් සමඟ ඉටිපන්දම් රඳවනයක් ද පිරිනැමේ!!!!!

2002 දී ආරම්භ වු මේ සම්මානයේ විනිශ්චයකරුවන් හැටියට මාග්‍රට් තැචර්, ජේම්ස් බියුකැනන් සහ මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි අය ද ඇතුලත් වූහ. 2011 දක්වා එම තෑග්ග පිරිනැමීමේ බාරකාරත්වය පැවරුනේ International Policy Network සංවිධානයටයි.

ආණ්ඩුවකින් සිද්ධ වෙන කිසිත් මැදිහත්වීම් නොමැති නිදහස් වෙළඳපොලක් වෙනුවෙන් බැස්ටියාට් පෙනී සිටියේය. එවැනි වෙළඳපොලකට ඉඩ ලැබෙද්දී පමණක් සමාජයේ නිදහස රැකෙන බවට හේ තර්ක කළේය. යුක්ති සහගත සහ චිරස්ථායී ආණ්ඩුවක් සඳහා අවශ්‍ය වෙන්නේ පුද්ගලයාට ඔහුගේ ශ්‍රමය කැමති සේ පාවිච්චියට ගන්නට ඔහුට නිදහස ලැබීම යැයි බැස්ටියාට් ඉතා පැහැදිලි ලෙසින් කියා ඇත. පුද්ගලික කටයුතු වලට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නැති විට, අපේ උවමනාවන් සහ ඒවා සපුරා ගැනීම තාර්කික වූ ආකාරයකින් ඉටු වීම මිනිසා අතින් ස්වභාවිකව සිද්ධ වෙන්නකි යැයි බැස්ටියාට් කියා ඇත.

එවිට දුෂ්කර පළාත් හිලව්වට තබමින් නගරබද පළාත් දියුණු වෙනවා දකින්නේ නැත.

එවිට මූල ධනය, ශ්‍රමය සහ ජනගහණය නීති සම්පාදකයන්ගේ අනුවණ සැලසුම් නිසා විස්ථාපනය වී තිබෙනවා දකින්නේ නැත.

ආණ්ඩුවක ඇඟිලි ගැසීම් නිසා ඇතිවෙන විස්ථාපනයන් අපේ පැවැත්මට අවශ්‍ය පදනම් අවිනිශ්චිත බවටත් අවදානම් බවටත් පත් කරන්නේ යැයි ඔහු කියුවේ 1845 ගණන් වල දී ය.

මේ ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වගකීම් මහත් ලෙසින් වැඩි වී ආණ්ඩුවට ඉසිලිය නොහැකි තරමට කරදර ද වැඩි වෙන බව ද හේ එවක දී පෙන්වා දුන්නේ ය.

අද පාලන බලයේ ඉන්නා ආණ්ඩුව පමණක් නොව රාජ්‍ය නොවන රැකියා ප්‍රතිපත්ති හදන සංවිධාන සහ ආගමික බල සේනාවන් ද පුද්ගලයාගේ ශ්‍රමය වැය කළ යුත්තේ කෙසේ දැයි කියා දීම මිනිසුන් කැමැත්තෙන් බාරගන්නා අවධියක් වී ඇත. ලෝකයේ සමහර පිරිසක් 1845 ටත් වඩා ආපස්සකට ගිහින් ඉන්නවා ද?!!!!!!!!!

බැස්ටියාට් ගේ සම්භව්‍ය ලිබරල්වාදයට පටහැනි වූ නව ලිබරල්වාදී වාමාංශිකයෙක් 2011 දී බැස්ටියාට් තෑග්ගේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබීම බැස්ටියාට් අගයන අයගේ සාතිශය සංවේගයට හේතු වී තිබේ!!!!!! 😀

සලිල් ත්‍රිපති 2011 වසරේ දී එහි තෙවන තෑග්ගට ඇමෙරිකන් ඩොලර් පන්දාහක් සමඟින් ඉටිපන්දම් රඳවනයකට ද හිමිකම් කියන ලදි. සලිල් ත්‍රිපති ඉන්දියාවේ ප්‍රසිද්ධ වාමාංශික රචකයෙකි. දිල්ලියේ අනෙකුත් වාමාංශික මාධ්‍යවේදීන් සලිල්ට තෑග්ග ලැබීම ගැන ප්‍රසිද්ධියේ කියා ඇත්තේ බැස්ටියාට් තෑග්ග දෙන අය “ප්‍රයෝජනවත් මොට්ටයන්” හැටියටයි.

නිදහස් වෙළඳපොල ධනවාදය වෙනුවෙන්, එයින් සාක්ෂාත් වන සමාජයේ වාසය කරන සියල්ලන් ගේ ම නිදහස වෙනුවෙන් පෙනී සිටින පරණ ලිබරල්වාදීන්ව එසේ රවටන්නට හැකි වූවා යැයි සිතීමෙන්, මේ අයගේ සමාජවාදය ගැන කියැවෙන්නේ කුමක් ද?!!!!! 😀

One Response

Subscribe to comments with RSS.

  1. […] සල්ලි,” ලෝස් නැතිව බෙදන අය හමුවේ පැරණි ලිබරල්වාදීන් මහත් වෙහෙස මහන්සි… අපේ අයිතීන් පමණක් නොව හිතන්නට […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: