අරුණි ශපීරෝ‍ වෙතින්

ඩෙලවෙයාර් මැගී ගොවිපලෙන් ස්ට්‍රෝබෙරි වාරය ආරම්භ කළෙමු

Posted in Uncategorized by arunishapiro on මැයි 17, 2013

IMG_5619

මේ වාරයේ ස්ට්‍රෝබෙරි ඉදෙන්න පටන් ගැනීම පොඩ්ඩක් පරක්කු වුනා. වසන්තය එබිකම් කළාට හේමන්තය දාලා යන්න කැමති නොවෙච්ච නිසා. එහෙන් මෙහෙන් රතුපාට වේගන එන ස්ට්‍රෝබෙරි වගාව මහජනතාව වෙනුවෙන් දැන් විවෘතයි.

කැමති අයට එතැනින් දෙන පෙට්ටි පිරෙන්න ස්ට්‍රෝබෙරි කඩාගන්න පුළුවන්. ඊට පස්සෙ තරාදියකින් බර මැනලා රාත්තල් ගානට ගෙවනවා. බිමට නැවිලා ස්ට්‍රෝබෙරි කඩන්න අකමැති නම් එතැනින් කඩපු ස්ට්‍රෝබෙරි මිල දී ගන්නත් පුළුවන්.

IMG_5616

IMG_5622 IMG_5625

අපි දෙන්නා පාට සහ හැඩය අනුව ගෙඩි තෝරමින් ස්ට්‍රෝබෙරි කඩද්දී ගොඩක් අය ඇවිත් කඩපු ඒවා අරගෙන ගියා.

මේ මැගී ගොවිපොල පටන් ගෙන තියෙන්නෙ 1865 දී. අද ඩැනියෙල් සහ එලන් මැගී යන දෙදෙනා වගා කරන එය පරම්පරා පහක් තිස්සේ වගා කටයුතු වල නියැළෙන අයගේ ගොවිපොලක්. ස්ට්‍රෝබෙරි, පිපිඤ්ඤා, තක්කාලි, අල, ළුණූ, තිරිඟු, පැණිකොමඩු, වට්ටක්කා යනාදිය වගා කරන ඔවුන් තොග වශයෙන් වෙළඳාමත්, නගරයේ නැවුම් නිෂ්පාදන පොලට සහ ඔවුන්ගේ ගොවිපොල අසල ඇති ලෑලි කඩවලින් සිල්ලර අලෙවියේ ද යෙදෙනවා.

මේ දවස්වල උදේ පාන්දරින් ගමනක් යද්දී ඇමෙරිකාවේ ගොවියා වැඩට යන හැටිත් දකින්න පුළුවන් මෙන්න මෙහෙම.
IMG_5607

ට්‍රැක්ටරයක් පාරට ආවම පළාතේ සිරිත හෝන් ගහන්නෙ නැතිව ගොවියාට ගමන යන්න ඉඩදීලා හිමින් පස්සෙන් ඇදෙන එක. ට්‍රැක්ටරය පස්සෙන් වාහන දෙක තුනක් එකතු වෙද්දී ගොවියා පාර පළල තැනක දී අයිනකට අල්ලලා නවත්තා ගෙන වාහන වලට යන්න ඉඩ දෙනවා. ගමේ සිරිත නොදන්න සිදාදියෙන් එන කෙනෙක් දෙන්නෙක් හෝන් ගහලා පහු කරගෙන ඉගිලිලා යන්න හදන අවස්ථා කලාතුරකින් දකින්නත් ලැබෙනවා.

ගිම්හානයේ දී මැගී ගොවිපොල ලෑලි කඩය වසා දමනවා. පැත්තක හදලා තියෙන විවෘත ස්ථානයේ එළවළු මිල ගණන් එක්ක පුංචි පෙට්ටියක් ඔවුන් ඒ කාලෙට තියන්නෙ බඩු අරන් නියමිත සල්ලි දාලා යන්න. එළවළු වලට අමතරව මී පැණි, පළතුරු යුෂ බෝතල්, මල් පැල, දර කොටන් එහෙමත් එතැනින් මිල දී ගත හැකියි. පැණිකොමඩු වාරය ජූනි අග. වට්ටක්කා වාරය සැප්තැම්බර් වෙද්දී.

IMG_5628 IMG_5629 IMG_5634 IMG_5635

තමන් කන බොන ආහාර පාන ලැබෙන්නේ කෙසේදැයි දරුවන් දැනුවත් කරවීම දෙමාපියන් සතු වගකීමක්. ඒ වගකීම පැහැර හැරීම නිසා බහුතර දරුවන් හැදෙන්නෙ වැඩෙන්නෙ ආණ්ඩුව තීරණය කරන මිලට කඩෙන් ආහාර පාන ලැබෙනවා කියල හිතාගෙනයි. එතකොට බඩු මිල ඉහළ යද්දී වර්ජනයකින් හෝ පෙළපාලියකින් පාරට බැස්සම කඩේ විකුණන බඩු මිල අඩුවෙනවා කියලත් හිතනවා.

කවුරු හරි ගිහින් හේන කොටන්න ඕනෑ, බීජ පැල කරන්න ඕනෑ, වල් පැලෑටි අයින් කරන්න ඕනෑ කියලා බහුතර ජනතාවට දැනුමක් නැහැ.

උදැල්ලක් අරගෙන කය වෙහෙසනවාට වඩා ට්‍රැක්ටරයකින් ගොවිතැන් කිරීම සමහර අයට සතුටක් වුනාට තවත් සමහර අයට එයින් කිසිම සතුටක් ලැබෙන්නෙ නැහැ.

වගාවක් පටන් ගත්තම නිවාඩුවක් දාලා ට්‍රිප් එකක් ගිහින් එන්නත් බෑ. අව්ව වැස්ස ගැනත්, කෘමීන් හා වෙනත් සත්තු ඵලදාව විනාශ කරාවි දැයි සෝදිසියෙන් ඉන්න ඕනෑ.

කැමති අය ඇවිත් කඩාගෙන සල්ලි ගෙවලා යනකම් බලාගෙන ඉන්නත් බෑ. එහෙම හිටියොත් වැඩි මිලකට කඩලා දීපු ඒවා අරගෙන යන විසිපස් දෙනාගෙන් සල්ලි ලැබෙන්නෙ නැහැනෙ. කඩේ ළඟට එන්න බැරි පාරිභෝගිකයා ළඟට නිෂ්පාදනය යවන මාර්ගයත් හදා ගන්න ඕනෑ.

ඩැනියෙල් සහ එලන් ඇමෙරිකාවේ ඉපදිච්ච වාසනාවට මෙහෙ ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන හෝ මිල පාලනයක් නැති නිසා, ඔවුන් තමයි තීරණය කරන්නෙ කාට කීයකට දෙනවා ද කියන එක. එතැනට ඇවිත් ගන්න තමන්ම කඩාගන්නවා නම් අඩු මිලට. සුපිරි වෙළඳසැල් වලට ඊටත් වඩා අඩු මිලට හැබැයි තොග වශයෙන්. නැවුම් ආහාර විකුණන නගරයේ fresh market වලට යවන්නෙ සිදාදියේ මිල ගණන් වලට, ඒ කියන්නෙ ළඟටම ගිහින් දෙන නිසා වැඩි මිලකට!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on මැයි 17, 2013 at 8:03 පෙ.ව.

    මේක දැක්කාම මට සැම්බියාව මතක් උනා අරුණි. අපි ඒ රටේ ඉන්නැත්දි මේ වාගේම ස්ට්‍රෝබෙරි කඩන්න යනවා ගොවිපළකට. එතැනත් මේ වාගෙම අපි ගිහින් පළතුරු කඩා ගෙන එනවා. හරිම ආසාවෙන් අපි එතැනට යන්නෙ. බඩත් පිරුනා මේක දැක්කාම. ස්තුතියි!

  2. wicharaka විචාරක said, on මැයි 17, 2013 at 12:01 ප.ව.

    “තමන් කන බොන ආහාර පාන ලැබෙන්නේ කෙසේදැයි දරුවන් දැනුවත් කරවීම දෙමාපියන් සතු වගකීමක්. ඒ වගකීම පැහැර හැරීම නිසා බහුතර දරුවන් හැදෙන්නෙ වැඩෙන්නෙ ආණ්ඩුව තීරණය කරන මිලට කඩෙන් ආහාර පාන ලැබෙනවා කියල හිතාගෙනයි. එතකොට බඩු මිල ඉහළ යද්දී වර්ජනයකින් හෝ පෙළපාලියකින් පාරට බැස්සම කඩේ විකුණන බඩු මිල අඩුවෙනවා කියලත් හිතනවා”.

    මොනවා?………. මම හිතාගෙන හිටියේ ස්ට්‍රයික් වලින් තමයි ඔක්කොම දේවල් හරියන්නේ කියලා.
    අරුණි මේ බොරුවට නේද එහෙම වෙන්නේ නෑ කියන්නේ?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: