අරුණි ශපීරෝ‍ වෙතින්

මුහුදු නගරයේ පරණ කාර් රැළිය

Posted in Uncategorized by arunishapiro on මැයි 18, 2013

IMG_5675

සංචාරක සමය ආරම්භයේ දී පැවැත්වෙන පරණ කාර් රැළියක් මේ සති අන්තයේ දී මෙරිලැන්ඩ් හි මුහුදු නගරයේ පැවැත්වෙයි. සමහර වාහන පැරණි වුවත් සමහර වාහන පැරණි වාහන සේ අලුතින් හදන ලද ඒවාය. පැරණි වාහන රසික රසිකාවියන්ට වාහන නරඹන්නට සහ තමන්ගේ පරණ වාහන ප්‍රදර්ශනයට මේ රැළියේ දී පුළුවන. ඒවාට අවශ්‍ය කොටස් මිල දී ගන්නට හැකි සහ වාහන විකුණා ගන්නට හැකි අවස්ථාවක් ද ලැබේ. වැඩියෙන්ම සතුටක් ඔවුන් ලබන්නේ වාහන ගැන කතාබහ කරන්නට කැමති පිරිසක් සමඟ ගැවසීම යැයි එය බලන්නට ගිය මට සිතුණි.

IMG_5638

IMG_5643

IMG_5657

IMG_5684

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. අටම්පහුර said, on මැයි 18, 2013 at 3:12 ප.ව.

    ඇගයිමක් නැති උනාට අපේ රටෙත් කොච්චර තියනවද පරණ කාර්

    • arunishapiro said, on මැයි 18, 2013 at 5:52 ප.ව.

      අටම්පහුර,

      ලංකාවේ අගැයීමක් තියෙන්නෙ නැතිවෙච්ච දේවල් ගැන විතරයි නේද කියලත් හිතෙනවා!!!

      යැන්කි ටෑන්ක් හැටදාහක් තියෙනවාලු කියුබාවේ. හැබැයි එයාල නම් සෑහෙන්න පරිස්සම් කරගෙන තියාගෙන ඉඳලා .. වැඩිකල් නොගිහින් කියුබාවේ ආර්ථිකය තව ඩිංගක් විවෘත වුනාම ඒ අවුරුදු හැටක් විතර පරණ ඒ වාහන සෑහෙන ගාණකට ආපහු ඇමෙරිකන්කාරයන්ටම විකුණන්නත් ඔවුනට පුලුවන් වේවි.

  2. buddhiprasadh said, on මැයි 19, 2013 at 12:42 පෙ.ව.

    මේ ලිපිය කියෙව්වම මට දෙන්නෙක් මතක් වුනා.

    එක්කෙනෙක් තමන්ගේ බුදලේ ගමට බෙදපු තාත්තා කෙනෙක්ගේ පුතෙක්. ඒ තාත්තා අපේ අල්ලපු ගමට රෝහලක්, විද්‍යාලයක්, පංසලක් තමන්ගේ ඉඩම් වලම හදලා පරිත්‍යාග කරපු පුද්ගලයෙක්. එයාගේ පුතාට තියෙන්නේ මේ තාත්තගේ පරණ වාහනේ. නවීන ලොකේ වුනත් මේ කාර් එක පාරේ යද්දි පොඩි ගෞරවණීය හැඟීමක් එනවා.

    අනිත් කාරණාව කොලුවෙක් ගැන. පරණ කාර් එකක පරණ මනුස්සයෙක් යනවට වඩා පරණ කාර් එකක් කොලුවෙක් අරගෙන යන දර්ශණයේ පොඩි අමුත්තක් තියෙනවා කියලා මට හිතෙනවා. අපේ පැත්තේ පරණ මිනි කාර් එකක් තියෙන කොලුවෙක් ඉන්නවා. පොර කාර් එකේ ලියලා තියෙනවා “අයි ලව් මයි මිනි“ කියලා. මම පොරව අඳුනන්නේ නෑ. හැබැයි අලුත් ම අලුත් විසාල වාහනේක යනවට වඩා මිනිහා ලොකු අවධානයක් අරගෙන තියෙනවා ඔය පරණ වාහනේ හන්දා. දැන් වුනත් මට මතක් වුනේ ඒකනේ.

    බැලු බැල්මට වුනත් – පරණ වාහනයක් තියෙන මනුස්සයෙක් (එයා තරුණයෙක් වුනත්, වැඩිහිටියෙක් වුනත්) දැක්කම ඒ පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා, තියෙනවා වගේ හැඟීමක් එනවා මටනම්!

    • arunishapiro said, on මැයි 19, 2013 at 7:46 පෙ.ව.

      buddhiprasadh,

      ඔව්, මේ වගේ රැළියක දී ඔයා කියනවා වගෙ, රේස් දුවන්නෙ නැති හිමිහිට යන, එක්කො පුද්ගලයාට නැත්නම් වාහනයට ඇති යම් ඉතිහාසයකුත් එක්ක කතන්දර බොහොමයක් බෙදා ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ සටහනට දාපු කාඩ් කුට්ටමක් දොරේ තියෙන කොළ පාට වාහනේට නඟින අයිතිකාරයා දෙවතාවක් පිළිකා රෝගයෙන් ගැලවෙච්ච කෙනෙක්. දෙවතාවක්ම ලැබිච්ච අත අවසනාවන්ත වුවත් දෙවතාවේ දී ම එය ජයගන්න හැකිවීමයි ඔහුගේ කතාව.

  3. Ravi said, on මැයි 20, 2013 at 5:13 පෙ.ව.

    මේ දවස්වල 50 දශකයේ අන්තිම කාලෙ අමරිකන් කාර් ගැන බොහොම උනන්දුවෙන් හොයාබලමින් ඉන්නෙ. එකක් ගන්න එහෙමනම් නෙවෙයි. Stephen King ගෙ 11.22.63 කියවනව ..ඒකෙ තියනව ඔය 1954 Ford Convertible Sunliner එකක් ගැන එහෙම විස්තර..අන්න ඒ නිසා…. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: