අරුණි ශපීරෝ‍ වෙතින්

එන්න මාත් එක්ක දුර ගමනක් යන්න

Posted in Uncategorized by arunishapiro on මැයි 20, 2013

road trip

අත්ලාන්තික් මුහුදු වෙරළබඩ සිට ඇමෙරිකාවේ පැසිෆික් මුහුදු වෙරළබඩ දක්වා “රෝඩ් ට්‍රිප්” එකක් යන්නයි සූදානම.

යන්නට අදහස් කරන මාර්ගයේ සිතියමක් තමයි දකුණත තියෙන්නෙ. ගමනෙ දුර සැතපුම් 2,877 නැත්නම් කිලෝමීටර් 4630 ක් කියලයි ගූගල් සිතියම් කියන්නෙ. කපුටෙක් කොළඹ සිට පිලිපීනයට කෙළින්ම පියාඹලා ගියොත් දුර සැතපුම් 2835 ක් නැත්නම් කිලෝමීටර් 4562 ක් වගේ ගාණක්.

ගමනක් යන්න පටන් ගත්තම අතරමඟ වෙන පැති වලින් හැරිලා යන එකත් මගෙ සිරිතක් නිසා (කේජු කෑලි දකින කපුටන් ද එහෙම හැරිලා යනවා ඇතිනෙ!!!) මීට වඩා දුරකින් වෙනත් ගම් නගර එකතු වෙලා ගමන තවත් දීර්ඝ වෙන බවට කිසිම සැකයක් නැහැ.

ඇමෙරිකාවේ අධිවේගී මාර්ග වල යද්දී වේගය සීමා වීම ඒ ඒ ප්‍රාන්තය අනුවයි. මුලින් ම වේගයට සීමාවක් පැනවිලා තියෙන්නෙ 1757 දී බොස්ටන් නගරයේ නගර සභාවක් වැන්නකින්. ඉරිදා දවස්වල දී අශ්වයන් පිට යෑම සහ අශ්ව කරත්ත යනාදියට ඇවිදින වේගයට වඩා හයියෙන් ගියොත් සිලිම් දහයක දඩයක් තමයි නියම වී තිබෙන්නෙ.

1974 සිට 1987 දක්වා ඇමෙරිකාවේ ෆෙඩරල් ආණ්ඩුවේ නීතියකින් පැයට සැතපුම් 55 ට (පැයට කිලෝමීටර් 89 ට) වඩා වේගයෙන් යෑම තහනම් වී තිබුණ.

මේ ගමනේ දී හයියෙන් ම රිය පදවන්න නීත්‍යානුකූලව හැකියාව ලැබෙන්නෙ උතුරු දකෝටා, මොන්ටෑනා සහ අයිඩහෝ යන ප්‍රාන්ත වල දී. ඒ පැයට සැතපුම් 75 (පැයට කිලෝමීටර් 121) ක වේගයෙන්. ඊට වඩා හැතැප්ම පහක් වැඩියෙන් ගියාට සාමාන්‍යයෙන් දඩ කොලයක් වදින්නෙ නැහැ. නමුත් ආර්ථික අහේනිය පවතින කාලයක දී ප්‍රාන්ත ආණ්ඩු සහ නගර සභා ආදායම් උපයා ගන්නා එක ක්‍රමයක් තමයි සීමාව ඉක්මවා වේගයෙන් ගියයි කියල ගහන දඩ කොල.

මග දී විශේෂයෙන් දැක බලාගන්න අවශ්‍ය තැන් කිහිපයක් ලකුණු කරගත්ත. මේ බ්ලොග් එකට සටහන් ලියන්න නෙමෙයි මේ ගමන යන්නෙ. මේ ගමන යන නිසා බ්ලොග් එකට තොරතුරු එකතු කරනවා පමණයි.

නුහුරු පළාත් මැදින් යද්දී ඒ ඒ පළාතට ආවේනික රසවත් ආහාර පාන වලින් එපිකියුරියානු තුච්ඡ ආශාව තෘප්තිමත් නොකර බැහැනෙ. 😀 ඉතින් අන්තර්ජාලයේ සහායෙන් ඒ තුච්ඡ ආශාව පිනවන්න හැකි යැයි කියැවෙන තැන් වල ලැයිස්තුවක් ද හදා ගත්ත.

දුවගේ වාහනයෙන් ගමන යන්නෙ. ඩග්ලස් ඇඩම්ස් ලියපු “ගැලැක්සියේ අනුන්ගේ වාහන වල සංචාරය කරන අයට අත්පොත” හි කියලා තියෙන විදියට තුවායක් නම් අරන් යනවා. ‘ගැඹුරු සිතුවිලි’ නම් සුපර් කොම්පියුටර් එකට වසර මිලියන හතහමාරක් ගියාට විශ්වසයේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තරය කුමක් දැයි සොයන්න, දැන් අපි, ඒ කියන්නෙ මේ අඩවිය කියවන්න ආපු අය, උත්තරය 42 බව දන්න නිසා ඒකත් මේ ගමනේ දී අමතක නොකර තමයි යන්නෙ!!!! 😀

මෙහි සටහන් වලට අමුණන්නෙ නැති අමතර පින්තූර හැකි තරමක් ඔය දකුණු පැත්තෙ තියෙන නිල නොවන Facebook පිටුවෙන් බෙදා ගන්නම්. ඒ පින්තූර බලන්න Facebook ගිනුමක් තියෙන්න ඕනැත් නැහැ, ඒ පිටුව Like කරන්න ඕනැත් නැහැ!!! ඒ ගිනුම හදපු අයට බොහෝ පින් සිදුවේවා!!!!

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. Ravi said, on මැයි 20, 2013 at 4:58 පෙ.ව.

    අරුණි,

    ඉරිසියාව කියන්නෙ නරකම දෙයක් නෙවෙයි කියල මම කොහෙදි හරි කියෙව්වා…එහෙම කියෙව්වෙ නැතිඋනත් එහෙම කියෙව්වයි කියල මම හිතාගෙනයි මේ ඉන්නෙ..මොකද මම මේ වෙලාවෙ ඉරිසියාවෙන් පිරවිල ඉන්නෙ…The Green Eyed Monster.. 🙂

    සුබ ගමන් අරුණි සුබ ගමන්!…Bon Voyage!!, Gure Reise!!!, Bonum Cursum!!!!, Subha yatra !!!!!

    ප.ලි – දැං ආපහු එන්න හිතං ඉන්නෙ කොහොමද? දුව එහෙ නවතිනවද?….නැත්තං වාහනේ විකුණල Flying Back ද?

    • arunishapiro said, on මැයි 20, 2013 at 5:19 පෙ.ව.

      Ravi,

      සුදු අප්පුහාමිත් ඇහුවා “තෙල්මා ලුවීස්” දෙන්නා වගේ නෙමෙයි ආපහු එනවා නේද කියල!!! වාහනේ දුවගෙ නිසා මම ආපහු එන්නෙ පියාඹලා තමයි.

  2. sujatha said, on මැයි 20, 2013 at 5:12 පෙ.ව.

    දුර ගමනක් යන්න???? ඔන්න ආවා!!! ඉතිං එක්ක යන්න.

    • arunishapiro said, on මැයි 20, 2013 at 5:21 පෙ.ව.

      sujatha,

      යමු යමු නංගි, දුව වාහනේට බඩු පටවලා ඉවර වෙච්ච ගමන් යමු. මගෙ කෙල්ල නම් ආපහු ගෙදර එන්න අදහසක් නෑ වගේ, එයාගේ කාමරේ තියන එව්වා ඔක්කොම පටවාගෙන ද කොහෙද!!!

  3. Gold fish said, on මැයි 20, 2013 at 5:24 පෙ.ව.

    නියමයි… දැන් ඉතිං හිරිකිත දේශපාලන කතා වලින් එහාට ගිය විඳින්න පුළුවන් දෙයක් කියවන්න පුළුවන්…!

    • arunishapiro said, on මැයි 20, 2013 at 5:26 පෙ.ව.

      Gold fish,

      😀 “හිරිකිත දේශපාලනේ” නොකියවා හිටියොත් වැඩියෙන් දුක් විඳින්න වෙනවා .. ඒත් යාළු මාළුවා කියන එකත් හරි. ඉඳ හිටලා ඒකෙනුත් විරාමයක් ගන්න එපැයි.

  4. buwa said, on මැයි 20, 2013 at 5:32 පෙ.ව.

    සුභ ගමන්

  5. සිහින™ (@sihinas) said, on මැයි 20, 2013 at 5:32 පෙ.ව.

    මේ ටුවර් එකත් හරියට The Motorcycle Diaries වගේ වෙයි. මගෙත් ආසාවක් තියනව කවද හරි ඔය වගේ දුර ට්‍රිප් එකක් යන්න. හැබැයි වාහනේක නෙමෙයි මෝටර් සයිකලේක. සුබ පැතුම්.. සාර්ථක නිමාවකට !

  6. Shermie Fernandez said, on මැයි 20, 2013 at 5:54 පෙ.ව.

    සතුටින් ගිහින් එන්න . සුබ ගමන් ඔබට …!

  7. සමන් said, on මැයි 20, 2013 at 9:06 පෙ.ව.

    ජීවිතය , විශ්වය,සහ සියල්ල සදහා පිලිතුර 42…ජැකී රොබින්සන් සමග විශ්‍රාම ගිය…:)

  8. Kenji @ Japan said, on මැයි 20, 2013 at 9:29 පෙ.ව.

    සුභ ගමන් සහෝදරි.පට්ට පිංතුරු ඕන.ඔහේ කොහොමත් ගස් අස්සෙ ඉදල පාරට පැනල මීටරේ අල්ලන පොලිස් බුවාලා නැහෙනෙ.

  9. Sujeewa said, on මැයි 20, 2013 at 11:16 පෙ.ව.

    [[ඩග්ලස් ඇඩම්ස් ලියපු “ගැලැක්සියේ අනුන්ගේ වාහන වල සංචාරය කරන අයට අත්පොත” හි කියලා තියෙන විදියට තුවායක් නම් අරන් යනවා. ‘ගැඹුරු සිතුවිලි’ නම් සුපර් කොම්පියුටර් එකට වසර මිලියන හතහමාරක් ගියාට විශ්වසයේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තරය කුමක් දැයි සොයන්න, දැන් අපි, ඒ කියන්නෙ මේ අඩවිය කියවන්න ආපු අය, උත්තරය 42 බව දන්න නිසා ඒකත් මේ ගමනේ දී අමතක නොකර තමයි යන්නෙ!!!! ]]

    “කලබල නොවන්න” හෙවත් ඩෝන්ට් පැනික්.

    අරුණි ඔය පොතේ වෝගන් ලා ගේ සත්‍ය ස්වරූපය ගැන නිතර නිතර ලියනවා නේ. වෝගන් ලා ආදායම මදි නිසා දඩකොලයක කවියක් ලියා දේවි. කියවන්නේ නැතුව ගෙවන්න. දන්නවනේ.

  10. ineshwickramaraja said, on මැයි 20, 2013 at 11:32 ප.ව.

    සුබ ගමන්!!,හිතුවෙවත් නැති සුබ දෙවල් සිද්ධ වෙවා….

  11. තරූ said, on මැයි 21, 2013 at 1:15 පෙ.ව.

    මමත් හරි ආසයි සුන්දර රස්තියාදු ගමන්වලට.. හදවතින් මමත් එකතු වෙනවා ගමනට… සුබ ගමන්..

  12. Chandi said, on මැයි 22, 2013 at 1:23 පෙ.ව.

    සුබම සුබ ගමනක් යන්න ලැබේවා! කාලගුනයෙන් කිසිදු කරදරයක් නොවේවා!

  13. arunishapiro said, on මැයි 23, 2013 at 12:05 පෙ.ව.

    සුබ පැතුම් සියල්ලටම ඉතාමත් ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: