අරුණි ශපීරෝ‍ වෙතින්

පළමු දවසෙ පින්තූර

Posted in Uncategorized by arunishapiro on මැයි 20, 2013

IMG_5690

දුවයි මායි ගමන පටන් ගත්තෙ උදේ හයට විතර ඉර පායද්දී. අධිවේගී මාර්ග වල වැඩි සෙනඟක් හිටියෙ නැහැ. මේරිලැන්ඩ්, පෙන්සිල්වේනියා, බටහිර වර්ජීනියා පහුකරගෙන ඇවිත් ඔහායෝ වල දී ලංකාවෙන් ළඟක දී ආපු කෙනෙකුවත් බලන්න ගියා.

අද ගමනෙ අවසානය, රාත්‍රී නමය වෙද්දී, ඒත් ඉර සම්පූර්ණයෙන් බහින්න කළියෙන් පිවිසුනේ ඉන්දියෑනා ප්‍රාන්තයේ ඉන්දියෑනාපොලිස් නගරයට. යන්න හිතාගෙන හිටපු මාර්ගයෙන් පොඩ්ඩක් පිට පැන්නට හෙට ඉඳලා ආයේ ඒ මාර්ගයේ පටන් ගන්නවා.

IMG_5691 IMG_5712
IMG_5721IMG_5752

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මැයි 20, 2013 at 11:43 ප.ව.

    ගමන අවසන් වනතුරු නොකඩවාම කියවනවා කමෙන්ට් නොදැම්මත්. පින්තුර වලින් අපිත් ඔබ සමග එක්වෙනවා.

  2. wicharaka විචාරක said, on මැයි 20, 2013 at 11:47 ප.ව.

    සුදු අප්පුහාමිට දුක හිතෙයිද දුව අම්මා වගේමයි තනිකර ලංකාවේ පෙනුම තියෙන්නේ කිව්වොත්?

  3. wicharaka විචාරක said, on මැයි 20, 2013 at 11:51 ප.ව.

    අයියෝ වැඩක් නැහැ අර බස් එකේ පිටිපස්සේ ඔබාමා මාමා ජනතාවට ආචාර කරන පින්තුරයක් (ඔබාමා මාමටත් කියන්න ඕනෙ කෝට් එකට උඩින් සාටකයක් දාන්න කියලා) දාලාවත් නැහැනේ. එහෙම නොකලොත් ඒ බස්වල රූට් පර්මිට් කැන්සල් වෙන්නේ නැද්ද?

    ඇත්තටම ඔය ගමන සඳහා බස් ගාස්තුව සහ දුම්රිය ගාස්තුව කීයද බස් එකේ හෝ කෝච්චියේ යනවානම් ගතවන කාලය කොපමණද?

  4. ඇයි සුද්දප්පු ගමනට එකතු වෙන්නෙ නැත්තේ. එයාව හැලුවද? ඇයි වෙලාව බල බල දැන් ඇති යං යං කියනවද?

    කොහොමහරි – එන්න මාත් එක්ක දුර ගමනක් යන්න ලිපියයි, ඒකේ ලින්ක් ටිකත් කියෙව්වා, මේ ලිපියත් එක්ක. ගමනක් ගැන කතා කරද්දි මම නම් කැමති පින්තූරෙත් එක්ක පොඩි විස්තරයකුත් ඇතිව කියවන්නයි. කරුණාකර පින්තූර ටිකක් වැඩිපුර දාන්න. පාර දෙපැත්තේ දර්ශණ, පොඩි කඩ කෑලි, අමුතු මිනිස්සු, තුඡ්ච ආසාවල් සම්තෘප්ත කරගන්න තියෙන දිසි, ගොවිපොලවල් වගේ එව්වල.

    ඇමරිකාව කිව්වම මගේ හිතේ තියෙන්නෙ මහ ඕන්නැති පින්තූරයක්. මම කැමති ඇමරිකාව කිව්වම ලෝරා ඉංගල්ස් නෝනා හිටිය කාලේ වගේ නිස්කලංක ඇමරිකාවේ පින්තූර දකින්න. දකෝටා වලින් යද්දි ලෝරා නෝනව මතක් කරගෙන යන්න. පුලුවන් උනොත් ඒ වගේ පන්තූර ටිකක් වැඩිපුර දාන්න.

    මීට,
    පින්තූර දැක බලා ගැනීමේ කැමැත්තෙන් සිටින පාඨකයෙක් 😀

    • arunishapiro said, on මැයි 21, 2013 at 8:31 පෙ.ව.

      buddhiprasadh,

      දින නියමයක් නැති රස්තියාදු ගමන් යන්න විවේකයක් තවම නැහැ සුදු අප්පුහාමිට. අපේ රස්තියාදු වලට ගෙවන්න කෙනෙක් ඉන්නත් එපායෑ!!!! ඊයේ එයා ගියා නයගරා දිය ඇල්ල ළඟ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට. ඒත් ඒක බලන්නෙ නැතිව එයාගේ කතාව පවත්තලා අද ආපහු ගෙදර යනවා.

      අමතර පින්තූර Facebook පිටුවෙන් බලන්න.

  5. තරූ said, on මැයි 21, 2013 at 1:23 පෙ.ව.

    little House on the friary කතා මාලාව මතක් වෙනවා.. කරත්තෙ නැගිල ලෝරගෙ පවුල මේ පළාතෙත් ගියා නේද? එදයි අදයි වෙනස කොයි තරම් ඇත්ද?

  6. Kenji @ Japan said, on මැයි 21, 2013 at 8:31 පෙ.ව.

    පටන් ගනිද්දිම පින්තුර දාපු එක නම් නියමයි.
    අම්මයි දෝනියි නැති දවස්වල සුදු අප්පුහාමි ට රොටියක්/ලුනු මිරිසක් හදාගන්න උගන්නල නේ තියෙන්නෙ :).

  7. Ravi said, on මැයි 21, 2013 at 12:08 ප.ව.

    අරුණි,

    සුදු අප්පුහාමිට මේ වගෙ ඉඳ හිටල පොඩි විවේකයක් දෙන එක බොහෝම හොඳයි…මොකද කොච්චර ඇලී ගැලී හිටියත් ටිකක් Breathing Space එකක් හැමෝටම වැදගත් කාලෙකට සැරයක් හරි..ඒකෙං තව දෙයක් වෙනවා. අහල ඇතිනෙ අරුණි අර නිතර දෙවේලගෙ දකින කුකුළගෙ කතාව ( No pun intended ) 🙂

  8. Chandi said, on මැයි 22, 2013 at 1:30 පෙ.ව.

    කෙල්ල ලංකාවෙ කෙල්ලක් වගෙම තමා. පාට විතරයි වෙනස්. හරිම ලස්සනයි දෙන්නාම . තෙරුවන් සරණින් ගමන ගිහින් එන්න.

  9. tax said, on මැයි 26, 2013 at 2:42 පෙ.ව.

    මරු.. මගේ නෝනවත් ඔය වගේ වන්දනාවක යවන්න ඕන. ඔය දඩකොටා උඩකොටා වල පින්තුර ටිකක් දාන්න. මොන වගේද කියල බලන්න ඕන.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: