අරුණි ශපීරෝ‍ වෙතින්

පාරේ ගෙවල් යනවා දැකලා තියෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2013

පාරේ ගෙවල් ගෙනියන හැටි දැකලා තියෙනවා ද? කම්හලේ හදලා ඉඩමට ගෙනැවිත් දාන මේ වගේ ගෙයක කාමර දෙක තුනක්, කුස්සියක් සහ වැසිකිලියක් දෙකක් ද අඩංගු වීම සාමාන්‍යයක්. සමහර අවස්ථාවල දී ගෙයක කෑලි දෙකක් හැටියට මැදින් වෙන් කරලා වෙන වෙනම අරගෙන යන හැටිත් දකින්න පුලුවන්. “ඕවර්සයිස්” කියලා ලොකුවට පෙනෙන්න ගහපු පුවරුවක් අරගෙන කළින් සහ පස්සෙන් රථ දෙකක් යෑම ඒ මාර්ගයේ අනිත් අයට අවදානම කියන්න වගේ ම මේ අයට උදව් කරන්නත් පිණිස වූවක්. වොරන් බෆට් මෙහෙයවන බර්ක්ෂයර් හැතවේ කියන කොම්පැණිය ඇමෙරිකාවේ තිබිච්ච විශාලතම හදපු ගෙවල් කම්හල නොහොත් ක්ලේටන් හෝම්ස් කියන ව්‍යාපාරය මිල දී ගත්ත 2003 දී ඩොලර් බිලියන 1.7 කට. 1966 දී ජිම් ක්ලේටන් විසින් එය ආරම්භ කළේ. ඒ ක්ලේටන් හෝම්ස් කියන්නෙ නිවාසයක් හදන එකයි, විකුණන එකයි, ෆිනෑන්ස් දෙන එකයි, රක්ෂණය දෙන එකයි ඔක්කොම එයාලම කරන ව්‍යාපාරයක්. එයාගේ පුතා තමයි දැන් ඉන්න CEO. මූලස්ථානය තියෙන්නෙ නම් ටෙනසි වල. ඒත් රට පුරා පිහිටන නිවාස හදන ඔවුන්ගේ කම්හල් 35 කින් ප්‍රාන්ත 49 කට බෙදා හරින ව්‍යාපාරයක්. දුර ගමනක් යද්දී මෙවැනි නිවාසයක් ප්‍රවාහනය වෙනවා දැකීම සාමාන්‍ය දෙයක්.

IMG_5868

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. මහසෝන් පිල්ලිය said, on මැයි 22, 2013 at 3:32 පෙ.ව.

    එකත් බෆට් ට ගිහිල්ලද ?

  2. Gold fish said, on මැයි 22, 2013 at 12:38 ප.ව.

    මෙහෙත් කන්ටේනර් ගෙවල් හදන්න පටං ගන්නවා… ඒක හොඳ අත්දැකීමක් වෙයි…

    • arunishapiro said, on මැයි 22, 2013 at 11:13 ප.ව.

      Gold fish,

      මෙහෙ “කන්ටේනර් ගෙවල්” කියන්නෙ මේවාට. පින්තූරේ තියෙන ගෙවල් වලට කියන්නෙ “මෝබල් හෝම්” “මැනුෆැක්චර් හෝම්” සහ “මොඩුයලර් හෝම්” යනාදිය. ඒවා ගෙවල් විදියට හදන ඒවා මිසක් කළින් වෙන කිසිවකට පාවිච්චියට ගත්තු ඒවා නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: