අරුණි ශපීරෝ‍ වෙතින්

මිනෙසෝටා හි ඇමෙරිකන් කෙල්ල බෝනික්කන් වෙළඳසැල

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2013

IMG_6044

ලෝරා ඉන්ග්ලස් වයිල්ඩර් ඇයගේ දියණිය වූ රෝසාට කතන්දර ලිව්වා වගේ ඇමෙරිකාවේ පුංචි ළමයින්ට ඉතිහාසය කියා දෙන තවත් විදියක සාර්ථක උත්සාහයක් අපේ කාලයේ දී නැවතත් සිද්ධ වූවා. ඉතිහාසය අනුව නිමැවෙන “ඇමෙරිකන් කෙල්ල” ජනප්‍රිය බෝනික්කන් බ්‍රෑන්ඩ් එකක්. එහි නිර්මාතෘවරිය ප්ලෙසන්ට් රෝලන්ඩ්.

ප්ලෙසන්ට් රෝලන්ඩ් ඇමෙරිකන් ඉතිහාසය පිළිබඳ රසිකාවියක්. යටත් විජිත සමයේ විදියට නිරූපනය වෙන වර්ජීනියාවේ විලියම්ස්බර්ග් නගරය ජනප්‍රිය සංචාරක ස්ථානයක්. රටේ නැගෙනහිර පළාත් වල ඉන්න පාසැල් ළමුන් බහුල වශයෙන් යන සංචාරක ස්ථානයක්. මෙතැනට ගිය ප්ලෙසන්ට් හිතනවා ඇමෙරිකාවේ පුංචි දැරිවියන් කැමති වේ කියලා බෝනික්කො එක්ක සෙල්ලම් කරන ගමන් රටේ ඉතිහාසයේ නොයෙකුත් යුගයන් ගැන ඉගෙන ගන්න.

ඉතින් ඇය ආයෝජන අවදානමක් ගන්නවා එහෙම බෝනික්කන් ඇමෙරිකන් වෙළඳපලට හදන්න. ඒ සඳහා 1986 දී “ප්ලෙසන්ට් කොම්පැණිය” ඇය පටන් ගන්නේ “ඇමෙරිකන් කෙල්ල” නමින් බෝනික්කන්, ඒ චරිත ගැන ලියැවුනු කතන්දර පොත් සහ තවත් ඒ හා යන සෙල්ලම් බඩු විකුණන්න.

හැම බෝනික්කෙක්ම හැදෙන්නේ ඇමෙරිකන් ඉතිහාසයේ යම් කාල වකවානුවක් අනුවයි. ඒ ඒ බෝනික්කාට අන්ඳවන ඇඳුම් සමානව ඇඳුම් පැළඳුම් දැරියන් වෙනුවෙන් ද නිර්මාණය වී වෙළඳපොලට එකතු වෙනවා. ඒ ඒ බෝනික්කාගේ ජීවිත කතාව ගැන ඉගෙන ගනිද්දී ඉගෙන ගන්නේ ඇමෙරිකන් ඉතිහාසයයි.

බෝනික්කාට ඉන්න ගෙයක්, ගෙදරට ලී බඩු, කන්න බොන්න පිඟන් කට්ටල හා තේ කෝප්ප පීරිසි එහෙමත් විකිණෙනවා. ඉතින් කැමති බෝනික්කෙක් ගත්තම ඊට පස්සෙ තව ගන්න පුළුවන් තව බඩු ගොඩයි. දරුවන් අතර මේ බෝනික්කන් ඉතාමත් ඉක්මණින් ජනප්‍රිය වෙලා වෙළඳපොලේ සාර්ථකත්වයක් අත් කරගත් ව්‍යාපාරයක් බවට එය පත්වූවා.

විස්කොන්සින් ප්‍රාන්තයේ මැඩිසන් නගරයේ ආරම්භ කරන ලද ඇයගේ මෙම කොම්පැණිය දැන් මැටෙල් කොම්පැණියට අයිතියි. මිනෙසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් නගරය ළඟ පාතක තියෙන ඇමෙරිකාවේ මහා විශාල වෙළඳ සංකීර්ණයේ ඇතුලත දී අපි ඇමෙරිකන් කෙල්ල බෝනික්කන් දැක බලාගත්තෙ මෙහෙම.

IMG_6038 IMG_6041 IMG_6030 IMG_6034 IMG_6029 IMG_6035 IMG_6043IMG_5976

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. තරූ said, on මැයි 22, 2013 at 11:38 ප.ව.

    අපූරු අදහසක්… සාර්ථක ව්‍යාපාරයක් වෙලා…

  2. sujatha said, on මැයි 23, 2013 at 12:52 පෙ.ව.

    Ceylon Tea 😀

  3. රාජ් said, on මැයි 23, 2013 at 1:33 පෙ.ව.

    අපූරු අදහසක් නේන්නං. මේවගේ වැඩක් කලොත් අතිසාර්තක කරගන්න පුවවන් අපේ රටෙත්. මොකද්ද දන්නවද ශිෂ්‍යත්වයට ඕනකරන කරුණු කියල දෙන බෝනික්කෙක් හැදුව නං උණු කැවුම් වගේ යයි.

  4. wicharaka විචාරක said, on මැයි 23, 2013 at 3:08 පෙ.ව.

    යෑස්, යෑස්, යෑස්, සිලෝන් ටී කෝ මිළ දාලා නැහැනේ……….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: