අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර්

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2013

IMG_5782

ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර් ගැන මතක් කරපු පළමු එක්කෙනාට දැම්ම irony විහිළුව ලියපු විගසින් මකා දැම්මා … මේ සටහන මගහැරිලා ඒක විතරක් කවදා හරි කියවන අය තක්බීරි වේවි!!! ඉතිහාසයට එකතු වූ ඇය ලියා ඇති පොත් අපි අගය කරන්නෙ ඇයි? ඕනෑම පුංචි ළමයෙක්ට ඒවා කියවන්න ආසා හිතෙන විදියට සරල බසින් ලියලා තියෙන නිසා පමණක් නෙමෙයි. එහි කියැවෙන නිදහස් අදහස් පුංචි ළමයි පවා අගයන නිසයි.

1932 අප්‍රේල් මාසයේ දී, එනම් රටේ මහා ආර්ථික අවපාතය පැවැත්වෙන කාලයේ දී තමයි ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර් ගේ “පුංචි නිවස” කතන්දර පොත් මාලාවේ පළමු පොත මුද්‍රණය වෙන්නෙ. ඇයට වයස 60 දී. එයා ලිව්වෙ තමන්ගෙ ළමා කාලය, ඇමෙරිකන් ඉතිහාසයේ අවසන් වූ පුරෝගාමී යුගයක් ගැන මතකයන් ඉතුරු කරලා යන්න. වෙළුම් අටකින් යුතු පොත් මාලාව ලෝරා ලියා අවසන් කරන්නේ 1943 දී. මිසූරි ප්‍රාන්තයේ දී ඇය වයස 90 දී මිය යන තෙක්ම ඒ පැත්තෙන් යන එන අය ඇය බැහැ දැකගෙන යන්න එහි ගොඩවැදෙන එක නොනවත්වා සිද්ධ වුණා. ලෝරා මිය ගියාට පස්සෙ ඒ නිවහන කෞතුකාගාරයක් බවට හැරෙනවා. එයා ඉපදිච්ච තැන, හැදුණු වැඩුනු ස්ථාන සියල්ල අද ගිහින් එයා ගැනත්, ඒ කාලය ගැනත් දැනුමක් එකතු කරගන්න පුළුවන් ස්ථාන.

1870 සිට 1880 දක්වා ලෝරා හැදෙන්නෙ වැඩෙන්නෙ රටේ බටහිර මැද පළාත් ලෙස හැඳින්වෙන විස්කොන්සින්, කැන්සාස්, මිනෙසෝටා සහ සවුත් දකෝටා යන ප්‍රාන්තවල. ඇයගෙ මහත්තයා ඇල්මන්සෝ. මහා තැනිතලා පෙදෙස් හෙවත් ප්‍රෙයරී වල වැවෙන ලස්සන කැලෑ රෝසමල් නිසා තමයි ලෝරා දුවට රෝස් කියලා නම දාලා තියෙන්නෙ.

සුන්දර සරල ජීවිතයක් ගැන ලෝරා රසවත් කතන්දර යැයි වරදවා තේරුම් ගන්න නරකයි. ලෝරා පැවත එන්නෙ පියුරිටන් යැයි සැලෙකෙන සමාජ අදහස් අගය කරන අයගෙන්. එනම් තමන්ගෙ තත්වය දියුණු කර ගැනීම සහ ශ්‍රමය වෙහෙසීම යනු එයින් ලැබෙන භෞතික වාසි පමණක් නොව එය ආචාර ධාර්මික වූ හැදියාවක් ද යන්න සැලකූ අය වෙතින්.

මේ පැත්තෙන් යද්දී ජලනල පහසුකම්, නිවසේ වැසිකිලි නොමැති, නිවාස රත් කරගන්නට දර පුළුස්සන්න වෙච්ච යුගයක් ගැන හිතින් මවා ගන්න එකත් අද තියෙන පහසුකම් ඇතිව හැදිච්ච වැඩිච්ච අයට පහසු නැහැ. ගස්වල කොළ හැලෙන සිසිරයත්, හිමෙන් පස වැසී පවතින හේමන්තයත්, මල් පිපෙන වසන්තයත් ගෙවා දාන්න මේ අයට වෙන පළාතකින් ආහාර පාන, ඇඳුම් හෝ උණුසුම ලැබුනේ නැහැ. මාංශ භක්ෂික වීමේ ආදීනව අගයන ඝර්ම කලාපීය රටවල අයට මෙහෙම පැත්තක ජීවිතය බේරා ගන්න නම් සත්තු මරලා කන්න වෙනවා කියන එක ඇත්ත බව දත්තට කොච්චර ඇත්ත දැයි හරියටම වැටහෙන්නෙ නැහැ.

ලෝරා ඇයට වඩා වසර දහයක් වැඩිමහල් සැමියා අමතන්නෙ මැන්ලි කියලා. ඔවුන්ගේ දුව ලෝරාව අමතලා තියෙන්නෙ ‘මමා බෙස්’ කියල. ලෝරා ඉපදෙන්නෙ 1867 දී විස්කොන්සින් වල. ලෝරාගේ පියා චාල්ස්ට එක තැන ඉන්න බැරි රුදාවක් නිසා ඔවුන් හරියකට අල්ලා ගන්නට බැරිවෙන සාර්ථකත්වයක් සොයා බටහිර පැත්තට ඇදෙමින් තැන තැන පදිංචි වෙනවා.

ඇමෙරිකාවේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න එහි වාසය කරපු මිනිසුන් ඉතිරි කරලා ගිය සටහන් යොදා ගැනෙනවා. මහා ආර්ථික අවපාතය පැවති කාලයේ, ඒ ලෝරා පොත් ලියපු කාලයේ, නුදුරු අයෝවා ප්‍රාන්තයේ එක කාන්තාවක් වාසනාව උරගා බලන්න සැමියා එක්ක ඇවිත් කන්න අඳින්න නැතිව හාමතේ සීතලේ ඉන්න වෙලා “මොනා කරන්න දැයි මා දන්නේ නැහැ, අපිට කන්න මොනවා හරි එවන්න” කියමින් ආණ්ඩුකාරයාට ලියපු ලියුම් එහෙමත් ඉතිහාසයට එකතුයි. වාසනාව සොයා බටහිර පෙදෙස් වලට ආපු හැමෝම සතුටින් දිවි ගෙවන්න අවස්ථා ලද අය නොවේ. නමුත් බහුතරයක් දැඩි වෙහෙසින් උත්සාහ ගත්ත නිසා කාලයක් යද්දී අනෙක් අයටත් මේ පැතිවල පදිංචිය පහසු වුණා. 1800 දී තිබ්බ දුෂ්කරතා 1930 ගණන් වල දී ලෝරාටත් තිබ්බෙ නැහැ. අද නවීන පහසුකම් බොහොමයක් මේ පැත්තෙ අඩුවක් නැතිව දකින්න පුළුවන්. ඒත් ස්වභාවික සෞන්දර්යය සහ දේශගුණය කියන දේවල් වෙනස් කරන්න බෑනේ. තාමත් ඇමෙරිකාවේ පදිංචිකරුවන් ඉතාමත් අල්පයක් ඉන්නේ මේ පැත්තෙ.

මහා තැනිතලාවේ කුඩා නිවස කතන්දර මාලාවේ තුන්වැනි පොතේ විස්කොන්සින් සිට කැන්සාස් බලා යන ඉන්ග්ල්ස් පවුල නීත්‍යානුකූල නොවන ලෙසින් නතර වෙන්නෙ Osage ගෝත්‍රිකයන් වෙනුවෙන් වෙන් කරපු භූමියක. වෘකයන්, අඳුන් දිවියන් එක්ක හැල හැප්පීම් අස්සෙ තැනිතලාව පුරා පැතිරෙන ලැව් ගිනි, මැලේරියාව, හිම කුණාටු වගේම ස්වදේශී ගෝත්‍රිකයන් එක්කත් ගැටුම් මැද්දෙ ජීවත් වෙන්න වෙර දරද්දී “වොෂිංටන් වල ඉන්න දේශපාලන තක්කඩියන්” ඔවුන්ව එළවන්න රෙගුලාසි ගේනවා. ඉතින් ලෝරා ගේ පියා “නීති කඩපු” අයෙක් ලෙසින් නැත්නම් outlaw කෙනෙක් හැටියට පන්නලා දාන්න කළින් බඩු ඔක්කොම කරත්තෙට පටවා ගෙන අටවා ගත්තු ගේ දාලා යනවා. උසට වැවුණු තැනිතලාවේ රවිකිඤ්ඤයක් (fiddle) ගහමින් ඔහු සිංදු කියන්නේ “අපි කොඩිය වටේ එකතු වෙමු, අපි ආයෙත් එකතු වෙමු නිදහස් සටන වෙනුවෙන් මුරගාන්න,” කියලා. යාන්තමට නින්ද යාගෙන එන ලෝරාටත් හිතෙනවා කෑ ගහලා එහෙම ගයන්න.

විස්කොන්සින් ප්‍රාන්තයේ ලෝරා ගේ නිවහන
සවුත් දකෝටා හි ලෝරා හැදුනු වැඩුනු ගෙය
මිසුරි ප්‍රාන්තයේ ඇය ජීවත් වු නිවහන
පුරෝගාමී කෙල්ල

IMG_5799

IMG_5958

12 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on මැයි 22, 2013 at 12:35 ප.ව.

    මං ආසාම චරිතයක්….!

  2. තරූ said, on මැයි 22, 2013 at 10:43 ප.ව.

    ස්තුතියි.. මේ විස්තර ලිව්වට… ඔයා ගමන පටන් ගත්ත දා ඉදලමයි මට මේ කතා පෙළ මතක් වෙන්න ගත්තෙ…

  3. රූ said, on මැයි 22, 2013 at 11:51 ප.ව.

    ලෝරාගේ කතා ටික අපි එකක වයස් වලදි රසවිඳින්නේ එක එක විදිහට..පුංචි කාලේ කියවපුවාම ලෝරා ගැන ගොඩක් හිතුවත් වයස 20-25 කාලේ හිතුවේ ලෝරාගේ අක්කා ගැන..දැන කියවද්දි හිතන්නෙ වෙන්නේ ලෝරාගේ අම්මයි තාත්තයි ගැන..එයාලා ජීවිතේ ගැට ගහගන්න විඳපු දුක ගැන..

    අද තියන පහසුකම් එදා තිබුනෙ නැතත් ලෝරා විඳපු දුක වගේම අපිත් දුක් විඳිනවා..ඒ වගේම එදා ලෝරා සතුටු වෙන්න දේවල් හොයාගත්තා වගේම අපිත් අපිට සාපේක්ෂ දුක් ඇතුලේ සතුටු වෙන්න වෙලාවක් හොයා ගන්නවා..

    චාරිකාවට සුභ පැතුම්..

  4. magenama said, on මැයි 23, 2013 at 12:22 පෙ.ව.

    ඔය කතාව මීට අවුරුදු 20ට විතර කලින් ලංකාවේ TV එකේ පෙන්නුවා,little house on the priary වගේ නමක් තමයි තිබුනේ.

  5. මේ තොරතුරු ටික එනතුරු තමා මම බලාගෙන හිටියේ. ලෝරා ගැන මම කොච්චර තොරතුරු හෙව්වද? ඒත් අද ලිපියෙත් මම නොදන්න තොරතුරු ගොඩක් තිබුනා.

    වැඩි විස්තර කියන්න දෙයක් නෑ. ලෝරා තමා ඇමරිකාවේ කෙල්ලන්ගේන් මම වැඩියෙන්ම කැමති ගැල්ලමයා.

    • රූ said, on මැයි 24, 2013 at 11:02 ප.ව.

      @බුද්ධි,
      ඔන්න මම නම් කැමතිම පිරිමි ළමයා ටොම් සෝයර්..ගෑනු ළමයි නම් ගොඩක් ඉන්නවා..!! (පොලියානා, ලෝරා, ඊවා, ඈන් සහ තව නම් මතක නැති බොහෝ අය..)

      අරුණිට එයාගේ චාරිකාවෙදි මේ කීදෙනෙක් හම්බවෙයිද දන්නෑ..

      • ඒ ගැණු ළමයිනුත් හොඳයි තමයි. ඒත් මට මුලින් ම දැනගන්න ලැබුනේ ලෝරානේ. ඒක වෙන්නැති වැඩියෙන් ම කැමති.

        පිරිමි ළමයි ගත්තොත් නම් ටොම් සෝයර්ට කැමැති නැති අය හොයන්නත් අමාරු වෙයි. ඒත් මම නං වැඩිපුරම කැමති රුසියාවේ ඉපදුනු ඩෙනිස්ට!

        කොහොම හරි  “අරුණි“ට වැඩි වැඩියෙන් ඒ ගොල්ල හමුවෙන්න ලැබේවා කියලා පතනවා!

  6. tax said, on මැයි 26, 2013 at 3:01 පෙ.ව.

    මගේ යාලුවෙක් රූපවාහිනියෙන් බළ බල ලොරාට ආදරේ කළා 6 , 7 පන්ති වලදී. ලියුම් ගොඩක් ලිව්වා. වැඩේ හරිගියේ නැහැ.පස්සේ ලොකු වෙලා අනුරාධපුරේ ගෙවල් පැත්තේ ළමයෙක්ව විවාහ කර ගත්තා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: