අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවේ මහා විශාල වෙළඳ සංකීර්ණය

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2013

IMG_5978

කැනඩාවේ Ghermezian පවුලට අයිති Mall of America මිනෙසෝටා වල තියෙන්නෙ.

1992 දී විවෘත වූ මෙයට වසරකට අමුත්තන් මිලියන 40 ක් එනවාලු. හපෝයි දැන් මාවත් වැටෙනවා 2013 දී mall ගිය ජන සංඛ්‍යා සංගණනයකට!!!

අපි දෙන්නා ඇවිද්දේ එක තට්ටුවක එක රවුමක් විතරයි. දැක බලා ගන්න ගොඩවැදුනා මිසක් බඩු ගන්න නෙමෙයි අපි ආවේ. මෙතැන තියෙන හැම දෙයක්ම වගේ අන්තර්ජාලෙන් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

වැසි වනාන්තරයක නම විකුණලා ආහාර පාන විකුණන කඩේ ආහාර පාන පිරිනැමෙන්නෙ ඉතාමත් නිර්මාණශීලී අන්දමටලු. දුව කිව්වෙ. ඇතුල්වෙන දොර ළඟ දැවැන්ත පිඹුරෙක් ඉඳ හිටලා පොඩ්ඩක් හෙලවෙනවා හරියට පණ තියෙන එකෙක් වගේ.

ලෙගෝ කඩේ සෙල්ලම් කරන්න ආයේ පොඩි ළමයෙක්ම වෙන්න ඕනෑත් නැහැ. ඩෙන්මාර්ක් රටේ උපදින මාටින් ලින්ස්ට්‍රෝම් පුංචි කාලේ ලෙගෝ වලින් ඇඳක් හදලා ඒකෙ නිදාගත්තලු. වත්තෙ ලෙගෝ වලින් උද්‍යානයක් හදපු මාටින් නිසා ගෙදරට ඇවිත් තියෙන්නෙ සිරි නරඹන සංචාරකයන් විතරක් නෙමෙයි; ලෙගෝ කොම්පැණියේ නීතීඥයන් එහෙමත්. පොඩි ළමයෙක් වුනාට අපූර්ව දැක්මක් තිබ්බ මාටින්ව ලෙගො කොම්පැණිය ඔවුන්ගේ උපදෙස් කමිටුවට ඇතුල් කරගන්නවා. ලෝකයේ මුලින්ම හදපු කොළ පාට ලෙගෝ කෑල්ල ඔවුන් දීලා තියෙන්නෙ මාටින්ට. ලංකාවටත් ඇවිත් ගිය මාටින් ලියපු අදහස් ගැන මීට කළින් මේ බ්ලොග් එකේ මේ තැන් වල දී කිව්වා; ජේම්ස් බොන්ඩ්, සබන්, සුරුට්ටු සහ ඇස් කණ්ණාඩි සමඟ අරුණි 007 සහ ඇමෙරිකන් අයිඩල් හි වෙළඳ නාම සාර්ථකත්වය.

ලුලුලෙමන් නමින් පවත්වා ගෙන යන්නෙ යෝග කරන අයට වස්ත්‍ර විකුණන, 2012 දී ඩොලර් බිලියනක් වත්කම ඇති ව්‍යාපාරයක්. ඒකට ඇතුල්වෙන දොර තමයි මේ අමුතු විදියකට සැරසිලා තියෙන්නෙ.

වෙළඳ සංකීර්ණයක් තමන් ගැන තමන් හදපු ටී-ෂර්ට් විකුණන එක නම් අව්‍යාජ ඇමෙරිකන් හැදියාවක්!!!!

IMG_5967 IMG_6016 IMG_6001 IMG_6010 IMG_6006 IMG_6003
IMG_5981

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Ravi said, on මැයි 23, 2013 at 7:56 පෙ.ව.

    / 1992 දී විවෘත වූ මෙයට වසරකට අමුත්තන් මිලියන 40 ක් එනවාලු. හපෝයි දැන් මාවත් වැටෙනවා 2013 දී mall ගිය ජන සංඛ්‍යා සංගණනයකට!!! /

    2013 දී Mall of America එකට ආපු ගණන වෙන්නෙ හතලිස් මිලියන දෙකයි 🙂

  2. Chandi said, on මැයි 31, 2013 at 3:33 පෙ.ව.

    ලෙගෝ සෙල්ලම් කරන්න පොඩි එකෙක්ම වෙන්න ඕනෙ නෑ d:


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: