අරුණි ශපීරෝ‍ වෙතින්

උතුරු දකෝටා හි ෆාර්ගෝ නගරය

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2013

IMG_6123

මිනියෑපොලිස් වලින් පිටත් වෙලා තවත් උතුරට ගමන් කළා. පොකුණු දස දහසක් තියෙන මිනෙසෝටා වල උතුරට යද්දී පළාත මහා තැනිතලාවක් බවට හැරෙන හැටි දකින්න පුළුවන්. ඒ පොකුණු වල සීතල කාලෙට අයිස් කඩලා මාළු බාන හැටි හිතාගන්න පුළුවන් වැඩි කරදරයක් නැතිව. මේ පැත්තට එද්දී තාම ඩිංගක් සීතලයි. වාහනේ සීට් එක රත් කරන බොත්තම ඔබද්දී අශ්ව කරත්ත වලින් සීතල සුළං එක්ක පුරෝගාමී අය ගමන් බිමන් යන්න ඇත්තෙ කොහොම වෙන්නැති ද කියලා තමයි හිතුනේ.

බලන්න කියලා වැඩි දෙයක් නැහැ මග දෙපස.

Fargo (1996) චිත්‍රපටිය ෆාර්ගෝ නගරයේ කතන්දරයක් වුනාට රූ ගත වෙන්නෙ මේ අවට වෙනත් බොහෝ තැන්වල. ඒ මන්දැයි වැටහුනේ මෙහෙ ආවම.

මිනෙසෝටා ප්‍රාන්තයෙන් උතුරු දකෝටා ප්‍රාන්තයට ඇතුල් වෙද්දීම තියෙන නගරය තමයි ෆාර්ගෝ. අපි නගරය දැක බලා ගන්න අධිවේගී මාර්ගයෙන් අයින් වෙලා ගියත් නගරයට ඇතුල් වෙච්ච වේගයටම ආපහු පිටවුනා. බලන්න කියලා කිසිම දෙයක් තිබ්බෙ නැහැ. Wells Fargo කොම්පැණිය ආරම්භ කරපු විලියම් ෆාර්ගෝ නිසා තමයි මේ නගරයට ෆාර්ගෝ නම වැටිලා තියනවා කියන්නෙ.

IMG_6066 IMG_6089 IMG_6141 IMG_6127 IMG_6103 IMG_6106

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මැයි 23, 2013 at 7:30 පෙ.ව.

    නාමපුවරු වල සැතපුම් වලින් දුර සඳහන් වෙන්නේ ඇයි. මෙට්‍රික් ක්‍රමය නෙවෙටිද භාවිත කරන්නේ.

  2. ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගෙ ලිට්ල් හවුස් පොත් පෙලේ නිතරම කියවෙනව නේද මේ පැති ගැන. මහා තැනිතලාව ගැන.

  3. වාහනේ ස්පිඩෝ මිටරේ ත් පැයට හැතැප්මද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: