අරුණි ශපීරෝ‍ වෙතින්

උතුරු දකෝටා හි බිස්මාර්ක් නගරය

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2013

IMG_6199 ඊයේ සවස අටහමාර පහුවුනත් ඉර එළිය තිබිච්ච බිස්මාර්ක් නගරයේ අපි රාත්‍රිය ගෙවන්න තීරණය කළා. මෙය උතුරු දකෝටාවේ අග නගරය.

ෆාර්ගෝ වලට වඩා අඩු ජනගහණයක් ඇති උතුරු දකෝටාවේ දෙවැනි විශාලතම නගරය. නගරයක් ලෙසින් ස්ථාපිත වෙන්නේ 1872 දී. ප්‍රාන්ත ආණ්ඩුවේ අගනගර ගොඩනැඟිල්ල තමයි ප්‍රාන්තයේ උසම බිල්ඩිම යැයි සැලකෙන්නේ.

යුරෝපීයයන් එන්නට කළින් Mandan ස්වදේශී ගෝත්‍රිකයන් තමයි එහි වාසය කරලා තියෙන්නෙ. ජර්මනියේ චාන්සලර්වරයා වූ ඔටො වොන් බිස්මාර්ක් ගේ නම නගරයට දාලා තියෙන්නෙ මෙහාට ජර්මන් ආයෝජන ආකර්ශණය කරගන්නා අදහසෙන්.

IMG_6168 IMG_6175 IMG_6172 IMG_6211 IMG_6204 IMG_6209 IMG_6173 IMG_6202

2 Responses

Subscribe to comments with RSS.

  1. දෙන්නා හොටල් වල ද නවතින්නේ….. ඈත පලාත් නිසා හෝටල් වල මිල ගණන් කොහොමද? (දැන ගත්තා කියලා වෙනස් කරන්න නෙමෙයි. 😀 )

    • arunishapiro said, on මැයි 25, 2013 at 1:03 පෙ.ව.

      buddhiprasadh (බුද්ධ් – සයිබර් යාය),

      මිනෙසෝටාවේ දී එක රාත්‍රියකට කාමරය ලැබුනෙ ඩොලර් 142 කට; බිස්මාර්ක් හි $126 කට; බියුට් හි $133 කට; අද රෑ මේ නැවතිලා ඉන්න සියෑටල් අසල බෙල්විව් හි $177 කට. කාමරයේ මිලට ඒ ඒ ප්‍රාන්තයේ බදු සහ නගරයේ බදු ද එකතුවෙනවා.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න