අරුණි ශපීරෝ‍ වෙතින්

අයිඩහෝ ප්‍රාන්තයේ වොලාස් ටවුම

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2013

IMG_6860

මොන්ටෑනා ප්‍රාන්තය පහුකරගෙන බටහිරට යද්දී රිදී මිටියාවතේ පතල් කනින දිස්ත්‍රික්කයේ දී හමුවෙන්නෙ අයිඩහෝ ප්‍රාන්තයේ වොලාස් ටවුම. මුහුදු මට්ටමෙන් අඩි 2,728 (මීටර් 831) ක් ඉහළ පවතින ටවුමක්.

රිදී පතල් කනින්නට ආපු අය නිසා හැදිච්ච ටවුමක්. බඩු සහ මගීන් ප්‍රවාහනය පිණිස විවිධ පැති වලින් ආපු දුම්රිය සේවා දෙකක් නැවතුන දුම්රිය ස්ථානයකුත් තිබුණ නිසා එය ටවුමේ අගය වැඩි කළා.

මේ ටවුම පටන් ගත්ත එහි ඉඩම් අයිතිකාරයෙක් වූ කර්නල් ඩබ්ලිව්. ආර්. වොලාස් ගේ නම තමයි ටවුමට වැටෙන්නෙ. පතල් කනින අයගේ කතන්දර වලින් තමයි මේ ටවුමේ ඉතිහාසය හැදෙන්නෙ. ඒ කාලයේ හාරපු රිදී පතල් බලන්න තවමත් සංචාරකයන්ට යන්න පුලුවනි. ඒ කාලයේ පැවති තතු දක්වන කෞතුකාගාර බොහොමයක් අතර පතල් කනින අය වෙනුවෙන් සේවා සැපයූ ගණිකා වෘත්තියේ යෙදුනු අය වෙනුවෙන් වූ කෞතුකාගාරය අපි ගිය දවසේ වහලා.

2010 ජනගහණ සංඛ්‍යා දත්ත අනුව 784 දෙනෙක් ඉන්න ටවුමේ වාසය පවුල් 190 කින් හැදිලා තියෙන්නෙ.

ඇමෙරිකාවේ ගොඩනැඟිලි බොහොමයක ඉස්සරහා පැත්තේ මුදුනක එය නිමැවුන වසර සඳහන් කිරීම අතීතයේ ජනප්‍රිය විලාසිතාවක්. 1800 ගණන් වල අග දී නිම කරන ලද ගොඩනැඟිලි වල එදා එල්ලපු නාම පුවරු තවමත් ඒ විදියට එල්ලා තියෙන හැටිත් දකින්නට පුලුවන් මෙය ඵෛතිහාසික නගරයක් හැටියට සංචාරකයන් වෙනුවෙන් විවෘත වෙලා තියෙන නිසයි.

ටවුම පුරාම ඇවිදින්න පැයක් යන්නෙ නැහැ. Dante’s Peak (1997) චිත්‍රපටිය රූ ගත වෙලා තියෙන්නෙ මෙම ටවුමේ. ටවුම ළඟ තියෙන කන්ද තමයි ගිනි කන්දක් හැටියට ඩිජිටල් වෙනසකට භාජනය වෙන්නෙ. Heaven’s Gate (1980) චිත්‍රපටිය ද මෙහි රූ ගත වූවක්. ලානා ටර්නර් නැමති නිළිය ඉපදිලා තියෙන්නෙත් මේ ටවුමේ.

IMG_6868 IMG_6874 IMG_6885 IMG_6889 IMG_6901 IMG_6900

4 Responses

Subscribe to comments with RSS.

  1. Ravi said, on මැයි 26, 2013 at 4:45 පෙ.ව.

    අරුණි බොහොම කණගාටුයි ඔයාට අනර්ඝ අවස්ථාවක් මඟ ඇරිලා 😦

    ඔය වොලස් නගරයෙ තමයි තියෙනවයි කියන්නෙ මුළු විශ්වයේම හරි මැද. නගරය මැද තියෙන පල්දෝරු මනු බිලක පියන තමයි හරියටම තැන. ඒක උඩ හිටගෙන පොටෝ එකක් ගහල දැම්ම නම් මල් හතයි නෙව. 🙂

    • arunishapiro said, on මැයි 26, 2013 at 10:17 පෙ.ව.

      Ravi,

      අයියෝ මේකට කියන්නෙ “පල්දෝරු මනු බිල” කියලා දැන සිටියෙ නැහැනේ. සංචාරකයන් නොයෙකුත් ඉරියව් වලට රඟපාමින් එතැන පොටෝ ගහනවා දැක්ක. පෝලිමේ අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න කාලයක් තිබුනෙ නැහැ රවී. අනික මේකනෙ රවී, මම හිතාගෙන ඉන්නෙ මුළු විශ්වයේ ම හරි මැද තියෙන්නෙ ඕනෑම අවස්ථාවක මම ඉන්න තැනේ කියලයිනෙ!!!!! සුදු අප්පුහාමි තමයි එය එහෙමයි කිව්වෙ!!!!!

  2. wicharaka විචාරක said, on මැයි 26, 2013 at 2:52 ප.ව.

    මොකද අනේ මේ පාරවල් අයිනේ ඔබාමා මාමා ජනතාවට ආචාර කරන ලොකු කටවුට් නැත්තේ. ඔබාමා මාමට පිස්සුද මෙච්චර ලොකු රටක් තියාගෙන එක කටවුට් එකක්වත් නොගහ ඉන්ඩ. අඩුගානේ ඔසාමා මරපු ඔබාමාට ජනතාවගේ ආචාරය, රටේ පිනට පහලවූ මැතිඳුනි ඔබයි යුගයේ රජා කියලා ගහන්න තිබුනනේ.

    • arunishapiro said, on මැයි 26, 2013 at 10:35 ප.ව.

      විචාරක,

      😀 එහෙම කටවුට් මෙහෙ දාන දවස ආවොත් ඉස්සර කාලේ මහා තැනිතලා සොයා ගිය ලෝරා වගේ අදහස් ඇති වූවන් අනුගමනය කරන පීටර් තීල් වැනි මුහුදු වාසස්ථාන සොයා යන අය ඇමෙරිකාවේ තවත් වැඩිවේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: