අරුණි ශපීරෝ‍ වෙතින්

ඇන්ජීගේ සැන්විච් කඩයේ දී හකල්බෙරි රහ බැලුවෙමි

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2013

IMG_6902

හකල්බෙරි කියන්නෙ අයිඩහෝ ප්‍රාන්තයේ නිල පළතුර (state fruit).

අයිඩහෝ හි නිල ආහාරය හැටියට සැලකෙන්නේ අර්තාපල්.

වොලාස් ටවුමේ තැන් තැන්වල “හකල්බෙරි රාත්තලක් ඩොලර් 45 ක්” යැයි බෝඩ් ගහලා තියෙනවා දැක්කා. ඇන්ජි ගේ සැන්විච්ච් කඩයෙ අයිතිකරු සහ සේවකයා වූ ඇන්ජි ගෙන් අපි ඇහැව්වා හකල්බෙරි එච්චර ගණන් ඇයි කියල. හකල්බෙරි රොකී මවුන්ටන්ස් කඳුකරයේ කැලෑවේ වැවෙන්නක්. කිසිම කෙනෙකුට තවම ඒවා උදුරලා ගෙනැවිත් වගා කරන්නට හැකිවෙලා නැහැ. කැලෑවේ ඇවිද බෙරි එකතු කරන අය අඩු නිසයි ඒවා මෙච්චර ගණන්.

වසන්තයේ අවසන වුවත් මේ පැත්ත තාම සීතලයි. ඉතින් කැලෑවේ ඇවිදලා බෙරි කඩන්න වෙන පළාත් වල වාසය කරන අයත් එන්න කැමති නැතිවත් ඇති.

IMG_6907 IMG_6903

හකල්බෙරි ගැන විස්තරේ කියලා ඩෙලවෙයාර් සිට ආපු අපිට ඇන්ජි හකල්බෙරි ගෙඩි කිහිපයක් රස බලන්නට දුන්නා. ලංකාවේ තියෙන දං කියන පොඩි ගෙඩිවල තියෙනවා වගේ කහට මුසු පැණි රහක් තමයි දැනුනේ.

හකල්බෙරි අයිස්ක්‍රීම් මේ පැත්තෙ හැම තැනම විකිණුනාට තාම සීතල පැත්තක දී අයිස්ක්‍රීම් රහ බලන්න හිතුනේ නැහැ. ඇන්ජි හදපු සැන්විච් කාලා ඊට පස්සෙ එයාම හදපු රසම රස හකල්බෙරි ෆජ් ටොපියක් දෙකට බෙදාගෙන රහ බලලා අපි ආපහු අධිවේගී මාර්ගයට පිවිසුනා.

IMG_6905 IMG_6914 IMG_6904 IMG_6915

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on මැයි 26, 2013 at 12:43 පෙ.ව.

    රස බලන්න ආසාවක් ඇතිවුණා අරුණි.

  2. Bud in Oz said, on මැයි 26, 2013 at 5:07 පෙ.ව.

    ඔබේ ලිපි මම ටික කළක සිට කියවනවා. අනෙත් බ්ලොග් වලට වැඩ වෙනස් තේමාවක් නිසා කියවන්න ආසයි.
    හකල්බෙරි වචනය අහලා තිබුණත් ඒක පළතුරක් කියලා දන්නේ දැනුයි.
    ලබන අවුරුද්දේ ඇමෙරිකාවේ ඇවිදින්න අදහස් කරගෙනයි ඉන්නේ. සමහරවිට ලැබුනොත් හකල්බෙරි රස බලන්න ආසයි.

  3. අන්තිම ෆොටෝ එකේ තියෙන්නේ ටොෆී ද? පෙනුම කිරි ටොෆී වගේ! 😀

    • arunishapiro said, on ජූනි 2, 2013 at 10:23 පෙ.ව.

      buddhiprasadh,

      ෆජ් (Fudge) කියන්නෙ කිරිටොෆී විදියෙ රහ දැනෙන එකක් තමයි. මේක හකල්බෙරි රස මුසු. වැඩියෙන් තියෙන්නෙ චොක්ලට් සහ peanut butter රස මුසු. අපේ කිරිටොෆී වගේ කිරි රසය පමණක් ඇති ඒවා නැහැ. හැබැයි නොයෙකුත් කජු වර්ග දාපු ඒවා නම් තියෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: