අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවේ විස්කම් පෑ චීන වෛද්‍ය හුයි පොක්

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2013

97900904_134883783075

1880 ගණන් හි දී ඇමෙරිකාවේ කම්කරු වෘත්තීය සමිති තම බලය පෙන්වමින් චීන ව්‍යාපාර වර්ජනයටත් ඒවා පළාතෙන් පළවා හරින්නටත් සංවිධානය වූහ. 1896-1897 කාලයේ දී කම්කරු වෘත්තීය සමිති සාමාජිකයන් චීන අවන්හල් සහ ලොන්ඩරි පැවති වෙළඳ ස්ථාන වල දොරකඩ අවහිර කරමින් පාරිභෝගිකයන්ට ඒවාට ඇතුල්වීම අධෛර්මත් කරවීය. වොෂිංටන් ප්‍රාන්තයේ ටකෝමා නගරයේ, කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නගරයේ සහ වයෝමින් ප්‍රාන්තයෝ රොක් ස්ප්‍රින්ග්ස් නගරයේ ද චීන්නුන්ට එරෙහිව කැරලි පැවතුණි. මොන්ටෑනා ප්‍රාන්තයේ ඇනකොන්ඩා නගරයේ දී 1890 දී චීන ලොන්ඩරියකට බෝම්බයක් ද ගසා ඇත.

තමන් අකමැති පැත්තට වැරද්ද පටවන්නට කැමති අයට සුද්දන් සහ චීනුන් අතර ජාතිවාදි අරගල පැවතුනා යැයි ද කිව හැකියි!!!

එහෙත් සත්‍ය ඉතිහාසය පෙන්වන්නේ එදා ඇමෙරිකාවේ දී චීන අයට තාඩන පීඩන කළේ කම්කරු වෘත්තීය සමිති බවයි. මේ තියෙන්නෙ බියුට් නගරයේ වෘත්තීය සමිතියක ගොඩනැඟිල්ලක පින්තූරයක්.
IMG_6728

චීන්නු ඇමෙරිකාව බලා ආවේ තම රටේ සුන්දර ගැමි ජීවිත ගෙවන්නට හැකි වූ නිසා නෙමෙයි. ඒ කාලයේ චීනය ඔවුන්ගේ ම පුරවැසියන්ට සැලකූ හැටි මෙසේය:
තයිපෙන් කැරැල්ල 1850 සිට 1864 දක්වා දකුණු චීනයේ පැවති සිවිල් යුද්ධයකි. මන්චූ පාලනයෙන් පැවති Quing Dynasty යට එරෙහිව ගෙන ගිය එම කැරල්ලේ නායකයා වූයේ Hong Xiuquan නම් තමා ජේසුස් ක්‍රිස්තුස් ගේ බාල සහෝදරයෙක් යැයි කියාගත්තෙකි!!!!

වැරදි අනුන් පිට පවරන්නට කැමති අයට මෙය බටහිර බලපෑමක් යැයි ද කිව හැකියි!!!!

අවම වශයෙන් මිලියන විස්සක් මිය ගිය එම කැරැල්ල ලෝක ඉතිහාසයේ වඩාත්ම මරණ සංඛ්‍යාවක් සිද්ධ කළ යුද මෙහෙයුම් අතරට වැටෙන්නකි.

1910 දී මොන්ටෑනා ප්‍රාන්තයේ වූ බියුට් නගරය එහි විශාලතම චීන ජනගහණය වාසය කරන ලද්දයි.

බියුට් නගරයේ සියළු ජනතාවගේ ප්‍රසාදයට පත් වූවෙක් එවක එහි වාසය කළේය. ඒ චීන ජාතික වෛද්‍ය හුයි පොක් නැමැත්තාය. ඔහු ඇමෙරිකාවට එන්නේ මෙහි වාසය කරන බොහෝ චීනුන්ට වෛද්‍යවරයෙක් නැතැයි දැනගෙන. චීනයේ පිළිගත් වෛද්‍යවරයෙක් වූ පසුව ය. තරුණ විය ඉක්මවා ගිය අයෙක් ලෙසිනි. සිය භාර්යාව ද සමඟ ය. ඒ නිසා ඇමෙරිකාවට සාමාන්‍යයෙන් ඇදී ආ චීන සංක්‍රමණිකයන් අතරින් හේ වෙනස් විය.

චීන දේශීය වෛද්‍ය ක්‍රම ඇසුරෙන් මෙහි අයට සුව කරත නොහැකි අසනීප නිට්ටාවටම සුව කරන්නට සමතෙක් ලෙසින් ඔහු මොන්ටෑනා වැසියන් ගේ ජනාදරය දිනා ගත්තේ ය. ඒ පළාතේ ධනවතෙක් වෙන්නට සමත් විය. තමන් රැගෙන එන බෙහෙත් හේත් පමණකින් නොව චීනයේ සිට තැපෑලෙන් ගෙන්වා ගන්නා ලද බෙහෙත් සහ කෙසෙල් කොළ වලින් පත්තු බඳිමින් ඔහු කරන ලද වෙද හෙදකම් සමඟ තරඟ කරන්නට එවක ඒ දුර බැහැර ඇමෙරිකන් පුරෝගාමී පළාත් වල වෙන කිසිවෙකුට හැකියාවක් තිබුනේ නැත.

ඇමෙරිකාවේ බුද්ධිමත් වැසියන් පෙරදිගින් එන හිතකර දේවල් තෝරාගැනීමට බිය නොවීම රටේ දියුණුවට සැමදා හේතු විය.

1895 දී බියුට් නගරයේ කම්කරු සමිති සහ වානිජ්‍ය මණ්ඩලය විසින් චීන අයිතිකරුවන් ඇති ව්‍යාපාර වර්ජනය කරන්නට නගරයේ අයව පොළඹවන්නට වෑයමක් ගන්නා ලදි. චීන ජනතාව බියුට් නගරයෙන් පළවා හැරීම ඔවුන්ගේ අරමුණ විය.

වෛද්‍ය හුයි පොක් සුවපත් කරන ලද චීන නොවන ධනවතුන්, ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් ද ඒ පළාතේ සිටියහ. ඔවුන් ගේ සහාය ලැබුණ චීන වෙදා ගේ ප්‍රමුඛත්වයෙන් චීන ව්‍යාපාරිකයන් විසින් එදිරිවාදී කම්කරු සංවිධාන වලින් කරදර කළ අයව උසාවියට ගෙන ගියහ. අනගි ලෙසින් ස්ථාපිත වී තිබි රටේ ව්‍යවස්ථානුකූල නීතියට නොබියව ගරු කරන ලද පිරිසක් සිටි නිසා චීන්නු ජය ගත්හ. එහෙත් ඒ කාලය තුල පාඩු සිද්ධ වූ බිස්නස් වලට වන්දි ගෙවීමක් සිද්ධ නොවීය.

හිම කුණාටුවක් හිමිහිට පාත්වෙද්දී ඊයේ සවස හතරට විතර අපි දෙන්නා බියුට් (Butte) නගරයට ගොඩවැදෙන්නෙ. ඉතින් මේ පහත තියෙන නගරයේ පින්තූර ගත්තේ අද උදෑසන අපි නවාතැන් ගත්ත “තඹ රජ්ජුරුවන්ගේ ප්‍රාසාදයේ” සිට.

IMG_6722 IMG_6723

හිම දියවෙන උදෑසනක නගරය දැක්කෙ මෙහෙම. නැගෙනහිර-බටහිර යන පාරවල් වලට දාලා තියෙන්නෙ රිදී, රත්තරන්, යකඩ, ඇලුමිනම්, දියමන්ති යනාදී නම්. උතුර-දකුණ යන පාරවල් වලට දාලා තියෙන්නෙ ඇමෙරිකාවේ ප්‍රාන්ත වල නම්. නගරයේ තැන තැන තවමත් පවතින අමුතු දසුන තමයි තඹ පතල් වලට ඇතුල්වෙන්න හදපු දොරටුව උඩින් හදලා තියෙන යකඩ සැකිල්ල.

IMG_6753 IMG_6748 IMG_6789 IMG_6790

1918 දී සිය ගණනින් ජනයා සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිය යද්දී වෛද්‍ය හුයි පොක් තමන් වෙතින් බෙහෙත් ගත් අයව බේරාගන්නට සමත් විය.

එහෙත් පළාතේ අය බොහොමයක් සුව කරන්නට සමත් වූ ඔහුට 1923 දී තම භාර්යාව විෂ සහිත ටින් කෑමක් අනුභවයෙන් පසු හැදුන බොටුලිසම් රෝගයෙන් මිය යෑම වළක්වා ගැනීමට නොහැකි විය.

වෛද්‍ය හුයි පොක් 1927 දී මිය ගියේය. තමන්ගේ හා භාර්යාවගේ දේහයන් ආපහු චීනයට යවා එහි මිහිදන් කරන්නට වෙන්කර තිබු මුදල් ඔවුන්ගේ පුත්‍රයා විසින් වියදම් කර නාස්ති කරන ලදි. 1953 දක්වා ඔහුගේ දේහය පළාතේ දේහනාගාරයක තැන්පත් වී තිබිණ. එහි චීන අයට වෙන් කරන ලද සොහොනක ඔහුගේ සහ බිරිඳගේ දේහයන් මිහිදන් කරන ලදි. අනතුරුව 2007 දී බියුට් නගරයේ වෛද්‍යවරුන් එකතු වී ඔවුන් වෙනුවෙන් සොහොන් ස්මාරකයක් ඉදි කරන ලදි.

මෙවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් ගැන තොරතුරු බෙදා ගන්නා අය ලොව වාසය කරනා තාක් කල් ඔවුන්ගේ නාමයන් නොමියෙනු ඇත.

Huie Pock grave

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. රූ said, on මැයි 27, 2013 at 12:58 පෙ.ව.

    //ඇමෙරිකාවේ බුද්ධිමත් වැසියන් පෙරදිගින් එන හිතකර දේවල් තෝරාගැනීමට බිය නොවීම රටේ දියුණුවට සැමදා හේතු විය.//
    මෙය හැම රටකම “බුද්ධිමත්“ පුරවැසියන්ගේ දියුණුවට හේතුවේ..

    මෙහි ප්‍රතිලෝමයත් සත්‍ය වනවා නම්.!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: