අරුණි ශපීරෝ‍ වෙතින්

නොදර්න් පැසිෆික් රේල්ලුවේ කෞතුකාගාරය

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2013

IMG_6966

අයිඩහෝ ප්‍රාන්තයේ වොලාස් නගරයේ පිහිටන නොදර්න් පැසිෆික් රේල්ලුවේ කෞතුකාගාරය බාරව ඉන්න සේවකයා ටවුම පටන් ගත්ත කර්නල් වොලාස් විදියට හැඳ පැළඳගෙනයි එහි වැඩ කරන්නෙ. ටවුමේ දුම්රිය ස්ථානය සහ එහි සේවකයන් ගැන විස්තර බොහොමයක් මෙතැන ආරක්ෂා වී තියෙනවා. ජෝර්ජ් ක්ලූනි රඟපාන ලද O Brother, Where Art Thou? (2000) චිත්‍රපටියේ නිරූපනය වෙච්ච රේල් පාරක දෙන්නෙක් තල්ලු කරගෙන යන අත් මැදිරියක් නොහොත් Hand Car එකක් ද මෙහි ද ප්‍රදර්ශනයට දාලා තිබුණ.

ප්‍රදර්ශනයට තිබ්බ දේවල් අතර 1920 ගණන් වල දී හදපු candlestick දුරකතනයක් ද තිබ්බ. ඒක සෑහෙන්න බරයි. චිත්‍රපටි වල එක අතකින් උස්සාගෙන කතා කරන හැටි පෙන්නුවාට එහෙම කරන එක ලේසි නැහැ.
IMG_6938 IMG_6960 IMG_6952

යකඩ පෙරලා දුම්රිය රෝද හදන්නට ගන්න ලී ආකෘතිය මෙහෙමයි තනි ලී කඳකින් හදලා තියෙන්නෙ.
IMG_6964

කාන්තාවන්ට වෙනම විවේකාගාරයක් මෙම දුම්රිය ස්ථානයේ දී තිබුණ. ගුවන්යානා වල සේවිකාවන් වගේ දුම්රිය සේවිකාවන් පිළිබිඹු කරන පෝස්ටරයක් ද පැරණි තොරතුරු අස්සෙ දකින්න ලැබුණ. එහි කියැවෙන අන්දමට ඇය නර්ස් නෝනා කෙනෙක් වශයෙන් ද පුහුණුවක් ලැබූ අයෙක්.

පිටවෙන්න කළින් සීනුව ගහලා බලන්නත් අමතක නොකරන්න යැයි ද අපිට ආරාධනාවක් ලැබුණ.
IMG_6970

හැම දුම්රිය කොන්දොස්තර කෙනෙකුටම තමන්ගේම කියලා ටිකට් හිල් විදන අඬුවක් තිබුණලු. ටිකට් පතක් දිහා බලලා ඒ අඬුවෙන් විදන හිල අනුව කොයි කොන්දොස්තර එය කළාදැයි කියන්නත් පුලුවන්ලු. සමරු තිළිණයක් හැටියට ගෙදර ගෙනියන්න දුන්න එහෙම හිලක් විදපු ටිකට් පතත් අරගෙන අපි නගරය බලන්න ගියා.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: