අරුණි ශපීරෝ‍ වෙතින්

පැරණි ගබඩාවක පටන් ගත් බියුට් නගරයේ කාසාග්‍රාන්ඩා අවන්හල

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2013

IMG_6648

මොන්ටෑනා ප්‍රාන්තයේ බියුට් නගරයේ ගබඩා ගොඩනැඟිලි බොහොමයක් පවතින පැත්තේ පවතින කාසාග්‍රාන්ඩා අවන්හල ජනප්‍රිය තැනක් යැයි දැනගත්තේ අන්තර්ජාලයෙන්. ඉතින් ඒ ඇත්ත ද කියලා බලන්න අපිත් ගොඩවැදුනා.

ගබඩා ගොඩනැඟිලි තියෙන පැත්තෙ අවන්හලේ නම හොයාගන්න බැරිව අපි එහෙ මෙහෙ ගියා. ඒ ඊයේ හවස හිම වැටෙන හැන්දෑවක් නිසාම නෙමෙයි. මේ අවන්හලේ නම වැඩිය පෙනෙන්න ගහලා නැහැ. ඉතින් අන්තර්ජාලයෙන් සොයාගත්තු දුරකතන නොම්මරය අමතලා ඔයාලගේ අවන්හල කොහෙද තියෙන්න කියලා අහන්න අපිට සිද්ධ වුනා. බිත්තියේ පැත්තක Highlander Beer කියලා ගහලා තියෙනවා කියද්දී අපි ඒක පේන තැනක හිටියෙ.

Bertoglio McTaggert බෙදාහරින්නන්ට තමයි අතීතයේ දී හයිලැන්ඩර් බියර් ගබඩා කරන ලද මේ 1900 දී හදන ලද ගොඩනැඟිල්ල අයිති. රේල්ලුවෙන් බියර් බියුට් නගරයට එන්නෙ මිසූලා කියන තව හැතැප්ම සීයක් විතර ඈතකින් වු නගරයකින්. එහෙම දුම්රියෙන් ගෙනෙන බියර් ඇතුළු බඩු ගබඩා කරන දිස්ත්‍රික්කය නගරයෙන් උතුරු පැත්තෙ තියෙන්නෙ. බියුට් නගරයට දුම්රිය සේවා පහකින් බඩු භාණ්ඩ ගෙනැවිත් මෙම ගබඩා දිස්ත්‍රික්කයේ තොග ගැසෙනවා. අනතුරුව ඒ ගබඩා ක්‍රමය 1975 දී නැවතිලා කාලයක් යද්දී මෙය අවන්හලක් බවට හැරවෙනවා.

ඔවුන්ගේ පවුලේ ගබඩා සහ බෙදාහැරීමේ ව්‍යාපාරයේ ඵෛතිහාසික රිසිට් පත් මේ අවන්හලේ බිත්ති සරසන්න රාමු කරලා තියෙනවා. කුඩා උණු පාන් ගෙඩියක් වාඩිවෙච්ච ගමන් මේසයට ගෙනැවිත් තියලා තමයි බොන්න මොනවා ද ගේන්නෙ කියලා ඇහැව්වෙ. ටාකෝ සුප් එකක්, සලාදයක්, ෆිලේ මින්‍යොන් සහ පස්ටා එක්ක එන පිඟානකුත් සමඟ වැනිලා අයිස් ක්‍රීම් බඳුනකුත් සියල්ලම ඩොලර් විසිතුනයි සත පනහකට දෙන්නෙ. අන්තර්ජාලයෙන් හොයාගත්ත විස්තර ඇත්ත, කෑම රහයි. කෑම වගේම අවන්හල ඇතුලත පරිසරය සිත් ගන්නා සුලුයි. පළාතේ අය සතුටින් එකතු වෙන තැනක් බව පෙනුන. සූශී කන්නත් පුළුවන්. ඒත් අද සියෑටල් එන බව දැන දැන මොන්ටෑනා වලින් සූශී කන්නෙ කවුද?!!!!

IMG_6650 IMG_6651 IMG_6652 IMG_6658

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: