අරුණි ශපීරෝ‍ වෙතින්

අධිවේගී මග දෙපස අසිරිය

Posted in Uncategorized by arunishapiro on මැයි 26, 2013

IMG_7072

ඇමෙරිකාව මැදින් උතුරුකරයෙන් අත්ලාන්තික් සාගරයේ සිට ශාන්තිකර සාගරය දක්වා ආපු සැතපුම් 2933 (කිලෝමීටර් 4720) ක ගමන අවසන් වූයේ වොෂිංටන් ප්‍රාන්තයේ මරකත (emerald city) නගරයෙන්.

මගේ දුරකතන පහසුකම් සපයන වරයිසන් වයර්ලස් සමාගම වෙළඳ දැන්වීම් වල දී බොරු කියලා නැහැ. ගමනේ සෑම අවස්ථාවක දී ම සෙල් ෆෝනයට සිග්නල් තිබුණ. ඒ වගේ ම අයිෆෝන් ඇප් එකක් වූ Motion X GPS ද කොහේවත් වැරදි පාරක අපිව යැව්වෙත් නැහැ.

අපි ගියේ නැති වුනාට මැක්ඩොනල්ඩ්ස් හැම්බර්ගර්ස් විකුණන තැන් මස් පිණිස ගවයන් සහ කුළු හරකුන් ඇති කරන මහා තැනිතලා පෙදෙස් හි ද නොවැරදී ම පවතින බව දැක්ක. ගව මස් කන්න කැමති අය පළාතේ ස්වාධීන හෝටල් වලින් නැවුම් මස් නොකා මැක්ඩොනල්ඩ්ස් වලින් මස් කන්න යන්නෙ පහසුවට සහ අඩු මිලට දෙන නිසයි. ප්‍රාණ ඝාතයෙන් වැළකෙමි සහ මත්වෙන දේවල් ගැනීමෙන් වැළකෙමි යැයි අදහන දහම වෙනුවෙන් කැපවුන අයෙක් අනුන් හරක් මස් කෑවා කියලා තමන්ගේ ප්‍රාණය නැති කරගත්තෙ නම් මගේ තාත්තා කියපු විදියට වෙන මොකකින් හරි මත්වෙච්ච නිසා වෙන්නට ඕනෑ!!!!

අපි ආපු අධිවේගී මාර්ගයේ පින්තූර ටිකක් පිළිවෙලට මෙහෙම එකතු කරන්නම්. මග දිගට වෙනස් වූ පරිසරය ගැන මෙහෙම පින්තූර වලින් කියන්න පුලුවන් දැයි ෂුවර් නැහැ. ඒ වගේ ම ලෝකය පැතලි යැයි සමහරු හිතුවේ ක්ෂිතිජය දක්වා දිස්වෙන මහා තැනිතලාවේ දීසියක් මුනින් අතට හරවලා වගේ අහස පේන නිසා දැයි ෂුවර් ද නැහැ. පින්තූර ගන්න මට 360° පෙනෙන කැමරාවක් තිබ්බා නම් ටිකක් හරි ඒ දර්ශනය ගැන හැඟීමක් දෙන්න තිබුණ.

අනගි කෝපි බොමින් සියෑටල් දේශයේ සුන්දරත්වය රස විඳිමින් මේ සටහන එකතු කරමි. පැය දොළහක් විතර වාඩිවෙලා දින පහක් ගෙව්ව ගමන අවසානයේ දී ගතට දැනුන එකම විඩාව පඩි බහිද්දි musculus triceps surae වලට යාන්තමෙන් දැනෙන රිදුම් දීම පමණයි. ඇවිදින්න යන්න තැන් ගොඩක් නිසා ඒක ඉක්මණින් නැතිවේවි!!!

ගමන යන්න එකතු වෙච්ච සියළු දෙනාටම ඉතාමත් ස්තූතියි.

IMG_6138 IMG_6330 IMG_6293 IMG_6835 IMG_6837 IMG_6840 IMG_6852 IMG_7054 IMG_7062 IMG_7073

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on මැයි 26, 2013 at 10:34 පෙ.ව.

    ඔබ සැබෑ පින් කළ තැනැත්තියක්.

  2. wicharaka විචාරක said, on මැයි 26, 2013 at 2:45 ප.ව.

    මුල සිට අග දක්වාම මේ ලිපි පෙළ කියෙව්වේ බොහොම ආසාවෙන්. තව පින්තුර ගොඩක් දැම්මනම් අපිත් චාරිකාවේ ගියා හා සමානයි. බොහොම ස්තුතියි මේ චාරිකා විස්තරය අපට ලබාදීම පිළිබඳව. පරෙස්සමෙන් ආපහු එන්න.

  3. Kenji @ Japan said, on මැයි 26, 2013 at 10:25 ප.ව.

    විස්තර සහ පින්තුර බලා දැනුමක්/සතුටක් ලැබුව.ඔබට ස්තුතියි.!
    බලාගෙන ගිණි තියාගත්ත එකට මොකුත් කියන්නෙ සමහරක්ට එයා ජාතික වීරයෙක් :).

  4. අටම්පහුර said, on මැයි 26, 2013 at 10:36 ප.ව.

    ඇත්තටම ඔබ වාසනාවන්තයි . මේක හරිම අසාධාරණයි පින්තූර ප්‍රමාණවත් මදි ,

  5. රූ said, on මැයි 27, 2013 at 12:53 පෙ.ව.

    ලෝකය පැතලියි කියලා මිනිසුන් හිතුවේ ඒ දවස්වල දුර බලන කණ්නාඩි නොතිබුන නිසා වෙන්න ඕන..

    සාමාන්‍යය මිනිසෙකුට ක්ෂිතිජය තියෙන්නේ සැතපුම් 3-4 පමණ දුරින් (මෙය මුහුදේ සිට උස මට්ටමත් බලපානවා).ඒත් පියවි ඇසින් අපට දැකිය හැකි උපරිම දුර වන්නේ සැතපුම් 3කට ආසන්න ප්‍රමාණයක්.(බාධක නොමැතිව)

    තමන්ගේ පංචේන්ද්‍රියන්ට ගෝචන නොවන සියළුම දෑ තහනම් ටැබූ යැයි සිතු නිසා ගැලීලියෝට නේද මරණ දඬුවම නියම වුනේ?

    • arunishapiro said, on මැයි 27, 2013 at 12:11 ප.ව.

      රූ,

      ගණිතය සහ ජ්‍යාමිතිය බිහිවෙන්නට කාලයක් ගතවීමත් හේතුවක්.

      ඔව් අඩි පහක් උස තියෙන මම වගේ අයට පේන්නෙ වැඩි දුරක් නෙමෙයි!!!! ඒකනේ ඈත බලන්න ආසා හිතුනාම පොම්පිගේ කුළුන වැනි බියුට් කන්දක් හරි හොයාගන්නෙ.

      පංචේන්ද්‍රිය කියන්නෙ ඇස, කණ, දිව, නාසය, ශරීරය යනාදියෙන් ලැබෙන දැනුම. ගණිතය යනු පංචේන්ද්‍රයෙන් ලබාගත හැකි දැනුමක් ද? කය නොමැතිව සිතක් නැත්නම් එවිට එය පංචේන්ද්‍රයෙන් ලබාගත හැකි දැනුමක් යැයි සැලකෙනවා ද? ප්‍රශ්න විදියට දැම්මෙ තමන් කැමති විදියකට ඒවාට උත්තර සපයා ගන්න, මොකද ගණිත ගැටළුවක් විසඳා ගන්නවා වගේ මේකත් අවබෝධයෙන් ලබාගත යුතු උත්තරයක්නෙ!!!!

      1600 ගණන් යනු බටහිර බුද්ධිමය විචාරයේ ප්‍රබෝධයක් පටන් ගත් කාලයයි. එම කාලයේ දී තමයි ගණිතය, ජ්‍යාමිතීය, භෞතික විද්‍යාව යනාදියෙන් ගැලලෙයෝ වැනි අයත් ඒ අයගේ විචාරයන් තුලින් සියළු පුද්ගලයන්ට ලැබෙන්නා වූ ඒකීය පුද්ගල නිදහසක් ගැනත් අදහස් ලොව බිහිවෙන්නේ.

      ආගමික සංස්ථාවන් හි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් තම තමන්ගේ බඩවල් වඩා ගත් අයට පහර වැදෙන්නට පටන් ගත්තෙ.

      ඒ නිසයි ගැලලෙයෝට මරණ දඬුවමක් නෙමෙයි නියම වුනේ නිවාස අඩස්සියක්.

      එදා බටහිර එහෙම වුනත්, අද ලංකාව ගැන පොඩ්ඩක් හිතන්න. මනෝ පුබ්බංගමා ධම්මා කියල දහම් පණිවුඩයක් ආරක්ෂා කරගත්තු බෞද්ධාගමේ රටක් හිතන එක පැත්තකට විසි කරලා දාලා ප්‍රංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් පමණක් සලකා බලන වැදි යුගයකට යන කාලයක් නැවත උදා වෙලා ද? මට ලංකාවේ ප්‍රවෘත්ති කියවද්දී එහෙම හිතෙනවා.

  6. මෙවන් වූ අත්දැකීම් ලබාගන්නට ලාංකිකයින් වාසනාවන්ත වෙයි, අවස්ථාවාදී දෙස්පලුවන් නොවන්නට.

  7. padmasiri pathirana said, on මැයි 27, 2013 at 9:18 පෙ.ව.

    අරුණි නෝනා මට රටක් හෝ රටවල් කීපයක් වෙනත් රටකට ආර්ථික සමබාධක දැමීම ගැන ඔයාගේ මතය දැනගන්න කැමතියි
    ඒක නිදහස නැතිකිරීමක් නේද
    උදාහරනයක් කිවුවොත් ඇමරිකා රජයට ඉරානයට සම්බාධක දමන්න ඕනනම් කරන්න තියෙන්නේ බරක් ඔබාමාට ජාතිය අමතලා ඉරාන භාන්ඩ මිලදීගන්න
    එපා කියලා ඉල්ලීමක් කරන්න
    අවශ්‍යනම් ඉරාන නිශ්පාදන හඳුනාගන්න පහසුවෙන්න සලකුනක් දමන්න නියෝගකල හැකියි ඉතිරි හරිය ජනතාව බලාගත යුතුයි
    කාලෙකට ඉස්සර මම බලපු ප්‍රවෘත්තියක තිබුනා ඇමරිකානු ක්‍රීඩකයෝ කිපදෙනෙක් ඉතාලි සංචාරයදී ඉතාලියේ ලිබියානුවන් පවත්වාගෙන යන හෝටලයකින් කෑවා කියලා දඬුවම් කලා කියලා, ආර්ථික සම්බාධක කැඩුවා කියලා

    ඒ වගේම යම් රටකට භාන්ඩ ආනයනය කිරීමේදී යම් ප්‍රමිතියක් තිබිය යුතුයැයි නීති දැමීමත් වැරදියි නේද? කලයුත්තේ භාන්ඩ වර්ගීකරනයක් හරියට චිත්‍රපටිවල වැඩිහිටියන්ට පමනයි කියලා වර්ගකරනවා වගේ ප්‍රමිතියට නැති භාන්ඩ වලට මිනී ඔලුවක සලකුනක් වගේ දෙයක් දැමීමයි

    • arunishapiro said, on මැයි 27, 2013 at 11:41 පෙ.ව.

      padmasiri pathirana,

      ආර්ථික සම්බාධක වලට මම විරුද්ධයි. ඒ වගේම රටක ජනතාව උපයන වත්කමෙන් කොටසක් බදු යැයි කියා බලහත්කාරයෙන් උදුරා ඒවා වෙන රටවල් වලට ආධාර වශයෙන් දෙනවාට ද විරුද්ධයි.

      බරාක් ඔබාමා ජාතිය අමතනවාට ද විරුද්ධයි!!! එයාගේ කාර්යය ජාතියක් අමතන එක නෙමෙයි. එයාගේ කාර්යය ඇමෙරිකන් ජනතාවගේ පුද්ගලික අයිතීන් ආරක්ෂා කරදීම පමණයි. ඒකට ජාතියක් අමතන්න අවශ්‍ය නැහැ. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන රෙගුලාසි ගේන එක නවත්තන්නයි ඕනෑ. ඇමෙරිකන්කාරයාට ස්වීඩනයෙන් බඩු ගන්න අවශ්‍ය නම් එහෙන් ද ඉරානයෙන් බඩු ගන්න අවශ්‍ය නම් එහෙන් ද බඩු ගන්න හැකියාව ආරක්ෂා කරලා දීලා තියෙන්නෙ ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. නූතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙමින් පැවතිනවා. ක්‍රීඩකයන්ට නම් එහෙම දඬුවමක් ලැබුනා නම් එය ඇමෙරිකන් ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. එය එම ක්‍රීඩා සම්මේලනයේ අයගේ රෙගුලාසි විය යුතුයි. ඇමෙරිකාවේ දැනට ක්‍රීඩා අමාත්‍යාංශයක් නැහැ.

      මා කැමති නිදහස් වෙළඳපොලේ ප්‍රමිතිය තීරණය කිරීම පැවරෙන්නේ පාරිභෝගිකයාට.

      අනික, ඇමෙරිකාව විසින් වෙළඳ සම්බාධක දමනවාට අකමැති ලෝකයේ බහුතර රටවල් තම තම රටවලට ඇමෙරිකාවේ බඩු ඒම කොතරම් දුරකට වළක්වනවා දැයි ඔබ දන්නවා ද?!!!!!

  8. තරූ said, on මැයි 28, 2013 at 1:26 පෙ.ව.

    පින්තුර ටිකත් කමෙන්ට්ස් ටිකත් හරි වටිනවා… වෙසක් නිවාඩුවට ගමේ ගිහින් හිටි අතරෙ මට ගමනේ විස්තර කීපයක්ම මග ඇරිල තියෙනවා.. විවේක ලැබෙන හැටියට ඒ ටික බලන්න ඕන….

    ලස්සන ඇස් දෙකක්, විදින්න පුලුවන් හදවතක් තියෙද්දි පා ගමනින් අඩි දහයක් ගියත් එය සුන්දර ගමනක් වෙනවා නේද?

    • arunishapiro said, on මැයි 28, 2013 at 9:27 පෙ.ව.

      තරූ,

      ස්තූතියි. ඔව් එය සත්‍යයක්. යන්න ලැබුනෙ නැති තැන් ගැන දුක් වෙවි ඉන්නෙ නැතිව තමන් ඉන්න ඕනෑම තැනක දී ඇස් ඇරලා වටපිට බලලා ජීවිතය උපරිමයෙන් රසවිඳින්න උත්සාහයක් හැම දවසකම ගන්න මතක් කරගන්න ඕනෑ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: