ශාන්තිකර සාගරයට වැඩියෙන්ම වතුර එකතු කරන කොලම්බියා ගඟ
පැසිෆික් නොර්ත්වෙස්ට් යැයි හැඳින්වෙන ඇමෙරිකාවේ වයඹ පළාත් වල විශාලතම ගඟ සහ ඇමෙරිකාවේ හතරවැනි විශාලතම ගඟ වන්නේ කොලොම්බියා ගඟයි. කැනඩාවේ බ්‍රිටිශ් කොලොම්බියා හි ඇති රොකී මවුන්ටන්ස් කඳු වැටියෙන් පටන් ගන්නා මෙය වොෂිංටන් ප්‍රාන්තයෙන් ඔරිගොන් ප්‍රාන්තයට ගලා ගොස් අනතුරුව ශාන්තිකර සාගරයට වැටේ.
කොලොම්බියා ගඟ සැතපුම් 1,243 (කිලෝමීටර් දෙදාහක්) දිගයි. එහි විශාලතම අතු ගංඟාව ස්නේක් රිවර් නොහොත් නයා ගඟ යැයි නම් වේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා දිස්ත්‍රික්කය සහ ඇමෙරිකාවේ ප්‍රාන්ත හතක විසිර පවතින කොලොම්බියා ගඟේ සියළු කොටස් එකතු කළාම එහි භූමි ප්‍රමාණය දළ වශයෙන් ප්‍රංශයේ භූමි ප්‍රමාණය තරම් විශාල යැයි සැලකේ.
කොලොම්බියා ගඟ අසබඩ මිනිස් වාසය අවුරුදු 15,000 කට වඩා පැරණි යැයි සාධක සොයා ගෙන ඇත. සැමන් අල්ලමින් ගෙවන ලද ජීවිත වසර 3,500 ක් ඈතක දී පටන් ගෙන ඇතැයි කියැවේ. 1962 දී “කෙනෙවික් මානවයා” නම් වසර නමදාහක් පැරැන්නෙකුගේ ඇටකටු සොයාගැනෙන ලදි.
18 වැනි සියවසේ දී පුද්ගලික අයිතියෙන් වූ ඇමෙරිකන් නැවක් මේ ගඟට ඇතුල්වෙන ස්වදේශී නොවන ප්‍රථම ප්‍රවාහනය හැටියට සැලකේ. එයට පසුව බ්‍රිතාන්‍ය ගවේෂකයෙක් ගඟ පිවිසුනේය. යුරෝපීයයන් සහ ඇමෙරිකන්කාරයන් මේ පැත්තට පැමිණීම නිසා මසූරිකා වංසගතයක් පැතිර ගොස් ස්වදේශීන් මහත් සංඛ්‍යාවක් මිය යන ලදි.
කැනේඩියානු ගවේෂක ඇලෙක්සැන්ඩර් මැකෙන්සි 1793 දී මෙහි පිවිස ඇත. පසුව ලුවිස් සහ ක්ලාක් ගවේෂණ චාරිකාවේ කණ්ඩයාම මෙහි සැරිසරනුයේ 1805 සිට 1807 අතර කාලයේ දී ය.
ටම්බල්වීඩ් (tumbleweed = Salsola tragus) ගැන ඔබ අසා ඇත්නම් එය පටන් ගන්නේ මෙවැනි පඳුරක් ලෙසිනි. වැඩී අවසන් වූවාම වියළී ගොස් මුලෙන් ගැල වී සුළඟට ගසා ගෙන හැම අත සංචාරයේ යන පඳුරකි!!!!
ස්තුතියි මේ අගනා තොරතුරු අප හමුවේ තැබුම ගැන.
කියවලා ඉවර කරන්න බැරිවෙයි වගේ මේ සංචාරය. කියවන්න කියවන්න කුතුහලේ වැඩිවෙනවා.
අරුණි,
/ කොලොම්බියා ගඟේ සියළු කොටස් එකතු කළාම එහි භූමි ප්‍රමාණය දළ වශයෙන් ප්‍රංශයේ භූමි ප්‍රමාණය තරම් විශාල යැයි සැලකේ /
ගංගාවකට ජලය සැපයෙන භූමි ප්‍රදේශය හැඳින්වෙන්නෙ පෝෂක ප්‍රදේශය කියලයි ( Drainage Basin )
/ ටම්බල්වීඩ් (tumbleweed = Salsola tragus) ගැන ඔබ අසා ඇත්නම් එය පටන් ගන්නේ මෙවැනි පඳුරක් ලෙසිනි. වැඩී අවසන් වූවාම වියළී ගොස් මුලෙන් ගැල වී සුළඟට ගසා ගෙන හැම අත සංචාරයේ යන පඳුරකි!!!! /
ස්ටීවන් කිංගෙ හොල්මන් කතාවල බොහෝවිට තියනව ඔය පරණ අතඇරල දාපු නගරවල වීදි දිගේ ටම්බ්ල් වීඩ් හුලඟට පෙරළි පෙරළි යන විදිහ හරිම අපූරුවට විස්තර කරල..
මේකත් බලන්නකො…:)
Ravi,
ඉතාමත් ස්තූතියි “පෝෂක ප්‍රදේශය” යැයි වැරදි නිවැරදි කළාට. ටම්බල්වීඩ් ආක්‍රමණයක විඩියෝ එකක් ඇමුණුවාටත් ගොඩක් ස්තූතියි. විටින් විට එකක් දෙකක් රෝන්දෙ යන ටම්බල්වීඩ් දැකලා තිබ්බට හැබැයි කවදාවත් ඒ විදියෙ දර්ශනයක් දැකලා නැහැ.