අරුණි ශපීරෝ‍ වෙතින්

Ikea නොහොත් ස්විඩිශ් වලින් කියන ඉකෙයා වෙළඳසැලට ගියෙමි

Posted in Uncategorized by arunishapiro on මැයි 27, 2013

IMG_7083

සියෑටල් නගරයේ පදිංචියට ලැහැස්ති වෙන දියණියට කුලියට නවාතැනක් සොයාගන්න තමයි අපි මුලින්ම කාලයක් යෙදෙව්වෙ. සෙනසුරාදා සියෑටල් ටයිම්ස් පත්තරේ කුලියට තැනක් ගැන දාපු දැන්වීම් එකක් පමණයි තිබුනේ. දැන් මෙහෙ හැමෝම අන්තර්ජාලයෙන් දැන්වීම් ප්‍රචාරය මිසෙක පත්තර වල දාන්නෙ නැත්ද කොහෙද.

අනික දැන්වීම් දාන්නත් ඕනෑ ද කියලා හිතුන මොකද එක තැනකට යද්දී 17 දෙනෙක් ඇවිත් සිටියා ස්ටුඩියෝව කුලියට ගන්න!!! ඩොලර් 35 ක් එක්ක අයැදුම් පත්‍රයක් දුන්නම වැඩියෙන්ම සුදුස්සාට තමයි එය ලැබෙන්නෙ. ස්ටුඩියෝ නවාතැනක් කියන්නෙ වැසිකිළිය, කුස්සිය, නිදන සහ විසිත්ත යන සියල්ලම අඩංගු එක කාමරයක් වැනි ගෙයකට. කුලියට නවාතැන් සපයන අයට මේ නගරයේ හොඳ ඉල්ලුමක් තියෙනවා.

නගරයේ හැම පැති වලම ඇවිද්ද. වාසයට සුදුසු පරිසරයක් සොයාගත්ත. දුවට රිසි පරිදි ඉන්න සුදුසු පැති ගැන අන්තර්ජාලයෙන් හොයාගෙන ආව විස්තර හරියටම හරි කියලා හිතුනේ හැම පැත්තකම ඇවිදලා බලද්දී. එහෙම පැත්තකින් ස්ටුඩියෝවක් හොයාගෙන අපි ඉරිදා දවස ගෙව්වෙ නවාතැනට බඩු බාහිරාදිය ගන්නට.

සෑම විදියකින් ම “කඩේ යන්න” අකමැති අපි දෙන්නට වෙළඳසැල් අස්සෙ උදේ දහයේ සිට සවස හය වෙනකන් ගැවසීම මහාද්වීපයක් තරණය කළාට වඩා වෙහෙසකර කාර්යයක් වූවා. ඒත් දවස අවසානයේ අපි දෙන්නා සැනසුම් සුසුම් හෙලුවේ පුරා දවසක් වෙහෙසී අවශ්‍ය බඩු ගන්න වෙළඳසැල් තියෙන එකත් කොච්චර ලොකු දෙයක් ද කියල.

ගෘහ භාණ්ඩ මිල දී ගන්න ලැබෙන, හොඳ සහ ලාබ තැනක් හැටියට සැලකෙන ඉකෙයා වෙළඳසැලකට උදේ පාන්දරින් අපි ගොඩ වැදුන. ඇතුල්වෙන තැන පැන්සල් ද, ප්‍රදර්ශනාගාරයේ තියෙන බඩු දිහා බැලුවට පස්සෙ ඒවා අරගන්න ගබඩා අංක ලියාගන්නට හැකි වෙළඳසැලේ සිතියමක් එක්ක කඩදාසි මිනුම් පටි එල්ලපු ගන්නට තැනක් පසුකරගෙන යන්න ඕනෑ. ලොකු අකුරෙන් බිත්තියක ලියලා තියෙනවා බඩු දාගන්න කරත්තයක් අරන් යන්න නැත්නම් අත්වලින් උස්සාගෙන යන බර වැඩිවේවි කියල. අමුතු අත්දැකීමක්. තමන් විසින් ගෘහ භාණ්ඩ තෝරා ගනිද්දි කිසිම සේවකයෙක් ඇවිත් මුකුත් විකුණන්න හදන්නෙ නැහැ. ඇඳ පුටු වල වාඩිවෙලා බලන්න කිසිම තහනමක් නැහැ. ඊට පස්සෙ බඩු ටික තමන්ම ස්කෑන් කරලා සල්ලි ගෙවලා වෙළඳසැලෙන් පිටවෙලා යන්න පුලුවන් කිසිම සේවකයෙක් එක්ක කතාබහකින් තොරව.

ඇවිත් කරදර නොකරට මොනවා හරි විස්තර අහන්න ඕනෑ වුනොත් එහෙම අහන්න පුලුවන් සේවකයන් ඇති පමණින් වට පිටාවේ හිටියා. අඩු මිලට හොඳ බඩු තිබුනෙ මෙම සකසුරුවම් යුරෝපීය විලාසිතාවන්ට අයෙක් කැමති නම් විතරයි.

එහි ඇතුලත තියෙන අවන්හලෙන් කිරි කෝපි එකක් නොමිලේ ලැබෙනවා කියල දැන්වීමක් තිබුණ කෙනෙක් පාරිභෝගික සේවාවන් ගැන සමීක්ෂණයක් පිරෙව්වම. ඩොලර් තිස් ගණනකට වඩා වැඩියෙන් බඩු ගත්තාම කුකුල් මස් පිඟානකුත් නොමිලේ ලැබෙනවා කියලත් දැන්වීමක් දාලා තිබ්බ. පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න තැනකුත් හදලා තියෙන නිසා පවුල් පිටින් ඇවිත් බඩුවක් දෙකක් අරගෙන අවන්හලටත් ගොඩ වැදිලා යන ඉන්න හැටි අපි දැක්ක.

විදුලියෙන් දුවන වාහනයකින් නම් ආවේ බඩු ගන්න දැවැන්ත වෙළඳසැලේ ගෙවන කාලයේ දී ඒක චාර්ජ් වෙන්න දාලා තියන්නත් පුලුවන්.

IMG_7084 IMG_7085 IMG_7087 IMG_7089 IMG_7091 IMG_7092

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. අටම්පහුර said, on මැයි 27, 2013 at 12:31 ප.ව.

    ඕකටනං කඩයක් කියන්ඩ බැ .

  2. Kenji @ Japan said, on මැයි 27, 2013 at 6:33 ප.ව.

    ස්ටුඩියෝ එකක් කුලියට ගද්දි සම්පුර්ණ ගෘහ භාණ්ඩ සහිතව නැද්ද?

    • arunishapiro said, on මැයි 27, 2013 at 10:41 ප.ව.

      Kenji @ Japan,

      ඔව් තියෙනවා. ඒත් පාවිච්චි කරන්නෙ නැති ගෘහ භාණ්ඩ වලටත් එක්ක ගෙවල් කුලිය වැඩියෙන් ගෙවන්න ඕනෑ නැහැනෙ.

      • Kenji @ Japan said, on මැයි 28, 2013 at 1:35 පෙ.ව.

        එකත් ඇත්ත.බොරුවට එක එක ඒවා ආටෝපෙට පෙන්නල ගාන කපනව.
        අරුණි සහෝදරිය,ඔබට නිවාඩු පාඩුවක් ඇති වෙලාවක කරුණාකර හැකිනම් ඔබාමා තුමා ගෙන ඒමට යන අනවසර පදිංචි කරුවන් නිත්‍යානුකුල පදිංචි කරුවන් කිරීමට යන වැඩ පිලිවල ගැන කෙටි විස්තරයක් ලිව්වොත් ස්තුතිවන්ත වෙමි.!

  3. Kumari Ranasinghe said, on මැයි 27, 2013 at 10:48 ප.ව.

    Ikea kiyanne hondama thana college yanna inna ayata. Mehe ikea eke $100 walata wada wadiyen dewal miladee gaththama kama free:) maath asai ikea eke awidinna.
    Oya long trip ekak yanawa wage. June wala school vacation. Apith mehe indan Oregon walata road trip ekak yanawa. Ayemath kohe hari yanakota ape dihath enna:)

  4. තරූ said, on මැයි 28, 2013 at 1:07 පෙ.ව.

    කඩේ යන්න අකමැති අයටත් කඩේ යන්න වෙන වෙලාවල් එනවනේ නේද? මං කිව්වෙ බඩු ගන්න… වාසි ගන්න නෙවෙයි හොදේ…

  5. wicharaka විචාරක said, on මැයි 28, 2013 at 4:05 පෙ.ව.

    අන්තිමටනේ කිව්වේ ගමන ගියේ මොකටද කියලා. දැන් දුවව දාලා තනියම ආපහු එනවද?

    මෙහෙ සමහර ගෘහභාණ්ඩ කඩවලට ගියාම කියන්න වෙන්නේ ඉකෙයා නෙවෙයි ඉකේයියා………කියලා 😀

  6. Padhmakumara said, on මැයි 28, 2013 at 4:30 පෙ.ව.

    අරුනි
    ඔසියො නම් මෙහෙ තියන එක ශබ්ද කරන්නෙ ඉකෙයා නෙමෙයි අයිකියා කියලයි. ස්විඩිෂ් වලින් කියන හැටි කොහොමද?

  7. hiruni said, on මැයි 29, 2013 at 4:33 ප.ව.

    ගණන් අඩුවෙන් බඩු ගන්න නම් මෙහෙත් අය යන්නෙ ඉකෙයා තමයි.. වඩාත් හොදම දේ නම්,ඔනම පොඩි ඉඩක වුනත් ගොඩක් බඩු පිලිවෙලකට තියාගන්න හොද අදහස් මෙයාලගෙන් ගන්න පුලුවන් වීමයි..(ගොඩක් පොඩි මුලුතැන් ගෙවල් වලට එහෙම ) ගෙදරටම ගෙනත් සෙට් කරලා දෙන්නේ නොමිලේමයි

    • arunishapiro said, on මැයි 29, 2013 at 9:45 ප.ව.

      hiruni,

      සියෑටල් වල දී නම් ඉකෙයා කඩෙන් ගන්න බඩු තමන් විසින් අරන් යන්නත් ඕනෑ. ගෙදර ගිහින් assemble කරගන්නත් ඕනෑ. වෙනත් ප්‍රවාහන සේවයකින් සමහර දේවල් පමණක් ගෙවලා ගෙදරට ගෙන්න ගන්න පුලුවන්, ඒත් සෙට් කරලා දෙන්නෙ නැහැ. ඇමෙරිකාවේ තියෙන හැම ඉකෙයා කඩේකම එහෙම දැයි දන්නෙ නැහැ.

      ඔව්, විශේෂයෙන්ම පොඩි තැනක පිළිවෙලකට ඉඩ අවහිර නොවී තබාගන්න හැකිවෙන්න ගත හැකි අත්‍යාවශ්‍ය බඩු ගොඩක් මෙහි අඩු මිලට තියෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: