අරුණි ශපීරෝ‍ වෙතින්

සියෑටල් නගරයේ කිඹුලා පාන්

Posted in Uncategorized by arunishapiro on මැයි 28, 2013

IMG_7188

මේ කිඹුලා බනිස් නෙමෙයි. කිඹුලා පාන්. සීනි තවරලා නැති නිසා පැණිරහක් නැහැ. මේ අවුරුද්දේ මාර්තු මාසයේ පටන් ගත්ත බේකරියක්. කළින් ඕඩර් කළාම තමයි කිඹුලා පාන් හදලා දෙන්නෙ. උත්සවයකට හෝ රුස්වීමකට පාන් අවශ්‍ය වුනාම මේ කඩයේ අරක්කැමියා වන Angel Rocha, පුලුවන් තරම් උත්සාහයක් ගන්නවා යැයි කිව්වා පාරිභෝගිකයා ඉල්ලන විදියෙ හැඩයකට පාන් ගෙඩියක් හදලා දෙන්න.

පාන් පුච්චද්දී තියෙන ලොකුම අභියෝගය හැඩය වෙනස්වීම. නමුත් වෙනස් දෙයක් කරන්න අත්හදා බලන්න කැමති එයාගෙ අදහස කඩේ ජනේලයේ ප්‍රදර්ශනයට දැවැන්ත කට ඇර ගත්තු කිඹුලෙක්ව හදලා ඌ තවත් කිඹුලෙක්ව කන්න හදන විදියට තියන්න යැයි අප සමඟ කීවා. ඔහු මේ ස්වයං ව්‍යාපාරය පටන් ගන්න කළින් වසර 12 ක බේකරි පළපුරුද්දක් සතු වූවෙක්. ආපහු දවසක එන්න පොරොන්දු වෙලා ඔහුගේ ව්‍යාපාරයට ජය පතමින් අපි එතැනින් පිටවුනේ.

ඇමෙරිකාවේ ඕනෑ තරම් තේ විකුණන තැන් තියෙනවා. ඒත් ඒවාට ලංකාවේ තේ සපයන්නෙ වෙන රටවල් මාර්ගයෙන්. ලංකාවේ තේ ගැන නොදන්න කෙනෙක් නැති වෙද්දී දැනට වඩා ලොකු වෙළඳපොලක් කෙළින්ම අල්ලා ගන්න කවුරු හරි කටයුතු කරාවි යැයි මගේ පැතුමක්.

ඇමෙරිකාවේ සහ කැනඩාවේ සාමාන්‍යයෙන් නිවාස අංක පවතින්නේ ඔත්තේ සංඛ්‍යා එක පැත්තක සහ ඉරට්ටේ සංඛ්‍යා අනිත් පැත්තෙ. පාරක් දිග වෙද්දී අංක හතර පහක නොම්මරයක් වැටෙන එක සිරිතක් ව පැවතියාට දැන් කෙටි පාරවල් වලටත් එහෙම දිග නොම්මර ලැබෙන්න පටන් ගෙන. ලංකාවේ වගේ භාග සංඛ්‍යාවන් වලින් හැදෙන නොම්මර මෙහෙ දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

මෙච්චර යකඩ කැටයම් දාලා හදපු ලයිට් කණුවක් දකින්නත් ලැබෙන්නෙත් හැමදාම නෙමෙයි!!!!!

IMG_7189 IMG_7187 IMG_7125 IMG_7104 IMG_7105 IMG_7111 IMG_7098 IMG_7065 IMG_7114 IMG_7115

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on මැයි 28, 2013 at 11:06 ප.ව.

    මේවනේ ඇත්තම “කිඹුලා පාන්” 😀

  2. Kenji @ Japan said, on මැයි 29, 2013 at 1:38 පෙ.ව.

    ඒ ගොඩනැගිල්ලෙ පල්ලේහ 91ක,උඩ 91 1/2 වෙන්න ඇති නේද?
    ලංකාවෙන් දැන් තේ නෙමේනෙ යවන්නෙ.ඩයි/ෆ්ලෙවර් කවපු තේ රොඩුයි,කොහු බත් නෙ.

  3. //ඇමෙරිකාවේ ඕනෑ තරම් තේ විකුණන තැන් තියෙනවා. ඒත් ඒවාට ලංකාවේ තේ සපයන්නෙ වෙන රටවල් මාර්ගයෙන්. ලංකාවේ තේ ගැන නොදන්න කෙනෙක් නැති වෙද්දී දැනට වඩා ලොකු වෙළඳපොලක් කෙළින්ම අල්ලා ගන්න කවුරු හරි කටයුතු කරාවි යැයි මගේ පැතුමක්.//

    ඇත්තමයි අරුණි අක්කා, මේ මැදපෙරදිග වුණත් තියෙනව අපිට ලංකාවෙදි කවදාවත් හම්බවෙන්නෙ නැති තරම් හොඳ රසවත් තේ.. පියෝ සිලෝන් ටී කියලමයි මාකට් කරන්නෙ… ඒත් බ්ලෙන්ඩ් කරල තියෙන්නෙ පැක් කරල තියෙන්නෙ වෙනත් රටවල ඒ අයගෙ බ්‍රෑන්ඩ් නේම්ස් වලින්…

    තේ ව්‍යාපාරය මෙච්චර විශාල එකක්ව තියෙද්දිත්.. සාමාන්‍යයෙන් ලංකාවෙ ඕක හසුරවන්නෙ බොහොම පරණ ප්ලේයර්ස්ල වෙද්දිත් ඉතා විශාල ලාභ ලැබිය හැකි මේ ව්‍යාපාරය මෙහෙම බල්ක් එක්ස්පෝර්ට්ස් වලට විතරක් සීමා වෙලා තියෙන්නෙ ඇයි කියන එක මට හරිම ගැටලුවක්…
    ‍යාන්තම් හරි ඒ මාකට් එක ටච් කරල තියෙන්නෙ Dilmah විතරයි…මාකට් ශෙයාර් එක ඉතාම කුඩා වුණත් මම හිතන්නෙ Merrill J. Fernando ( founder of Dilmah [ father of Dilhan & Malik ] ) පෙන්නල තියෙනව මේක අපිට කරන්න පුළුවන් කියන එක…

  4. රාජ් said, on මැයි 29, 2013 at 6:35 පෙ.ව.

    හැබෑ කිඹුල් ඇක්ෂන් එකට හදල තියනව. 🙂

  5. ineshwickramaraja said, on ජූනි 3, 2013 at 5:01 පෙ.ව.

    දැන් ටිකකට කලින් ඔය කිබුලා පාන්ම ඔය හැඩෙටම ලන්කවෙ රජ බොජුන් කඩෙදි දැක්කා

  6. Chandi said, on ජූනි 4, 2013 at 1:03 පෙ.ව.

    මෙහෙත් දැන් සමහර හෝටල් වල හදනවා මේ වාගෙ කිඹුලා පාන්. තේ ගැන නම් කියල වැඩක් නෑ අපිට ලැබෙන්නෙ තේ රොඩු විතරයි. කලාතුරකින් තාත්තා තේ වත්තක් මනින්න ගියොත් යාන්තම් හොඳම තේ එකක් ලැබෙනවා බොන්න. . ස්තූතියි විස්තරේට.

    • arunishapiro said, on ජූනි 6, 2013 at 7:10 පෙ.ව.

      Chandi,

      පාන් ගෙඩිය කිඹුලෙක් විදියට හැඩ ගැස්සුවාට පස්සෙ “පිපෙද්දී” හැඩය වෙනස් වෙන එක තමයි ඔහොම ශේප් හදලා පුළුස්සන්න තියන ලොකුම අභියෝගය. කිඹුලා හැඩය වෙනස් නොවී තියාගන්න මොකක් හරි ක්‍රමයක් ඔවුනට ළඟ දී හොයාගන්න ලැබෙන්නට ඇති. ඒ කියන්නෙ ඉදිරියේ දී අපිට තව කිඹුල්ලු පාන් ගොඩක් දකින්නත් ලැබේවි වගේ.

      තේ රොඩු කතාව කිහිප තැනකින් දැක්කා. තේ වලට ලෝක ප්‍රසිද්ධ ලංකාවේ ඉන්න අයටනෙ අඩු මිලට සුපිරි තේ බොන්න හැකියාව තියෙන්න ඕනෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: