අරුණි ශපීරෝ‍ වෙතින්

සියෑටල් නගරයේ මහජන පුස්තකාලය

Posted in Uncategorized by arunishapiro on මැයි 28, 2013

IMG_7176

1890 දී සියෑටල් නගරයේ පටන් ගත්තා යැයි කියන මහජන පුස්තකාල පද්ධතියේ ශාඛා 26 කි. 2004 දී විවෘත කරන ලද ප්‍රධාන ශාඛාව නගරයේ අමුතුම හැඩයක් ගත් ගොඩනැඟිල්ලකි.

අපි එහි ඇතුලට යද්දී මංගල උත්සවයක ඡායාරූප ගන්නට පුස්තකාලය යොදාගත් මනාල යුවලක් දකින්නට ලැබුණි. ඔවුන් පින්තූර ගත්තෙ මේ රතුපාට කොරිඩෝ සහ තරප්පු පෙළවල් සහිත වූ මහලේ දී ය.

ගොඩනැඟිල්ලේ 10 වැනි තට්ටුව සියෑටල් නගරය දැක බලා ගන්නට සුදුසුම ස්ථානයයි. පොත්පත් කියවන්නට සහ අන්තර්ජාලය භාවිතයට මෙන්ම තේ කෝපි චොකලට් බොන්නට ද තැනක් වෙන් වී තිබුණි. නිතර වැසි වසින සියෑටල් නගරයේ මහජනතාවට ගැවසෙන්නට ඉතා සුදුසු පරිසරයක් මෙම පුස්තකාලය විසින් ලබා දෙයි.

යම් නගරයක ඇවිදින්නට කාලයක් ලැබේ නම් එහි පවතින මහජන පුස්තකාලය කෙසේදැයි සොයා බැලීමත් මගේ සිරිතකි.

IMG_7179 IMG_7180 IMG_7181 IMG_7182 IMG_7185 IMG_7186

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Tharu said, on මැයි 28, 2013 at 11:55 පෙ.ව.

    ඒක නං හරිම අපූරු සිරිතක්…

  2. Ravi said, on මැයි 28, 2013 at 12:36 ප.ව.

    අරුණි,

    පුස්තකාල ජීවිතය නොහොත් පබ් යුගය මගෙ ජීවිතේ තවත් අමරණීය කාල පරිච්ඡේදයක්!!…..

    කොළඹ දැන් තියන මහජන පුස්තකාලෙ නෙවෙයි..එතනටම පොඩ්ඩක් එහා ටෙනිස් කෝට් එක ඉස්සරහ තියන පරණ තට්ටු දෙකේ ගොඩනැඟිල්ල.. යටත් විජිත කාලෙ සිහිවටනයක්. මහජන පුස්තකාලෙට ගන්න ඉස්සර ඒක ඇවිල්ල කොළඹ පුරපති නිවහනලු. ලෑලි තරප්පු සහ ලෑලි සොල්දරයක් තිබුනු ඒ පුස්තකාලෙ ඇත්තටම කාලයක් දවසෙ වැඩි කාලයක් අපේ නිවහන වෙල තිබුන.ඒ දවස්වල කොල්ලො කෙල්ලො ඒ ලෙවල් වලට පාඩං කරන්න ආවෙ පබ් එකට…ඒක ඒ කාලෙ විලාසිතාවක්… ට්‍රෙන්ඩ් එකක්…

    ඔහෙ ආවෙ නැත මැඩම් එහෙම? 🙂

    • arunishapiro said, on මැයි 28, 2013 at 10:24 ප.ව.

      Ravi,

      //ඔහෙ ආවෙ නැත මැඩම් එහෙම?// ??? කවුරු ගැන ද ඇහුවේ?

      කොළඹ දැන් තියෙන මහජන පුස්තකාලය තමයි මතකයේ තියෙන්නෙ. ඒත් කවදාවත් මම ලංකාවේ හෝ වෙන රටක දී පුස්තකාලයක් ඇතුලත පාඩම් කරලා නැහැ. මම පාඩම් කරන්න හරිම කම්මැලියෙක්!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: