අරුණි ශපීරෝ‍ වෙතින්

සියෑටල් නගරයේ මහජන වෙළඳපොල

Posted in Uncategorized by arunishapiro on මැයි 28, 2013

IMG_7167

සියෑටල් නගරයේ එලියට් මුහුදු බොක්ක අසල වූ මහජන වෙළඳපොල ආරම්භ වී ඇත්තේ 1907 දී ය. මෙය ඇමෙරිකාවේ පැරණිතම වූ ද, මහජන පොලක් වශයෙන් නොකඩවා පැවතෙන ලද්දක් ලෙසින් ද සැලකෙන්නකි. බඩු ගන්නට ආ අය හා සමාන සංඛ්‍යාවක් මේ වෙළඳපොල නරඹන්නට පැමිණ සිටින බව අපට දකින්නට ලැබුණි.

වටයක් දෙකක් ඇවිද්දාම වෙළඳ කුටි පන්සිය ගණනක් ඇතැයි කියැවෙන මෙතැනින් රස බලන්නට යැයි පිරිනමන ආහාර පාන සහ පළතුරු පානාදිය බහුල බව දකින්නට ලැබුණි. අත්කම්, මී පැණි බෝතල්, කුළු හරක් මස් ජර්කි, රිදී ආබරණ යනාදිය මෙන් ම කුඩා දරුවන්ට හැදූ ස්වදේශීන්ගේ කූඩාරම් වැනි සෙල්ලම් ගෙවල් ද විකිණේ.

චීන මහත්තයෙක් එතැන කුටියක චීන අකුරු වලින් නම් ලියා විකුණයි. දද කුෂ්ට සමනය පිණිස සබන් කැට විකුණන අයෙක් තැනක සිටියේය. ඒ සබන් රටේ කොතැනක සිටියත් අන්තර්ජාලයෙන් මිල දී ගන්නට ද පුළුවන. අලුත් මාළු අද මිල දී ගෙන ඇමෙරිකාවේ ඕනෑම ප්‍රාන්තයක නිවහනකට හෙට දිනයේ ලැබෙන්නට යවත හැකි කියන මාළු කඩයක් ද දැක්කෙමු.

තැනින් තැන නොයෙකුත් සංගීත භාණ්ඩ වැයූ අයගේ ටින් සහ ගිටාර් කේස් වලට සල්ලි දැමීමට යන එන අය අමතක නොකළහ. එසේ වාදනය කරන ලද අය විවේකයක් ගන්නට මඳකට නවත්තද්දී ඔවුන්ගේ සංගීතය පටිගත කරන ලද සීඩී තැටි මිල දී ගත්තවුන් ද දකින්නට ලැබුණි.

පාර මැද හිටගනිමින් පින්තූර ගහන සංචාරකයන් ගැන ප්‍රදේශයේ වාසීන් ඉතා හික්මීමකින් හැසිරුනහ. සංචාරකයන්ට පාරෙන් අයින් වෙන්නට යැයි හෝන් නොගසා පින්තූර ගෙන අයින් වෙන තුරු සියල්ලන්ම පාහේ වාහන නවත්වා ගෙන බලා සිටියහ.

කළු තරුණයෙක් ප්‍රංශ බුල්ඩෝග් වර්ගයේ සුරතල් බල්ලෙක්ව උරහිසේ තබාගෙන එහා මෙහා කඩිනමින් යමින් බඩු මිල දී ගත්තේය. අනුන්ගේ කරපිටින් තව අයට කඩේ යන මිනිසුන් දැක ඇතත්, බල්ලෙක් ඒ විදියට කඩේ යනවා මා දැක්ක ප්‍රථම වතාව මෙයයි!!!

IMG_7122 IMG_7123 IMG_7127 IMG_7130 IMG_7128 IMG_7132 IMG_7135 IMG_7163 IMG_7165IMG_7166

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on මැයි 28, 2013 at 9:50 පෙ.ව.

    ‘පොල’ බලන්න ලංකාවට එන්න ඕන‍. මම නං කැමති සද්දෙ දදා බඩු විකුණන පොලට.

    • arunishapiro said, on මැයි 28, 2013 at 10:52 පෙ.ව.

      රාජ්,

      ලංකාවේ හොඳම පොල තිබ්බෙ ටොරින්ටන් චතුරශ්‍රයේ රූපවාහිනය හදන්න කළියෙන්.

      සිංගප්පූරුවේ “තෙත මාකට්” එකත් නියමයි; එහෙම නම වැටිලා තියෙන්නෙ එය නිතර හෝදලා පිරිසිදු කරන නිසාලූ. හොන්ග් කොන්ග් වල “නයිට් මාකට්” එකත් ලොව සුවිශේෂී වූවක්. බඩු හොයන්න අවශ්‍ය නැති වෙලාවට ඕවායේ සැරිසරන එක වැඩියෙන් රසවත්.

  2. Kenji @ Japan said, on මැයි 28, 2013 at 9:58 පෙ.ව.

    >>අනුන්ගේ කරපිටින් තව අයට කඩේ යන මිනිසුන් දැක ඇතත්,…<<
    හෙහ්…හෙහ්…දවසේ කියමන.

  3. අටම්පහුර said, on මැයි 28, 2013 at 4:51 ප.ව.

    අර පලතුරු කඩයේ රතුපාට මල්මාලා වාගේ එල්ලලා තියෙන්නේ මොනවාද

    • arunishapiro said, on මැයි 28, 2013 at 10:30 ප.ව.

      අටම්පහුර,

      ඒ නොයෙක් වර්ග වල මිරිස් කරල්. ඒ එක්කම සුදුළුණූ ගෙඩි එල්ලෙනවා. පාවිච්චියට ගන්න මේ සැරසිලි ගෙදර කුස්සියේ වගේම අවන්හල් වලත් එල්ලන අය ඉන්නවා.

      සටහනේ පින්තූරයට එක සැරයක් ක්ලික් කළාම පින්තූරය ලොකු වෙනවා. ඊට පස්සෙ තව සැරයක් ක්ලික් කළොත් තවත් ලොකුවට බලන්න පුළුවන්.

  4. Gold fish said, on මැයි 28, 2013 at 11:16 ප.ව.

    මල් මාලත් විකුණනවද…

  5. මේ ලිපිය නිකං චිත්‍රපටියක රූපරාමු පෙලක් වගේ….. පොටෝ ගහන කල් වාහන නතර කරගෙන ඉන්න ඉවසිලිවන්ත මිනිස්සු…. ඒ මිනිස්සුන්ගේ හිත් කොච්චර සැහැල්ලු නිවිච්ච එව්වද? ඒ වගේ නිවුනු හිත් තියෙන මිනිස්සු හදන්න හරි හැදෙන්න හරි නික්ම්ම බැහැ නේද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: