අරුණි ශපීරෝ‍ වෙතින්

ලොව ප්‍රථම ස්ටාර්බක්ස් කෝපි කඩේ

Posted in Uncategorized by arunishapiro on මැයි 29, 2013

IMG_7150

ඉතාලි ජාතිකයන් වසර සිය ගණනක් පුරා සැපයූ අනගි කෝපි කෝප්පය මුළු ලෝකයටම පහසුවෙන් ගතහැකි සේ ඉදිරිපත් කරමින් සහ ලාබ සොයමින් ගෙන ගියේ ස්ටාර්බක්ස් කෝපි කොම්පැණියයි. ඒ ව්‍යාපාරය 1971 දී පටන් ගත් පළමු වෙළඳස්ථානය පිහිටා ඇත්තේ සියෑටල් නගරයේ මහජන වෙළඳපොල අසල ය.

ඵෛතිහාසික පුරා වස්තු නරඹන්නට රට රටවල යන අය සිටිය දී ඇමෙරිකන්කාරයන් අතර සාර්ථක ව්‍යාපාරික ස්ථාන නරඹන්නට යන අය ද නොමඳව සිටිති. ඇමෙරිකන් ව්‍යාපාරයන් ලොව ප්‍රමුඛ වනුයේ ලාබ සොයන ව්‍යාපාරයන්ට ගරහන අයට වඩා කොයි රටේ පටන් ගත්තක් වුව ද සාර්ථක ව්‍යාපාරයන්ට කැමති අය ඇමෙරිකාවේ වැඩි නිසා වෙන්නැති!!!

මෙවැනි සාර්ථක ව්‍යාපාරික ස්ථානයන් හි දී ඒ ගැන සමරු තිළිණ අලෙවිය පිණිස තිබීම අව්‍යාජ ඇමෙරිකන් විලාසිතාවකි. සියෑටල් නගරයේ මහජන වෙළඳපොල ගැන ටී ෂර්ට් ගත හැකි සේ ම, ලොව ප්‍රථම ස්ටාර්බක්ස් කෝපි කොම්පැණිය විසින් එතැනට පැමිණ ගන්නා අයට පමණක් විකුණන විශේෂ කෝපි කෝප්පයක් ද වෙයි. මේ කෝපි කෝප්පය ස්ටාර්බක්ස් කෝපි කොම්පැණිය වෙනුවෙන් නිර්මාණය කර ඇත්තේ ඔහායෝ ප්‍රාන්තයේ නැගෙනහිර ලිවර්පූල් නගරයේ ඇමෙරිකන් මග් ඇන්ඩ් ස්ටයින් කොම්පැණියයි. ඔවුන් කුඹල් කර්මාන්තය ආරම්භ කර ඇත්තේ 1920 දී පුරෝගාමී පොටරි යන නමෙන්. ඔහායෝ හි ලිවර්පූල් නගරය එකෝමත් එක කාලයක දී ලෝකයේ කුඹල් කර්මාන්තයේ අග නගරය ලෙසින් ද සැලකී ඇත. තවමත් කුඹල් ව්‍යාපාරයේ පවතින කොම්පැණි අතලොස්ස අතරට මෙම කොම්පැණිය ද අයත් වෙයි.

ඇතුල් වෙද්දී අයෙක් කොහෙන් ආවා දැයි තතු විමසා සාදරයෙන් පිළිගැනීම වෙනත් කිසිම ස්ටාර්බක්ස් කෝපි කඩේක දකින්නට ද නොහැකි වූවකි. ඇතුලට පැමිණ කිසිත් බඩුවක් නොගෙන ඡායාරූප පමණක් ගෙන පිට වී යා හැකිය. මම ගත්තා කෝපි කෝප්ප දෙකක්; එකක් මට, අනෙක ටෙනසි ප්‍රාන්තයේ පටන් ගත්ත මුල්ම ස්ටාර්බක්ස් හි මුල්ම බරිස්ටා කෙනෙක් වූ මගේ මල්ලිගෙ නෝනට.

මගේ ප්‍රියතම කොම්පැණියක් වූ එය ගැන මම කළින් ලියූ සටහන්:
මිනිස් ස්වභාවය හඳුනන විශ්වස්තය රකින ස්ටාර්බක්ස් කොම්පැණිය
කෝපි කෝප්පයකින් …

IMG_7145 IMG_7147 IMG_7146 IMG_7149 IMG_7152 IMG_7204

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Kenji @ Japan said, on මැයි 29, 2013 at 10:02 පෙ.ව.

    ස්ටාර්බක්ස් ලාංජනයේ වෙනස් වීමක් වෙලා නැද්ද?

    • arunishapiro said, on මැයි 29, 2013 at 9:47 ප.ව.

      Kenji @ Japan,

      ඔව් වෙනස් වෙලා තියෙනවා. මුලින් තිබිලා තියෙන්නෙ දුඹුරු පාටින් ග්‍රීක අප්සරාවිය තව වැඩියෙන් පෙනෙන්නට. පස්සෙ ඇයව ටිකක් වැහිලා බුරිය එහෙම පෙන්නන්නෙ නැතිව කොළ පාටට හැරිලා.

  2. සුදීක said, on මැයි 29, 2013 at 8:44 ප.ව.

    ඔන්න අරුණි අක්කේ මමත් ඊයේ දාපු පොස්ට් එක කෝපි ගැන. ඒ ලුවැක් සිවෙට් කෝපි හැදෙන හැටි. කාලෙකින් ගොඩ වුණේ. අද ඉඳලා ඊ-මේල් මාර්ගයෙන් ගෙන්වා ගන්නම්.

    • arunishapiro said, on මැයි 29, 2013 at 9:48 ප.ව.

      සුදීක,

      මාත් ඒ කෝපි කතාව කියෙව්වා. මෙහෙ පත්තරවල ඒ දවස්වල ඒ ගැන හොඳ හොඳ කාටූන් ගියා. එච්චර ගාණක් දීලා එහෙම කෝපි බොන්න කිසිම අදහසක් නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: