අරුණි ශපීරෝ‍ වෙතින්

සියෑටල් හි චයිනා ටවුන්

Posted in Uncategorized by arunishapiro on ජූනි 1, 2013

IMG_7258

1850 ගණන් වල දී මේ පැත්තට ආපු චීන අයගේ පදිංචියෙන් හැදුනු චයිනා ටවුන් නොහොත් අන්තර්ජාතික දිස්ත්‍රික්කය නමින් හැඳින්වෙන්න සියෑටල් හි එතරම් හොඳ පැත්තක් නෙමෙයි කියලා හිතුණ. බලන්න කියලා ගියාට අපි වැඩි වේලාවක් එහි රැඳුනේ නැහැ. නිව් යෝර්ක් වල තියෙන චයිනා ටවුන් සහ වොෂිංටන් ඩීසී වල තියෙන චයිනා ටවුන් හි තියෙන උද්යෝගීමත් ජවය මෙහි දකින්නට නැහැ.

මේ පැත්තෙ වැඩියෙන් ඉන්නෙ චීන, ජපන්, ෆිලිපීන, වියෙට්නාම්, කොරියන්, තායි, ලාඕ, කාම්බෝජ යනාදී අය යැයි කිව්වට සියෑටල් නගරයේ හැම පැත්තකම වගේ ඒ අය සහ ඒ අයගේ බඩු විකුණන කඩවල් දකින්න පුලුවන්.

ජපන් අය සෑහෙන සිටිය නිසා අතීතයක දී මීට නුදුරින් ජපන් ටවුමක් ද තිබිලා තියෙනවා. ඒත් ජපානෙන් ආපු ජපනුන් පර්ල් හාබර් එකට පහර දුන්නට පස්සෙ සියෑටල් පැත්තෙ හිටපු ජපන් සම්භවයෙන් යුතු අහිංසකයන්ව අයිඩහෝ පැත්තෙ සිර කඳවුරකට පිටත් කර යවලා. ඒ අයගෙන් ආපහු සියෑටල් ආපු සමහරු මේ පැත්තෙ පදිංචි නොවී නගරයේ වෙනත් පැති බලා ගිහින්.

ඉතින් මේ චයිනා ටවුමට ඇතුල්වෙන තැන ඔවුන්ගේ චාරිත්‍රානුකූල ගේට්ටුව හැදෙන්නෙ පළාතේ චීන වාසය පැවතිලා වසර 150 කට විතර පස්සෙ.

හෙට ආපහු ගෙදර බලා පිටත්වෙනවා. සියෑටල් වලින් කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලට. එතැනින් යුරේකා කියන කුඩා නගරයට. ඊට පසුව ආපහු සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ඇවිත් හවස් වෙලා ගොඩ වෙන්නෙ red eye නමෙන් හැඳින්වෙන රාත්‍රිය පුරා ගමන් කරලා උදේට නැගෙනහිර වෙරළට යන්න හැකි ගුවන් යානයකට.

IMG_7260 IMG_7261 IMG_7264 IMG_7266 IMG_7268 IMG_7270 IMG_7271

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meegahathenna (@UdithaMe) said, on ජූනි 1, 2013 at 6:38 පෙ.ව.

    අරුණි ඉරිසියා හිතෙනවා ඔයාගේ road trip එකට දැන්ම මහන්සිවෙලා වැඩ කරලා ඉක්මනට විවේකය හදා ගන්න ඕනෑ ඔයා වගේ ඇවිදින්න. ඉන්ඩියානා වලින් එහාට ඔය පැත්තට ගිහින් නෑ තාම.

    • arunishapiro said, on ජූනි 2, 2013 at 10:14 පෙ.ව.

      Uditha,

      වොෂිංටන් හි සියෑටල් සහ කැලිෆෝර්නියාවේ යුරේකා නගර වලට පේනවා හිම වැටුණු කඳු මුදුන් මේ දවස්වලත්. මේ තරම් විශාල මහාද්වීපයක තියෙන විවිධත්වය දැක්කම රට රටවල් ගණනාවක් බලා ගත්තා හා සමානයි. රට බලන්න යන්න ඕනෑමයි කියල අදිටන් කළාම ඉඩකඩක් කොහොම හරි හදාගන්නත් පුලුවන්.

  2. මඟ ඇරුනු ලිපිත් එක්කලා ඔක්කොම කියෙව්වේ අද! ඊලග ලිපියේ අර ප්ලෙන් එක ගැන විස්තර ටිකක් කියන්න. ඒක නිකං විනොද ගමනට යන ප්ලෙන් ජාතියක් ද?

  3. sameera said, on ජූනි 1, 2013 at 10:22 ප.ව.

    මම දවසක් නිව්යොර්ක් ඉඳන් ගෙදර (අපාර්ට්මන්ට් එකට) එන්න චයිනීස් බස් එකක් ගන්න නිව්යොර්ක් චීන ටවුමට ගියා..ඒකෙ කෑම බීම එහෙම සාපෙක්ෂව ලාබයි..හැබැයි ක්‍රෙඩිට් කාර්ඩ් බාරගන්නෙ නැහැ..හැතැක්ම දෙකක් විතර පයින් ගිහින් ඒටීඑම් එකකින් සල්ලි අරගෙන තමයි බනිස් ගෙඩිදෙකකුයි බීම එකකුයි ගත්තෙ බස් එකේ යන ගමන් කන්න 🙂

    • arunishapiro said, on ජූනි 2, 2013 at 10:29 පෙ.ව.

      sameera,

      සමහර ඉන්දියන් කඩත් එහෙමයි, සල්ලි ගත්තට චෙක් ගත්තට ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි වලට ගණුදෙනු ගාස්තු ගෙවන්න කැමති නැහැ. ඒත් දැන් එන්න එන්නම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි නොකර බැරිවෙන තැනකට බැංකු අපිව අරන් යනවා. අහක ඉඳන් හැම ගණුදෙනුවකින්ම ගාණක් කඩාගන්නවාට අමතරව අපේ සල්ලි බැංකුවේ තියාගෙන අපිටම පාට් දාන්න පටන් අරන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: