අරුණි ශපීරෝ‍ වෙතින්

පාසැල් ළමුන්ගේ සම්මාන ලත් ලී නිර්මාණ

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2013

IMG_7327

ඇමෙරිකාවේ උසස් පෙළ පාසැල් ළමුන්ට ද වඩුවැඩ විෂය හදාරන්නට හැකියි. එම පංතියේ දී නිම කරන ලද ලී බඩු නිර්මාණ වලට ලැබුනු සම්මාන සමඟින් ඒවා යුරේකා නගරයේ වෙළඳ සංකීර්ණයේ දී ප්‍රදර්ශනය වූයේ මෙසේය.

ලී වෙළඳාම තවමත් විශාල ලෙසකින් කරගෙන යන නගරයකි මේ. වඳ වී යන යම් සත්වයෙක් හෝ පැළෑටියක් පුද්ගලික අයිතියට බාර දෙන්නේ ද එය බහුල ලෙසින් පැතිර ගොස් පැවැත්ම වඩා කාලයක් රඳා පවතිනු ඇත. මේක සත්‍යයක් යැයි අවබෝධ කරගන්න යම් අයෙකුට අවශ්‍ය නම් එයා ආණ්ඩුව විසින් දෙන දත්ත හා විස්තර වලට සීමා නොවී තමන් විසින් තොරතුරු සොයා ගැනීමට කාලය සහ ශ්‍රමය වැය කරත හැකි අයෙක් විය යුතුයි. එයට කාලයක් යොදවන්න කැමැත්ත හෝ හැකියාව ඇති අය ලෝකයේ අඩු නිසා සිද්ධ වෙන්නෙ ඕනෑම රටක ආණ්ඩුව විසින් ස්වභාවික සම්පත් ආරක්ෂා කරනවාය කියන මුලාවට රැවටිලා පත්වෙන හැම ආණ්ඩුවකම ඉන්නා පාලකයන්ට සහ ගැත්තන්ට රජයට අයිති වනාන්තර කපා හොරෙන් ම විකුණා ගන්නට පොරකමින් චන්දය දීමයි.

IMG_7465 IMG_7468 IMG_7459 IMG_7443 IMG_7456 IMG_7457

දැව කොටන් ලෙසින් ලී විකුණනවාට වඩා මෙවැනි ජීවිත කාලයක් ඉක්මවා ගොස් මුනුපුරන් මිනිපිරියන්ගේ ද පරිහරණයට දායද කළ හැකි අනගි ලී භාණ්ඩ නිෂ්පාදනයට සමත් වූවන් පළාතේ ම තවමත් බිහිවෙනවා දකින්නට ලැබීම සතුටට කාරණයකි. එක ළමයෙක් සිය නිර්මාණය ඩොලර් දාහකට විකුණන්නට සමත් වූ බවත් අහන්නට ලැබුණි. ඉකේයා කොම්පැණියේ ලී බඩු වලට වඩා මේවායෙහි මිල ඉහළ යොදවන ශ්‍රමය පමණක් නොව මෙහි ඇති ලී ප්‍රමාණය ඉකේයා ලී බඩුවක ඇති ලී ප්‍රමාණයට වඩා වැඩි නිසා වෙන්නත් ඇති!!!!!!

IMG_7324 IMG_7329 IMG_7326 IMG_7328

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on ජූනි 4, 2013 at 1:06 පෙ.ව.

    ලංකාවෙත් මේ වාගෙ දැන් වඩු වැඩ උගන්වනවා කාර්මික හා තාක්ෂණ විද්‍යායතන වල. වැඩේ, මෙහෙ මේ ශිල්පය දෙන්න හරියට කෙනෙක් නෑ. වඩුවෝ දන්නෙ නෑනෙ උගන්වන්න.D:

    • arunishapiro said, on ජූනි 6, 2013 at 7:18 පෙ.ව.

      Chandi,

      මම අනුලාවේ සාමාන්‍ය පෙළ කරද්දී මැටිවැඩ ශිල්පය හදාරන්නට අවස්ථාව ලැබුණා. ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක උඩ මට මතක විදියට මැටිවැඩ කාමරේ තිබ්බෙ. රෝදයක මැටි ගුලියක් තියලා මල් පෝච්චියක් හදන්න ඉගෙන ගත්ත. මෙහෙ වෙළඳ සංකීර්ණ වල තියෙනවා අත්කම් කරත හැකි කඩ. දරුවන් එක්ක ගිහින් මැටි වලින් බඩු භාණ්ඩ හදලා එතැනට දීලා පුච්චා ගෙන එතැනට ආයෙත් ඇවිත් ඒවා පාට කරන්න එහෙම පුලුවන්. ඔයත් මාත් ගිය අනුලාවෙන් ඉගෙන ගත්තු මැටිවැඩ දැනුම මගේ දියණියටත් බෙදා දීලා අපි එවැනි අත්කම් කඩයක රසවත් කාලයක් ගෙව්වා. ආයෙත් දවසක යන්න ඕනෑ. ගෙදර දී උයන්න හැකි මැටි වලන් ටිකක් හදාගෙන එන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: