අරුණි ශපීරෝ‍ වෙතින්

යුරේකා! යුරේකා!!!!

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2013

IMG_7293

නාන්න බැහැලා හිටිය බේසමෙන් බැහැලා යුරේකා යුරේකා කියමින් දුවන්න පටන් ගත්තෙ නම් නැහැ. මම අලුතින් සොයගත්තු දෙයක් නැහැනෙ. 😀

මේ කැලිෆෝර්නියාවේ යුරේකා නගරයේ මහජන උද්‍යානයක්. මේ මුළු පළාතම වනෝද්‍යානයක් වගෙයි. අඳුන් දිවියන් (Puma concolor), වල් ඌරන් සහ කළු වලසුන් සැරිසරන පැත්තකි. තමන්ගේ වත්තකට ආවොත් ඔවුන් මරන්නට නීතියෙන් අවසර ඇති අතර ඒ මරණ සත්වයා මස් පිණිස ගැනීමට ද අවසර ඇත.

හැම අත හෙමින් ගමනේ යෙදෙන නියොන් කහ පාටින් දිළිසෙන හම්බෙල්ලන් (slug) ද නොඅඩුව සිටිති.

රෙඩ්වුඩ් නොහොත් Sequoioideae කියන ගස් කැලිෆෝර්නියාවේ විශේෂත්වයකි. වසර දාහක් ජීවත්වෙන්න හැකියාව ඇති ගසකි.

බියුට්, මොන්ටෑනා හි තඹ රජ්ජුරුවන්ගේ ප්‍රාසාදය වැනි ඵෛතිහාසික පුද්ගලික නිවහනක් මෙහි ද ඇත. එය ඉදිකර ඇත්තේ රෙඩ්වුඩ් වෙළඳාමෙන් ධනවත් වූවෙකි. එය මහජනතාවට විවෘත නැති වුවත් ඒ ගැන සටහනක් ලියන්නට අදහස් කරගෙන ආපු නිසා ඒ ගැන විමසද්දී මගේ මල්ලීගේ පුතා එහි බාල්නැටුමකට සහභාගී වූ බව දැනගන්නට ලැබුණි. ඒ සටහන ඉක්මණින් දාන්නම්.

IMG_7294 IMG_7289 IMG_7307 IMG_7306

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. amila chathuranga said, on ජූනි 2, 2013 at 1:16 ප.ව.

    ඔය රේඩ්වුඩ් ගස්වලට පොල්ගස් නගින්න වගේ නගින්න බැහැ..ඒ මිනිස්සු ඒකට අමුතු යන්තර සූත්ර පාවිච්චි කරනවා මම දැක්කා චැනල් එකක..

  2. maathalan said, on ජූනි 2, 2013 at 10:32 ප.ව.

    රෙඩ් වුඩ් කියන්නේ රත් හඳුන්ද දන්නෙ නෑ…. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: