අරුණි ශපීරෝ‍ වෙතින්

රෝස ආර්යාව සහ අනෙකුත් වික්ටෝරියන් ගොඩනැඟිලි

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2013

IMG_7425

මුල් පින්තූරයේ තියෙන නිවහනේ නම රෝස ආර්යාව. රෝස ආර්යාව හදලා තියෙන්නෙ විලියම් කාසන් විසින් එයාගේ පුතා වෙනුවෙන්. කාසන් මන්දිරය හා ඒ ධනකුවේරයා ගැන ඊ ළඟ සටහනෙන් කියන්නම්.

යුරේකා නගරයේ ඩවුන්ටවුන් හි වෙළඳ ස්ථාන බොහොමයක් අතීතයේ දී ඉදි කර ඇත්තේ වික්ටෝරියන් ගෘහ නිර්මාණ විලාසිතාවෙන්. ඵෛතිහාසික ගොඩනැඟිලි ලැයිස්තු වලට එකතු වෙන ඒවා රටේ බොහොමයක් තිබෙන බව මේ දුර ගමන යන්න මාත් එක්ක එකතු වෙච්ච පාඨකයන් සියල්ලන්ටම පෙනී යන්නට ඇති. අනිකුත් රටවල් හා සසඳන විට ඇමෙරිකන්කාරයන්ට තියෙන්නෙ කෙටි ඉතිහාසයක් වුවත් ඔවුන් තමන්ගෙ ඉතිහාසයේ හැම දෙයක්ම වාර්තා කරමින් පවත්වා ගෙන යෑම ඉතිහාසය දැනගන්න කැමති අයට ලොකු උදව්වක්.

ඕනෑම වර්තමානයක දී බලයේ සිටින ආණ්ඩුවක් මොන බොරු කිව්වත් ඉතිහාසයට සත්‍යය තොරතුරු එකතු කරන්නෙ රටේ මිනිස්සු. ඇත්ත මොනවා ද බොරු මොනවා දැයි තෝරා බේරා ගැනීම තමන්ගෙ වගකීම. ආණ්ඩුවේ පාසැල් වලින් ඉතිහාසය ඉගෙන නොගෙන රට වටා සංචාරයක් ගියා නම් ළමයින්ට මහත් දැනුමක් එකතු කරගන්න පුලුවන් යන මගේ මතය තහවුරු කරන තවත් සාධක බොහොමයක් මේ ගමනේ දී මට දැකගන්නට ලැබුණ.

අපි කෑම වේලක් ගන්න ගිය Weaver ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ 1892 දී. එහි පහත මහලේ saloon යනුවෙන් හැඳින්වෙන ලද ඵෛතිහාසික ඇමෙරිකන් බාර් එකක් ද, උඩුමහලේ ගණිකා නිවාසයක් ද, පසුකාලයක දී එම ගොඩනැඟිල්ලේ දී සත දහයකට නරඹත හැකි කැබරේ නාට්‍ය ශාලාවක් පැවැතිලා තියෙනවා. ගොඩනැඟිල්ලේ විශේෂයක් හැටියට එළියට නෙරා ගිය හතරැස් ජනේල දෙකක් ද දකින්නට ලැබෙනවා.

ඉතින් මේ ලියන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපොලේ සිටිය දී. මාත් එක්ක මේ දුර ගමන යන්න ආපු හැමෝටම ගොඩක් ස්තූතියි.

IMG_7340 IMG_7341 IMG_7371 IMG_7354 IMG_7367 IMG_7372 IMG_7380 IMG_7395

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. tax said, on ජූනි 3, 2013 at 5:23 පෙ.ව.

    මේ විස්තර පොතකින් නම් කියවන්න වෙන්නේ නෑ. අරුණි අක්කා, ගොඩක් පිං.

  2. Chandi said, on ජූනි 4, 2013 at 12:58 පෙ.ව.

    මේකෙ ලස්සන! අපිට කවදා බලන්න පුළුවන් වෙයිද? බොහොම පිං! මේ සටහන් පෙලට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: