අරුණි ශපීරෝ‍ වෙතින්

මාළු ගිලී මැරේ යැයි කියා බේරාගන්නට යෑම

Posted in Uncategorized by arunishapiro on ජූනි 19, 2013

ඒමි ටැන් යනු “ජෝයි ලක් ක්ලබ්” නම් සුප්‍රසිද්ධ නවකතාව ලියූ චීන සංක්‍රමණික පවුලකට දාව මෙහි ඉපදුන වර්තමානයේ අති ජනප්‍රිය ඇමෙරිකන් කතුවරියකි.

ඇය ලියූ “මාළු ගිලී මැරේ යැයි කියා බේරාගන්නට යෑම,” -Saving Fish from Drowning (2005) නම් නවකතාවේ පෙර වදනක් සේ පළ කරන ලද උපුටා ගත් පාඨයන් දෙකකි. සදාචාරය ගැන ලියන මේ සටහන් වලට එකතු කරන්නට ඒ පාඨයන් දෙක ඉතා සුදුසු යැයි සිතුවෙමි.

“ලෝකයේ පවතින දුෂ්ටත්වය සෑම සියළු අවස්ථාවක දී ම ඇතිවන්නේ නොදන්නාකම පෙරදැරි කරගෙන ය. අවබෝධයක් නැත්තේ නම්, කුරිරු බැවින් කෙරෙන තරම් විනාශයක් හොඳ පරමාර්ථ පෙරදැරි කරගෙන ද සිද්ධ වේ.” -ඇල්බෙයර්ට් කැමූ

ශ්‍රද්ධාවන්ත මිනිසෙක් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැහැදිලි කළේය: “ප්‍රාණය ඝාතය පාපයකි. ප්‍රාණීන් බේරා ගැනීම උදාර ය. ප්‍රාණීන් සියයක් බේරා ගන්නෙමි යැයි මම හැම දවසකම ප්‍රතිඥා දෙමි. මම මගේ දැල පොකුණට දමා මාළුන් සියයක් එළියට ගන්නෙමි. ඒ මාළුන්ව ඉවුර මත තබද්දී ඔවුන් දඟලති සහ කරකැවෙති. “බිය වෙන්න එපා,” මම ඒ මාළුවන්ට කියමි. “මම උඹලාව ගිලී මැරෙන්න නොදී බේරා ගන්නම්.” ඒත්, කියන්න දුකයි, මම හැමදාම පොඩ්ඩක් පරක්කුයි. මාළු ජීවිතක්ෂයට පත්වෙනවා. ඉතින් කිසිවක් නාස්තිය දුෂ්ටකමක් නිසා, මම ඒ මියගිය මාළු වෙළඳපොලට ගෙනිහින් හොඳ මිලකට විකුණනවා. මට තව මාළු බේරාගන්න පුලුවන් නිසා ඒ ලැබෙන මුදල් වලින් මම තව දැල් මිල දී ගන්නවා. -නිර්නාමික

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ජූනි 19, 2013 at 9:02 පෙ.ව.

    හොඳ සාමාජ විවරණයක් කෙරෙන මාතෘකාවක් බව මේ කෙටි විස්තරයෙන්ම පෙනෙනවා. ලෝකයපුරා සිටින දුප්පත් මාළුවන්ගේ ඇස් අරවන්න කාලය හරි.

  2. Naleen Dilruksha said, on ජූනි 19, 2013 at 10:55 පෙ.ව.

    බොහෝ තැන්වල වන්නේ බොරදියේ මාළු බෑමනේ.

    • arunishapiro said, on ජූනි 19, 2013 at 11:03 පෙ.ව.

      Naleen Dilruksha,

      මෙහි අදහස එහෙම එකක් නෙමෙයි. බොර දියේ මාළු බාන කෙනෙක් තමන් කරන්නේ එහෙම වැඩක් බව දන්නවා. මෙහි කියැවෙන “ශ්‍රද්ධාවන්තයා” සත්‍යයෙන්ම සිතන්නේ තමන් කරන්නේ හොඳ යහපත් වැඩක් කියලයි.

  3. hallow rusta said, on ජූනි 19, 2013 at 11:36 පෙ.ව.

    සැබෑ  ශ්රද්දා වන්තයා නොවේ, ඔහු මෝඩ ශ්රද්දා වන්තයා. ශ්රද්දාව සමග ප්රඥාව බද්ද විය යුතුයි කියන්නේ එනිසා නොවේද? සැබෑ නුවණ යනු ප්රඥාව නොවේද? ඉදින් ශ්රද්දාව පමණක් නොසෑහෙන සේම ශ්රද්දාව නොමැති ප්රඥාවක් ඇත්තේදැයි යනුත් විමසනු වටිනු නොවේද?

    • arunishapiro said, on ජූනි 19, 2013 at 12:30 ප.ව.

      hallow rusta,

      //ශ්රද්දාව සමග ප්රඥාව බද්ද විය යුතුයි කියන්නේ එනිසා නොවේද?// ඔව්.

      //සැබෑ නුවණ යනු ප්රඥාව නොවේද?// ඔව්.

      //ඉදින් ශ්රද්දාව පමණක් නොසෑහෙන සේම ශ්රද්දාව නොමැති ප්රඥාවක් ඇත්තේදැයි යනුත් විමසනු වටිනු නොවේද?// ඔව්. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: