අරුණි ශපීරෝ‍ වෙතින්

කූඩැල්ලන් ලවා අපිරිසිදු ලේ ඉවත් කිරීම වෙනුවට

Posted in Uncategorized by arunishapiro on ජූනි 25, 2013

970718_329493703844986_2055623565_n

මනෝවිද්‍යාත්මක ආත්මාර්ථවාදය (psychological egoism) දක්වන අදහස නම් මිනිසා ඕනෑම අවස්ථාවක දී යමක් කරන්න පෙළඹෙන්නේ ස්වාර්ථය සැලකීම නිසයි කියල. පරහිතකාමී කියලා කරන කටයුතු වලට පවා මූලික වෙන්නෙ ස්වාර්ථය බව.

මනෝවිද්‍යාත්මක ආත්මාර්ථවාදයේ සුවිශේෂී ආකාරයක් හැටියට මනෝවිද්‍යාත්මක සුඛපරමවාදය (psychological hedonism) සැලකෙනවා. එයින් කියැවෙන්නේ කැමැත්තෙන් කරන සියලුම මිනිස් ක්‍රියාවන් තුලින් අයෙක් සොයා යන්නේ සම්භෝගය අත්විඳින්නටත් දුක මඟ හරවා ගන්නටත් කියල.

ජෝන් ලොක් කියා සිටියේ ද මිනිසා හැමවිටම ක්‍රියා කරන්නේ යම් “නොසන්සුන්කමක්” දැනෙද්දී එය මඟ හරවා ගැනීමට කියාය.

ස්වභාව ධර්මයාගේ බලපෑම් පැහැදිලි කරගන්නට නොදත් නිසාත්, අයෙක් උපන් සමාජ තත්වය වෙනස් කරගන්නට නොදත් නිසාත්, සංවිධානාත්මක ආගම් බොහොමයක් පුරාතන මිථ්‍යා විශ්වාස අනුව යමින් මෙලොව දී දැනෙන “නොසන්සුන්කම” මඟ හරවා ගන්නේ කෙසේදැයි වෙනුවට වැඩියෙන් අවධානය යොමු කරන ලද්දේ මරණින් මතු ලැබෙන වාසනාව ගැන කියන්නට ය.

විද්‍යාත්මක ගවේෂණය ආගමේ ආධිපත්‍යයෙන් ගැල වී ස්වභාව ධර්මයා සහ මිනිස් ස්වභාවය පැහැදිලි කරන්නට පටන් ගති. අයෙක් උපන් සමාජ තත්වය මේ ජීවිතයේ දී ම වෙනස් කරන්නට උත්සාහයෙන් හැකිබව පහදා ගති.

කූඩැල්ලන් ලවා අපිරිසිදු ලේ ඉවත් කරනවා වෙනුවට අපිරිසිදු ලේ උත්පාදනය කරන රෝග කාරක සොයා යන්නට බුද්ධිමතුන් සමත් විය.

ලොව සංවිධානාත්මක ආගම් බොහොමයක් මරණින් මතු වාසනාව ගැන වැඩි අවධානය යොමු කරනවා වෙනුවට මෙලොව දී ජීවිතය සතුටින් පවත්වා ගෙන නීරෝගී යහපත් ජීවිතයක් ගෙවන්නේ කෙසේදැයි යන්නට වැඩි අවධානයක් යොමු කරන ලදි.

“අප්පමාදේන සම්පාදේථ,” යැයි බුදුන් වදාළේ මේ ජීවිතයේ දී ගන්නා උත්සාහය ගැන මිසෙක මරණින් මතු කරත හැකි වෑයම ගැන නොවේ. එහෙත් බහුතර බෞද්ධයන් මේ ජීවිතයේ දී සතුටින් ඉන්නේ කෙසේදැයි විමසීම පැත්තකට දමා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන ආකාරයන් ගැන සොයති.

මිනිසා ජීවිතයේ සතුටින් ඉන්නේ තම ආශාවන් තෘප්තිමත් කරගැනීමට කරන තෝරාගැනීම් වලින්.

සදාචාරයේ රීති පටන් ගන්නේ මිනිස් ආශාවන් සහ මිනිස් තෝරා ගැනීම් තුලින්.

මිනිසා සොයා යන්නේ සතුට පමණක් ද? නැත්නම් සතුට හා සද්ගුණය ද?

සමාජය සදාචාරාත්මක ලෙසින් හැඩ ගසන්නට තමන් දන්නවා යැයි කියන අයට වැරදුන තැන නම් මිනිසා වෙහෙසෙන්නේ ස්වාර්ථයක් මුලික කරගත් මිනිස් ස්වභාවයෙන් බව නොසලකා හැරීමය. මුදල් යනු යම් ආශාවක් තෘප්තිමත් කරගනු පිණිස භාවිතා කරන මාධ්‍යයක් මිස එහි නෛසර්ගික වෙනත් අගයක් නැතැයි නොදැකීමයි. එසේම, ස්වාර්ථයක් යනු සතුට පමණක් නොව සද්ගුණය ද අඩංගු වූවක් බව නොදැකීමයි.

ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය තව තවත් අවබෝධ කරගැනීම සහ ඒ ගැන පැහැදිලි කිරීම විද්‍යාත්මක ගවේෂණයෙන් බැහැරකට ගොස් දේශපාලන බලතණ්හාධිකයන් සහ ඔවුන්ගේ රූකඩ වෙතින් යම් පටු චේතනා ඉෂ්ට කරගැනීම සඳහා පක්ෂපාතීව සිද්ධ වෙන යුගයකට අප පා තබා සිටිමු.

දේශපාලනයෙන් වෙන් කරන ලද ආගම යළිත් දේශපාලකයන්ට පාවිච්චි කරත හැකි අවි හැටියට පාලිතයන් විසින්ම පූජා කර ඇත.

කූඩැල්ලන් ලවා අපිරිසිදු ලේ ඉවත් කරනවා වෙනුවට අපිරිසිදු ලේ උත්පාදනය කරන රෝග කාරක සොයා යන්නට නම් පළමුවෙන් මිනිසුන් පීඩා විඳින “රෝග” හඳුනාගත යුතුයි.

යම් ක්‍රියාවක් තෝරා ගැනීමේ දී, ඔහුගේ මතය අනුව එයින් ඔහුගේ පමණක් නොව අනෙක් සියල්ලන්ගේම සතුට ද වැඩි කරනවා නම් එහි දී ඇති එකම විරෝධය එය සද්ගුණයෙන් පිරි වූවක් නොවීම පමණක් නම්, එවිට ඔහු ඒ ගැටළුව විසඳාගන්නේ කෙසේද?

විචාරාත්මක තීරණයක් ගත හැකියාව ලැබෙන්නේ හැමෝම පොදු කරුණු කාරණා සලකා බලන්නේ නම් පමණකි. එක්කෝ සතුට පරම වූවයි, එයින් සියල්ලන්ටම ලැබෙන සතුට සද්ගුණය ඉක්මවා යයි. නැත්නම් සතුට පරම වූවක් නොව එය තවත් ඈතක පිහිටි අන්තයක් කරා යන මාර්ගයක් පමණකි. නැත්නම් සද්ගුණය පරම වූවක් නොව එය ඊටත් වඩා තවත් ඈතක පිහිටි අන්තයක් කරා යන මාර්ගයක් පමණි.

ඉතින් එක්කෝ සතුට අගය කළ යුත්තේ එයින් සද්ගුණය වැඩි වර්ධනය කළ හැකියාව අනුව ද? නැත්නම් සද්ගුණය අගය කළ යුත්තේ එයින් සතුට වැඩි වර්ධනය කළ හැකියාව අනුව ද?

යම් ක්‍රියාවක නියැළෙද්දී එයින් ලැබෙන සතුටක් ඇත්නම් එය මාර්ගයක් (means) ද? නැත්නම් අන්තයක් (end) ද?

මිනිසා විසින් කරන්නට තෝරාගන්නා යම් ක්‍රියාවක නෛසර්ගික වූ අගයක් ඇත්ද?

පින්තූර: මිනිස් හිතේ හාස්කම් පොත් පෙළ ලියූ සුමනදාස සමරසිංහ (මගෙ තාත්තා) සාමාන්‍ය ජනතාව සමඟ එකතු වී සියල්ලන්ගේ ම සතුට, නිරෝගීබව හා යහපත්බව වඩවන ජීවිත ගෙවන හැටි සංවාදයන් පවත්වා ඉතා සතුටු ජීවිතයක් ගෙවූ අයෙකි!!

580156_330413673752989_1808586675_n 942070_329347767192913_1164807407_n 942324_329345833859773_273223349_n

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූනි 25, 2013 at 9:26 පෙ.ව.

    අප සාමාන්‍ය පෙළින් උසස් පෙළට පැමිණි අවදියේ එනම් වසර දෙදහේ මුල් භාගයේ මනස තුළින් සමරසිංහ මහතාගේ ලිපි කිහිපයක් කියවීමි. පසුව මනස ඔස්සේ තවත් ලිපි කියවන්නට හැකිවිය. ඔබතුමියගේ බ්ලොග් සටහන් වල සහ එතුමාගේ සටහන් අඩංගු බ්ලොග් අඩවියෙන්ද යම් යම් ලිපි කියවීමි. මෑතකදී මිතුරකු සමග මනස ප්රධාන කාර්යාලයටද කර පොවා එතුමාගේ පත පොත විමසා බැලීමි. පුස්තකාලය තුළද සමහරක් පොත් දුටුවෙමි. චිත්ත ධර්ම විද්‍යාව යනු අද පවතින මනස යන සංවිධානයෙන් ඔබ්බට ගිය දෙයක් බව කලක පටන් අවබෝධ කර ගෙන සිටියෙමි. එබැවින්ම තතු නොදත් මිතුරන්ගේ -මනස- ගැන විවේචන හමුවේ දන්නා තොරතුරු දන්නා හැටියෙන් පවසන්නටද හැකිවිය. එතුමා ගේ ලිපි සමහරක වූ අදහස් ගැන මිතුරන් සමග සාකච්ඡා කොටද ඇත්තෙමි. හැම වියත් අදහසක්ම අපේ රස්තියාදුකාර ඥානය පෝෂණයට විවිධාකාරයෙන් දායක වී ඇත්තේ එපරිද්දෙනි. එබැවින් මෙසේ සදහන් ක‍ළෙමි.

  2. maathalan said, on ජූනි 25, 2013 at 10:45 පෙ.ව.

    මොනවයි ඉතින් දෙපැත්ත කැපෙන කතාවක් ඇදලා ඇරින්න ඇති..

    • hallow rusta said, on ජූනි 25, 2013 at 12:52 ප.ව.

      -යම් ක්‍රියාවක් තෝරා ගැනීමේ දී, ඔහුගේ මතය අනුව එයින් ඔහුගේ පමණක් නොව අනෙක් සියල්ලන්ගේම සතුට ද වැඩි කරනවා නම් එහි දී ඇති එකම විරෝධය එය සද්ගුණයෙන් පිරි වූවක් නොවීම පමණක් නම්, එවිට ඔහු ඒ ගැටළුව විසඳාගන්නේ කෙසේද?- පළමුව තම මතය පල කර දෙවනුව ලැබෙන ප්රතිචාරය සදය ලෙස සළකා බැලීමෙන්, එවිට බොහෝ විට තම ක්රියාවේ කපා කොටා ඉවත දැමිය යුතු දේ තීරණය කිරීමට ඔහුට යම් උදව්වක් ලැබේවි. රස්තියාදුව ශුද්ධ වේවි. අලුත් සද්ගුණයන් ඉපදේවි,යි මට හිතෙනවා.

      • maathalan said, on ජූනි 25, 2013 at 10:02 ප.ව.

        ඔවලදි ඔලුවට දාගන්නේ කුණුහරුපෙ විතරයි. මම ඒ දේවල් වලට ගරහනවා නෙමෙයි. ඒත් මේ මෑතකදි මම සහභාගී උනා සරත් විජේසූරයගේ සම්මන්ත්‍රණයකට. පස්සෙ එලියට ආපු අයගෙන මම ඇහුවා දැන් මොකක්ද ඔබ ලබා ගත් දේ මේ වැඩ සටහනෙන්, මොනවද මතක කියලා. කට්ටියට මතක, ගායකයෝ ගෑන කියපු කුණුහර්පෙ විතරයි, නොදකින් මේ වගේ පොන්නයෝ කියන එක විතරයි. නැතිනම් ඉතින් පැය 24ම බණ කියන රටකට මෙහෙම කෙලවෙයිද. බුද්ධිමත් එකා නම් කඩල ගොට්ටෙනුත් ඉගෙන ගන්නවා. නමුත් මෝඩයන් දැණුවත් කරන්න දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි.

        • arunishapiro said, on ජූනි 26, 2013 at 7:16 පෙ.ව.

          maathalan,

          මුල් වසර දහයක පමණ කාලයක දී මම තාත්තා පවත්වපු හැම දේශනයක්ම අහලා තියෙනවා. තාත්තා ගෙදර දී හෝ දේශනයක දී කිසිම දවසක කුණුහරුපයක් කියනවා මට ඇහිලා නැහැ.

          අනුන් සිනා ගන්වන්න පුලුවන් විහිළුවක් යනු කුණුහරුප හෝ දෙපැත්ත කැපෙන කතා පමණයි ද?!!!!!

          • maathalan said, on ජූනි 26, 2013 at 8:52 පෙ.ව.

            මා සඳහන් කලේ ඔබේ පියා ගැන නොවේ… අද දේශකයන්ගේ වාග් මාලාවන් හා. එවාට සහභාගි වන්නන් ගැනයි.. කොහොමත් දරුවෝ ඉන්න තැන දෙමව්පියෝ කුණුහබ්බ කියන්නේ නෑ නේ…

            • arunishapiro said, on ජූනි 26, 2013 at 9:08 පෙ.ව.

              maathalan,

              //අද දේශකයන්ගේ වාග් මාලාවන් හා. එවාට සහභාගි වන්නන් ගැනයි.. කොහොමත් දරුවෝ ඉන්න තැන දෙමව්පියෝ කුණුහබ්බ කියන්නේ නෑ නේ// මෙහෙම හිතන්න හුරුවෙලා ඉන්න නිසා තමයි එහෙම නැති විහිළු කියන්න පුලුවන් යැයි නොදන්නෙ!!!! 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: