අරුණි ශපීරෝ‍ වෙතින්

ඉලක්කයක් කරා යන මාර්ගය ගැන පරාදීසියක සිට ලියමි

Posted in Uncategorized by arunishapiro on ජූනි 27, 2013

IMG_7687

මට පෙනෙන විදියටයි මෙතැන පරාදීසියක් යැයි කිව්වෙ. තමන්ට සතුට ලැබෙන පරාදීසියන් සොයා යන්නට මිනිසාට ඉඩක් ලැබෙද්දී ඔවුන් උත්සාහ කරන්නේ එකිනෙකා සමඟ සහයෝගයෙන් තම උවමනාවන් ඉෂ්ට කරගන්නටයි.

මුල් කාලීන පෙර අපර දෙදිග සදාචාරවාදීන්ට වෙච්ච වැරැද්ද තමයි ඔවුන් පරම යහපත නොහොත් Summum Bonum කුමක් දැයි සොයාගන්නට වෙහෙසීම. ඒක හොයාගත්තම ඔක්කොම හරි කියලා සිතීම. හරියට ෆ්ලොරීඩාවට ආව (මේ ලියන්නෙ එහි සිට) පොන්සෙ ඩ ලියොන් අමෘතය හොයන්න වෙහෙසුනේ ඒක හොයාගත්තම ඔක්කොම ප්‍රශ්න විසඳේවි කියලා හිතාගෙන වගේ!!!!

සමාජයේ හැසිරිය යුතු නියම විදිය මෙහෙමයි කියල හොයාගත්ත කියමු. ඒත් දෙදෙනෙකුට එකම විදියට සතුට හා තෘප්තිය ලැබෙන්නෙ නැහැ වගේ ම, හැම අයෙකුටම තියෙන්නෙ එයාට සුවිශේෂී වූ ආශාවක්, අගැයුමක් (සමහර අයට මුහුද පෙන්නන්න බැහැ), එයාටම සුවිශේෂී ඉලක්ක.

අගැයුම් ගැන එකඟතාවයක් සියලු මිනිසුන් අතර පැවතීම මිනිස් ස්වභාවයට පටහැනි වූවක්.

මිනිස් ස්වභාවය කුමක් දැයි වටහා නොගත්තවුන් එකඟතාවයට එළඹෙනු පිණිස හැරුනේ තම තමන්ගෙ සමාජ සංස්ථා වලට. එහෙම නැත්නම් තම තමන්ගෙ පුද්ගලික වූ සහජ ඥානයෙන් මාර්ගෝපදේශයක් ලැබේවි යැයි විශ්වාස කිරීම. එයින් වුනේ අගැයුම් ගැන එකඟතාවයන් ඇතිවීම වෙනුවට ඒවා ගැන ආරවුල් තවත් වැඩිවීමයි.

සමාජ සහයෝගය (social cooperation) තුලින් පමණක් අපට අපේ සියළු අවශ්‍යතා සපුරා ගන්නට ක්‍රමයක් ලැබෙනවා යන්න මුලින්ම ප්‍රතික්ෂේප කළේ සමාජවාදීන් වීම ඛේදනීයයි!!!! ඒත් ඒ අය කෝපරේටිව් සංගම් නම් හැම තැනම හදලා අයෙක් හෝ කල්ලියක් නියම කරන බඩු හා ඒ බඩුවල මිල ගණන් බලහත්කාරයෙන් නියම කරනවා!!!!

සමාජ සහයෝගය යන්න ඉලක්කය නෙමෙයි. එය මාර්ගයක් පමණයි.

එහි ඇති ඉතාමත් වැදගත් ලක්ෂණය නම් සහයෝගයෙන් වැඩ කරන්නට ඒකීය පුද්ගලයන් තුල ඇති අගැයුම් ගැන සම්පූර්ණයෙන් සියල්ලන් විසින් දරන එකඟතාවයක් අනවශ්‍ය බවයි.

අපේ සෑම සියළු ලොකු කුඩා අවශ්‍යතාවයක් ම සපුරා ගන්නට නම් (මම පැන්සල) මෙය නැතිවම බැරි බව වටහා ගන්නට ඕනෑ.

මෙම සත්‍යය සතේකට නොසලකන්නෙ සමාජවාදීන් වීමත් ඛේදනීයයි!!!

ඉතින් සමාජ සහයෝගය මාර්ගයක් වුනාට, එය සදාචාර පද්ධතියක් සඳහා වූ ඉලක්කයක් ද කරගත හැකි ද?

අනෙක් අයට වැඩියෙන්ම සතුට, වැඩියෙන්ම තෘප්තිය ගෙනෙන්නේ කුමකින්දැයි අපි කිසිවෙක් නිශ්චිතවම දන්නෙ නැති නිසාම, අපේ ක්‍රියාවන් සහ අපේ ක්‍රියාවන් සිද්ධ විය යුතු රීති ප්‍රමෝට් කරන්න ඕනෑ ඒකීය පුද්ගලයාට එයාගේ ඉලක්කයන් සොයා යන්නට ඉඩක් ලැබෙන සමාජ සහයෝගය නොවේ ද?

ආයෙත් මතක් කරන්නම්, නූතන මිනිසාට (ඒ කියන්නෙ කොයි පවුලේ උපන්නා ද අනුව මුළු ජීවිතයම තීරණය වෙන්නෙ නැති යුගයක) තමන්ට අවශ්‍ය පැන්සලක් වත් ලබාගන්න සමාජ සහයෝගයක් නැත්නම් බැහැ. බහුතරයක් යැපෙන්නේ මේ සමාජ සහයෝගය ලොව තියෙන නිසායි. ඒත් බහුතරයකට වටහා ගන්න අපහසුම වූව ද එයයි.

ඔවුන් සමාජ සහයෝගය යනු තම ඉලක්කයක් කරා යා හැකි වූ තමන් අත තියෙන්නක් බව නොදැන එය වෙනත් අයට පවරා තමන් තුල ඇති නොසන්සුන්කමට වෙනත් අයට දෝෂාරෝපණය කරමින් සිට මිය යති. මෙය සත්‍යයක් යැයි වටහා ගන්නා අයෙකු වෙහෙස විය යුත්තේ මෙය නොදන්නා අයට එය ඒත්තු යන සේ පහදා දීමටයි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූනි 27, 2013 at 11:15 පෙ.ව.

    සරුංගලයක් ගුවන් ගත කරන එක අපි කවුරුත් දන්න සරල කාරණයක්. නමුත් සරුංගලයක් තිබූ පමණින්වත් හොද හුළගක් හැමූ පමණින්වත් සැහැල්ලු ශක්තිමත් නූලක් යොදා තිබූ පමණින් වත් සරුංගලයක් උඩ යනවාද? නෑ. ඔය සියලු දේ හොද තත්වයේ තිබෙනවා වගේම ඔතනදි වැදගත්ම වෙන්නෙ නූල හැසිරවීමයි. හරියට නූල හසුරවගන්න බැරි වුනොත් සිද්ද වෙන්නෙ සරුංගලේ කූරියා ගහන එක. ජීවිතෙත් ඒ වගෙයි කියල මට හිතෙන්නේ. ඔය නූල තියෙන්නෙ තමන් අතේ කියන එක පළමුවෙන් තේරුම් ගත්තොත්, ඒක හසුරුවන්න වෙන්නෙ සරුංගලේ විදිහ වගේම හමන හුළග ගැනත් හිතල කියන එක තේරුම් ගත්තොත්, අපිට ඕන පමණින් හැමදේම වෙනස් කරන්න බැරි බවත්, වෙනස් කළ හැකි දේ කුමක්ද යන්නත්, නියාම ධර්ම ආදීදේ ගැඹුරින් තේරුම් ගැනීමේ වටිනාකම කුමක්ද යන්නත්, වෙනස් කළ හැකි දේ වෙනස් කරන්නට හිතන අයට හිතේවි. 🙂 ඒ නූල හැසිරවීම හිතන තරම් ලේසිත් නෑ හැබැයි උවමනාව ඇත්තාට ඒ මිස වෙන විකල්පයකුත් නෑ. 🙂 නමුත් සමහරු වතුර මුට්ටිය තියන්න ගල් කෑලි දෙකක් තියල ලිප් හදනව, දේශපාලකයො වගේ අය. ඕල්වේස් බ්රේක් ඩවුන් 😀 එයාලගෙ පැවැත්ම එතන කියල හිතනව. එතනදි තීරණය තිබෙන්නෙ ජනතාවගෙ අතේ. හැබැයි ඒ අත් නූල් හසුරවන්න දන්නවද? නූල් පටලගෙනද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: