අරුණි ශපීරෝ‍ වෙතින්

ස්නොඩන්, විසිල් ගැසීම සහ විශ්වස්‍ය බන්ධනය

Posted in Uncategorized by arunishapiro on ජූලි 8, 2013

පළමු කොටස මෙතැනින් කියවන්න.

විශ්වස්‍ය (confidential) බන්ධන ගිවිසුම් යනු ඕනෑම සංවිධානයක පවතින අනේක විධ ආකාරයන් වලින් සිද්ධ වෙන කළමනාකරණයේ නීත්‍යානුකූල පියවරයන් වෙති. මෙය නීත්‍යානුකූල වූ වෘත්තීන් හි දී මෙන්ම නීති විරෝධී ඒවායේ ද පවතින සත්‍යය තත්වයකි.

විශ්වස්‍ය ගිවිසුම් ගසා ගැනීමට මිනිසුන්ට හා සංවිධාන වලට හැකි අතර, එවැනි ගිවිසුම් වලට පිවිසෙන ඒ ඒ පක්ෂයන්ට නීතිමය හා ආචාර ධාර්මික වූ බන්ධනයන් (obligations) වලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි.

යම් සේවකයෙක් සිය සේවායෝජකයා සහ ගණුදෙනුකරුවන් අතර කටයුතු වල දී ක්ෂිපග්‍රාහී (sensitive) දේවල් ගැන රහස්‍ය බව ආරක්ෂා කරන්නට පොරොන්දු වී සිටියි. ඉතින් සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දී එය තමා පොරොන්දු වූ රහස්‍ය බව කඩ නොකරන්නට නීත්‍යානුකූල හා අනුගම්‍ය ගිවිසුමකට (binding contract) ඔහු එකඟ වී ඇත. එකඟතාවය කඩ කිරීම යනු පොරොන්දුවක් කඩ කිරීමක් සහ තවත් විශ්වස්ත යුතුකමක් (fiduciary duty) වැනි නීතිමය යුතුකමක් කඩ කිරීමක් වේ.

එහෙත් මේ සාමාන්‍ය ගිවිසුම් අතර පවතින ඉතා වැදගත් ව්‍යතිරේකයකි. විශ්වස්‍ය බව සැලසුම් කර ඇත්තේ දෙපක්ෂයෙන් එක පක්ෂයක් විසින් කරන රහසිගත වූ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් ආරක්ෂා කරන්නට නම් විශ්වස්‍ය ගිවිසුම නීත්‍යානුකූල නොවේ. එසේම එවිට ඒවා ආචාර ධාර්මික ද නොවෙති.

මෙය නීතිමිමංසාවේ එන “නීත්‍යානුකූල නොවන එකඟතාවයන්” (unlawful agreements) යන්නට අයිති වෙන්නකි. එනම් නීති කඩමින් හෝ නීති නොසලකා හැර නීති විරෝධී අරමුණු උදෙසා කටයුතු කරන්නට එකඟ වීම නීත්‍යානුකූල බවකින් තොර වෙයි.

ඒ පදනම යටතේ විසිල් ගැසීම යනු විශ්වස්‍යය පොරොන්දුවක් කඩ කිරීම වුවත් එය නීත්‍යානුකූල ක්‍රියාවක් ලෙස සලකන්නට හැකියි.

විශ්වස්‍ය බන්ධන ගිවිසුමක ඉන්නා යම් අයෙක් යම් සංවිධානයක් තුල සිද්ධ වෙන අකටයුතු දැක දැක ඒ ගැන කිසිත් හෙළිදරව්වක් නොකර සිටීමෙන් නීතිය කැඩීමක් සිද්ධ වේ යැයි කියා ද මෙහි දී සැලකෙන්නේ නැත. මන්ද නීතිය කඩනා අය හෙළිදරව් කළ යුතු යැයි නීත්‍යානුකූල බන්ධනයන් සමාජයේ වාසය කරන අයට නැති නිසාය.

කැමැත්තෙන් අයෙක් දකින අකටයුතු ක්‍රියාවන් හෙළිදරව් කරන්නේ ද එහි දී ගිවිසුම වලංගු යැයි අදහස් වෙන්නේ ද නැත. නීත්‍යානුකූල ක්‍රියාවන් ද වැරදි අරමුණු සඳහා යොදා ගැනෙන්නේ නම් එහි දී ගිවිසුමේ නීත්‍යානුකූල බව නැති වී යයි.

එහෙයින් විශ්වස්‍ය ගිවිසුමක් එහි ඇතුලත කෙරෙන නීති විරෝධී ක්‍රියාවන් ආරක්ෂා කරනවා නම් ඒවා නීත්‍යානුකූල යැයි කිව නොහැකියි.

නීති විරෝධී ගිවිසුම් මූලධර්මය යනු ව්‍යවහාර නීතියේ සහ නීතිමීමංසාවේ දීර්ඝ කාලීන වූ සහ ශක්තිමත් ලෙසින් පවතින්නා වූවකි. එහි දාර්ශනික පදනම ලැබෙන්නේ ගිවිසුම් යනු දේපල අයිතිය කොන්දේසි සහිතව වෙන අයෙකුට පැවරීම නිසයි. ඉතින් මේ අයිතීන් සමඟ සංස්ථායී (consistent) වන ක්‍රියාවන් අනුව ගිවිසුම් වලට එකඟ වීම සීමාසහිත බවකින් යුක්ත වෙන්නකි.

විසල් ගහන ක්‍රියාවක් තක්සේරු කරද්දී, එයට නීත්‍යානුකූල නොවන කටයුතු ගැන ලියැවිලි සහ තොරතුරු ප්‍රකාශන ඇතුලත් වෙද්දී, එම හෙළිදරව්වට නීතියක් කඩා නැතැයි යන දාර්ශනික පදනම ලැබේ. එහි දී විසිල් ගහන්නා “උදාර වූ නීති කඩා දැමූ අයෙක්” ලෙසින් අදහස් කිරීමක් නොව සැලකෙන්නේ ඔහු කිසිත් නීතියක් කඩා නැත්තෙක් ලෙසටයි.

නීත්‍යානුකූල නොවන එකඟතාවයන් පිළිබඳව කිසිත් නීතිමය දඬුවමක් නොකළ යුතුය යන්නට දැඩි විරෝධයක් පාන්නේ ආණ්ඩුවක් විසින් කැමති තොරතුරක් රහස්‍ය බවකින් තියා ගන්නවාට ද කැමති අයයි. මේ දෘශ්ටියට පක්ෂපාතී වූවන් විසින් ආණ්ඩුවේ ආයතනයක් කොතරම් දූෂ්‍ය සහගත ලෙසින් කටයුතු කරනවා ද, කොතරම් පීඩාකාරී ලෙසින් කටයුතු කරනවා ද යන්නේ හරි වැරදි බව සොයන්නට නොයති. ආණ්ඩුවක නිලධාරීන් විසින් මේ මේ තොරතුරු රහස්‍ය යැයි ලේබල් කරන්නේ ද ඒ නීති විරෝධී රහස් මහජනතාවගෙන් වසන් කර තබන්නට එකඟ වෙති.

ආණ්ඩුවේ බලය සීමා වෙන්නේ ආණ්ඩුවකට ද නීති විරෝධී ක්‍රියාවන් වල නියැළෙන්නට අවසර නැතිනම් පමණි. නීති විරෝධී ක්‍රියාවන් මොනවා ද සහ නීත්‍යානුකූල වූ ක්‍රියාවන් මොනවා දැයි ව්‍යවහාරික නීතියෙන් බැහැරකට ගොස්, නීතිමීමංසාවෙන් බැහැරකට ගොස්, ආණ්ඩුවේ අයෙකුගේ කැමැත්ත අනුව තීරණය කරන්නට ඉඩ දෙන්නේ නම් එවිට ආණ්ඩුවකට සම්පූර්ණ බලයක් ලැබේ.

සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහිකරයි.

ඊ ළඟ කොටස මෙතැනින්. 😀

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: